යූකේ වලදී නේවි එකෙන් කෑවෙමු!
9.09.2013
මේ බ්ලොග් එක වේලෙන්න නොදී තියාගන්න අමාරුයි. කට්ටියම එක එක වැඩවලට සෙට් වෙලා කාර්ය බහුල වෙලා තියෙන නිසා සෙට් වෙලා පටංගත්තු ගොඩක් වැඩ තියෙන්නෙ ඔහේ යන ගාණට. ඒකට කරන්න දේකුත් නෑ. ජීවිතේ තියෙන්නෙ ඔන්ලයින්ම විතරක් නොවෙන නිසා ඔන්ලයින් හැදිල තියෙන ප්‍රොෆයිල්වලට වඩා හැබෑ ජීවිතේ ප්‍රොෆයිල් මේන්ටේන් කරන එක කට්ටියටම වැදගත් වෙලා මේ වෙද්දි. හැබැයි කවුරුත් අතාරින එකකුත් නෑ... මේ වෙනකොට ඔන්ලයින් ජීවිතේ බ්ලොග් කියන එකින් එහාට මෙහාට ගිය දෙයක් වෙලා හැමෝටම.
බ්ලොග් ලෝකෙ අළුත් වෙනවා. වෙනස් වෙනවා. කට්ටිය එනවා යනවා. අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒ අතරෙ අපිත් ඉඳල හිටල පෝස්ට් එකක් දෙකක් කොටන ගමන් තාමත් ඒ රහ හොයන්න ගන්නවා. සෙට් එකේ ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි බ්ලොගින් ගැන තියෙන්නෙ තමන් බ්ලොග් පටන්ගත්තු කාලෙදි තිබුණ අදහසම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. මොකද සාමාන්‍යයෙන් නම් මිනිස්සු දියුණු වෙනවා. ලියන දේවල් වගේම ලියන ආකෘතිත් ගොඩ දෙනෙක්ගෙ වෙනස් වෙලා කියල මට හිතෙනවා. ඒ වුණාට මේ බ්ලොග් එකේ ලියවෙන්නෙ අපේ සෙට්වීම් විතරක් නිසා මේ සටහන්වල ලොකු වෙනසක් වෙන එකක් නැහැ.
පහුගිය කාලෙම අඩුගානෙ මාසෙකට සැරයක් හෝ දෙකක් අපේ එකා දෙන්න එක එක ඉවෙන්ට්වලදි වගේම වෙඩිං පාටි සහ ඇරේන්ජ් කරගත්තු පාටිවලදි සෙට් වුණා. නමුත් ඒ හැම එකක් ගැනම පබ්ලිෂ් කරන්න උවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති මේ බ්ලොග් එක කාලයක්ම වේලුනේ.
හැබැයි මේ වතාවෙ මේකට සටහනක් ලියන්න හිතෙන්නෙ අන්තිම වතාවෙ අපි සෙට් වුණ තැන විශේෂ නිසා.
ජූලි මාසෙ මුලදි අමරවංශයා මේල් එකකින් යෝජනාවක් ගෙනාවා සෙට් වෙමු කියල. මොකද ඒ වෙද්දි මාසයක් දෙකක් විතර කට්ටිය ග්රෑන්ඩ් විධියට සෙට්වෙලා නොහිටිය නිසා. කලිනුත් කීප වතාවක්ම අමරෙ ලොක්කම කියපු උස්වැටකෙයියාවෙ තියෙන නේවි රෙස්ටුරන්ට් එකේ සෙට් වෙමු කියලයි යෝජනා වුණේ.
ඒ තැන ගැන විස්තර මෙතන තියෙනවා. මේ ලින්ක් එකත් දාල තිබුණ නිසා තැන ගැන අදහසක් ගන්න පුළුවන් වුණා.
නමුත් මේ තැන හරියන්නෙ නෑ කියල මුලින්ම විරෝධය දැම්මෙ මම. මොකද පින්තූරවල හැටියට ‘පොෂ් විධියට ලන්ච් එකක් ගන්න‘ මිස ‘අපේ විධියට සෙට් වෙන්න‘ පුළුවන් ගතියක් එතන මට නොපෙනුන නිසා. මම මෙලෝ රහක් නැතිව හිටියට අනිත් උන් මරාගන්නවනෙ සෙට් වෙන්න ගියාම. විරෝධයට අනිත් කාරණේ වුණේ මුහුද පේන මානයේ තියෙද්දිත් මුහුදට යන්න බැරි විධියට වැටක් ගහල තියෙන එක. මුහුද මාකට් කරගන්න හොඳ හැකියාවක් තියෙද්දි මෙයාලා මුහුද ආවරණය කරල තියෙන්නෙ ඇයි කියන එකට හොඳ හේතුවක් ඇති එයාලට.
කොහොම වුණත් එතනදි වියදම් වෙන්න පුළුවන් ගාණත් සලකල පස්සෙ වෙන යෝජනාවක් ආවෙ රූමස්සල වගේ පැත්තක දිග ට්‍රිපක් යමු කියලා. ඒ යෝජනාවත් සතියක් දෙකක් විතර ඇදි ඇදී තිබුණා. ඒ අස්සෙ ‘අපි එක් වතාවක් හෝ පොෂ් විධියට සෙට් විය යුතුය‘ කියන කාරණේ සාධාරණීකරණය කරන්න මඩවේදී බින්දුවා සෑහෙන්න හේතු ටිකක් ගෙනාවා. අනිත් අයත් ඒක සාධාරණීකරණය කලේ අපි ගොඩක් විට හෙඩ් ඔපීසියෙ, ලෝටස් ලීෆ්, වයිට් හෝස් වගේ තැන්වල සෙට් වෙන නිසා වෙනසකටත් එක්ක එතන සෙට් වෙමු කියලයි.
