"කඨිනෙට වරෙව්" කියා විවෘත ආරාධනා ලැබුනේ හුඟ කාලෙකට කලින්. ඒත් වැටෙන හොර ගස් වලට දතෙන් මුක්කු තැබීම, හොර ලී ඉරද්දී කූඥ්ඥයක් ලෙස දත උපයෝගී කර ගැනීම වැනි කරුණු නිසා "දත් රාජා" නොහොත් "ලිෂාන් ප්ල්ක්ස්" (නම කියවා හක්ක නොපන්නවා ගන්නා මෙන් ඉල්ලමි.) හට කඨිනයට පැමිනීමට නොහැකි විය. එසේම බොහෝ කල් සිට ඒමට පොරොන්දු වූ අයෙකු එදින කොළඹ විශ්වවිද්‍යාලයේ Ifo++ සංදර්ශන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට සහ භාන්ඩ එකලස් කිරීමට තිබූ බැවින් පැමිනීමට නොහැකි විය. එසේම එහි පැමිණෙන අවුරුදු 8ට අඩු පාසල් ලමුන් වැසිකිලියට ගෙන යාමද ඔහුට පැවරී තිබූ රාජකාරි අතර වූ බව තාපස ආරංචි මාර්ග වලින් අපට සැල විය. එසේම ඔහුට දෙන විශේෂ උපදෙස නම් මෙය කියවා මල පන ඇඟේ ඇති ලැක්ටෝ ලේ කර නොගන්නා ලෙසය. තවද බණකට දහමකට මෙලෝ ලැදියාවක් නැති, බෝතලයට සහ සහෝදරියන්ට පමණක් ලැදි ගුදම් මරේ පෙර සිටම දැනුම් දී තිබූ පරිදි එහි නොපැමිනි අතර ඒ අසා ඔහු විවාපත් ඔහුගේම සහෝදරිය වූ "අන්ශ් ලුcක්ය් ස්‍රි ජය්" ද මේ අවස්ථාවට නොපැමිනීමයි. අනේ ඉතින් උන්ට එපා නම් අපිට මොකෝ පිංවතුනී, සාධු කියහල්ලකෝ!
කඨිනෙට කලින් දින අප එහි රැස් විය. අප යනු හරේ, ලසිත, සංජි අක්කා සහ මා වන අතර, එහි යනු අපගේ මූලස්ථානය වන මලී හෝම් හීදීය. පෙර දින නින්දක් නැතුව වැඩ කන්දරාවක් නොකල අප වල් පල් දොඩවමින් සිටියෙමු. අවසන පැයක කෙටි නින්දකින් ඇහැරී ගෙදරම දෙවනත් කරමින් සමහරු සුදුෂර්ට් සෙවූ අතර සමහරු දිග කලිසමක් සෙවූහ. තවත් සමහරු අත් බෝම්බයක් ගිල්ලාක් සේ නිසොල්මන්ව සිටියේය.අනේ වාසනාවන් එක් අයෙකු පමණක් තනිකර සුදු පාටින් සැරසී මල්ලි ඇඳපන්, මල්ලී ඇඳපන් යැයි කෑගසමින් සිටියාය. "එයාට අපි සංජී කියලයි අමතන්නේ. . .". සමහරු පන්සලට තිබෙන්නේ පොඩ්ඩ දුරක් බැවින් සෙරෙප්පු නොදා පෙරහරට පැමිණි අතර, පසු දින උදෑසන පෙරහැර මාර්ගයේ බොහෝ සතුන් පිරිසක් ඔහුගේ දෙපා වලින් ගලා ගිය පැණින් මත්වී සිටිනු සුපරික්ෂාකාරී දෑසකට දැක ගත හැකි විය.තවත් අයෙකු කඨිණ පෙරහැර සහ Light Circus යන දෙලොවෙහි අතරමං වී සිටි අතර ඒ අතරමං වීමම නිසා සාමාන්‍ය පෙරහැරට වඩා දුරක් ඔහු දුවගොස් සිටියේය.


තවත් අයෙකු ඕං වැන්දා මේං ගියා න්‍යායෙන් ෂේප් එකේ පරණ පුරුදු අයිස් රස්සාවම කරගෙන ගිය අතර, අනෙක් ඇත්තී කුඩ ඉහලමින් චීවරයට හිස තියමින් අපිටත් එසේ කරන ලෙස කියමින් ශ්‍රද්ධාවෙන් ඇවිදිමින් සිටියාය. අනේ ඉතින් කඨින ගෙයි උපන් ඇත්තී හැම කැමරාවටම සිනා වෙමින් ලාවට කුඩයක් උස්සා ජාමේ බේරා ගත් අතර නිවසට පැමිණි විගස අලියා පොලවේ ගැහුවා සේ හාන්සි පුටුවේ හොත්තේය. ඉතින් මලහත්ඉලව්වේ ආපහු ආපහු කියන්න බෑ යකෝ, පිංවතුනී සාධු කියපල්ලකෝ!
එදින සහ පසු දිනද අප සෙට් උනු අතර එය හුදෙක් සාමාන්‍ය මඩ සෙට්වීමක් නිසා ඒ සම්බන්ධව මෙහි නොදමන අතර ඉහත කියන කඨින පෙරහැර නිසා බිඳක හෝ පිනක් මා හට අත් වී නම් ඒ සියල්ල එදින උපන් දිනය සැමරූ මගේ ගෑණිටම අත් වේවායි මා සිතින් පැතුවෙමි. ඒකට උඹලට ඕනනම් විතරක් සාධු කියපන් පිංවතුනී!