FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .
Showing posts with label කන. Show all posts
Showing posts with label කන. Show all posts

යූකේ වලදී නේවි එකෙන් කෑවෙමු!

9.09.2013


මේ බ්ලොග් එක වේලෙන්න නොදී තියාගන්න අමාරුයි. කට්ටියම එක එක වැඩවලට සෙට් වෙලා කාර්ය බහුල වෙලා තියෙන නිසා සෙට් වෙලා පටංගත්තු ගොඩක් වැඩ තියෙන්නෙ ඔහේ යන ගාණට. ඒකට කරන්න දේකුත් නෑ. ජීවිතේ තියෙන්නෙ ඔන්ලයින්ම විතරක් නොවෙන නිසා ඔන්ලයින් හැදිල තියෙන ප්‍රොෆයිල්වලට වඩා හැබෑ ජීවිතේ ප්‍රොෆයිල් මේන්ටේන් කරන එක කට්ටියටම වැදගත් වෙලා මේ වෙද්දි. හැබැයි කවුරුත් අතාරින එකකුත් නෑ... මේ වෙනකොට ඔන්ලයින් ජීවිතේ බ්ලොග් කියන එකින් එහාට මෙහාට ගිය දෙයක් වෙලා හැමෝටම.

බ්ලොග් ලෝකෙ අළුත් වෙනවා. වෙනස් වෙනවා. කට්ටිය එනවා යනවා. අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒ අතරෙ අපිත් ඉඳල හිටල පෝස්ට් එකක් දෙකක් කොටන ගමන් තාමත් ඒ රහ හොයන්න ගන්නවා. සෙට් එකේ ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි බ්ලොගින් ගැන තියෙන්නෙ තමන් බ්ලොග් පටන්ගත්තු කාලෙදි තිබුණ අදහසම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. මොකද සාමාන්‍යයෙන් නම් මිනිස්සු දියුණු වෙනවා. ලියන දේවල් වගේම ලියන ආකෘතිත් ගොඩ දෙනෙක්ගෙ වෙනස් වෙලා කියල මට හිතෙනවා. ඒ වුණාට මේ බ්ලොග් එකේ ලියවෙන්නෙ අපේ සෙට්වීම් විතරක් නිසා මේ සටහන්වල ලොකු වෙනසක් වෙන එකක් නැහැ.

පහුගිය කාලෙම අඩුගානෙ මාසෙකට සැරයක් හෝ දෙකක් අපේ එකා දෙන්න එක එක ඉවෙන්ට්වලදි වගේම වෙඩිං පාටි සහ ඇරේන්ජ් කරගත්තු පාටිවලදි සෙට් වුණා. නමුත් ඒ හැම එකක් ගැනම පබ්ලිෂ් කරන්න උවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති මේ බ්ලොග් එක කාලයක්ම වේලුනේ.

හැබැයි මේ වතාවෙ මේකට සටහනක් ලියන්න හිතෙන්නෙ අන්තිම වතාවෙ අපි සෙට් වුණ තැන විශේෂ නිසා.

ජූලි මාසෙ මුලදි අමරවංශයා මේල් එකකින් යෝජනාවක් ගෙනාවා සෙට් වෙමු කියල. මොකද ඒ වෙද්දි මාසයක් දෙකක් විතර කට්ටිය ග්රෑන්ඩ් විධියට සෙට්වෙලා නොහිටිය නිසා. කලිනුත් කීප වතාවක්ම අමරෙ ලොක්කම කියපු උස්වැටකෙයියාවෙ තියෙන නේවි රෙස්ටුරන්ට් එකේ සෙට් වෙමු කියලයි යෝජනා වුණේ.

ඒ තැන ගැන විස්තර මෙතන තියෙනවා. මේ ලින්ක් එකත් දාල තිබුණ නිසා තැන ගැන අදහසක් ගන්න පුළුවන් වුණා.

නමුත් මේ තැන හරියන්නෙ නෑ කියල මුලින්ම විරෝධය දැම්මෙ මම. මොකද පින්තූරවල හැටියට ‘පොෂ් විධියට ලන්ච් එකක් ගන්න‘ මිස ‘අපේ විධියට සෙට් වෙන්න‘ පුළුවන් ගතියක් එතන මට නොපෙනුන නිසා. මම මෙලෝ රහක් නැතිව හිටියට අනිත් උන් මරාගන්නවනෙ සෙට් වෙන්න ගියාම. විරෝධයට අනිත් කාරණේ වුණේ මුහුද පේන මානයේ තියෙද්දිත් මුහුදට යන්න බැරි විධියට වැටක් ගහල තියෙන එක. මුහුද මාකට් කරගන්න හොඳ හැකියාවක් තියෙද්දි මෙයාලා මුහුද ආවරණය කරල තියෙන්නෙ ඇයි කියන එකට හොඳ හේතුවක් ඇති එයාලට.

කොහොම වුණත් එතනදි වියදම් වෙන්න පුළුවන් ගාණත් සලකල පස්සෙ වෙන යෝජනාවක් ආවෙ රූමස්සල වගේ පැත්තක දිග ට්‍රිපක් යමු කියලා. ඒ යෝජනාවත් සතියක් දෙකක් විතර ඇදි ඇදී තිබුණා. ඒ අස්සෙ ‘අපි එක් වතාවක් හෝ පොෂ් විධියට සෙට් විය යුතුය‘ කියන කාරණේ සාධාරණීකරණය කරන්න මඩවේදී බින්දුවා සෑහෙන්න හේතු ටිකක් ගෙනාවා. අනිත් අයත් ඒක සාධාරණීකරණය කලේ අපි ගොඩක් විට හෙඩ් ඔපීසියෙ, ලෝටස් ලීෆ්, වයිට් හෝස් වගේ තැන්වල සෙට් වෙන නිසා වෙනසකටත් එක්ක එතන සෙට් වෙමු කියලයි.

අවසානෙදි කට්ටියම ඒකමතික තීරණයකට ආවා අපි උස්වැටකෙයියාවෙ මාලිමා ක්ලබ් එකේ මීළඟ සෙට්වීම දාගමු කියලා. මේක ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකක්. සියළු විස්තර මෙතනින්.

දිනය විධියට යොදාගත්තෙ කලින්ම තීරණය වෙලා තිබුණ විධියට 2013.08.17 වෙනි සෙනසුරාදාව. කට්ටියම උදේ 9 වෙනකොට කොටුවෙ පොලිසිය ගාව තියෙන හෝල්ට් එක ගාවට එකතු වෙමු කියල කතා වුණා.

වාද්දුවෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳන් මමයි මලීයි දෙන්න යන්න පිටත් වෙද්දිත් අටහමාරට විතර ඇති. කොහොමත් අපි දැනගෙන හිටිය අපට යන්න පරක්කු වෙනව කියල. ඒ නිසාම අමරෙ කෝල් කලාම උන්ට යන්න කියල කිව්වෙ අදාල තැනට යන බස් තියෙන්නෙ විනාඩි 45කට විතර සැරයක් කියල කලින් දැනගෙන හිටපු නිසා. අපි දෙන්නා කොල්ලුපිටිය හරියට එද්දි එදා දවස තමන්ට අමතක නොවෙන දවසක් කියල හීනෙන්වත් නොහිතපු පොරක් කෝල් කරා. ඌ අපේ සෙට් එකේ අළුත බැඳපු ලැක්ටෝ සහ මාරි එක්ක හැව්ලොක් ටවුම පැත්තෙන් එනව කියල කිව්වා. මලීයි මමයි දෙන්නා අදාල තැනට ගිහින් උදේට සොසේජ් බනිස් දෙකයි කිරි පැකටුයි ගහල කට්ටිය එනකල් හිටියා.

ඔය කොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ගාවින් ගුණසිංහපුරේට හැරෙන හන්දිය පට්ට අවුල් සහගතයිනෙ. අපි දැක්ක අර තුන් දෙනා ඇවිත් එතන හිටපු ට්‍රැෆික් පොලිස් මාමිත් එක්ක චැටක් දානවා. අපි හිතුවෙ දන්න පොරක් වෙන්න ඕන කියලා. ඒත් චැට ඉවර නොවුණ නිසා පොඩ්ඩක් කිට්ටුවට ගිහින් බැලුවා. බැලින්නම උං චැට් කරල නෙවෙයි. මාර්ග නීති උල්ලංඝණය කලා කියල පොලීසියෙ මාමි අර පොරව අල්ල !%$#%^%^&*^%#$#!

බැරි වෙලාවත් කලින් වතාවක හීන දැක්ක වගේ පොරට ඕඅයිසී පෝස්ට් එකක් වයසට ගියාමවත් ලැබුණොත් මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් නිසා ඒ කතාව එතනින් ඉවර කරනවා. අවස්යතාවය ඇත්තෝ විමසා බලත්වා.

කොහොම වුණත් ඒ වැඩේ තාමත් අපේ සිරා බයිට් එකක්. අර පොලිස් මාමිට පරෙස්සම් වෙන්න වෙයි. මොකද දැන් අපේ පොරගෙ පරම හතුරා තමයි ඌ... ඒ මාමි මේක බලනවනං දැන්ම ඇඳුම් පැක් කරල තියාගන්න එක හොඳා. මොකද නොහිතන මොහොතක ඈත පළාතකට මාරුවක් ලැබෙන්න පුළුවන්.

කොහොම හරි අන්තිමේදි පොලිස් මාමි ලියල දුන්න කොල කෑල්ලත් අරගෙන කට්ටිය බස් එක හෙව්වා. මේ බස් එක පිටකොටුවෙන් පිටත් වෙන අංක 275 බෝපිටිය බස් එක. මේක අපට අහන්න ලැබුණ විධියට විනාඩි 45කට විතර සැරයක් දුවන එකක්. මුළු පාරෙම බස් 8යි ලු දුවන්නේ. මේකෙන් අදාල තැන ගාවටම යන්න පුළුවන්. ඒත් මේක සෑහෙන්න කොටන බස් එකක් නිසා මේකෙන් යනවනම් පැයක්වත් යනව ගමනට. හැබැයි අපේ පොර ඊට වඩා ඉක්මන් විධියක් හොයාගෙන කිබුණා. ගුවන් තොටුපලට යන බස් එකක හැඳළ හන්දියට ගිහින් එතනින් 107 ඇලකන්ද බස් එකේ ඇලකන්ද හන්දියට යනවා. ඕනනං එතනින් වීල් එකක රුපියල් 200ක් දීල අදාල තැනට යන්න පුළුවන්. නැත්නං අර 275 බස් එක ඇලකන්ද හන්දියෙ විනාඩි 20ක් විතර නතර කරල තියෙනවා. ඒකෙම යන්න පුළුවන්. තනි බස් එකේ ගමනට බස් දෙක තුනක ගමන විහිළුවක් වගේ වුණත් ගමනෙ ඉක්මන ගැන බලද්දි ඒක වඩා ෂේප්.

ඇලකන්දෙ ඉඳන් ත්‍රී වීල් එකේ අදාල තැනට ගිය ගමන අළුත්ම අත්දැකීමක් වුණා. ඒ පාර තමයි හැඳළ - හුණුපිටිය පාර. එහෙම නැත්තං ඇළ පාර නොහොත් ගුගලෙ තිබුණ විධියට ‘කැනල් රෝඩ්‘ එක. ඒ පාර තියෙන්නෙ මීගමුව කලපුවෙ ඉඳන් ඇවිත් මට්ටක්කුලිය හරියෙන් කැළණි ගඟට එකතුවෙන ඇළ දිගේ. ඒ ඇළ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ ධීවර කටයුතුවලට කියල තේරුණා. ඒ කියන්නෙ ඒ කිට්ටුව ඉන්න ධීවරයන්ගෙ බෝට්ටු පාක් කරන වගේ වැඩ වලට. මොනව වුණත් ඒ විධියෙ තැනක් කලින් දැකල නැති නිසාම එතන අපේ හිතට වැදුණා. කොහොමින් කොහොම හරි ඇළ දිගේ පාරෙ ගිහින් අපි අදාල තැනට සම්ප්‍රාප්ත වුණා.



අපි පස් දෙනා ඇතුලට ගිහින් ඒ වෙද්දිත් ඇවිත් හිටිය අනිත් අය හිටපු තැනට ගියා. එතන වෙලා තිබුණ දේකින් අපි හැමෝම පුදුම වුණා.

පැතුම් පුංචිහේවා ඇවිත්!

සාමාන්‍යයෙන් පැතුම් කියන්නෙ අර මහා කළු සිංහල වර්ගයේ ඩයල් එකක් (ඌට ඒක මාර හීනමානයක් නිසා තමයි පොර ඉංගිරිස්වලින් පොත් ලියන්නේ) ඒක නිසා ඌ සාමාන්‍යයෙන් මොකක් හරි වැඩකට එනව කිව්වොත් වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල හරි එන එක එනවමයි. මේ සෙට්වීමෙදිත් අපි පොරට කියල තිබුණෙ උදේ 6 විතර එන්න හිතාගෙන වරෙන් කියල. එහෙම හිතාගෙනද කොහෙද පැතුම් අපි යන්නත් කලින් ඇවිත් තිබුණා.

