FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

ඇඟිලි දිගු කරන්නන් වෙත ආද‍රයෙනි

12.30.2010



සෙට් වීම් සෙට් එකේ අරමුණක් කියා හැඳින්වීමට යමක් නැත. එහි ලබා ගත යුතු යැයි සම්මත බලාපොරොත්තුවක් නැත. සමාජයේ නරක මුලිනුපුටා දැමීම, යහපත් ගුණධර්ම ඇති කිරීම, බ්ලොග් අවකාශය වඩා යහපත් කිරීම, නිර්මාණශීලිභාවය ඉහල නැංවීම, ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම ආදීය සෙට් වීමට අවශ්‍ය නැත. අප එකතු වෙන්නේ මෙවැනි අරමුණක් ලබා ගැනීමට නොවන අතර කලින් සඳහන් කර ඇති අන්දමටම සෙට් වීම යන්න පමණක් අරමුණු කරගෙනය. අපේ පිරිස එක්කාසු කිරීමට දේශපාලනික අදහසක්, සමාජයීය චින්තනයක් හෝ වෙනත් දාර්ශනික බම්බුවක් අවශ්‍ය නොවේ. අවශ්‍ය වන්නේ නිවාඩුවක් සහ ගමන් ගාස්තු පමණි. සෙට් වීම ව්‍යාපාරයක් නොවේ. සෙට් වීම තුලින් ‍කොහේවත් යන උන්ගේ බ්ලොග් වල ගුණාත්මකභාවය වැඩි කිරීමට උත්සහ දරන්නේ නැත. අදහස් දැක්වීමේ නිදහස හෝ එවැනි සමාජ ව්‍යාපාරයක් සෙට් වීමේ නැත. මේ නැවත නැවත කියන්නේ මින් පෙර දැක නැති දෙයක් සෙට් එක තුල නැති බවත් මිතුරන් පිරිසක් එක්රැස් වීම හැර අමුතු දෙයක් එයින් බලාපොරොත්තු නොවිය යුතු බවත්ය. 

නමුත් පසුගිය කාලය තුල කතා බහට‍ ලක්වූ බ්ලොග් අඩවියක් වන "ඇනෝනිමස් ආතල්"හි පලවෙන ලිපි සම්බන්ධව හා එහි බ්ලොග් හිමිකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධව විවිධාකාර චෝදනා "සෙට් වීම්" වලට, "ෆිට් එකට" එල්ල වීමට පටන් ගැනෙද්දී අප කවුද, අපෙන් යමක් බලාපොරොත්තු විය යුතුද යන්න ගැන මේ චෝදනා එල්ල කරන්නවුන්ට අබ ඇටයකුදු දැනුමක් නොමැති බව අපි දුටුවෙමු. ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය තුල මුල සිටම සෙට් එකේ ශෛලිය කොපි කිරීමේ වෑයමක් පවතින බව අපි නිරික්ෂණය කලෙමු. එය හිතා මතාම එහි කියවන්නන් හට එම කොපි කිරීම් උලුප්පා දැක්වීමට ප්‍රයත්න දරන බවද නිරීක්ෂණය කල හැක. නමුත් කවුරුන් කුමක් කලත් එය අපේ නිදහසට බාධාවක් නොවේ නම් වැඩි අවධානයක් යොමු නොකිරීම අපගේ සාමාන්‍ය සිරිතයි. තම තමන්ගේ හැරමිටි ඕනෑ ආකාරයට වැනීමට තමාට නිදහස ඇත. නමුත් ඒ නිදහස කෙලවර වන්නේ අනෙකාගේ නාසයේ අගිනි. සෙට් එක කොපි කිරීම අපේ වැඩක් නොව එය සිදු කරන්නාගේය.