අවසානෙදි කට්ටියම ඒකමතික තීරණයකට ආවා අපි උස්වැටකෙයියාවෙ මාලිමා ක්ලබ් එකේ මීළඟ සෙට්වීම දාගමු කියලා. මේක ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකක්. සියළු විස්තර මෙතනින්.
දිනය විධියට යොදාගත්තෙ කලින්ම තීරණය වෙලා තිබුණ විධියට 2013.08.17 වෙනි සෙනසුරාදාව. කට්ටියම උදේ 9 වෙනකොට කොටුවෙ පොලිසිය ගාව තියෙන හෝල්ට් එක ගාවට එකතු වෙමු කියල කතා වුණා.
වාද්දුවෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳන් මමයි මලීයි දෙන්න යන්න පිටත් වෙද්දිත් අටහමාරට විතර ඇති. කොහොමත් අපි දැනගෙන හිටිය අපට යන්න පරක්කු වෙනව කියල. ඒ නිසාම අමරෙ කෝල් කලාම උන්ට යන්න කියල කිව්වෙ අදාල තැනට යන බස් තියෙන්නෙ විනාඩි 45කට විතර සැරයක් කියල කලින් දැනගෙන හිටපු නිසා. අපි දෙන්නා කොල්ලුපිටිය හරියට එද්දි එදා දවස තමන්ට අමතක නොවෙන දවසක් කියල හීනෙන්වත් නොහිතපු පොරක් කෝල් කරා. ඌ අපේ සෙට් එකේ අළුත බැඳපු ලැක්ටෝ සහ මාරි එක්ක හැව්ලොක් ටවුම පැත්තෙන් එනව කියල කිව්වා. මලීයි මමයි දෙන්නා අදාල තැනට ගිහින් උදේට සොසේජ් බනිස් දෙකයි කිරි පැකටුයි ගහල කට්ටිය එනකල් හිටියා.
ඔය කොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ගාවින් ගුණසිංහපුරේට හැරෙන හන්දිය පට්ට අවුල් සහගතයිනෙ. අපි දැක්ක අර තුන් දෙනා ඇවිත් එතන හිටපු ට්‍රැෆික් පොලිස් මාමිත් එක්ක චැටක් දානවා. අපි හිතුවෙ දන්න පොරක් වෙන්න ඕන කියලා. ඒත් චැට ඉවර නොවුණ නිසා පොඩ්ඩක් කිට්ටුවට ගිහින් බැලුවා. බැලින්නම උං චැට් කරල නෙවෙයි. මාර්ග නීති උල්ලංඝණය කලා කියල පොලීසියෙ මාමි අර පොරව අල්ල !%$#%^%^&*^%#$#!
බැරි වෙලාවත් කලින් වතාවක හීන දැක්ක වගේ පොරට ඕඅයිසී පෝස්ට් එකක් වයසට ගියාමවත් ලැබුණොත් මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් නිසා ඒ කතාව එතනින් ඉවර කරනවා. අවස්යතාවය ඇත්තෝ විමසා බලත්වා.
කොහොම වුණත් ඒ වැඩේ තාමත් අපේ සිරා බයිට් එකක්. අර පොලිස් මාමිට පරෙස්සම් වෙන්න වෙයි. මොකද දැන් අපේ පොරගෙ පරම හතුරා තමයි ඌ... ඒ මාමි මේක බලනවනං දැන්ම ඇඳුම් පැක් කරල තියාගන්න එක හොඳා. මොකද නොහිතන මොහොතක ඈත පළාතකට මාරුවක් ලැබෙන්න පුළුවන්.
කොහොම හරි අන්තිමේදි පොලිස් මාමි ලියල දුන්න කොල කෑල්ලත් අරගෙන කට්ටිය බස් එක හෙව්වා. මේ බස් එක පිටකොටුවෙන් පිටත් වෙන අංක 275 බෝපිටිය බස් එක. මේක අපට අහන්න ලැබුණ විධියට විනාඩි 45කට විතර සැරයක් දුවන එකක්. මුළු පාරෙම බස් 8යි ලු දුවන්නේ. මේකෙන් අදාල තැන ගාවටම යන්න පුළුවන්. ඒත් මේක සෑහෙන්න කොටන බස් එකක් නිසා මේකෙන් යනවනම් පැයක්වත් යනව ගමනට. හැබැයි අපේ පොර ඊට වඩා ඉක්මන් විධියක් හොයාගෙන කිබුණා. ගුවන් තොටුපලට යන බස් එකක හැඳළ හන්දියට ගිහින් එතනින් 107 ඇලකන්ද බස් එකේ ඇලකන්ද හන්දියට යනවා. ඕනනං එතනින් වීල් එකක රුපියල් 200ක් දීල අදාල තැනට යන්න පුළුවන්. නැත්නං අර 275 බස් එක ඇලකන්ද හන්දියෙ විනාඩි 20ක් විතර නතර කරල තියෙනවා. ඒකෙම යන්න පුළුවන්. තනි බස් එකේ ගමනට බස් දෙක තුනක ගමන විහිළුවක් වගේ වුණත් ගමනෙ ඉක්මන ගැන බලද්දි ඒක වඩා ෂේප්.