පැතුම්ට අමතරව අමරවංශ මහතා, රේවන් විෂ්මි යුවල, පහන් යුවල, බින්දු සහ අවුෆ් කියන නෝනල මහත්තුරු ඇවිත් හිටියා. ඒ වෙද්දිත් කට්ටිය ගල්භූමි පරණ අරක්කු (මළ ජරාවක්) බෝතලයක් කඩල තිබුණා. කාල්ස්බර්ග් වීදුරු කීපයකුත් කොක්ටේල් එකකුත් කැරකෙමින් තිබුණා. අපිත් ඇවිත් ඒ ඒ කැමැත්ත අනුව සෙට් වුණා. කාන්තාවො ටික mai tai කොක්ටේල් එක්ක සෙට් වෙද්දි අනිත් අය කැමැත්තෙ විධියට එක එක ඒවත් එක්ක සෙට් වෙලා හිටියා.




මේ තැන ගැන මට තිබුණ අප්සෙට් අදහස ටිකකින් නැති වෙලා ගියේ සෙට්විල්ලෙ සහ තැන අමුතු පොෂ් බවක් නොතිබුණ නිසයි. තැන ගොඩක් පිරිසිදුයි. හොඳට පිළිවෙලට මේන්ටේන් කරන බව පේන්න තිබුණා. යන්න තිබුණ වැසිකිලි පහසුකම් වුණත් සුපිරි මට්ටමක තිබුණා. සේරටම වඩා හිතට වැදුණෙ සර්විස් එක. ඒක අපි කාටත් පුදුමයක් වුණා කිව්වොත් හරි. මොකද සාමාන්‍යයෙන් අපිට කොහෙ ගියත් ඕඩර් එකක් දීල විනාඩි 5-10ක් ඇතුලත ඒක මේසෙට ලැබෙන විධියෙ සර්විස් එකක් හම්බවෙන්නෙ නෑ ලංකාවෙනං.


අනිත් කාරණේ සර්විස් කරපු එකා. ඌ දිහා අපේ සෙට් එකේ කෙල්ලො හොරෙන් බැලුවෙ නෑ කියල කියන්න බෑ. ඌ රඟපාන්න තරම් පෞරුෂයක් තිබුණ කොල්ලෙක්. වැඩිය කතා බහක් නැතිව අවශ්‍ය දේ සපයල දුන්නා. හැබැයි එකක් කියන්න වෙනවා. සෙට් වීමෙ අවසාන භාගෙදි අපි රයිස් එකක් සහ ඒක කන්න චිකන් කරියක් ඕඩර් කලා. අපේ වේටර් මලයා රයිස් එක ගෙනත් තියලා චිකන් එක අරන් එන වෙලාවෙදි රයිස් එක ඉවර වෙලා තිබුණා. ඒකට ඌට චෝදනා කරල හරියන්නෙ නෑ.

මෙතන කෑමත් සෑහෙන්න ෂේප් කියල කියන්න පුළුවන්. බයිට් එකට ගෙන්නපු චිකන්වල නම් ගම්මිරිස් ලුණු මික්ස්චර් එකේ අවුලක් දැණුණත් ඩෙවිල්ඩ් පෝක් බයිට් එක නම් කාපු හොඳම බයිට් එකක් වුණා හැමෝටම. ඒකට දාල තිබුණ හැම දේම නියම අනුපානෙට තිබුණා.



ඉතිං සුපුරුදු පරිදි අපේ මඩ ගැහිලි, බයිට් කෙරිලි සහ රේඩියෝ, පොත්, චිත්‍රපටි ගැන විධග්ග සාකච්චා එක්ක පැතුම්ගෙ පෝස්ට් කොලෝනියල් සංවාදෙ දිගටම ඇදුණා. ඒ අතරෙ දෙන්නෙක් ජින්ජර් බියර් එකේ බුබුළු හෙව්වා.

ඒ අතරෙ බින්දුට ආපු වැදගත්, රටේ උන්නතියට අතිශය දායකමය, සංස්කෘතිකමය, ස්ත්‍රීවාදීමය, ධනවාදීමය, පාවුල්වාදීමය, රෙජීමය, කුටුම්භමය, මාධ්‍යවේදීමය ප්‍රශ්ණෙ තමයි අල්ලපු මේසෙ කෑම කාපු පොෂ් පවුලෙ කාන්තාවො හැමෝම කොටට කොණ්ඩෙ කපල ඉන්නෙ ඇයි කියන එක. ඒකට උත්තරේ හොයන එක ඌටම කරගන්න දීල අනිත් අය තමන්ගෙ පාඩුවෙ සෙට් වුණා. ඔය අතරෙ අමරවංශයා බේබි පූල් එකක බැහැලා වෙනද නො නාන නෑමක් හොඳට නාගත්තා කියලත් අපි දැක්කා.

අවසානයේ වෙනද වගේම තිබුණෙ පින්තූර සෙෂන් එකක්. කට්ටිය එකිනෙකා බදාගෙන, ඉඹගෙන, තුරුළු කරගෙන, ගස් බදාගෙන, කණු බදාගෙන, සිමෙන්ති රූප බදාගෙන, ලොකයාට මුහුණ දෙන්න බැරිව පර්දාවෙන් ඔළුව වහගෙන, පොෂ් විධියට, ළාමක විධියට, ප්‍රේමණීය විධියට, රෞද්‍ර විධියට, මැරෑටි විධියට සහ එකී මෙකී නොකී නා නා ප්‍රකාර විධි වලට ඉඳල පින්තූර ගත්තා.


ඊට පස්සෙ අදාල මුදල් හදල් බේරලා කට්ටිය රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවෙ ආයෙ 275 බස් එකක් එනකල් ඉන්න. එන්න ඔප්ෂන් කීපයක් තිබුණට යන්න තියෙන්නෙ එකම එක ඔප්ෂන් එකයි. 275! මොකද පැත්ත ඒ තරමට ජනාකීර්ණ නැති නිසා අහල පහල ත්‍රී වීල් පාක් එකක්වත් නෑ. ඒ නිසා වෙලාව ගැන උනන්දු වෙනවනම් ඇලකන්ද හන්දියෙ වීල් එකක කන්ටැක්ට් තියාගන්න එක හොඳයි.

පැය බාගයක් විතර එතන චාටර් වෙද්දි අපට සෙට් වුණේ අමරවංශයාගෙ ඩිස්පෝසබල් කැමරාව. ඒක රට ඉන්න ඇන්ටි කෙනෙක් පොරට එවල රීල් එක ඉවර වෙනකල් පින්තූර ටිකක් ගහල එවන්න කියල. (ඕං ඉන්ටනෙට් එකෙන් බිස්නස් කෙරුවාව) ඒකෙ මිනිස්සුන්ගෙ පින්තූර වදිනවට පොර අකමැති නිසා ඔරං ඔටන් දැලිපිහිය අතට ගත්ත වගේ ඒක අතට ගත්ත අපේ සෙට් එකේ ළඳක් හතර අතට ගස් ගල්වල පින්තූර ගැහුවා. රීල් එක ඉවර වෙද්දිම බස් එකත් ආවා. මාර ඩ්‍රැමටික් නේද?


අන්තිමේදි බස් එකේ එනකල්ම කට්ටිය අමරවංශයාගෙ අයි ෆෝන් එකෙන් මනමාලියො වෙන්න සුදුසු අයගෙ පින්තූර බැළුවා. කොටුවෙන් බැහැලා ජොලියටත් එක්ක කට්ටිය දොඩං ඇට බීම බිව්වා. ඒ අතරෙ රේවන්ගෙ යාළුවෙක් නිසා බින්දුට ප්ලාස්ටික් බෝතලේකින් ගලා යන ජලයේ ස්නානය කරන්නත් වුණා.

අවසානෙදි කට්ටිය සැදැහැ සිතින් ගෙවල් බලා තොලොංචි වුණා.

ඔය හැමදේම ඔහොම වෙද්දි මම හැමදාම වගේ හොඳ ළමයා වගේ හිටිය බවත් කිව්වෙ නැත්තං ඒක මාර මදි පුංචිකමක්.

----------------------
ගුටි කන්න පෙර පින්තූර සඳහා සාදර අනුග්‍රහය -

ලි. පුවක්ඕවිට | ර. ජයවර්ධන | ප. සරත්චන්ද්‍ර

හලෝ මචං හෙනහුරාදා...

4.12.2012

හායි මෙයාලා.... කාලෙකට පස්සෙ නේ...

කල් යන්න යන්න හොඳ වෙන එව්වත් තියෙනවනේ... මේ කියන්න යන්නෙ එහෙම එව්ව ටිකක් ආශ්‍රය කරන්න අපේ කට්ටිය පෙරුම් පුරල පුරල යොදාගත්තු තවත් සෙට්වීමක් ගැනයි.

ඇත්තම කිව්වොත් මේක අපි කට්ටිය ග්‍රෑන්ඩ් විධියට හමුවුණ අන්තිම සෙට්වීම නෙවෙයි. ඊට කලින් එක. ඊටත් කලින් මේකෙ නොලීවට අපි තැන් තැන් වල කල්ලි ගැහුණා. ගොඩක් වෙලාවට හෙඩ් ඔෆිස් එකේ මාසෙකට සැරයක් අඩුතරමෙ කීප දෙනෙක් සෙට් වුණා. නමුත් කට්ටියම කාර්ය බහුල වීමත් එක්ක ඒ සෙට්වීම් ගැන ලියන එක ටික ටික මගඇරුණා. අවුරුදු දෙකක් ඇතුලත ජීවිත වල කොයි තරම් දේවල් වෙනස් වෙනවද? මේ අඩවියෙ අන්තිම සටහන ලියවිලා තියෙන්නෙ අවුරුද්දකට උඩදි. ඒත් 2011 මාර්තු මාසෙ වුණ බකාදි සන්ඩේ සෙට්වීම ගැන. අවුරුද්දක්ම නොලියපු එකටනං අපිව සුදු වෑන් වලින් ඉස්සුවත් මදි.

කොහොම වුණත් අවුරුද්දෙ මුල ඉඳන්ම කට්ටියට සෙට් වෙන්න උවමනාව තිබුණා. ඒත් අන්තිමේ කට්ටිය සෙට් වුණේ අහම්බෙන් වගේ බොහොම කෙටි දැනුම් දීම් කීපයකින්. නමුත් ඒ ටිකටත් මේල් කීපයක් හුවමාරු වුණා.

දිනය විධියට යොදාගත්තෙ මාර්තු 3 වෙනි ශනිදාව. තැන විධියට එක එක තැන් ගැන සලකලා අන්තිමට බෙනා අංකල්ගෙ යාළුවෙක් මාර්ගයෙන් ගල්කිස්සෙ 'හලෝ මචං' රෙස්ටුරන්ට් එක වැඩේට වෙන් කරගත්තා. කාටත් එන්න පහසු දවසක් වෙලා තිබුණත් පුවක්ඕව්ට, පුංචිහේවා වගේ මහත්වරු කීපදෙනෙක්ට එන්න හැකියාවක් නැති බව දැන්නුවා.

අදාල දවසෙ මම උදේම ගොඩගමින් කොට්ටාවටයි එතනින් ගල්කිස්සටයි බස් වල ඇද්දා. හලෝ මචං අවන්හල තියෙන්නෙ ගල්කිස්සෙ නොලිම්ට් එක කිට්ටුව. හරියට කිව්වොත් මවුන්ට් සිටි ගොඩනැගිල්ලෙ. තවත් හරියට කිව්වොත් ෆුඩ් සිටිය තියෙන බිල්ඩිමේ රූෆ් ටොප් එකේ. බැලූ බැල්මට මට හොයාගන්න පුළුවන් වුණේ නැත්තෙ ඒක තියෙන්නෙ උඩ තට්ටුවක හින්දා. ඒ වුණාට තැන මෙතන වෙන්න ඕන කිය කිය කැරකෙමින් මරේට ඇමතුමක් ගත්තම ඔන්න පොර ඉන්නවා ඇතුලෙ. එතනට යද්දි මරේට අමතරව රේවන් හා විශ්මි යුවලත් වැඩම කරල හිටිය. වෙලාව 10.30ට විතර වෙන්න ඇති. මරේ ඇවිත් තිබුණෙ පැය එකහමාරකට කලින්. වෙලාවල් ගැනයි අනිත් බයිලයි කියවමින් කට්ටිය ලිෆට් එකට රිංගුවා.