නමුත් ඇනෝනිමස් ආතල් හිමිකරු සමඟ තිබෙන එදිරිවාදීකම් සෙට් එක පිටින් යවා සිඟිති ආතල් ගැනීමේ ප්‍රයත්නය දිග හැරීමත් සමඟ මේ පිලිබඳව නිහඬව සිටීමේ තේරුමක් නැති බව පෙනී ගොස් ඇත. සෙට් එක තුල විවිධ මත දරන්නන් සිටින මුත් සෙට් එක තනිව ගත් කල එක් මතයක් නියෝජනය කර ඒ පිලිබඳව පෙනී සිටිමේ අවශ්‍යතාවයක් දැනට පැන නැගී නොමැත. එසේම එවැනි මතවාදයක් සඳහා පෙනී සිටිනවානම් ඇනෝනිමස් ලෙස හැංඟී සිට ගල් ගැසීමේ ක්‍රමයක් අප විසින් අනුගමනය නොකෙරේ. ‍සෙට් වීම් සාමාජිකයින් තම තමන්ගේ අදහස් තම තමන්ගේ අදාල මංගත නම් වලින් තම තමන්ගේ බ්ලොග් අඩවි තුල පැහැදිලිව සටහන් කර ඇත. එසේ තිබියදී අඥාතව ලිපි ලිවීමේ අවශ්‍යතාවයක් තවදුරටත් පැන නොනඟින බවට යමෙකු තේරුම් ගත යුතුය. 

ප්‍රතිචාර මඟින් පැහැදිලිව ඇනෝනිමස් ආතල් යනු සෙට් එකේ "වැඩක්"/"‍ගේමක්" නොවන බව පවසා තිබියදීත් සෙට් එකටම සියලු දේ බැරකර දැමීමේ ප්‍රයත්නයේ වගකීම භාර ගත යුත්තේ කවුද යන්න පිලිබඳව පැහැදිලි අදහසක් අප සතුව ඇත. නමුත් එලෙස ඇඟිල්ල දිගු කොට අපට ලැබෙන දෙයක් නොමැත. තම තමන්ගේ මොළ පරිමාව අනුව බුද්ධි මට්ටම සීමා වීම පිලිබඳව එම පුද්ගලයාට, පුද්ගල කණ්ඩායමට හෝ අපට සිදු කල හැකි දෙයක් නැත. මේ එක එකා ලබා උපන් හැටියැයි සිතා අපගේ වැඩක් බලා ගැනීමට අප යොමු වන්නේ එනිසාය. 

සෙට් එකේ ක්‍රියා කලාපය පිලිබඳ යම් විවේචනයක් තිබේ නම් හැංඟි හැංඟි ආතල් නොගෙන ප්‍රසිද්ධියේ එම විවේචනය යොමු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. ඒ එසේ විවේචනය කිරීමේ සාධාරණත්වය පිලිබඳ විවේචකයාට මතක් කර දීමට හැකි නම් ඉතාමත් අගනා නිසාවෙනි. 

මේ එසේ විවේචනය කිරීමට ලක ලෑස්තිවන්නවුන්ට කරන නිල නිවේදනයයි. ඇනෝනිමස් ආතල් සෙට් වීම් මගින් පවත්වාගෙන යන බ්ලොග් අඩවියක් නොවේ. එහි පලවන කිසිදු ලිපියක වගකීමක් අප විසින් භාර ගනු නොලැබේ. එවැනි වගකීමක් අප පිට පවරා දමා ස්වයං චූන් ගැනීමේ ආසාවක් යමෙකුට තිබේ නම් මෙය කියවා බලා එය සිදු කරන ලෙස අපි ඉල්ලා සිටිමු. තම තමන්ගේ මානසික මට්ටම හඳුනා ගැනීමට එවිට ඔහුට/ඇයට හැකි වනු ඇත. 

බොන්නේ අපිය....බොන්නට සෙට් වෙන්නේද අපිය....බීලා වැටෙන්නේද අපිය....කන්නේද අපිය....කන්නට සෙට් වන්නේද අපිය....කාලා නන්නත්තාර වන්නේද අපිය..

ඉරිසියා කරන්නේ උඹලාය..අපිව දැකලා යලිත් සෙට් වෙන්නේද උඹලාය..

සිනහව අතරින් කඳුලක් උපන්නා..