ඇලකන්දෙ ඉඳන් ත්‍රී වීල් එකේ අදාල තැනට ගිය ගමන අළුත්ම අත්දැකීමක් වුණා. ඒ පාර තමයි හැඳළ - හුණුපිටිය පාර. එහෙම නැත්තං ඇළ පාර නොහොත් ගුගලෙ තිබුණ විධියට ‘කැනල් රෝඩ්‘ එක. ඒ පාර තියෙන්නෙ මීගමුව කලපුවෙ ඉඳන් ඇවිත් මට්ටක්කුලිය හරියෙන් කැළණි ගඟට එකතුවෙන ඇළ දිගේ. ඒ ඇළ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ ධීවර කටයුතුවලට කියල තේරුණා. ඒ කියන්නෙ ඒ කිට්ටුව ඉන්න ධීවරයන්ගෙ බෝට්ටු පාක් කරන වගේ වැඩ වලට. මොනව වුණත් ඒ විධියෙ තැනක් කලින් දැකල නැති නිසාම එතන අපේ හිතට වැදුණා. කොහොමින් කොහොම හරි ඇළ දිගේ පාරෙ ගිහින් අපි අදාල තැනට සම්ප්‍රාප්ත වුණා.
අපි පස් දෙනා ඇතුලට ගිහින් ඒ වෙද්දිත් ඇවිත් හිටිය අනිත් අය හිටපු තැනට ගියා. එතන වෙලා තිබුණ දේකින් අපි හැමෝම පුදුම වුණා.
පැතුම් පුංචිහේවා ඇවිත්!
සාමාන්‍යයෙන් පැතුම් කියන්නෙ අර මහා කළු සිංහල වර්ගයේ ඩයල් එකක් (ඌට ඒක මාර හීනමානයක් නිසා තමයි පොර ඉංගිරිස්වලින් පොත් ලියන්නේ) ඒක නිසා ඌ සාමාන්‍යයෙන් මොකක් හරි වැඩකට එනව කිව්වොත් වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල හරි එන එක එනවමයි. මේ සෙට්වීමෙදිත් අපි පොරට කියල තිබුණෙ උදේ 6 විතර එන්න හිතාගෙන වරෙන් කියල. එහෙම හිතාගෙනද කොහෙද පැතුම් අපි යන්නත් කලින් ඇවිත් තිබුණා.
පැතුම්ට අමතරව අමරවංශ මහතා, රේවන් විෂ්මි යුවල, පහන් යුවල, බින්දු සහ අවුෆ් කියන නෝනල මහත්තුරු ඇවිත් හිටියා. ඒ වෙද්දිත් කට්ටිය ගල්භූමි පරණ අරක්කු (මළ ජරාවක්) බෝතලයක් කඩල තිබුණා. කාල්ස්බර්ග් වීදුරු කීපයකුත් කොක්ටේල් එකකුත් කැරකෙමින් තිබුණා. අපිත් ඇවිත් ඒ ඒ කැමැත්ත අනුව සෙට් වුණා. කාන්තාවො ටික mai tai කොක්ටේල් එක්ක සෙට් වෙද්දි අනිත් අය කැමැත්තෙ විධියට එක එක ඒවත් එක්ක සෙට් වෙලා හිටියා.
මේ තැන ගැන මට තිබුණ අප්සෙට් අදහස ටිකකින් නැති වෙලා ගියේ සෙට්විල්ලෙ සහ තැන අමුතු පොෂ් බවක් නොතිබුණ නිසයි. තැන ගොඩක් පිරිසිදුයි. හොඳට පිළිවෙලට මේන්ටේන් කරන බව පේන්න තිබුණා. යන්න තිබුණ වැසිකිලි පහසුකම් වුණත් සුපිරි මට්ටමක තිබුණා. සේරටම වඩා හිතට වැදුණෙ සර්විස් එක. ඒක අපි කාටත් පුදුමයක් වුණා කිව්වොත් හරි. මොකද සාමාන්‍යයෙන් අපිට කොහෙ ගියත් ඕඩර් එකක් දීල විනාඩි 5-10ක් ඇතුලත ඒක මේසෙට ලැබෙන විධියෙ සර්විස් එකක් හම්බවෙන්නෙ නෑ ලංකාවෙනං.
අනිත් කාරණේ සර්විස් කරපු එකා. ඌ දිහා අපේ සෙට් එකේ කෙල්ලො හොරෙන් බැලුවෙ නෑ කියල කියන්න බෑ. ඌ රඟපාන්න තරම් පෞරුෂයක් තිබුණ කොල්ලෙක්. වැඩිය කතා බහක් නැතිව අවශ්‍ය දේ සපයල දුන්නා. හැබැයි එකක් කියන්න වෙනවා. සෙට් වීමෙ අවසාන භාගෙදි අපි රයිස් එකක් සහ ඒක කන්න චිකන් කරියක් ඕඩර් කලා. අපේ වේටර් මලයා රයිස් එක ගෙනත් තියලා චිකන් එක අරන් එන වෙලාවෙදි රයිස් එක ඉවර වෙලා තිබුණා. ඒකට ඌට චෝදනා කරල හරියන්නෙ නෑ.
මෙතන කෑමත් සෑහෙන්න ෂේප් කියල කියන්න පුළුවන්. බයිට් එකට ගෙන්නපු චිකන්වල නම් ගම්මිරිස් ලුණු මික්ස්චර් එකේ අවුලක් දැණුණත් ඩෙවිල්ඩ් පෝක් බයිට් එක නම් කාපු හොඳම බයිට් එකක් වුණා හැමෝටම. ඒකට දාල තිබුණ හැම දේම නියම අනුපානෙට තිබුණා.
ඉතිං සුපුරුදු පරිදි අපේ මඩ ගැහිලි, බයිට් කෙරිලි සහ රේඩියෝ, පොත්, චිත්‍රපටි ගැන විධග්ග සාකච්චා එක්ක පැතුම්ගෙ පෝස්ට් කොලෝනියල් සංවාදෙ දිගටම ඇදුණා. ඒ අතරෙ දෙන්නෙක් ජින්ජර් බියර් එකේ බුබුළු හෙව්වා.