රෙසිප්ෂන් එකට අපි දැන්නුවා අපි කලින්ම අද දවසෙ එන බව කියල තිබුණ කියල. එතන හිටපු පොර එතකොට ඇහුවා ‘ආ... අර ෂොට්වෙයා ඉංජිනියර්ස් එක්කෙනාගෙ කට්ටියද?’ කියලා... අහපු මූඩ් එකෙන්ම අපට තේරුණා වැඩේ හරි කියලා. ඔය කියපු ෂොට්වෙයා පොර කලිනුත් මෙතන සෙට් වෙලා විනාස වෙලා තියෙනව වෙන්න ඕන කියල අපි හිතාගත්තා. රෙසිප්ෂන් එකේ හිටපු කෙනා පස්සෙ බොහොම හොඳට අපට මේස කීපයක් එකට තියල රෙදි දාල පුටු ළං කරල තැන හදල දුන්නා.

ඒ ස්ථානය මුහුද පැත්තට සම්පූර්ණවෙන්ම විවෘතයි. සෙට්වීමක් එක්ක දොඩමලු වෙන්න පුළුවන් අපූරු නිස්කලංක බවක් තිබුණා. රාත්‍රියකදි නම් තවත් සුන්දර වෙන්න තිබුණා. කොහොම වුණත් අනිත් අය එනකල් අවට ආශ්වාදය විඳින්න අපට පුළුවන් වුණා. මට මතක විධියට ඔය අතරෙ තමයි ජඩමාධ්‍යවේදී බිංදු සහෝදරයා පොළොව දෙදරවාගෙන සම්ප්‍රාප්ත වුණේ.

හලෝ මචං එකෙන් සැර ජාති ගන්න වෙන්නෙ නෑ. ඒව ගන්න පහල තියෙන ෆුඩ් සිටියට යන්න වෙනවා. අනිත් කට්ටිය එන අතරෙ ඒ ටික කරගන්න පුළුවන් නිසා හිටපු කට්ටිය පහලට ගියා. ඔය අතරෙ හපන් සරත්චන්ද්‍ර බිස්කට් එකකුත් හපමින් ආවා. මමයි පහනුයි කලින් සෙට් වලා නැති නිසා ඌ මගෙං ‘මම අරූ නේද’ කියල අහල දැනගත්තා.

ඊට පස්සෙ එන්න පොරොන්දු වුණ අයගෙන් හිටියෙ මලී සහ ආගන්තුකයා විතරයි. ගෙදර බලු ප්‍රශ්ණ විසඳලා උන් දෙන්නා අර මාධ්‍යවේදී බින්දුට නොදෙවෙනිව පොළොව ඉරි තලාගෙන එනකොට අපි ලාවට වැඩේ පටන් අරන් ඉවරයි. එත‍කොට වෙලාව 12ට විතර ඇති. හලෝ මචං එකේ සේවය නම් සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙන බව තේරුණා.



ඊට පස්සෙ සුපුරුදු ඩිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් එක්ක දැන් මතක නැති එක එක ඒව හප හප සංස්ථා ඕල්ඩ් සහ ‍රන්පත් එක්ක අපි සෙට් වුණා. කාන්තාවො වෙන මොනවද එක්ක සෙට් වුණා. ඔය අතරෙ ලෝකෙටම තුනක් විතරක් හදපු, එයිනුත් ලංකාවෙම තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් දෙකක් එක තැනකදි සෙට් වුණා. ඒව ගැන අපි නොදන්න ටෙක්නිකල්ස් වලින් එයාල කතා කරද්දි අපි සුපුරුදු පොත්, සින්දු සහ බ්ලොග් එක්ක කච කචේ පටංගත්තා. කච කචේ කොයි තරම් දරුණු වුණාද කිව්වොත් මැනේජර් වගේ හිටපු මනුස්සයා ඇවිත් හෙමින් කිව්වා වොලියුම් අඩු කරන්න කියලා. ඔය අතරෙ නොහිතපු විධියට වීර පුරුෂයෙක් වගේ එතනට ආවෙ චමිල. එයා එන්නෙ නෑ...මයි කියල ඉඳල තමයි ඔය ආවෙ. ටිකක් රතු වෙන්න ඕන වෙලා...


ඉන් පසු වූ සිද්ධි දාමයන්හි තාපගතිකත්වය වත්මනෙහි දී අංශුමාත්‍රයකින් පමණ අවප්‍රමාණ වී තිබුණද එහි වූ කිහිප අයවලුන්හට මාස ගණනාවක් ඇරියස්කරණය වී තිබූ කර්ණ රසායන වූ වෘත්තාන්ත අටෝරාසියක් එතැන් පටන් ෂෙයාකරණය විය. සරල, සුගම, විධග්ග, විස්මෘත, මනෝ විකාර, ඇනොනිමස් සහ දේශ ද්‍රෝහී වූ කථා රාසියක් එහිදී අවකාශගත විය. ඒ අතර වැදුණා වූ මඩ ප්‍රහාර ඇතැමෙකුගේ මුහුණ වර්ණ ගන්වන ලදී. ඇතැමුන් හඬ තලමින් කොක්සන් දෙමින් දෑස් මානයේ තර වන්නට විය. ඇතැමෙකුගේ තොරතෝංචියක් රහිත වූ භාෂණය හමුවේ වුව මා එදින ගත කළේද බොහෝ සෙයින් නිහඬව බව මට මතකය. ඇත්තෙන්ම මා හට හැම විටම විකල්පයක් තිබිණි. මවිසින් දෙසන්නට සුදුසු වූ වදන් අනෙකකු දොඩවද්දී මා තවත් කැලරි ගිණිබත් කරනුයේ මන්ද? :පී ය

කතාවෙන් කතාවෙන් තුන්වෙනි ඕල්ඩ් බෝතලේ අඩිය පෙනෙද්දි කට්ටියටම ඇති හිතුණා.
ඒත් ගත කරන්න වෙලාව ඕන තරම් තිබුණා. ඉතිං මුහුදු වෙරළකට යමු කියල කට්ටියම කතා වුණා. යන තැන ගැන තර්ක කීපයකට පස්සෙ බින්දුට මතක් වුණා ගෝල් ෆේස් එකේ නානගෙ කඩෙන් ආයෙත් කන්න පුළුවන් නේද කියලා. ඉතිං බෝතලේ බෑග් එකේ දාගෙන කට්ටියම මෝටුවෙ ඉඳන් ආපු ටෝටුව බස් එකක නැගල ගාලුමුවදොරට ගියා.

එතනට ගිය ගමන් කට්ටියක් අනිත් අයගෙ බර කරට ගත්තා. සමහරු කැමරා මෑනුවා. ගොඩක් දෙනා ආයෙත් තමන්ගෙ ළමා වියට ගියා. හපෝ මේ මහ උන් ළමයි වගේ හැසිරෙන්න ගත්තම ඒක මහ මල වදයක්. පොඩි උන්ගෙන් නම් ‘නෑ.. බෑ’ කියල බේරෙන්න පුළුවන් වුණාට මහ උන්ගෙන් එහෙම ගැලවෙන්න බෑ. ඒ නිසා ආගන්තුකයගෙ පොකට් එකෙන් සරුංගලේකට තට්ටු වුණා. මගේ පොකට් එකෙන් තට්ටු වුණේ සබන් බෝල විදින ගැජට් එකකට.




අන්තිමේ ඒව උරුම වුණේ ගාළුමුවදොරට එදා දවසෙ ඇවිත් හිටපු ඇත්තම පොඩිත්තො දෙන්නෙක්ට. ගත්තු කට්ටිය ඉතිං ඕව ගෙවල්වල අරන් ගිහින් සෙල්ලං කරන්නයැ...

ඊට පස්සෙ කට්ටියක් ඕපන් සෝස් පාවිච්චි කරල සරුංගල් යැව්වා. තව කට්ටියක් ලස්සන අක්කලව බලන ගමන් එයාලව ඡායාරූපගත කරන්න තැත් කලා. තව සමහරු සාර විට කාල කාණු පල්ලෙ නොවැටී ඉඳගෙන හිටියා. තව අය පේන පේන හැම එකකටම කැමරාව මෑනුවා. තවත් අය පෝනියංගෙ පස්සවල් අතගෑවා. අන්තිමට කට්ටියම නානගෙ කඩෙන් නාන් කන්න සෙට් වුණා.


ඔය අතරෙ කළුවර වුණා. නාන් වලින් පස්සෙ එතන තියෙන සිමෙන්ති පඩිපෙලේ ඉඳගෙන නිමක් නැතිව ප්ලේන්ටි බොන අතරෙ අහම්බෙන් එතනට කඩාපාත් වුණේ හීනෙන්වත් බලාපොරොත්තු නොවුණ කණමදයා. තව නංගි කෙනෙකුත් එක්ක. වැඩේ අත උඩම මාට්ටු. ඌ ගිය ආත්මෙක දැකපු හීනෙකදිවත් පෙණුන දෙයක් නෙවෙයි ඌට වුණේ. ඒත් ඉතිං මක් කරන්නද? සුපුරුදු මඩ ගුලි හපන්න දීල නංගිටයි ඌටයි දෙන්නටම ප්ලේන්ටි අරන් දුන්නා.


දැන් වෙලාව 7යි. ගෙවල් වලට යන්න වෙලාව. එදා රාත්‍රියෙත් සෙට් වීමේ හැකියාවක් තියෙන නිසා මරේගෙන් නතර වෙන්න කියල ඉල්ලුවත් හැමදාම පාන්දර ටොයිලට් ප්‍රශ්ණෙ තියෙන නිසා මරේ යන්තං යන්නාම් කියාගෙන අඳුරට එකතු වුණා. පහන්, චමිල, රේවන් සහ විෂ්මි හතර දෙනාත් 138ක් ගන්න කොටුව පැත්තට ගියා. මලී, ආගන්තුකයා, බින්දු සහ මම ගාළු පාරෙ විනාඩි කීපයක් ඉඳල කළුතර බස් එකක නැග්ගා.

කාලෙකට පස්සෙ සතුටින් ‍ගතවුණ සෙට්වීමක් ඉවර වුණේ එහෙම. ඇත්තම කිව්වොත් ඒ හමුව අවසන් වුණේ මාර්තු මාසෙ අග යෙදෙන්න තිබුණ තවත් අවස්ථාවකට කට්ටියම සෙට් වෙමු කියන ‍බලාපොරොත්තුව මත. ඒ එක්කම ස්ථිර වුණේ අපේ සෙට්වීම් වාර්තා ආයෙමත් මේ බ්ලොග් එකේ ලිවිය යුතුයි කියන එක. ‍

හලෝ මචං සෙට්වීම ගැන ලියන්නම් කියල මම පොරොන්දු වුණා. මාර්තු අග වුණ සෙට්විල්ල වෙන එකෙක් ලියනව කිව්වා. බලාගෙන ඉමු...

එහෙනං කට්ටියට ජය වේවා... අදින් උදාවෙන අළුත් අවුරුද්ද 2500න් ගැටගහගන්න ලැබේවා...

සිකුරාදා, සෙනසුරාදා, පිඤැකොලාදා නැතිව ආලකමන්දා කෑවද මන්දා

11.28.2010

පහුගිය සෙනසුරාදාව අපේ ෆිට් එකේ සෙට් එකට වැදගත් දවසක් වුණා. මාස දෙකකට විතර කලින් ඉඳන් දින දාගෙන නිවාඩු වෙන් කරගෙන සෙට් වෙලා සමරන්න සැලසුම් කරපු රාවණාභිනන්දන පාටිය එදා දවසෙ පැවැත්වුණා... කාලෙකින් සෑහෙන්න සාමාජික පිරිසක් එක්ක එක තැනක සෙට් වෙන්නත් පුළුවන්කම ලැබුණා...

හැබැයි මේ සෙට්වීම පටන්ගන්නෙ සිකුරාදයින්.. ඒ නිසා එතනින් පටන්ගන්නම්...

වල් බල්ලෝ පොශ් බල්ලෝ ගල්කිස්සේ උණු බල්ලෝ...



අපේ මුචා ලියපු සටහන දැකපු දවසෙ ඉඳන් කාලයක් පෙරුම් පුරල පුරල යන්න ප්ලෑන් කරපු ගල්කිස්සේ ස්ටාර් ඩෝග්ස් හොට් ඩෝග් අවන්හලට යන්න මටයි ලතීටයි පුළුවන් වුණා.. ඒකෙ තියෙන නරක පැත්තට බර හොට් ඩෝග් දෙකක් කාල තවත් පෙප්සියක් බීගෙන ඉද්දි වැල්ලවත්තෙ ඉඳන් පැය බාගයක් තිස්සෙ ගල්කිස්සට ආපු බෙනා මාමා හෙවත් ගම්පෙරළියෙ පියල් එතනට ගොඩවැදුණා. ඔන්න ඉතිං මනුස්සයත් වාඩිකරවගෙන හොඳ පැත්තට බර හොට් ඩෝග් එකකට ආයෙ වග කිව්වා... ඊට පස්සෙ ගාළු පාරෙ බස් වලට බැණ බැණ ඉඳලා අන්තිමට ඒකකම නැගලා වාද්දුවෙ මූලස්ථානෙට වාර්තා කලා.


චාටර් කූඹියා 2 - පොලිස් බල්ලා...