12.06.2010

ෆිට් එකේ අපි අපේ ජිවිත ඇතුලේ ගො‍ඩක් වෙලාවට එකතු වෙලා තියෙන්නේ අපේ හිත් වල තියන සතුට බෙදාගන්න.. අපි විශ්වාස කරනවා හැම වෙලේම අඩ අඬා හූල්ල හූල්ල ‍ජිවත් වෙනවට වඩා එතනින් එහාට ගිය තැනක ජිවතේ තියන එක හොදයි කියලා.. ඒ නිසයි මේ බ්ලොග් එකේ ලියන ගොඩක් දේවල් හිනාවට.. සරළ මිතුරු හමුවීම් වලට සීමා උනේ..

ඒත්..

ජිවිතේ කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් අවිනිශ්චිත තා වලින් පිරුණු මොහොතවල් ගොඩක එකතුවක්..

ඒ නිසයි මේ ලිපිය අනිත් ලිපි වලට වඩා වෙනස් වෙන්නේ.. අපේ අවසාන හමුවීම සිද්ධ උනේ බදුල්ලෙදි.. බොහොම හදිස්සියේ.. ඒ වෙන කිසිම දෙයක් ‍නිසා නෙවෙයි.. අපේ ‍සහෝදර "එච්" හෙවත් හරේෂ් ගේ තාත්තාගේ අභාවය.. නිසියි.

ඒ පණිවිඩය කොයි තරම් හදිසියේ ලැ‍බුනු දෙයක් ද කියනවා නම් සිකුරාදා රෑ 8.45 ට විතර පණිවිඩය මුලින්ම අහපු හැමදෙනෙක්ම මුලින්ම ඇහුවේ.. ඇත්තක්ද නැත්තං විහිළු කරනවාද කියලයි.. කෙනෙක් ගේ මරණයක් විහිළුවක් විදියට ගන්නේ නැති වුනත් ඒ වගේ දෙයක් අහන්න අපි කවුරුවත් සූදානම් වෙලා නොහිටීමයි හේතුව උනේ..ඒ ප්‍රශ්ණෙන් පස්සේ ඊලග තත්පරේ අපි හැමෝම ගොළු ‍උනේ එතනින් එහාට මොකද කරන්නේ කියන හිස් තැනක් එකක්යි. තත්පරේකට ඒක අ‍පිට පෞද්ගලිකව සිද්ධවුනු දෙයක් උනා..

තාත්තා නැති වෙලා තිබුනේ හදිසියේම ඇති වුනු හෘදයාබාදයක් නිසයි..

ජිවිතේ කවදාවත් අපිට ආයේ අපේ එච් වෙනුවෙන් ඒ අඩුව පුරවන්න බැරි උනාට.. හැකි විදියට ඔහුත් එක්ක ඔහු ළගින් වෙලාවේ හැටියට අපිට කරන්න පුළුවන් ‍උපරිම කරන්නයි අපිට උවමනා උනේ..

හැකි හැම දෙනාම තමන්ට හැකි මොහොතෙම බදුල්ල බලා පිටත් උනේ ඒ හැඟීමෙන්.. බොහෝ හේතූ නිසා එන්න බැරි උනු අය හිත් වලින් දුක්වුනු බව අපි දන්නවා..

ඉරිදා දවසේ මළගෙදර වැඩ කටයුතු සිද්ධ කලා..

මං දන්නවා මේ වගේ වෙලාවල් බ්ලොග් ලියලා බෙදාගන්න සුදුසු අවස්ථා නෙවෙයි.. නමුත් ‍මම මේ ලිපිය ලියන්නේ හරේෂ් වෙනුවෙන් පහුගිය දවස් වල එකතු උනු අපේ අයට ස්තූති වන්ත වෙන්නයි..

මරේ,ලිශාන්,මුචා,ට ස්තූතියි සෙනසුරාදා උදේම පිටත් වෙලා අපි වෙනුවෙන් එහෙට ගියාට.. ඒ වගේම අවසන් කටයුතු සිද්ද කරන වෙලාව වෙනකනුත් එයින් පසුවත් එහි ගත කිරීම සම්බන්ධව..

හැමදේම ගැනම හොයා බලමින් අප වෙනුවෙන් වෙහෙසුනු රංගි අක්කාට ගොඩක් ස්තූතියි..