ඒ අතරෙ බින්දුට ආපු වැදගත්, රටේ උන්නතියට අතිශය දායකමය, සංස්කෘතිකමය, ස්ත්‍රීවාදීමය, ධනවාදීමය, පාවුල්වාදීමය, රෙජීමය, කුටුම්භමය, මාධ්‍යවේදීමය ප්‍රශ්ණෙ තමයි අල්ලපු මේසෙ කෑම කාපු පොෂ් පවුලෙ කාන්තාවො හැමෝම කොටට කොණ්ඩෙ කපල ඉන්නෙ ඇයි කියන එක. ඒකට උත්තරේ හොයන එක ඌටම කරගන්න දීල අනිත් අය තමන්ගෙ පාඩුවෙ සෙට් වුණා. ඔය අතරෙ අමරවංශයා බේබි පූල් එකක බැහැලා වෙනද නො නාන නෑමක් හොඳට නාගත්තා කියලත් අපි දැක්කා.
අවසානයේ වෙනද වගේම තිබුණෙ පින්තූර සෙෂන් එකක්. කට්ටිය එකිනෙකා බදාගෙන, ඉඹගෙන, තුරුළු කරගෙන, ගස් බදාගෙන, කණු බදාගෙන, සිමෙන්ති රූප බදාගෙන, ලොකයාට මුහුණ දෙන්න බැරිව පර්දාවෙන් ඔළුව වහගෙන, පොෂ් විධියට, ළාමක විධියට, ප්‍රේමණීය විධියට, රෞද්‍ර විධියට, මැරෑටි විධියට සහ එකී මෙකී නොකී නා නා ප්‍රකාර විධි වලට ඉඳල පින්තූර ගත්තා.
ඊට පස්සෙ අදාල මුදල් හදල් බේරලා කට්ටිය රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවෙ ආයෙ 275 බස් එකක් එනකල් ඉන්න. එන්න ඔප්ෂන් කීපයක් තිබුණට යන්න තියෙන්නෙ එකම එක ඔප්ෂන් එකයි. 275! මොකද පැත්ත ඒ තරමට ජනාකීර්ණ නැති නිසා අහල පහල ත්‍රී වීල් පාක් එකක්වත් නෑ. ඒ නිසා වෙලාව ගැන උනන්දු වෙනවනම් ඇලකන්ද හන්දියෙ වීල් එකක කන්ටැක්ට් තියාගන්න එක හොඳයි.
පැය බාගයක් විතර එතන චාටර් වෙද්දි අපට සෙට් වුණේ අමරවංශයාගෙ ඩිස්පෝසබල් කැමරාව. ඒක රට ඉන්න ඇන්ටි කෙනෙක් පොරට එවල රීල් එක ඉවර වෙනකල් පින්තූර ටිකක් ගහල එවන්න කියල. (ඕං ඉන්ටනෙට් එකෙන් බිස්නස් කෙරුවාව) ඒකෙ මිනිස්සුන්ගෙ පින්තූර වදිනවට පොර අකමැති නිසා ඔරං ඔටන් දැලිපිහිය අතට ගත්ත වගේ ඒක අතට ගත්ත අපේ සෙට් එකේ ළඳක් හතර අතට ගස් ගල්වල පින්තූර ගැහුවා. රීල් එක ඉවර වෙද්දිම බස් එකත් ආවා. මාර ඩ්‍රැමටික් නේද?
අන්තිමේදි බස් එකේ එනකල්ම කට්ටිය අමරවංශයාගෙ අයි ෆෝන් එකෙන් මනමාලියො වෙන්න සුදුසු අයගෙ පින්තූර බැළුවා. කොටුවෙන් බැහැලා ජොලියටත් එක්ක කට්ටිය දොඩං ඇට බීම බිව්වා. ඒ අතරෙ රේවන්ගෙ යාළුවෙක් නිසා බින්දුට ප්ලාස්ටික් බෝතලේකින් ගලා යන ජලයේ ස්නානය කරන්නත් වුණා.
අවසානෙදි කට්ටිය සැදැහැ සිතින් ගෙවල් බලා තොලොංචි වුණා.
ඔය හැමදේම ඔහොම වෙද්දි මම හැමදාම වගේ හොඳ ළමයා වගේ හිටිය බවත් කිව්වෙ නැත්තං ඒක මාර මදි පුංචිකමක්.
----------------------
ගුටි කන්න පෙර පින්තූර සඳහා සාදර අනුග්‍රහය -
ලි. පුවක්ඕවිට | ර. ජයවර්ධන | ප. සරත්චන්ද්‍ර
විදිහ:
navy club house,
set veem,
uswetakeiyawa,
අපි ගැන,
කන,
බොන,
මාලිමා ක්ලබ් හවුස්,
සංස්ථා ඕල්ඩ්,
සෙට්වුණ තැන්
අජියා හමුවුනෙමි.
11.09.2012
අජියා. අජිත් කුමාරසිරි..
සිංහල ගායකයෙක් කිව්වොත් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ගේ කටේ තිබුනෙම මේ නම්. උන්ගේ මල අඬවැඩියාව ඉවසන්න බැරිතැන මමත් මාර්තු 25 වැනිදා අජියා බලන්න සෙට්වුනා. ඉතින් මමත් දෙයියනේ කියලා ගානට වෙලාවට නාමෙල් මාලිනී එකට අජියා බලන්න යන්න එනකොට අපේ එවුන් අහිංසක මාව හලලා කලින් සෙට් වෙලා බීලා. අසමජ්ජාතිකයෝ.. ඕකම තමා මට ඒ වෙලාවෙත් කටට ආපු නම. ඒත් ඉතිං මොනා කරන්නද යාළුවොනෙ කියලා මම සද්ද වහලා හිටියා.