කට්ටිය දන්නවනේ අපේ හිටපු පොරකට පොලෝසියේ ASP ධුරයක් ලැබෙන්න යනව කියල... ඕක දැනගත්ත වෙලේ ඉදන් මූලස්ථානෙ ඉන්න කළු බල්ලට ඉවසිල්ලක් නෑ... ඌ පුංචි කාලෙ ඉඳන් ප්‍රාර්ථනා කරල තියෙන්නෙ පොලිස් බල්ලෙක් වෙන්න. ඒකට ඕන කරන බාහිර හැඩහුරුකම ඌට තියෙනවා... ඉහලින් පොඩි තල්ලුවක් තිබ්බනං බල්ල ඇතුලේ... ඉතිං මේකාට අපේ ඒ.ඇස්.පී. වෙන්ඩ යන පොර ගැන ආරංචි වුණා විතරයි පිස්සු හැදුණා. බල්ලත් අදාල පොර වගේම ලොකු රැවුලක් වැව්වා... බොහොම අමාරුවෙන් ඒක මේන්ටේන් කලා... දැන් ඔය සිකුරාද දවසේ අපේ පොර මූලස්ථානෙට එන බව කිව්වම බල්ලත් මෙලෝ සිහියක් නැතිව හිටියේ... දැන් ඌටත් රැවුලක් තියෙන නිසා පොලිස් චාන්ස් එක ඉහටත් උඩින් කියලයි ඌ හිතාගෙන හිටියෙ...

ඒත් අනේ උගේ කරුමෙ කියන්නේ ඒ.ඇස්.පී පොර ආවෙ රැවුල කපලා... උගෙ සම්පූර්ණ සිරසම සෝදාපාළුවට ලක්වෙ‍ලා... ඔළුව උඩ ගම්පෙරලියක් විතරක් පේන්න තිබුණා... හයියෝ බල්ලට වෙච්ච දේ...

ඒත් මේකා උත්සාහෙ අතෑරියෙ නෑ... අපේ සපත්තු හපන ගමන් ඌ ගිහින් ඒ.ඇස්.පී ගෙ සපත්තු ලෙව කෑවා.. අඩුගානෙ එහෙමවත් චාන්ස් එකක්....

බල්ල නිවුස් බලල තමයි ඔය ට්‍රිස්ක් ඉගෙනගෙන තියෙන්නේ...


මූලස්ථානෙ

ඔන්න සිකුරාද රාත්‍රියේ ලක්ෂ්මන් අංකල්, මෙන්ඩිස් අංකල් සහ සනී මාමා එක්ක පොර, මුචා සහ මම සෙට් වුණා හැනපියර් එකක් එක්ක... බෝල කඩල, පණු බයිට්ස් (:P) සහ ලුණු ගම්මිරිස් තැවරුණු ගර්කින් පෙති එක්ක බෝතලේ හිස් වුණේ රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, දේශීයත්වය වගේම මහින්දගේ ආගියකතා පොතුත් එක්ක ගැවසෙමින්...

ඊට පස්සෙ කාල බීල සේරම ඉවර කරලා අපේ ගැන්සියෙ තුන් දෙනෙක් අල්ලපු වත්තෙ ජෙමාට ගහල 52 කුට්ටම අරන් ඇවිත් ජූස් ගාගත්තු බූරුවෙක්ව හොයනගමන් මඩ නාගත්තු තව පොරක් ෂේප් එකේ කාමරේට රිංගගෙන නෙට් එකේ වැල බැලුවා කියලයි ආරංචිය.... අන්තිමේ කට්ටිය නිදාගන්න ගියත් තවත් ඩබලක් පාන්දර 2 විතර වෙනකල් රට පෙරලන්න කතා කොරාලු ඇඳ උඩ දපන ගමන්!


සුදු කළු හීනි මහ උස කොට අය හිටිය
27 වෙනිද මොරටු පුරේ බිග් සිටිය


ඔන්න පහුවදා පාන්දරම කියන්නෙ නමය කිට්ටු කරලා කට්ටිය මූලස්ථානෙන් පිටත් වුණා ආලකමන්දා ගමනට. ඒ වෙනකොටත් අවිස්සාවේල්ලෙ දන්ත නාරායනතුමාත්, පොලෝසියෙන් ගුටි නොකා කොණ්ඩෙ කප්පවගත්තු අසංවිධායක අසංග අමරවංශයාත් එතනට සම්ප්‍රාප්ත වෙලා හිටියෙ. ඒ මදිවට ළඟදි ඉන්න රිලේෂන් නැවක් හදාගෙන නිස්සද්ද වෙලා ඉන්න මරණෙත් අපි ගිහින් ටිකකිං ආවා හොල්මනක් වගේ... කට්ටිය රාවණ සහ සීතා යුවලට ගෙනියන්න එක එක ඒවා හොයන අතරෙ ලැක්ටෝජන් හලාගත්තු එකෙක් ටිකිරි මාරි පැකට් එකක් අරන් ආවා... ඔය අස්සෙ සුන්දර හැපින්නකුත් ඇවිත් තඩි කළු ගලකට මුවා වෙලා පිඹින්නෙවත් නැතිව හිටියා....

ඉතිං කට්ටිය මොන මොනවදෝ අරගෙන රාවණ් භවන් වෙත යන්න පිටත් වුණා...


රාවණ් භවන් හෙවත් ආලකමන්දාව



රාවණ් භවන් වෙත උදේ 10ට යන්න කතා වුණත් එකම එක සුද්දෙක්වත් අපේ සෙට් එකේ නොහිටිය නිසා යන්තම් උදේ 11.30 වෙද්දි විතර එතනට යාගන්න පුළුවන් වුණා. අර අමරවංශයා දුවල පැනල වැඩ නොකලානං හවස දෙක වෙද්දිත් කට්ටිය තෑගි තෝරනව ෂුවර්... මොරටුවෙ ‍කුකිං රෝඩ් එකේ මුලින් කඩාගෙන ගිය අය හොරෙන්ම භවන ඇතුලට රිංගලා ගේට්ටුව පාස් කරගෙන අපි යද්දි අපිව බයිට් කරලා ඇතුලට ගෙන්නගත්තා. උන් හිතුවෙ අපි කෙලින්ම බීච් එකටම යයි කියලා... අපිත් කට වහගෙන ආලකමන්දාවෙ ඉහල මාලෙට පිය නැගුවා...


සෙට්වීම


අපි මේ ඉතාලියෙ ඉන්න මැරයෙක්ගෙ උපදෙස් පිට පිඤැකොලාදා හදන්න අන්නාසි ගෙඩියක් ගෙනාවත් ඒක හදන්න අවශ්‍ය අනිත් කලමනා හොයාගන්න තිබුණ අපහසුව නිසා ඒ වැඩේ හරි ගියේ නෑ... ඒ නිසා රාවණගෙ නොදරු චොකලට් කන ගමන් අපට අපේ අනිත් ඔප්ෂන් එකට යන්න වුණා. ඔන්න ඉතිං රාවණයා අපට හදල දුන්නා බකාදි රම් එකයි, අලිගෙදර සෝඩයි, මිංචි කොලයි, දෙහියි දාල හදපු මොජිටෝ. ඒක කොක්ටේල් එකක්. අර ඉතාලිකාරයා ඔය උණ මෙහෙ බෝ කරල ගියාට පස්සෙ මේ තරම් රස කුකුල් වලිග මොනවද කියල බලන්න කට්ටිය පෙරුම් පුරාගෙන තමයි හිටියෙ.


ඔය බීමත් එක්ක බයිට් එකට මුලින්ම සෙට් වුණේ අපේ දේශීය කෑමක් වෙන ස්පයිස්ඩ් චීස්... මේක බිග් සිටියෙන් ගත්තෙ ලතික අක්කා. කට්ටිය කාල නැත්තං ගණන් වැඩිවෙන්න කලින් කාල බලන්න. සාමාන්‍ය චීස් එකකට වඩා වෙනස් ගතියක් තියෙනවා. ක්‍රීම් ක්‍රැකර් එක්ක සුපර්බ්!


ඊට පස්සෙ ඉතිං බකාර්දිය එක්ක ගල්භූමි සුදු රම් සහ ජෝන් සීයගෙ රන්පත් එක්ක අපේ සෙට්වීම සිද්ධ වුණා. වාසනාවන්තයො ලස්සන බෝතලේක තිබුණ ස්මර්නොෆ් වැනිලා එකේ සුවඳත් විඳගත්තා. මුචලින්දයා සහ නාරායනතුමා හතර අතේ පින්තූර ගැහුවා... එක එකාව බයිට් කරල අම්බාණක් හිනා වුණා. සෙට් එකක විධියට කරන්න හිතන දේවල් ගැන කතාවක් දෙකක් දැම්මා... ෆන් කියන ඒවයින් උපරිමව ගත්තා...



ඔබට ඇඳුම් අල්මාරියක් තිබේද?

ඔය අස්සෙ ඩෙනිම් 7ක් සහ ටී ෂර්ට් 16ක හිමිකාරියක් වුණ ඈන්ෂ් ලුක්ස් චී ජහ්: හෙවත් සබා අක්කි සම්ප්‍රාප්ත වුණා පාටියට... අඳින්න ඇඳුමක් නැතිව අල්ලපු ගෙදර මල්ලිගෙ ටී ෂර්ට් එකක් පන්නගෙන ඇඳන් ආපු නිසාද කොහෙද තවත් සස්සන වෙලා...

ඒත් එයා ගැන කතාව පටන්ගන්න කලින්ම රජරට පුත්‍රයා හෙවත් උදාර මදකණසංඛයාත් සම්ප්‍රාප්ත වුණා... මේ සිද්ධියත් ටුවිට් කරෙනවා කියල අපිව බයකරන්න ටී ෂර්ට් ගහගෙන ආවට අපිනං බය වෙයි ඕවට.. ඉතිං කරන්න දෙයක් නැති නිසා වෙනද වගේ නෙක්ටොත් නැති නිසා මදේ මලයා ෆැන්ටා සහ කෝක් වලින් සැනසෙන්න ගත්තා.

මොනව වුණත් ටී ෂර්ට් 16යි ඩෙනිම් 7යි ‍ඩබල් වොශ් වෙන්න දාපු වෙලේක අඳින්න කොටන් කලිසමකුත් තියෙන සබා නිසා අපේ කට්ටියට තියෙන ටී ෂර්ට් ගාන දැනගන්න පුළුවන් වුණා. රාවණාට හොඳ පිට කණපිට දෙපැත්තමයි ඉස්සරහයි පස්සයි වෙන වෙනම ගණන් කලාම යාන්තං ටී ෂර්ට් 8ක් හැදෙනවා... රජරටයාට යාන්තං අක්කගෙ ටී ෂර්ට් ටිකත් එක්ක 8ක් හදාගන්න පුළුවන්... අනිත් එවුන්ට එහෙමවත් වත්කමක් නෑ....


බුරියානි අනුභවකොට හෙටට හුරු වීම


කලින්ම ඕඩර් කරල තිබුණ නිසා වෙලාවට අපට වෙන්කරපු බුරියානි හට්ටි දෙක ආවා. සීතක්කගේ කාරුණික අනුග්‍රහයෙන් සහ අපේ අකරුණාවත්න අසහයෝගීත්වයෙන් වැඩමවුණ බුරියානි කාගන්න එකනං ලේසි වුණේ නෑ... ඒ නිසා සමහර තූති බබාලට ලොකු ආන්ටිලා බයි කැව්වා.. සමහරු ගෑරුප්පුවෙන් කන්න ගිහින් හොඳට නාගෙන හැන්දක් හෙව්වා. කට්ටිය කොයි තරම් කෑවද කියනවනම් අන්තිමේ රාවණ යුවලට රෑටත් කන්න පුළුවන් තරමට බුරියානි ඉතිරි වුණා.

කොහොමින් හරි අන්තිමේ අමරවංශයාත්, මරේත්, සබා අක්කණ්ඩිත්, නිවාඩු දාල සින්දු පාඩං කරන් ඇවිත් ඒව කියාගන්න නොලැබුණ රජරටයාත් පුද්ගලික ප්‍රස්ණයක් විසඳගන්නත් එක්ක කලින්ම ගෙවල් බලා ගියා... අනිත් උන් ටික කොල 105ක් අනාගෙන බූරුවෙක්ව හෙව්වා වතුර පොවන්න... කෝකටත් ඔය බූරුවා හෙවිල්ලේ සෙල්ලං පුරුදු වෙලා ඉන්න එක හෙටක් උදාවුණ දාක හොඳ වෙයි නේ...


සමුගැනීම


අන්තිමේ මොනව කලත් වෙන් වෙන්න ඕන නිසා කට්ටිය හවස 5 කිට්ටු වෙලා රාවණා යුවලට දණ්ඩ නමස්කාර කොරලා වැලඳගෙන සමු දීලා ආලකමන්දාවෙන් ආවා... දෙන්නෙක් කළුතර පැත්තටත් අනිත් අය කොළඹ පැත්තටත් වෙන්වෙලා ගියා..

