FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

අජියා හමුවුනෙමි.

11.09.2012

අජියා. අජිත් කුමාරසිරි..
සිංහල ගායකයෙක් කිව්වොත් අපේ සෙට් එකේ දෙතුන් දෙනෙක්ගේ කටේ තිබුනෙම මේ නම්. උන්ගේ මල අඬවැඩියාව ඉවසන්න බැරිතැන මමත් මාර්තු 25 වැනිදා අජියා බලන්න සෙට්වුනා. ඉතින් මමත් දෙයියනේ කියලා ගානට වෙලාවට නාමෙල් මාලිනී එකට අජියා බලන්න යන්න එනකොට අපේ එවුන් අහිංසක මාව හලලා කලින් සෙට් වෙලා බීලා. අසමජ්ජාතිකයෝ.. ඕකම තමා මට ඒ වෙලාවෙත් කටට ආපු නම. ඒත් ඉතිං මොනා කරන්නද යාළුවොනෙ කියලා මම සද්ද  වහලා හිටියා.

කොහොම හරි ටිකට් එකක් අරගෙන මමත් මෝඩයා වගේ අජියා බලන්න ගිහින් වාඩිවුනේ අර අජියාට මැරෙන්න හදන එකෙක් ලඟ. ඒකා වැඩිය කතා කරන්නේවත් නැති කතා නොකරන්නෙත් නැති ජාතියේ එකෙක්. මූ පටන්  ගත්ත වෙලාවෙ ඉඳන් උගුරෙන් සින්දු කියන අජියා දිහා ඇස් නොපියා බලන් ඉන්නවා. අනේද සංසාරේ. ඒකාට සින්දු කියන්න තියා මෙලෝ සංසාරයක් කරගන්න බෑ. ඒ අස්සේ අර කතා කරන/නොකරන බුවා කියනවා ඌ සිරාලු තව මොනවද කතා. මමත් නිකං සිරා වගේ හිටියා. ඒ මදිවට කියනවා කස්ටිය අප්පුඩි ගහනකොට ඒක ෂෝ එකට ගැලපෙන්නෙත් නෑලු. ඒක ඇහුවට පස්සේ මම අප්පුඩි ගහන්න දිගෑරගත්තු අත් දෙක සාක්කුවේ දාගත්තා හොඳ වෙලාවට මූ ඒක කලින් කිව්වෙ.නොදකින් හප හප ඉන්න අර අවිස්සාවෙල්ලේ දෙකේ හතරේ දේහදාරී දතාවත් ආවානම් කියලා මට හිතුනා ඕකාගේ අගේ තේරෙන්නේ මේ වෙලාවට තමයි. මෙලෝ රහක් නැතිවුනාට පතෝලත් ඕනි වෙන වෙලාවල් තියෙනවානෙ. මම මෙච්චර වෙලාවත් ඉවසගෙන හිටියේ හවස ටිකක් සෙට්වෙනවා කියපු නිසා.

අජියාගේ බජව්ව ඉවර වෙලා යන්න බස් නෑ. නොදකින්වත්.. හිතුවේ ලස්සන දවසක් ඒත් තාම පාරේ. මයි ගුඩ්නස්. ඒ අස්සේ ඇස්මට්ටමට පහලින් හිටපු සුදු පාට කොටෙක් කියනවා ටවුන් හෝල් එකට පයින් යමු කියලා. අජියාගේ ගෝරනාඩුව ඇහුවා මදිවට තව පයිනුත් පලයන්කෝ. ඒ මදිවට අජියාව කට් කරලා මාක්ස් ඉවරවෙන වෙලාවට ආපු බින්දු කියන අලි පැටියාත් ඒකට කැමති වුන එකනේ පින්වතුනි දුක කියලා කියන්නේ. ඌත් හා කියූ කල මම කියන කතා කොස් කොටන්නද?

ටවුන් හෝල් එකෙන් දහ් බහ් ගාලා කාලා වැස්සේ නාලා යම්තම් වාහනයක් අරන් අර නම ප්‍රශ්නයක් වෙච්ච ඇස් මට්ටමට වඩා උඩින් හිටපු එකාගේ ගෙදරට යන්තම් ආවා. දවස දැනටනම් පට්ට කුජීතයි. මට නම් එපා වෙලා හිටියේ. ආපු ගමන් නාන්නෙත් නැතුව අර අන්තර්ජාලයේ ගුදමා කියන එකා බෝතලයක් කඩාගෙන බොන්න ගත්තා කියපල්ලකො පින්වතුනි. බලාගෙන හිටියොත් මුන්ගේ බීමේ හැටියට මටත් කෙලවෙන නිසා බොන ෂොට් එක හරි ඉක්මනට බොන්න ඕනිත් නිසා ටක් ගාලා හලාගත්තා බිව්වා. බිව්වට පස්සේ නෑවා. අනේ වාසනාවන් මම නාලා එනකොට අර ගුදමා හෙවත් අසංක රමණවංශයා කට් වෙලා නිදි. අනික් එවුන් දෙන්නෙක් සින්දු කියනවා. අර ඇස් මට්ටමෙන් පහල එකා උන් සින්දු කියන තාලෙට බෙරේ ගහනවා.  එකෙක් නාරිලතා පුෂ්පේ වගේ නිදි.. ආ සොරි ඌ නිදාගෙන ඉඳලා තියෙන්නේ සිව නටරාජා වගේ. මේවා දැකලා පණ පලයන් පෙරේදා කිව්වලු. මට එපා වුනා මම නිදාගත්තා. කොහොමත් ගහපු ෂොට් එකෙන් මටත් වෙරිවෙලා වගේ තිබුනේ. කොහොමත් අපි අඩු වියදමෙන් වෙරි වෙන පින්වත්තු නිසා අවුලක් නෑ.