කොහොම හරි ටිකට් එකක් අරගෙන මමත් මෝඩයා වගේ අජියා බලන්න ගිහින් වාඩිවුනේ අර අජියාට මැරෙන්න හදන එකෙක් ලඟ. ඒකා වැඩිය කතා කරන්නේවත් නැති කතා නොකරන්නෙත් නැති ජාතියේ එකෙක්. මූ පටන් ගත්ත වෙලාවෙ ඉඳන් උගුරෙන් සින්දු කියන අජියා දිහා ඇස් නොපියා බලන් ඉන්නවා. අනේද සංසාරේ. ඒකාට සින්දු කියන්න තියා මෙලෝ සංසාරයක් කරගන්න බෑ. ඒ අස්සේ අර කතා කරන/නොකරන බුවා කියනවා ඌ සිරාලු තව මොනවද කතා. මමත් නිකං සිරා වගේ හිටියා. ඒ මදිවට කියනවා කස්ටිය අප්පුඩි ගහනකොට ඒක ෂෝ එකට ගැලපෙන්නෙත් නෑලු. ඒක ඇහුවට පස්සේ මම අප්පුඩි ගහන්න දිගෑරගත්තු අත් දෙක සාක්කුවේ දාගත්තා හොඳ වෙලාවට මූ ඒක කලින් කිව්වෙ.නොදකින් හප හප ඉන්න අර අවිස්සාවෙල්ලේ දෙකේ හතරේ දේහදාරී දතාවත් ආවානම් කියලා මට හිතුනා ඕකාගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි. මෙලෝ රහක් නැතිවුනාට පතෝලත් ඕනි වෙන වෙලාවල් තියෙනවානෙ. මම මෙච්චර වෙලාවත් ඉවසගෙන හිටියේ හවස ටිකක් සෙට්වෙනවා කියපු නිසා.
අජියාගේ බජව්ව ඉවර වෙලා යන්න බස් නෑ. නොදකින්වත්.. හිතුවේ ලස්සන දවසක් ඒත් තාම පාරේ. මයි ගුඩ්නස්. ඒ අස්සේ ඇස්මට්ටමට පහලින් හිටපු සුදු පාට කොටෙක් කියනවා ටවුන් හෝල් එකට පයින් යමු කියලා. අජියාගේ ගෝරනාඩුව ඇහුවා මදිවට තව පයිනුත් පලයන්කෝ. ඒ මදිවට අජියාව කට් කරලා මාක්ස් ඉවරවෙන වෙලාවට ආපු බින්දු කියන අලි පැටියාත් ඒකට කැමති වුන එකනේ පින්වතුනි දුක කියලා කියන්නේ. ඌත් හා කියූ කල මම කියන කතා කොස් කොටන්නද?
ටවුන් හෝල් එකෙන් දහ් බහ් ගාලා කාලා වැස්සේ නාලා යම්තම් වාහනයක් අරන් අර නම ප්‍රශ්නයක් වෙච්ච ඇස් මට්ටමට වඩා උඩින් හිටපු එකාගේ ගෙදරට යන්තම් ආවා. දවස දැනටනම් පට්ට කුජීතයි. මට නම් එපා වෙලා හිටියේ. ආපු ගමන් නාන්නෙත් නැතුව අර අන්තර්ජාලයේ ගුදමා කියන එකා බෝතලයක් කඩාගෙන බොන්න ගත්තා කියපල්ලකො පින්වතුනි. බලාගෙන හිටියොත් මුන්ගේ බීමේ හැටියට මටත් කෙලවෙන නිසා බොන ෂොට් එක හරි ඉක්මනට බොන්න ඕනිත් නිසා ටක් ගාලා හලාගත්තා බිව්වා. බිව්වට පස්සේ නෑවා. අනේ වාසනාවන් මම නාලා එනකොට අර ගුදමා හෙවත් අසංක රමණවංශයා කට් වෙලා නිදි. අනික් එවුන් දෙන්නෙක් සින්දු කියනවා. අර ඇස් මට්ටමෙන් පහල එකා උන් සින්දු කියන තාලෙට බෙරේ ගහනවා. එකෙක් නාරිලතා පුෂ්පේ වගේ නිදි.. ආ සොරි ඌ නිදාගෙන ඉඳලා තියෙන්නේ සිව නටරාජා වගේ. මේවා දැකලා පණ පලයන් පෙරේදා කිව්වලු. මට එපා වුනා මම නිදාගත්තා. කොහොමත් ගහපු ෂොට් එකෙන් මටත් වෙරිවෙලා වගේ තිබුනේ. කොහොමත් අපි අඩු වියදමෙන් වෙරි වෙන පින්වත්තු නිසා අවුලක් නෑ.
උදේ මම ඇහැරෙනකොටත් ඒ විකාර ටික එසේමයි. වෙනසකට තිබුනේ අර ඇස් මට්ටමෙන් පහල එකා ටිකක් රතුපාට වෙලා හිඳීම සහ අර කතා කරන/නොකරන බුවා ටිකක් කතා කරන්න පටන් අරගෙන තිබුනා.
ඊට පස්සේ වෙච්ච කුජීත සිද්ධිය නම් කියන්න ලැජ්ජයි පින්වතුනි. එක පාරටම අර කතා කරන/නොකරන බුවාට කෝල් එකක් ආවා.
බලන්න පින්වතුනි ඒ පින්වතා එහෙමම කලිසමක් දාගත්තා හදපු තේක බොන්නේ නැති ක්‍රෝටන් ගස් 4 කින්ද වතුසුද්ද ගස් 1 කින්ද පනිමින් ගේට්ටුවේ අගුල අරින්නටවත් පමා නොවී වාද්දුවට පිටත් වුනා.
මමත් තේකක් ගහලා පාන් කෑල්ලක් කාලා පිටත් බෝඩිමට එන්න පිටත් වුනා.