කාලෙකට පස්සෙ ෆිට් එකේ සෑහෙන පිරිසක් එකට සෙට් වුණා... සෙට් නොවුණෙ සුදා, අංජා, ලිහිණි, නිරූපා ආන්ටි, අමිල, දුකා සහ මැරයා තමයි... ඒ වුණත් ඒ අය වෙනුවෙන් අපි හොඳට සතුටු වුණා කිව්වොත් හරි. රාවණ භවනේ පොඩි කාලෙකට වුණත් අපටත් රාඩකීය හැඟීමක් දැණුනා... ඉතිං මේ සටහන ලියවුණේ ඒ දවසේ මතකය තියාගන්න. ආයෙ දවසක කියවලා මතක් කරගෙන වාත වෙන්න.

ඒ වුණත් මේ සටහනේ කියවෙන්නෙ එතනදි වුණ, දැණුන දේවලින් බොහොම පොඩ්ඩක් විතරයි.. ඒ වෙලාවෙ දැණුන දේවල් දැණුන විධිය සහභාගි වුණ හැමෝටම හොඳින් දැණෙන්න ඇති... අවසානෙ කියන්න තියෙන්නෙ...

උපරිමයි! ආයෙ ළඟදිම සෙටාර් වෙමු!

ඉතිං අන්තිමේදි අපේ පිස්සු කෝචිචිය විසින් උඩුගත කරමින් සාදන ලද පින්තූර එකතුවට සවන් දෙන්න...


රස්නෙ යන්න කලින්! උණුවෙන් බටර්...

5.26.2010

මේක සෙට්වීමේ කීප දෙනෙක්ගෙ පොදු අවකාශයක් නිසා ට්‍රිප ගැන කතාව කෙසේ වෙතත් මට තදින් දැණුන දේවල් කීපයක් ඔස්සේ මේ සටහන ලිව්වොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ට්‍රිප ඔෆීෂියල් විධියට කවුරු හරි ලියයි කියල මම බලාපොරොත්තු වෙන නිසා. ඒ නිසා සාරාංශයක් විධියට මුලින්ම ට්‍රිප හඳුන්වලා ඉන්නම්. අඩු තරමෙ ඒ ටිකවත් බලන එවුන්ට තේරෙයි අනිත් ඒව කෙසේ වෙතත්...


මට සාමාන්‍යයෙන් යන එන පාරවල් ගැන දැනුම ගොඩක් අඩු නිසා අපි ගියපු තැන තියෙන්නෙ කතරගම කියල විතරක් කියන්නම්. නිවැරදිම විස්තර දැනගන්න පුළුවන් වෙයි ඉක්මනින්ම.


රංගි හෙවත් මැරංගි මූලිකත්වයෙන් තමයි අපි ට්‍රිප යන්න සෙට් වුණේ. එයා නැතිනම් සමහරවිට අපි මළාට එකට සෙට් වෙන්න හිටපු එවුන් නෙවෙයි. තැන් තැන් වල බ්ලොග්වල, කමෙන්ට් වල කතා කරල තිබුණට එතනින් එහා සැබෑ ජීවිතේ මිතුරන් වෙන්න හිටපු එවුන් නෙවෙයි. සමහරක් එවුන් ජීවි‍තේට බ්ලොග් එකෙන් සහ මූණුපොතෙන් එලි බහින්න හිටපු එවුන් නෙවෙයි. සෙට් වුණ අයගෙන් බාගයක්ම මම දැනගත්තෙමත් ට්‍රිපෙන් තමයි. ඇත්තම කිව්වොත් දැනං හිටපු එවුන්ගෙනුත් මලී හැර අනිත් සියළු දෙනාවම මම දැනගත්තෙ රංගි නිසයි. ඒ රංගිගෙ ගෙදරදි මාස දෙකකට කලින් සෙට් වුණ වෙලාවෙදියි. ඒත් එතනදි මට කට්ටිය හරියට දැනගන්න ලැබුණෙ නෑ. ඒ නිසා ට්‍රිප කෙසේ වෙතත් මට ලැබුණු අළුත් මිනිස්සු ගැන සම්පූර්ණ ගෞරවය දෙනව මුලින්ම මැරාට.


මගේ මේ සටහන මේ එකිනෙකා ගැන මට දැණෙන දේවල් ගැන නිසා මුලින්ම ඒ සෙට් එක දැනගමු.


අයිස් හරේ හෙවත් මම - මම ගැන ඉතිං කවර කතාද? දැනට බ්ලොග් වලින් අක්‍රීය මම තූති පූත් පැතියෙක්!
බේබදු මරණය හෙවත් ගුදමා - මූ ගැන කියන්න දෙයක් නෑනේ
ආගන්තුකයා හෙවත් පොර හෙවත් බ්ලොටින් පේපර් - මූට තරම් කාඩ් වැදුණෙ නෑ වෙන කාටවත් :පී
අසංග හෙවත් ධාතුසේන - මූව සෙට් වුණේ එදාමයි ඔන්න. මොකෙක්ද මන්දා.
හිත හොඳ මලී හෙවත් පොඩි රංගි - මාත් එක්ක හැමදාම සෙට්
මැරංගි - අපිට හෙණ රැඩිකල් කියල හිතුණට පිස්සු කෙල්ලෙක්ගෙ පිස්සු අදහස් එක්ක
තඩි රචියා හෙවත් බින්දු - මූ නම්...
පිස්සු අසංකා - පිස්සුම තමයි. සෙට් වුණේ එදාම තමයි.
රජරජ දිගා හෙවත් උදාර මධුසංක හෙවත් කණ... - එදාමයි සෙට් වුණේ
මලීගෙ අම්මයි තාත්තයි - මේ දෙන්නත් ඉතිං මාත් එක්කයි සේරමත් එක්කයි සෙට්
බත් ඕව්ට හෙවත් යෝධ ලිෂාන් හෙවත් අපේ ආදරණීය දතා - මූත් එදාමයි දැක්කේ
කූල් ලිහිණි හෙවත් සංජීවිකා - කූල් කියන්නෙ කුලේ කූල්
අනිවා ඩෙෆා නැතිව අන්ජා හෙවත් තෙප්පිලි - අවුරුද්දකට වඩා කල් මූව දැණං හිටියට දැක්කෙ එදා තමයි ඕං
පිටස්තර චමිල හෙවත් ලැක්ටෝජන් - මූ ලැක්ටො බොනව නෙවෙයි මූණෙ ගාන එකෙක්
පිටස්තර චමිලගෙ චිප්මන්ක් බාරි හෙවත් පියුමි - අනේ... වීරයෙක්ගෙ පෙම්වතියක්
එදාම දුටු අමිල හෙවත් මයිනාර් - රඟපාන්න පුළුවන් නම් නියම නළු බට්ටෙක්
එදාම දුටු අමිල‍ගේ එදාම දුටු යාළුවා හෙවත් සාස්තරයා - මූට හෙන ඇම්මක් තිබුණා සාස්තර කියන්න




ජීවිතේ ලබපු බොහොම සුන්දර මතකයන් කීපයක්ම මම ලැබුවෙ මේ ට්‍රිපෙන්. සැටලයිටි වැවේ ස්නානය එකක්. මැරාගෙ බාබකිව් එක තව එකක්. අපි හැමෝම මැරා ගැන කතා කරපු මැරා අපි ගැන කතා කරපු ඒ පැයක විතර කාලය මම හිතන්නෙ මට තදින්ම දැණුන ජීවිතේ එක ඇත්ත මොහොතක්!




ආයෙත් ඒක එහෙමම ඇත්තක් වෙන එක ෂුවර් නැති වුණත් මට මේ එකිනෙකා ගැන කියන්න දේවල් තියෙනවා. මම අන්තිමේදි ට්‍රිපෙන් අරගෙන තියෙන එකම දේ මේ යාළුකම් ගැන මේ අදහස් ටික වෙන්න පුළුවන්.




අනික අපේ මේ බ්ලොගේ ආරම්භක කර්තෘ හෙවත් පොර කියපු විධියට අපි ගැන මේකෙ ලියන්න පුළුවන්නේ... මේ බ්ලොග ඇතිවෙන්න මූලික වුණ සෙට්වීමේ සෙට් එකේ කීප දෙනා ගැන මුලින්ම සටහනක් තියෙන එක හොඳයි. මේක මගේ හිතේ තියෙන දේ මිසක් ඇත්තම ඇත්ත නොවෙන්න පුළුවන් වුණත් මට අනුව තියා සාපේක්ෂව සුනඛ පැටියෙක්ට අනුව වුණත් මම පොරක් නොවෙන නිසා වැරදි තිබේ නම් කමත්වා.


මුලින්ම මම ගැන... අයිස් හරේ හෙවත් මට මුන් මේ නම දාල තියෙන්නෙ මම රජයේ සේවකයෙක් නිසා. හුහ්...
මුං දන්නෙ නෑ මම කරන වැඩ ටික කරන්න වෙන එකෙක්ට දෙගුණයක වෙලාවක් යන බව. තාක්ෂණය භාවිතයෙන් මගේ වැඩ කොටස දෙගුණයක් වේගයකින් කලාම අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා දෙගුණයක් මට අයිස් ගහන්න ලැබෙන බව. යකෝ මං අයිස් ගහන්නෙ තව දෙන්නෙක්ගෙ විතර වැඩත් කරල බොලව්. ‍බො‍රු නම් අහපියව් ලොක්කගෙන්.


බේබදු මරේ හෙවත් ගුදම් ගැන මටත් කතා කරන්න දෙයක් නෑ. මූ රංගිට අක්ක කියන්නෙ නැති නිසා මූටත් අවුරුදු 35කට විතර කිට්ටු ඇති කියල හිතනවා. නැත්තං රංගි කියපු විධියට මූට පොරක් වෙන්න බෑනේ. මොනව වුණත් බීම ගැන අම්බානක කතා කරද්දි හොඳ බේබද්දෙක් වෙන්න ඇති කියල හිතුණට මූ බීම රස විඳින එකෙක් මිස ලංකාවෙ වෙනත් සමහර අය වගේ කණ පැලෙන්න බීල ඩබල් බෙඩ් පුරා හතර ගාතෙන් බුදියන්න තරම් නම් බොන්නෙ නෑ කියල තේරුණා. පාන්දර තුනහමාරට විතර තවත් බෝතලයක් හොයපු වෙලේ මූ කෙලින්ම මට ඇති කියල කිව්වා. එතකොට මුගෙ අතේ තිබුණෙ කෝක් වීදුරුවක්. වැදගත්ම දේ තමයි මරේ කෝක් බොන්නෙත් සෝඩ වලින් සැන්ඩි කරලා වීම. කවුද දන්නෙ ඒකෙනුත් කික් වෙනවද කියල. මොනව වුණත් ට්‍රිප ගැන හොයල බලල, මේල් 839ක් වෙනකල් ට්‍රිප ගැන කතා කරල, ඒක යාගන්න හෙනම ඇම්මෙන් ඉඳල, මුල ඉඳන් අන්තිම වෙනකන් කොන්දොස්තර වැඩෙත් කරල ට්‍රිපේ දරදිය ඇදීම් සෑහෙන්න ප්‍රමාණයකුත් කරල සෑහෙන්න මඩත් ගහල මරේ ට්‍රිපේ අති විශාලම දායකත්වයක් දැරුවා. ඒ මදිවට ගුදමක් තරම් බීලත් කෙලින් හිටපු එකම මදිද. කොහොමින් කොහොමින් හරි 23 උදේ 6 ඉඳන් අරහෙට මෙහෙට වෙවී හිටපු අපි දෙන්නට ශුද්ධ වූ වෘක්ෂය වන්දනා කරගන්න ලැබුණා. මට හෙන නම් ආඩම්බරයි යකෝ..ව්ව්ව්.




ආගන්තුකයා හෙවත් ඌට අනුවම පොරක් හෙවත් බ්ලොටින් පේපරේ නම් ඇත්තටම රංගි අනුවත් දැන් සිරා පොරක්. දැන් ඉතිං මූව පොරක් විධියට රංගීය නිකායෙ බෞතීස්ම කරලයි තියෙන්නේ. රංගි නිකං ට්‍රිපේ විධායක ජනාධිපති වගේ නම් ආගා තමයි නිකං ඇමති මණ්ඩලේ වගේම හිටියේ. දේවල් අපි අතරට ආවෙ සහ ක්‍රියාත්මක වුණේ මුගේ ප්ලෑන අනුවයි. ට්‍රිපේ මුල ඉඳන්ම හැමදේම තිතට කල්පනා කරල ට්‍රිප යන්න පුළුවන් එකක් බවට පත් කරන්න මූ සෑහෙන්න මහන්සි වුණා. ඒ මදිවට බඩු අදින්න මස් කපන්න (ඒකට නම් ලිෂාන් කරපු උදව් ගැන කියල වැඩක් නෑ) ගිණි පිඹින්න මස් කරකවන්න වගේ සෑහෙන්න දේවල් ටිකකට ආගා මහන්සි වුණා. ඇයි ඒ මදිවට පොඩි නෝට් පොතක් ළඟ තියාගෙන එක එකාගෙ අවුල් ටිකත් මූ ලියනවා දැක්කා පස්සෙ මඩ ගහන්න. අනිත් එවුන් ආතල් එකේ සින්දු කියමින් ට්‍රිප යද්දි මූ කලේ ඒ වගේ ශාස්ත්‍රීය වැඩ තමයි. හරිම චාටර් බං ඒව නම්. ඒ වුණාට අන්තිමේ පොත නැති කරගත්තා.