උදේ මම ඇහැරෙනකොටත් ඒ විකාර ටික එසේමයි. වෙනසකට තිබුනේ අර ඇස් මට්ටමෙන් පහල එකා ටිකක් රතුපාට වෙලා හිඳීම සහ අර කතා කරන/නොකරන බුවා ටිකක් කතා කරන්න පටන් අරගෙන තිබුනා.

ඊට පස්සේ වෙච්ච කුජීත සිද්ධිය නම් කියන්න ලැජ්ජයි පින්වතුනි. එක පාරටම අර කතා කරන/නොකරන බුවාට කෝල් එකක් ආවා.
"ඕයි තමුසේ එන්නේ නැද්ද"
"අනේ සුදූ එනවා මේ එන්න ලෑස්ති වෙනවා."
"එනවානම් තව විනාඩි පහකින් එනවා නැත්නම් දන්නවානේ මගේ හැටි."

බලන්න පින්වතුනි ඒ පින්වතා එහෙමම කලිසමක් දාගත්තා හදපු තේක බොන්නේ නැති ක්‍රෝටන් ගස් 4 කින්ද වතුසුද්ද ගස් 1 කින්ද පනිමින් ගේට්ටුවේ අගුල අරින්නටවත් පමා නොවී වාද්දුවට පිටත් වුනා.

මමත් තේකක් ගහලා පාන් කෑල්ලක් කාලා පිටත් බෝඩිමට එන්න පිටත් වුනා.

ඔන්න පොඩිත්තනේ FIT එකේ සෙට් එකේ තවත් කුජීත දවසක් නිමා වුනේ එහෙමයි..

8 ක් මඩ ගහලා:

hare :-) said...

නෙද්දකිං විතරක්... අනේද කියන්නෙ.. පල පල යන්ඩ... අපි නෑ ඕවට...

තව ඒව කියන්ඩ පුළුවන්... ඒ වුණාට ඉහලින් අණ ආවම කෙලින්ම විස්තාපනේ මතක් වෙලා ගස් පෙරලන එක කුජීතයි තමයි...

මෙතන ආතල්ම ටික මෙන්න මේවයි...

මහ රෑ ඔය සින්දු කියපු තුන් දෙනාටම දුම් බඩගින්නක් ආවා. එකක්වත් නැති නිසා තුන්දෙනාම ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම බස් එකේ නැගලා කොට්ටාවට ගියා. එකෙක් බැණියම කණපිට ඇඳන්. අනිකා සරම පිටින්. අනිත් එකා කොට කලිසම ගහලා.. කූරු කීපයක් අරන් එන්න ආවා. ගෙදර ආවම අර ගෙදර බුවාගෙ අම්ම අහනව කොහෙද මේ කට්ටිය පාන්දරම ගියේ කියල... එතකොට ගෙදර බුවා කියනව 'අම්ම ගිහින් නිදාගන්න. අපි මේ හන්දියට ගියා' කියල... එතකොට අම්ම කියපි 'මම මේ නැගිටින වෙලාව... දැන් උදේ පහයි වෙලාව' කියලා...

hare :-) said...

අනික මෙහෙම කියද්දි සමීකරණ අමතක වෙන එක අහන්ඩත් දෙයක්ද?

http://www.youtube.com/watch?v=WmosD-wpENk

Lishan Puwakovitage said...

හැහ් මම නැති වෙලාවේ මගේ අගේ තේරුණ එක ලොකු දෙයක්..!! :)

malee_msg said...

ආ... දැන් එතකොට ඔයා අජිත්ව දන්නේ නැති පයින් යන්න බැරි බබා...!!!! හා....

අනේ ෆල ෆල ජිල්බුවෝ යන්න!!!!

හික් හික්!!!

@ලිෂාන්- අනේ උඹේ මොන අගයක්ද බං????

ආගන්තුකයා | Stranger said...

අඩේ ඒ වෙලාවේ මම නිදාගෙනනේ හිටියේ.. උඹලාගේ කතාව ඇහුවාම අපරාදේ නිදාගත්තේ කියලා හිතුනා බං..

සිරාවට මලී උඹ දකින්න තිබුනේ මේකා ආපු ඒම. ඒ ගිය යාමට මම හිතුවා මූ බස් එක පරක්කු වෙයි කියලා දුවලම වාද්දු යයි කියලා.

ලිසාන් උඹ නැති අඩුව නම් අපිට හැමදාම දැනෙනවා.. උඹ ඉතිං අපේ ලොකු අයියානේ..


Raven said...

පාන්දර බස් එකේ නැගල ගිය ගමන නම් ආතල්. එවෙලේ මං වෙනුවෙන් සින්දුවකුත් ප්ලේ වෙවී තිබ්බෙ ඒකෙ "බෝමා" කියල නිතර කියවෙන එකක්.
ගිය සිකුරාදා සෙට් උන වෙලාවෙත් මහ රෑ දුම් මදි උනාම පිහිටට හිටියෙ එදා සෙට් වෙච්ච කඩේම තමයි. හැබැයි අපරාදෙ කියන්න බැහැ මෙදා නම් කඩේට ගිය උන් දෙන්නම ෆුල් ඩීසන් විදිහට හිටියා.

රතීගේ දිනපොත said...

කතාව තමයි මරැ...එහෙනම් පැදුරැ සාජ්ජයකුත් තිබිලා ඈ..

රෙහානි said...

අපිත් ආවා මේ පැත්ත බලන්න

Post a Comment