ඔන්න පොඩිත්තනේ FIT එකේ සෙට් එකේ තවත් කුජීත දවසක් නිමා වුනේ එහෙමයි..

"ඕයි තමුසේ එන්නේ නැද්ද"
"අනේ සුදූ එනවා මේ එන්න ලෑස්ති වෙනවා."
"එනවානම් තව විනාඩි පහකින් එනවා නැත්නම් දන්නවානේ මගේ හැටි."
බලන්න පින්වතුනි ඒ පින්වතා එහෙමම කලිසමක් දාගත්තා හදපු තේක බොන්නේ නැති ක්‍රෝටන් ගස් 4 කින්ද වතුසුද්ද ගස් 1 කින්ද පනිමින් ගේට්ටුවේ අගුල අරින්නටවත් පමා නොවී වාද්දුවට පිටත් වුනා.
මමත් තේකක් ගහලා පාන් කෑල්ලක් කාලා පිටත් බෝඩිමට එන්න පිටත් වුනා.
ඔන්න පොඩිත්තනේ FIT එකේ සෙට් එකේ තවත් කුජීත දවසක් නිමා වුනේ එහෙමයි..
සෙට් කලේ
ආගන්තුකයා | Stranger
සෙට් වුනේ
00:25
8
ක් මඩ ගහලා
Email This
BlogThis!
Share to X
Share to Facebook
විදිහ:
No more marx,
අජියා,
ඕ,
බොන,
මහල්වරාව,
සංස්ථා ඕල්ඩ්,
සෙට්වුණ තැන්
හලෝ මචං හෙනහුරාදා...
4.12.2012
හායි මෙයාලා.... කාලෙකට පස්සෙ නේ...
කල් යන්න යන්න හොඳ වෙන එව්වත් තියෙනවනේ... මේ කියන්න යන්නෙ එහෙම එව්ව ටිකක් ආශ්‍රය කරන්න අපේ කට්ටිය පෙරුම් පුරල පුරල යොදාගත්තු තවත් සෙට්වීමක් ගැනයි.
ඇත්තම කිව්වොත් මේක අපි කට්ටිය ග්රෑන්ඩ් විධියට හමුවුණ අන්තිම සෙට්වීම නෙවෙයි. ඊට කලින් එක. ඊටත් කලින් මේකෙ නොලීවට අපි තැන් තැන් වල කල්ලි ගැහුණා. ගොඩක් වෙලාවට හෙඩ් ඔෆිස් එකේ මාසෙකට සැරයක් අඩුතරමෙ කීප දෙනෙක් සෙට් වුණා. නමුත් කට්ටියම කාර්ය බහුල වීමත් එක්ක ඒ සෙට්වීම් ගැන ලියන එක ටික ටික මගඇරුණා. අවුරුදු දෙකක් ඇතුලත ජීවිත වල කොයි තරම් දේවල් වෙනස් වෙනවද? මේ අඩවියෙ අන්තිම සටහන ලියවිලා තියෙන්නෙ අවුරුද්දකට උඩදි. ඒත් 2011 මාර්තු මාසෙ වුණ බකාදි සන්ඩේ සෙට්වීම ගැන. අවුරුද්දක්ම නොලියපු එකටනං අපිව සුදු වෑන් වලින් ඉස්සුවත් මදි.
කොහොම වුණත් අවුරුද්දෙ මුල ඉඳන්ම කට්ටියට සෙට් වෙන්න උවමනාව තිබුණා. ඒත් අන්තිමේ කට්ටිය සෙට් වුණේ අහම්බෙන් වගේ බොහොම කෙටි දැනුම් දීම් කීපයකින්. නමුත් ඒ ටිකටත් මේල් කීපයක් හුවමාරු වුණා.
දිනය විධියට යොදාගත්තෙ මාර්තු 3 වෙනි ශනිදාව. තැන විධියට එක එක තැන් ගැන සලකලා අන්තිමට බෙනා අංකල්ගෙ යාළුවෙක් මාර්ගයෙන් ගල්කිස්සෙ 'හලෝ මචං' රෙස්ටුරන්ට් එක වැඩේට වෙන් කරගත්තා. කාටත් එන්න පහසු දවසක් වෙලා තිබුණත් පුවක්ඕව්ට, පුංචිහේවා වගේ මහත්වරු කීපදෙනෙක්ට එන්න හැකියාවක් නැති බව දැන්නුවා.
අදාල දවසෙ මම උදේම ගොඩගමින් කොට්ටාවටයි එතනින් ගල්කිස්සටයි බස් වල ඇද්දා. හලෝ මචං අවන්හල තියෙන්නෙ ගල්කිස්සෙ නොලිම්ට් එක කිට්ටුව. හරියට කිව්වොත් මවුන්ට් සිටි ගොඩනැගිල්ලෙ. තවත් හරියට කිව්වොත් ෆුඩ් සිටිය තියෙන බිල්ඩිමේ රූෆ් ටොප් එකේ. බැලූ බැල්මට මට හොයාගන්න පුළුවන් වුණේ නැත්තෙ ඒක තියෙන්නෙ උඩ තට්ටුවක හින්දා. ඒ වුණාට තැන මෙතන වෙන්න ඕන කිය කිය කැරකෙමින් මරේට ඇමතුමක් ගත්තම ඔන්න පොර ඉන්නවා ඇතුලෙ. එතනට යද්දි මරේට අමතරව රේවන් හා විශ්මි යුවලත් වැඩම කරල හිටිය. වෙලාව 10.30ට විතර වෙන්න ඇති. මරේ ඇවිත් තිබුණෙ පැය එකහමාරකට කලින්. වෙලාවල් ගැනයි අනිත් බයිලයි කියවමින් කට්ටිය ලිෆට් එකට රිංගුවා.