මතකද අන්තිම මොහොතෙ කාසා එක ඇතුලෙ කුස්සියෙ අපි බඩු අස් කරන ගමන් රංගි ‍ට්‍රිප සාර්ථක වීම ගැන උඹටයි මලීටයි ක්‍රෙඩිට් දුන්නා. උඹ ඒ වෙලාවෙ කිවිවෙ "මේ වැඩේ වෙන කව්රු කලත් හරියට කරයි" කියලයි. උඹ එහෙම කිව්වෙ උඹේ නිහතමානීකමට වෙන්න ඇති. ඒ වුණාට ඒක එහෙම නෙවෙයි. අපි මේ ට්‍රිප මේ විධියට ඉවර කලේ උඹ මේක ඕර්ගනයිස් කරපු නිසයි. වෙන එකෙක් කලා නම් ට්‍රිප වෙනස් වෙනව මචං.


ආගා ඇත්තටම නියම කොල්ලෙක් මචෝ උඹ. මගේ කෙල්ලත් මාව අමතක කරල තනියම කාල, යන්න ලෑස්ති වුණාම විතරක් මාව හොයද්දි උඹ උඹේ පිඟානෙන්ම මටත් කන්න දීල ඒ මදිවට ආයෙත් බෙදාගෙනත් ඇවිල්ල කන්න සෙට් වුණා. ඒ මදිවට මාත් එක්ක දෙවෙනි වටේට වතුරටත් බැහැල අන්තිම මොහොත වෙනකල් වතුරෙම හිටියා. රට්ටු නම් ඕවට කතා හදනව මචෝ. උන්ට වෙන වැඩක් නෑනේ. කටවල් දීල තියෙන්නෙ හොඳ මිනිස්සුන්ට කතා හදන්න කියලයි උන් හිතන්නේ. ඒ වුණත් ඕව අපි නම් ගණන් ගනියි. ඒ වුණත් උඹ සංවේදී වැඩියි වගේ කියල මට හිතෙනවා. උඹ අසංවේදීයි කියල සිරා කවි ලියල උඹේ සංවේදී කම වහගන්න ට්‍රයි කලාට ඒක හරි යන මගුලක් නෙවෙයි මචෝ. ඒ වුණත් මම හැමෝටම කියනව වගේ මම කියන්නෙ මම සහ උඹ උඹමයි. ඒ නිසා මම කියන දේවල්වත් වෙන් එවුං කියන ඒව වත් උඹ සතේකට මායිම් නොකලට කමක් නෑ.


අසංග හෙවත් ධාතුසේන නම් මොකෙක්ද මන්දා. මූව කොහෙන් හොයාගත්තද මන්දා මුන්. මොකද මූ හුදෙක් බ්ලොගක් නැති ඒත් ජංජාලෙ සැරිසරන පොරක් නිසා. ඒ වුණත් වැඩි කතාවක් නැති නිසා මොන වගේ එකෙක්ද කියල මට නම් හිතාගන්න බැරිවයි හිටියෙ. ඒ වුණත් හොඳට බීල හොඳට දුමත් දාලා හොඳට නටලා අපට දුන්න ආතල් ටික නම් නිමක් නෑ. කෙටින්ම අපේ මරේගෙන් සහ කණම‍දේගෙන් පස්සෙ හොඳටම බොන්න ඕන වුණේ මූටයි. උදේ 8.00ට අවිස්සාවේල්ලෙ ෆුඩ් සිටිය අරින්නත් කලින් මේ යකා එතන ගිහින් හිටගෙන ‍‍බෝතල් ගන්න. අපි ඒව ගන්නෙ ඇඹිලිපිටියෙන් කිව්වම මුගෙ මූණ ඇඹුල් වුණා බස් එකේදි මුකුත් කරන්න වෙන්නෙ නැති වෙනව කියලා. අන්තිමේ මූට අර එනර්ජි ඩ්රින්ක් අරන් දෙන්න වුණා අපේ සබාට. සැටලයිට් වැවේ නාද්දිත් මූ බෝතලේ ගාවින් හෙල්ලුණේ නෑ හරියට මූට නොදී අපි බොයි කියලා. මතකද උඹලට මූ වැවේ බැහැලා බලන් හිටියෙත් බෝතලේ දිහාමද කොහෙද...


මලී හෙවත් හිතහොඳ පොඩි රංගි කියල මෙයාට නම දැම්මෙ ඇයිද මන්දා. දාපු එවුන් හිතන්න ඇති ට්‍රිපක් යන්න කලින් ඇවිල්ලා උයල දුන්නම හිත හොඳ ඇති කියල. අපිනෙ දන්නෙ එව්වා... අර පොඩි රංගි කෑල්ල නම් ටිකක් විතර යනවා. ඒත් රංගි කටින් කියන දේ මෙයා එකපාරම කම්මුලට ගහල කියන වර්ගයේ ඩයල් එකක් හො‍ඳේ. මොනව වුණත් රංගිගේ කමෙන්ට් එක අනුව නම් ලංකාවෙ මලීගෙ වගේ ජීවන විලාසයක් තියෙන්නෙ ඒකිට විතරලු. මට එහෙම කිව්වම බයත් හිතුණා. බැරි වෙලාවත් ඕක මම නිසා විනාස වුණොත් කියලා. මොනව වුණත් ට්රියපේ නියෝජ්‍ය ඇමති වගේම ෆුඩ් ඇන්ඩ් බෙවරේජර්ස් මැනේජර් විධියට අපිට කන්න දෙන්න මලී සෑහෙන්න මහන්සි වුණා. ඒ මදිවට අපේ පිස්සු කෙලීම් නිදිමතේම බලාගෙන මහ පාන්දර වෙනකල් නිදාගෙන හරි අපිත් එක්ක ඉන්න ට්‍රයි කලා. මට නිකං හීනියට වගේ පුංචි ආඩම්බරකාර කික් එකක් දැණෙනව මචංලා... ඒ නිසා කවුරුවත් අහන්න එපා "ඉතිං කාටද යකෝ ආඩම්බර?" කියලා... :පී ඩී ඩබ්ලිව්ටීඑෆ්




මැරංගි හෙවත් බුරු හැරිස් ගැන ලියන්න දේවල් නම් අම්බානක්! ඔයා නිසයි අක්කේ මේ හැමදේම. මුලින්ම ඔයාට පුදපු ගෞරවය ආයෙත් පුදන්න කැමතියි. ආගයි, පිටායි, අන්ජයි, මරේයි ගැන විතරක් ගත්තත් (මං උන්ගෙ බ්ලොග් වලින් උංව දැනං හිටිය නිසා) අවුරුද්දකට විතර කලින් උන්ගෙ බ්ලොග් වල කමෙන්ට් දමද්දි උන් මගේ එකේ හෑලි කියවද්දි මතවාදීව කතා කරද්දි උන්ගෙන් ඉගෙනගන්නව ඇරෙන්න මම ඒ ගැන ඊට වඩා හිතන්න ගියෙ නෑ. ඒ වුණත් උං සේරම ඇතුළුව මේ ට්‍රිපට සෙට් වුණ සේරම දැන් මගෙ යාළුවෝ. ඒක ගැන ඔයාට අපි හැමෝම ණයගැතියි. ඔයා ගැන මගේ කියවීම මම මලී එක්ක කතා කරල තියෙනවා. ඒක හරියටම හරිද වැරදිද මම දන්නෙ නෑ. ඒ වුණත් මම හිතන්නෙ ඔයා රැඩිකල් කෙල්ලක් (අවුරුදු බරගාණක් වයස, බැලු බැල්මට කියන්න බෑ, තාමත් අක්ක වගේ ඉන්නේ, හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ) කියල අපි සේරම ඇන්දිල ඉන්න බවයි. ඔයා රැඩිකල් වෙන්නෙ ඔයා හැදුණ විධිය අපිට ආගන්තුක හින්දා මිස ඔයා නිසා නෙවෙයි. අපිත් ඉතාලියෙ වුණා නම් ඔයාව ගණන් ගන්න එකකුත් නෑනේ අපි. එහෙම කියල ඔයාගෙ වටිනාකම අඩුවෙන්නෙ නෑ. මොකද ඔයා අපට සාපේක්ෂව කොහොමත් රැඩිකල් නිසා. ඔයා අනිත් අය ගැන ගොඩක් කෙයා කරන නිසා. ඒව අපට තියෙන්නෙ බොහොම අඩුවෙන්. ලංකාවට ඔයා රැඩිකල්. මම දන්නවා ඔයා එදා කිව්ව වගේ ඔයාට ඕන වෙලේක පොඩි එකෙක් වෙන්න පුළුවන් කියලා. ඒක බොහොම වැදගත් ලක්ෂණයක් සහ ඒක නිසයි ඔයාට අපි වගේ වෙනස්ම ගති ලක්ෂණ තියෙන හැමෝමත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙත්. 


නෙට් එකේ සම්බන්ධතා ගැන මගේ ඒ තරම් විශ්වාසයක් නැති වෙලයි තිබුණෙ. නෙට් එකෙන් ඇරඹිලා ජීවිතේ සැබෑම තැන් දක්වා එන්න සමත් වුණ සම්බන්ධ කීපයයි මට තියෙන්නේ. නමුත් ඔය පෙරලි ගැන, විප්ලව ගැන සහ රැඩිකල් බව ගැන ලියන එක සහ ඒක ලංකාව ඇතුලෙ ප්‍රැක්ටිකලි කරන එක දෙකක් විධියට තමයි මම තාම හිතන්නේ. නෙට් එකේ අසීමාන්තික බව තුල අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් වුණාට ජීවිතය හාත්පසින් වෙනස්. අපිට අපි වටේ පුංචි ‍වසමක් ඇතුලෙ අපි හිතන ලෝකය හදාගන්න පුළුවන් වුණාට ඒක පුළුල් කරන එක කරන්න ටිකක් අමාරු වැඩක්. මොකද අපි වෙනස් වෙලා තියෙන විධිය හොඳයි කියල අපට සහතික කරන්න බැරි නිසා. අනිත් කෙනත් අපි වගේ වෙන්න ඕන සහ අපි වගේ ජීවිතය දකින්න ඕන, එන්ජෝයි කරන්න ඕන කියල අපට කියන්න අයිතියක් නැති නිසා. ඒ වුණත් ඔයා දන්නවද ඔයා අපි හැමෝගෙම ඒ නිදහස් වසම පුළුල් කලා කියල? දැන් අපි හැමෝම මේ මඩ ගහගන්නෙ කියවගන්නෙ එකිනෙකා වෙනුවෙන් කතා කරන්නෙ ඒ නිසයි. ඔයා ඒ තත්ත්වෙට අපිව එකතු කිරීම මට මාර රැඩිකල් වැඩක්. මොකද අපිට ඒක කරන්න බැරි නිසා. ඔයා සමහර විට ආයෙ අපි එක්ක සෙට් වෙයිද මන්දා. ඒක වුණත් නැතත් ඔයා අපි හැමෝගෙම වීරයෙක් කිව්වොත් මම වැරදි නෑ.


තඩි රචිය හෙවත් බිංදු නම් මාර පොරක් තමයි. අනිත් උන් ඌට ඔය බිංදු හරි තඩිය හරි මොනව කිව්වත් මට නම් ඌ නියම කොල්ලෙක්. ඇත්තම කිව්වොත් මගෙ මචංනෙ ඕකා. මම රචියා ගැන දන්නෙ සතී කීපයක් විතරයි. මුගේ බ්ලොග් එකවත් මම කියවල නෑ හරියට අතරින් පතර පෝස්ට් එකක් දෙකක් ඇරෙන්න. ඒකත් මේ කන්න යන්න හොඳ තැන් බලාගන්න ඕන නිසා. ඒ වුණත් මුගේ ලිවීමේ හැකියාව ගැන මට කතා දෙකක් නෑ. ඒ වගේම මේකා මඩට උපන් යකෙක්. අර කණමදයට ඒ නම වැටුනෙම මුගේ කියවිල්ල නිසානේ. අනේ මන්ද ඒක ඒ විධියට මූ කියද්දි අහන හැමවෙල්ම හිනා යන්නෙ රචියා ඕන කරන තැන් බර දීලා කියන නිසා වෙන්න ඇති. මොනව වුණත් මූ හරිම සංවේදී කොල්ලෙක්. ඇස් වල කඳුළු පුරවගෙන මැරයෙක් ගැන කතා කරන්නෙ කවුද සංවේදී පොරක් නෙවෙයිනම්. ට්‍රිපේ ආතල් වලින් කාලක් විතර නැති වෙනව මූ හිටියෙ නැත්තං. ඒ වගේම අපි කට්ටියට හොඳට බර දැණුනා මූ නිසා. අනික අපි 18 දෙනාට කන්න ගත්තු බනිස් ගෙඩි පහ අපට ඉවර කරගන්න බැරි වෙනව මූ එයින් එකක් තනියම කෑවෙ නැත්තං. මම බලාගෙන අර කන්න බැරිව ඉතිරි වුණ බාබකිව් කෑලි දිහා මූ හොර ඇහින් බලාගෙන දුක් වෙනවා. ඒ වුණාට තෝ ඔහොම මල පෙරේතය වගේ කන්න එපා යකෝ.... අවුරුදු තිහ වෙද්දි මැරෙන්නද යන්නේ? තෝ ඔහොම කෑවත් කමක් නෑ කියමු. අරූ අර කණමදය වගේ බොන එක? ෂික්... හිරිකිතයි ඕයි...




පිස්සු අසංකා හෙවත් සබා ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මෙයාගෙ බ්ලොගවත් මම කියවල නෑ. ඒ වුණත් ට්‍රිප යන්න දෙතුන් දවසකට කලින් ඉඳන් මේල් 839 ගහද්දි ඔන්න මම මේ පිස්සු අසංකාගෙ බ්ලොගට ගොඩවැදුණා. නිදහස් කෙල්ලක් කියල මට හිතුණ දේ මේකි ට්‍රිපට ඇවිත් ඔප්පු කලා. සාමාන්‍යයෙන් ලංකාවෙ කෙල්ලො ට්‍රිප් වලට ගෙන්නගන්න මාර අමාරුවක් තියෙන නිසා සබාගෙ පැමිණීම මට නම් රැඩිකල් වැඩක්. සමහර විට ඒ උඹ උඹ වටේ ඉන්න උන් ගැන හොඳට දන්න නිසා වෙන්න ඇති. ඒත් උඹ ගැන මම වැඩිය නොකිය ඉන්නම් දෙමළ කියවන්න ගිහින් නැහෙන්න ඕන නැති නිසා. දැන් දන්නවනේ උඹ සෙට් වෙනව කියල. මොනව වුණත් උඹ මටත් මගේ කෙල්ලට අනුවත් හොඳ කෙල්ලක්.




රජරට දිගා හෙවත් උදාර මධුෂංක හෙවත් කණමදයා නම් එල බුලට් එකක් තමයි. කලින්දා රෑ 11 ඉඳන් කොළඹ ඇවිත් අවිස්සාවේල්ලෙදි විනාඩි 15ක් අපිව ෆුඩ් සිටිය ඉස්සරහ වන්දනා කරවල තමයි මූ වැඩට බැස්සේ. බැස්ස වෙලේ ඉඳන් නිවනක් නැතිව හිටගෙනම කියවන්න ගත්ත අහුමුළුවල තිබුණ සින්දු සේරම. ඇත්තම කිව්වොත් ට්‍රිපේ සින්දු මැනේජර් තමයි කණමදේ. මූ නැත්තං අපට අර බිංදුගෙ කුන්චනාද අහමින් තමයි යන්න වෙන්නේ. කොහෙද සංගීතය ගැනයි සංගීත අඤ්ඤයො ගැනයි බ්ලොග් ලිව්වට සින්දුවක් දෙකක් මතක තියෙන එවුන් නෙවෙයිනෙ අපි. (ඒ කිව්වෙ මම ගැන හිතලා) කවුරුවත් දැනගන්න ඕන නෑ මේ කතාව. ඒ වුණාට පළවෙනි දවසෙ ටිකක් ගහලා ගල් උඩ නැගගෙන කලිසම අඳින්න ගිහින් මම අන්බැලන්ස් වුණ වෙලේ මූ තමයි මාව අල්ලල බැලන්ස් කලේ. ඒකට මම මගේ දණිස්සෙන් උඹට ණය ගැතියි මචෝ. මොකක් වුණත් මුළු රෑ පුරාමත් මූ ට්‍රිප අපට දනවන්න මාර ගේමක් දුන්නා. උඩ ඇඳුම් නැතිව බාබකිව් එක අවුළුවන්න ට්‍රයි කලා. දුම් පිම්බා. මස් කෑලි රෝල් කලා. ඒ මදිවට පාන්දර අන්තිමට නිදාගන්නකල් දන්න සින්දු ටික සේරම කිව්වා. රජරටින් බිහිවුණ ගායකයන්ගෙ නම තිබ්බා. ඒ මදිවට කණමදය වගේ බිව්වා. පහුවදා ඇඟ වේලිලා කණ පැලෙන්න වතුර බිව්වා. මලීගෙ තාත්තත් කිව්ව "රජරට මල්ලි වතුර විනාඩි 10න් 10ට වතුර බොනවා. රෑ ගල්මයි ගහල තියෙන්නෙ" කියල. අපි අතරෙ හිටපු අත්දැකීම් බහුලම පුද්ගලයත් එහෙම කිව්වම අපි කොහොමද උඹ බිව්වෙ නෑයි කියන්නෙ. ඔහොම බොන්න එපා යකෝ බිව්වත් කමක් නෑ.. ඔහොම කණමදය වගේ බිව්වම ලඟින්වත් ඉන්න පුළුවන්ද බලපන්. ෂික්!.. හිරිකිතයි බං...


මලීගෙ මවයි පියයි ගැන මෙතන බටර් ගාල වැඩක් නෑ. ඒක මම ගෙදර ගිය වෙලේක ෂේප් එකේ කරන්නයි බලාපොරොත්තුව. මොනව වුණත් මලී අපට හම්බ වෙලා තියෙන්නෙ ඒ දෙන්න නිසා සහ මලී ට්‍රිපට සෙට් වුණෙත් ඒ දෙන්න නිසයි. ඒ වගේම ට්‍රිප පුරාම අපට අපේ ආතල් ගන්න ඉඩ දීල පැත්තකට වෙලා ඒ දෙන්නගෙ පාඩුවේ හිටපු එකම අපට කරපු අනුග්‍රහයක්. සමහර විට අපේ අත්දැකීම් අඩු කමින් අපි ස්නානනය කරද්දි එයාල අපට හිනා වෙන්නත් ඇති. නමුත් අපට ඉඩ දීලා ඒ දෙන්නා පැත්තකට වෙලා හිටියා... තැංකූ අංකල් මචං සහ ඇන්ටි මචී...


ලිෂාන් හෙවත් බත් ඕවිට හෙවත් ණළ ධථා ගැන මම හාංකවිසියක් දැනං හිටියෙ නැතත් උගේ නල දත නිසාම ඌ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඕක හරිනම් වන්දනාමාන කොරන්න වටින දතක්. ඒකට මේ මඩ සංගමේට කෘතඤ්ඥ වෙයං මචෝ. මොනව වුණත් උඹ ගැන මලී මෙතනදි කියපු දවසෙ ඉඳන් උඹ හොඳ කොල්ලෙක් විත්තිය මම දැනගෙන හිටියා. උඹ තමයි ට්‍රිපේ යෝධයා. සීතාවක රාජධානියෙ හිටපු වීර පුරුෂයො උඹ වගේ වෙන්න ඇති කියල මට හිතුණ උඹලයෙ ගෙදර තිබුණ පරණ පින්තූරත් දැක්කම. උඹේ හාල් පොල් වලින් හදපු කිරිබත දෙතුන් දෙනෙක්ට මදි වුණේ අනිත් උන්ට ඒකෙ රහ වැටිලා මල පෙරේතයො වගේ කාපු නිසයි. ඒක කාසා එකේ ඇන්ටිගෙ ඉවිල්ලේ දස්සකමත් තමයි. නමුත් අපි දන්නව අමුද්‍රව්‍ය වෙනස් වෙද්දි රස වෙනස් වෙන්නෙ කොහොමද කියලා. මොකක් වුණත් උඹට අම්බානක් ස්තූතිය ඒ හැමදේටම. ඊටත් අමතරව අර මස් කෑලි කීතු කීතු වෙන්න කපන්න උඹ අපේ පොරට දුන්න සහය උපරිමයි. ඌ උඹ දිහා බලල ඔරවල උඹේ මූණ හිතේ මවාගෙන තමයි මස් කැපුවේ. මේ තමයි ලිෂාන්ගෙ කණ... පටාස්... මේක උගේ අත... තටාස්... මේක ලිෂාගෙ ඇඟිල්ලක්... කටාස්... හොඳ වෙලාවට උඹේ ඇඟේ හොඳට මස් තිබුණා ආගාට කීතු කරන්න. නැත්තං ඌ මුලින් කපපු බිංදු වගේ සයිස් කෑලි කාල අපි තාම කාසා එකේ ටොයිලට් වල පෝලිමේ... 


උඹ දන්නවනේ ලිෂෝ උඹේ නල දත ගැන විහිළු කරනව ඇරෙන්න උඹ ගැන මෙහෙම ක්‍රෙඩිට් දෙන්නෙ නෑ කියල කවුරුවත් ලේසියෙන්... ඒ නිසා මං ගැන හිතල මට දන්තාබුජ තූත් පේත් එකකුයි පොළුඕවිට බුරුසුවකුයි සපයහං ඊළඟ සෙට් වීමෙන් පස්සෙ දත් මදින්න...!


කූල් ලිහිණි හෙවත් සංජීවිකා අක්ක කොහොමත් කූල්... අපි හැමෝටම වඩා කූල්. ඒ වුණත් ට්‍රිපේදි කරපු වැඩ ගැන මම කියන්න යන එක හොඳ මදි. මට ට්‍රිපට යන්න මුලින්ම ගොඩගමදි සෙට් වුණේ ලිහිණි අක්කා. ආගිය තොරතුරු කතාවට එද්දිම අනිත් එවුන් ටික බස් එක දක්කගෙන ආවනේ. නැත්තං අපි දෙන්න හොඳ කතාවක් දානව. කොහොමත් ලිහිණි ගැනත් මම දන්න මගුලක් නෑ. ගොඩක් කාලෙකට ඉස්සර නම් එයාගෙ බ්ලොග කියෙව්ව මතකයි. ලිහිණි අක්ක කට පියාගෙන අපේ මත් කෙලි බලාගෙන මහ පාන්දර රතු කට්ට පණිනකම් ඇහැරල හිටියා. වතාවක් අපිට කිව්වා හෙටත් තියෙන නිසා නිදාගමු කියලා. අපි අහයි ඕවා. අන්තිමට එයා නිදාගන්න ගියා. ඒ මදිවට හපුතලේ කන්ද ගැන මම මලීට කියන්න ගිය අලි බොරුව නිවැරදි කරල මාව ඒ පාපකර්මයෙන් මුදවගත්තෙ ලිහිණි අක්කා. ඔයා ඔයාමත් නොදැන අපේ මැරාට ලොකු සහයක් දෙනවා මම දැක්කා අක්කේ. සමහර විට ඒක ඔය දෙන්න අතර බැල්මකින් හුවමාරු වුණ අදහසක් වෙන්න ඇති. ඒ මොනව වුණත් ඔයා ජීවිතේ සෑහෙන්න අත්දැකීම් සහිත, ඒ නිසාම අසීමාන්තිකව ඉවසීම ප්‍රගුණ කරපු නිදහස් ගැහැණියක් විධියට දකින්න මම කැමතියි.