රෙසිප්ෂන් එකට අපි දැන්නුවා අපි කලින්ම අද දවසෙ එන බව කියල තිබුණ කියල. එතන හිටපු පොර එතකොට ඇහුවා ‘ආ... අර ෂොට්වෙයා ඉංජිනියර්ස් එක්කෙනාගෙ කට්ටියද?’ කියලා... අහපු මූඩ් එකෙන්ම අපට තේරුණා වැඩේ හරි කියලා. ඔය කියපු ෂොට්වෙයා පොර කලිනුත් මෙතන සෙට් වෙලා විනාස වෙලා තියෙනව වෙන්න ඕන කියල අපි හිතාගත්තා. රෙසිප්ෂන් එකේ හිටපු කෙනා පස්සෙ බොහොම හොඳට අපට මේස කීපයක් එකට තියල රෙදි දාල පුටු ළං කරල තැන හදල දුන්නා.
ඒ ස්ථානය මුහුද පැත්තට සම්පූර්ණවෙන්ම විවෘතයි. සෙට්වීමක් එක්ක දොඩමලු වෙන්න පුළුවන් අපූරු නිස්කලංක බවක් තිබුණා. රාත්‍රියකදි නම් තවත් සුන්දර වෙන්න තිබුණා. කොහොම වුණත් අනිත් අය එනකල් අවට ආශ්වාදය විඳින්න අපට පුළුවන් වුණා. මට මතක විධියට ඔය අතරෙ තමයි ජඩමාධ්‍යවේදී බිංදු සහෝදරයා පොළොව දෙදරවාගෙන සම්ප්‍රාප්ත වුණේ.
හලෝ මචං එකෙන් සැර ජාති ගන්න වෙන්නෙ නෑ. ඒව ගන්න පහල තියෙන ෆුඩ් සිටියට යන්න වෙනවා. අනිත් කට්ටිය එන අතරෙ ඒ ටික කරගන්න පුළුවන් නිසා හිටපු කට්ටිය පහලට ගියා. ඔය අතරෙ හපන් සරත්චන්ද්‍ර බිස්කට් එකකුත් හපමින් ආවා. මමයි පහනුයි කලින් සෙට් වලා නැති නිසා ඌ මගෙං ‘මම අරූ නේද’ කියල අහල දැනගත්තා.
ඊට පස්සෙ එන්න පොරොන්දු වුණ අයගෙන් හිටියෙ මලී සහ ආගන්තුකයා විතරයි. ගෙදර බලු ප්‍රශ්ණ විසඳලා උන් දෙන්නා අර මාධ්‍යවේදී බින්දුට නොදෙවෙනිව පොළොව ඉරි තලාගෙන එනකොට අපි ලාවට වැඩේ පටන් අරන් ඉවරයි. එතකොට වෙලාව 12ට විතර ඇති. හලෝ මචං එකේ සේවය නම් සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙන බව තේරුණා.
ඊට පස්සෙ සුපුරුදු ඩිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් එක්ක දැන් මතක නැති එක එක ඒව හප හප සංස්ථා ඕල්ඩ් සහ රන්පත් එක්ක අපි සෙට් වුණා. කාන්තාවො වෙන මොනවද එක්ක සෙට් වුණා. ඔය අතරෙ ලෝකෙටම තුනක් විතරක් හදපු, එයිනුත් ලංකාවෙම තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් දෙකක් එක තැනකදි සෙට් වුණා. ඒව ගැන අපි නොදන්න ටෙක්නිකල්ස් වලින් එයාල කතා කරද්දි අපි සුපුරුදු පොත්, සින්දු සහ බ්ලොග් එක්ක කච කචේ පටංගත්තා. කච කචේ කොයි තරම් දරුණු වුණාද කිව්වොත් මැනේජර් වගේ හිටපු මනුස්සයා ඇවිත් හෙමින් කිව්වා වොලියුම් අඩු කරන්න කියලා. ඔය අතරෙ නොහිතපු විධියට වීර පුරුෂයෙක් වගේ එතනට ආවෙ චමිල. එයා එන්නෙ නෑ...මයි කියල ඉඳල තමයි ඔය ආවෙ. ටිකක් රතු වෙන්න ඕන වෙලා...
ඉන් පසු වූ සිද්ධි දාමයන්හි තාපගතිකත්වය වත්මනෙහි දී අංශුමාත්‍රයකින් පමණ අවප්‍රමාණ වී තිබුණද එහි වූ කිහිප අයවලුන්හට මාස ගණනාවක් ඇරියස්කරණය වී තිබූ කර්ණ රසායන වූ වෘත්තාන්ත අටෝරාසියක් එතැන් පටන් ෂෙයාකරණය විය. සරල, සුගම, විධග්ග, විස්මෘත, මනෝ විකාර, ඇනොනිමස් සහ දේශ ද්‍රෝහී වූ කථා රාසියක් එහිදී අවකාශගත විය. ඒ අතර වැදුණා වූ මඩ ප්‍රහාර ඇතැමෙකුගේ මුහුණ වර්ණ ගන්වන ලදී. ඇතැමුන් හඬ තලමින් කොක්සන් දෙමින් දෑස් මානයේ තර වන්නට විය. ඇතැමෙකුගේ තොරතෝංචියක් රහිත වූ භාෂණය හමුවේ වුව මා එදින ගත කළේද බොහෝ සෙයින් නිහඬව බව මට මතකය. ඇත්තෙන්ම මා හට හැම විටම විකල්පයක් තිබිණි. මවිසින් දෙසන්නට සුදුසු වූ වදන් අනෙකකු දොඩවද්දී මා තවත් කැලරි ගිණිබත් කරනුයේ මන්ද? :පී ය
කතාවෙන් කතාවෙන් තුන්වෙනි ඕල්ඩ් බෝතලේ අඩිය පෙනෙද්දි කට්ටියටම ඇති හිතුණා.