අනිවා ඩෙෆා සමග අන්ජා හෙවත් තෙප්පිලියා ගැන නම් මම සැලකිය යුතු තරමක් දන්නවා. ඒ දවස්වල එලකිරියට ඇවිත් ආතක් පාතක් නැතිව කවි ලියද්දි මාව විවේචනය කරපු මගේ කවි අගය කරපු එවුන්ගෙන් අන්ජාත් එකෙක්. ඒ දවස්වලදිම මුගේ රැඩිකල් කවියි පින්තූරයි මම කියෙව්වා. හොඳට වින්දා. ඒත් අපි දෙන්න හම්බවුණේ ජීවිතේ පලවෙනි වතාවට. උඹත් සිරා කොල්ලෙක් මචෝ. මම දන්නව උඹට මං ගැන පොඩි ආරෝවක් තියෙන බව. සබාටත් තේරුණ විධියට උඹ හැමදේටම පරක්කු වෙන එකට අපි පලි නෑනේ බං. ;-) උඹේ පින්තූර ගැනිල්ල ගැන නම් මට කියන්න තියෙන්නෙ කියල වැඩක් නෑ කියලයි. ට්‍රිප ගිය ඇම්ම සහිත එවුන්ට ෆොටෝග්‍රැෆි කියල දෙමින් උඹේ කැමරාව උන්ගෙ අධ්‍යාපන වැඩ වලට දෙමින් උඹ සෑහෙන්න වැඩක් කලා. උඹ කොහොමත් ට්‍රිපේ ඔෆීෂියල් ෆොටෝග්‍රැෆර්නේ. ඉතිං සීට් අස්සෙන් ගස් අස්සෙන් අත් යටින් කකුල් යටින් උඹේ කැමරාව මෑනෙද්දි අපිට ඉවසන් ඉන්න වුණා. ඒ මදිවට හොරෙන් තෙප්පිලි පාර්සලේට වැඩක් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මොනවද බං රංගි අක්කට කිව්වනම් ග්රෑම් 200ක් විතර වෙනම ගැටගහල දෙනවනේ උඹට. දැන් ආරංචි විධියට නම් තෙප්පිලි පාර්සලේ නැති වෙලා. අපි නම් දන්නෙ නෑ ඕවා. මොනව වුණත් උඹ නැති වුණා නම් මේ පෝස්ට් ට්‍රිප් කතිකාව කිසිම ගතියක් නැති එකක් වෙනව ඇත්තටම. උඹේ පින්තූර නිසා අපිට ආයෙත් ට්‍රිප යන්න පුළුවන්. අනිත් එවුන්ගෙ පින්තූර අප්සෙට් කියනව නෙවෙයි. නමුත් අදාල වැඩේ කරන්නම ආපු එකා විධියට උඹට ඒ  ක්‍රෙඩිට් එක දෙන්න වෙනවා. හැබැයි උඹ පැය භාගයක් පරක්කු වෙලා ආපු එකනම් කැත වැ‍ඩේ හොඳේ. ඒ වගේම තරු පේන්න නෙක්ටො බොන්නෙ ඇයි බං ඔහොම? අනික උඹ ඇඳේ සින්නක්කර අයිතිය පවරගෙන මට එලියෙ මදුරුවොත් එක්ක නිදාගන්න සැලැස්සුවට මම තරහ නෑ. උඹ ඔහොම නෙවෙයි කොහොම බිව්වත් බුදියගත්තත් මට කමක් නෑ. අරූ අරහෙම කණමදය වගේ බොන එක හරිද මං අහන්නේ?


කොට චමිල හෙවත් ලැක්ටෝජන් ගැනත් උගේ පට්ටන්දරේ තියෙනවට වඩා දෙයක් මටත් කියන්න අමාරුයි. කට්ටිය කියනවලු චමිල හෙන වීරය කියල.. හරියට හින්දි/දෙමල ෆිල්ම් එකක වගේ. එහෙම තමයි පොඩි කාලෙ ලැක්ටෝජන් ලීටර් 25 බෝතල් වලට වැටුණම ලොකු වෙද්දි ඔය අසාධාරණේ අයුක්තිය පේන්න බෑ පියුම් විකසිත වෙනවා. කොහොම වුණත් චමිල නියම කොල්ලෙක්. මට වඩා නම් සිරා පෙම්වතෙක්... කොණ්ඩෙ බූ ගාල ගත්තනම් කාන්තාවන් පස්කාගෙන වැඳවැටෙන පෞරුෂයක් හිමි පුද්ගලයෙක්. රට්ටු කියල තිබ්බ උඹ රැවුල කපද්දි ලැක්ටෝජන් තට්ටු තට්ටු රේසරේට එකතු වෙනව කියල. අපිනම් ඕව ගැන හිතන්නෙවත් නෑ.
මුගෙ බෙඩ් ෂීට් එක (අර ගඳ ගහන එක නෙවෙයි නිල්පාට අනිත් එක) නොවෙන්න මම එලියෙ කවිච්චියෙ නිදාගෙන හිටපු පැයට මගේ බර කිලෝ ගාණකින් අඩු වෙනව මදුරුවො ලේ බීලම. තැංකූ මචෝ මම ගැනත් සැලකුවට. මගේ කෙල්ලවත් මං ගැන නොබලපු එකේ උඹල නිසයි මම ට්‍රිප යහතින් ආවේ. හැබැයි උඹ මොකද රංගි අක්ක පිටට තට්ටු දැම්ම ගමන් බස් එකේදි අත්පුඩි ගැහුවේ. එක පාරක් නොවයි කීප වතාවක්ම ඒක අපි බලාගෙන. බාරි එක්ක මාරි කන ගමන් සින්දුවට අත්පුඩි ගහන්න අමතක වෙලා කොහෙන් හරි තට්ටුවක් ආපු ගමන් හිටු කියලා අත්පුඩි ගහන්න ගන්නවා. උඹ පිටස්තරයෙක් බව උඹ කිව්වට (පොරක් නෙවෙන එක නම් ලොකු දෙයක්) මම නම් හිතන්නෙ උඹත් ඉන්නෙ ඔය සීමා ඉරේ කියලයි. අපි බොහොම දෙනෙක්ට වෙලා තියෙනව වගේ අපි හිතන දේ ජීවිතේ තුල ගොඩනගාගන්න කරන අරගලයක උඹ ඉන්නව කියලයි මට හිතෙන්නේ. කොහොම වුණත් උඹ සෙට් වුණ එක මට මාර වටිනවා. වීරයෙක් වෙන හැටි මට කියා දුන්නට තැංකූ...


චමිලගෙ බාරි හෙවත් මාරි හෙවත් චිප්මන්ක් ගැන වැඩිය කියන්න ගිහින් චමිලගෙ වීරකම් මටත් බලාගන්න වෙයිද කියන බය නිසා මම එයා ගැන ලියන්නෙ නෑ වැඩිය. අනික අර නොදන්න දෙමළ සීන් එකත් තියෙනවනේ... කොහොම වුණත් 21 වෙනිද හවස මමයි මලීයි එක්ක මුන් දෙන්න බර්ගර්ස් කිං එකේ සෙට් වුණ වෙලේ ඉඳන්ම මාරි අපිත් එක්ක ෆිට් වුණා. මලී නම් මුන් දෙන්නට කිව්වෙ පොඩි කපල් එක කියල. හරියට අපි මාර ලොකුයි වගේ. මොනව වුණත් මාරිට හොඳ ට්රි්ප් අත්දැකීමක් ලැබෙන්න ඇති කියල හිතනවා. ඒ වගේම මාරිට චමිල ගැන තියෙන විශ්වාසයත් ආදරයත් ගැන කියන්න දෙයක් නෑ. හැබැයි ඉතිං චමිලව අර සීමා ඉරෙන් වෙන් කරල උගේ පිටස්තරකම ගලවල අභ්‍යන්තරයා කරන්නෙ මාරි තමයි ඕං කවද හරි...


එදාම දුටු අමිල හෙවත් මයිනර් නම් එල කොල්ලෙක්. බස් එකේදි හම්බ වෙනකල්ම මම දැනගෙන හිටියෙ නෑ. ට්‍රිප පුරාම නිහඬව උගේ ඔෆීෂියල් වීඩියෝ වැඩේ කරගෙන හිටියා. ඒ මදිවට අතරින් පතර රංගිගෙන් ඉතාලි බැණුම් අහපු එකම එකා තමයි මේකා. අපිට ආරංචියි කළු කරපු වීදුරු තියෙන වාහනයක යන්න මාර ආසාවෙන් ඉන්න කෙල්ලෙක් උඹට ඉන්නව කියලා. ඒකට නම් උඹට සෑහෙන්න වැඩ කරන්න වෙයි පුතෝ. ඔය බොරු කියන්න, රඟපාන්න (ඒකට නම් උඹේ පෙනුමත් නියමයි), අදාල නැති ඒව අදාල කරගන්න වගේ ඒව උගන්නන කෝස් එකක් වත් ෆලෝ කරහන් අයි.ටී.එන්. ඇකඩමියෙන්. උඹ අර මැගී නූඩ්ල්ස් ගත්තු වෙලේ ඒක කන්න වෙන්නෙ නැති වෙයි කියල මට හිතුණට ඇත්තටම අනිත් එවුං මල පෙරේතයො වගේ කිරිබත් ගිල්ලට පස්සෙ උඹට කන්න වුණේ නූඩ්ල්ස් තමයි නේද? කියපු විධියට උඹ මාස කීපයක් ලංකාවෙ ඉන්නවනේ... අප‍ට ආයෙ සෙට් වෙන්න චාන්ස් එකක් එයි...


එදාම දුටු අමිලගෙ එදාම දුටු යාළුව හෙවත් සුමින්ද හෙවත් සාස්තරයා හොඳ කාඩ් කීපයක්මත් දාගෙන දුෂ්ථයගෙ චරිතයට පණ දුන්න කියල තමයි ආරංචිය. උඹ ගැන නම් මම කිසිම දෙයක් දන්නෙ නෑ. උඹ මිනිස් චර්යාවන් ගැන යම් යම් දේවල් ටිකක් ඉගෙනගෙන ඉන්න බවක් පේනවා. උඹ දන්න අපි නොදන්න දේවල් තියෙන බව පිලිගන්න එක මට අවුලක් නෙවෙයි. ඒ වගේම අපි දන්න උඹ නොදන්න ඒවත් තියෙනව මචෝ. ඒ නිසා දන්න දේ ප්ර්කාශ කරද්දි සැලකිලිමත් වෙන එක හොඳයි. නැත්තං උඹ අන්තිමට මළ ඇණයක් වෙනවා. අපි ඌරො තමයි. හැබැයි මරන්න ඇති කරන එවුන් තරම් අසරණ නෑ. ඒවයින් වැඩක් නෑ. ඒ කොටස් අතඇරල උඹ ගැන කිව්වොත් උඹත් සින්දු කිවිල්ලෙදි ෆුල් සප් එකක් දුන්නා. උඹේ වොයිස් නියමයි. උඹම කිව්ව විධියට පොඩි කාලෙ ඉඳන් සංගීතමය පරිසරයක හැදිල කම්මලේ බල්ලට වගේ මියුසික් දැනෙන්නෙ නෑ කිව්වත් ඒක එහෙම්ම ම නෙවෙයි කියල තේරුණා. ජීවිතෙන් ඉගෙනගෙන ඉදිරියට යන්න සුභ පතනවා උඹට...


හම්මෝ මදැයි දවස් කීපයක්ම ලිව්වා... ඇත්තටම උඹල සේරම දෙනාව බොහොම සුහදතාවයකින් වැළඳගත්තු මගේ ප්‍රකාශනයයි මේක. මට උඹලගෙන් කියල සමුගන්න බැරි වීමේ හිස්තැන පුරවගන්නෙ මම මෙහෙමයි. මේක ඒ තරම් දෙයක් නෙවෙයි වුණත් ඒ තරම් දෙයක් නැති මම වගේ එකෙක්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑනේ. අන්තිමේදි දැණෙන්නේ හරිම සතුටක්. නිකංම නිකං යාළුවො ටිකක් එක්ක ගිය ට්‍රිපකට වඩා මානුෂිකව දැණුන අළුත් මිනිස් සම්බන්ධ ගොඩනැගුණු එකතුවක් මේක. ඒ ගැන රංගි අක්කට ස්තූති කරන්න නම් මට වචන නෑ. මොනව වුණත් මේක හුදෙක් බටර් ගෑමක්ම නෙවෙයි. මිනිස්සුන්ගෙ අවුල් ගොඩක් තිබුණත් ඒව අමතක කරල හොඳ මතු කරන්න දරපු උත්සාහයක්. ඒ කියන්නෙ උඹල අවුල් කියන එක නෙවෙයි. නමුත් උඹලගෙ අවුල් නෑ කියල උඹලට කියන්න බෑනේ. ඔන්න පොරවල්ලට නම් පුළුවන්. කොහොම වුණත් මේ ට්‍රිප ගැන එක පාර්ශවයක් දකින විධිය විතරක් නිසා අනිත් එවුන් ලියන දේවලුත් කියවල මිසක් කා ගැනවත් නිගමන වලට එන්න එපා...

අපි සෙට් විය...!

5.24.2010

අපේ නමනං ඉතිං නෙට් එකේ සෙට් වෙන කට්ටියමනේ... තව එවුන් සෙට් වෙනවා ඇති ඒවා අපිට අදාල නෑ.. අපි තමා නිල වශයෙන් නෙට් එකේ සෙට් වෙන උන් ටික. කාටවත් අවුලක් තියෙනව නම් වැලමිට විකන්න ට්‍රයි එකක් දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපි බොන්න ගියාම පොලොවෙ ඇද වෙනකම්ම බොන කන්න ගියාම අන්තිමට කැලේ තියෙන ගස් වල කොළත් කන එවුන් ටිකක් තමයි මේකේ ඉන්නේ...හැබැයි මුන් ටික නියම සිරා පොරවල් ටිකක්... මේ මමත් ඇතුළුව ඔන්න...( කාඩ් හෙම ඕනෙ නැ. මාත් සිරා පොරක් තමයි ඔන්න..)
    මේකෙ මුල අපේ මැර රංගි හෙවත් මැරංගි තමා. ජීවිතේට දැකලා නැති අපි‍ ටික එකතු කරලා ජීවිතේට කඩන්න බැරි දම්වැලකින් බැඳලා  යතුර හංගං ඉන්නෙ ඔය මැරංගි තමා.. හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට හින්දා වැඩි කතා බතා ඕනි නෑ..