ඒත් ගත කරන්න වෙලාව ඕන තරම් තිබුණා. ඉතිං මුහුදු වෙරළකට යමු කියල කට්ටියම කතා වුණා. යන තැන ගැන තර්ක කීපයකට පස්සෙ බින්දුට මතක් වුණා ගෝල් ෆේස් එකේ නානගෙ කඩෙන් ආයෙත් කන්න පුළුවන් නේද කියලා. ඉතිං බෝතලේ බෑග් එකේ දාගෙන කට්ටියම මෝටුවෙ ඉඳන් ආපු ටෝටුව බස් එකක නැගල ගාලුමුවදොරට ගියා.
එතනට ගිය ගමන් කට්ටියක් අනිත් අයගෙ බර කරට ගත්තා. සමහරු කැමරා මෑනුවා. ගොඩක් දෙනා ආයෙත් තමන්ගෙ ළමා වියට ගියා. හපෝ මේ මහ උන් ළමයි වගේ හැසිරෙන්න ගත්තම ඒක මහ මල වදයක්. පොඩි උන්ගෙන් නම් ‘නෑ.. බෑ’ කියල බේරෙන්න පුළුවන් වුණාට මහ උන්ගෙන් එහෙම ගැලවෙන්න බෑ. ඒ නිසා ආගන්තුකයගෙ පොකට් එකෙන් සරුංගලේකට තට්ටු වුණා. මගේ පොකට් එකෙන් තට්ටු වුණේ සබන් බෝල විදින ගැජට් එකකට.
අන්තිමේ ඒව උරුම වුණේ ගාළුමුවදොරට එදා දවසෙ ඇවිත් හිටපු ඇත්තම පොඩිත්තො දෙන්නෙක්ට. ගත්තු කට්ටිය ඉතිං ඕව ගෙවල්වල අරන් ගිහින් සෙල්ලං කරන්නයැ...
ඊට පස්සෙ කට්ටියක් ඕපන් සෝස් පාවිච්චි කරල සරුංගල් යැව්වා. තව කට්ටියක් ලස්සන අක්කලව බලන ගමන් එයාලව ඡායාරූපගත කරන්න තැත් කලා. තව සමහරු සාර විට කාල කාණු පල්ලෙ නොවැටී ඉඳගෙන හිටියා. තව අය පේන පේන හැම එකකටම කැමරාව මෑනුවා. තවත් අය පෝනියංගෙ පස්සවල් අතගෑවා. අන්තිමට කට්ටියම නානගෙ කඩෙන් නාන් කන්න සෙට් වුණා.
ඔය අතරෙ කළුවර වුණා. නාන් වලින් පස්සෙ එතන තියෙන සිමෙන්ති පඩිපෙලේ ඉඳගෙන නිමක් නැතිව ප්ලේන්ටි බොන අතරෙ අහම්බෙන් එතනට කඩාපාත් වුණේ හීනෙන්වත් බලාපොරොත්තු නොවුණ කණමදයා. තව නංගි කෙනෙකුත් එක්ක. වැඩේ අත උඩම මාට්ටු. ඌ ගිය ආත්මෙක දැකපු හීනෙකදිවත් පෙණුන දෙයක් නෙවෙයි ඌට වුණේ. ඒත් ඉතිං මක් කරන්නද? සුපුරුදු මඩ ගුලි හපන්න දීල නංගිටයි ඌටයි දෙන්නටම ප්ලේන්ටි අරන් දුන්නා.
දැන් වෙලාව 7යි. ගෙවල් වලට යන්න වෙලාව. එදා රාත්‍රියෙත් සෙට් වීමේ හැකියාවක් තියෙන නිසා මරේගෙන් නතර වෙන්න කියල ඉල්ලුවත් හැමදාම පාන්දර ටොයිලට් ප්‍රශ්ණෙ තියෙන නිසා මරේ යන්තං යන්නාම් කියාගෙන අඳුරට එකතු වුණා. පහන්, චමිල, රේවන් සහ විෂ්මි හතර දෙනාත් 138ක් ගන්න කොටුව පැත්තට ගියා. මලී, ආගන්තුකයා, බින්දු සහ මම ගාළු පාරෙ විනාඩි කීපයක් ඉඳල කළුතර බස් එකක නැග්ගා.
කාලෙකට පස්සෙ සතුටින් ගතවුණ සෙට්වීමක් ඉවර වුණේ එහෙම. ඇත්තම කිව්වොත් ඒ හමුව අවසන් වුණේ මාර්තු මාසෙ අග යෙදෙන්න තිබුණ තවත් අවස්ථාවකට කට්ටියම සෙට් වෙමු කියන බලාපොරොත්තුව මත. ඒ එක්කම ස්ථිර වුණේ අපේ සෙට්වීම් වාර්තා ආයෙමත් මේ බ්ලොග් එකේ ලිවිය යුතුයි කියන එක.
හලෝ මචං සෙට්වීම ගැන ලියන්නම් කියල මම පොරොන්දු වුණා. මාර්තු අග වුණ සෙට්විල්ල වෙන එකෙක් ලියනව කිව්වා. බලාගෙන ඉමු...
එහෙනං කට්ටියට ජය වේවා... අදින් උදාවෙන අළුත් අවුරුද්ද 2500න් ගැටගහගන්න ලැබේවා...

ගෝල්ෆේස්,
බොන,
සංස්ථා ඕල්ඩ්,
සෙට්වුණ තැන්,
හලෝ මචං
Subscribe to:
Posts (Atom)