මෙයිට අමතරව ෆිට් එකේ අපේ අනිත් හැමෝටමත් ස්තූතියි අපිත් එක්ක අපේ දුක බෙදාගන්න එකතු උනාට..

විශේෂයෙන්ම කුෂාන් වන්නිආරච්චි අයියටයි ෆා ද බ්ලොගී ටයි ස්තූතියි අපේ යාළුවන් එහේ ඉන්නකම් එයාලාව බලාගත්තට..!

මීට වඩා මේ සටහන ලියන්න මට හිත් දෙන‍්නේ නැහැ.. අවසාන වශයෙන් හැමෝටම ස්තූතියි..

හරේෂ් ගේ තාත්තට තමන් විශ්වාස කරන ආගමකට අනූව මරණින් මතු සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ... ඔහු නැති අඩුව අපිට හැමදාම දැනේවී...!

සිකුරාදා, සෙනසුරාදා, පිඤැකොලාදා නැතිව ආලකමන්දා කෑවද මන්දා

11.28.2010

පහුගිය සෙනසුරාදාව අපේ ෆිට් එකේ සෙට් එකට වැදගත් දවසක් වුණා. මාස දෙකකට විතර කලින් ඉඳන් දින දාගෙන නිවාඩු වෙන් කරගෙන සෙට් වෙලා සමරන්න සැලසුම් කරපු රාවණාභිනන්දන පාටිය එදා දවසෙ පැවැත්වුණා... කාලෙකින් සෑහෙන්න සාමාජික පිරිසක් එක්ක එක තැනක සෙට් වෙන්නත් පුළුවන්කම ලැබුණා...

හැබැයි මේ සෙට්වීම පටන්ගන්නෙ සිකුරාදයින්.. ඒ නිසා එතනින් පටන්ගන්නම්...

වල් බල්ලෝ පොශ් බල්ලෝ ගල්කිස්සේ උණු බල්ලෝ...



අපේ මුචා ලියපු සටහන දැකපු දවසෙ ඉඳන් කාලයක් පෙරුම් පුරල පුරල යන්න ප්ලෑන් කරපු ගල්කිස්සේ ස්ටාර් ඩෝග්ස් හොට් ඩෝග් අවන්හලට යන්න මටයි ලතීටයි පුළුවන් වුණා.. ඒකෙ තියෙන නරක පැත්තට බර හොට් ඩෝග් දෙකක් කාල තවත් පෙප්සියක් බීගෙන ඉද්දි වැල්ලවත්තෙ ඉඳන් පැය බාගයක් තිස්සෙ ගල්කිස්සට ආපු බෙනා මාමා හෙවත් ගම්පෙරළියෙ පියල් එතනට ගොඩවැදුණා. ඔන්න ඉතිං මනුස්සයත් වාඩිකරවගෙන හොඳ පැත්තට බර හොට් ඩෝග් එකකට ආයෙ වග කිව්වා... ඊට පස්සෙ ගාළු පාරෙ බස් වලට බැණ බැණ ඉඳලා අන්තිමට ඒකකම නැගලා වාද්දුවෙ මූලස්ථානෙට වාර්තා කලා.


චාටර් කූඹියා 2 - පොලිස් බල්ලා...


කට්ටිය දන්නවනේ අපේ හිටපු පොරකට පොලෝසියේ ASP ධුරයක් ලැබෙන්න යනව කියල... ඕක දැනගත්ත වෙලේ ඉදන් මූලස්ථානෙ ඉන්න කළු බල්ලට ඉවසිල්ලක් නෑ... ඌ පුංචි කාලෙ ඉඳන් ප්‍රාර්ථනා කරල තියෙන්නෙ පොලිස් බල්ලෙක් වෙන්න. ඒකට ඕන කරන බාහිර හැඩහුරුකම ඌට තියෙනවා... ඉහලින් පොඩි තල්ලුවක් තිබ්බනං බල්ල ඇතුලේ... ඉතිං මේකාට අපේ ඒ.ඇස්.පී. වෙන්ඩ යන පොර ගැන ආරංචි වුණා විතරයි පිස්සු හැදුණා. බල්ලත් අදාල පොර වගේම ලොකු රැවුලක් වැව්වා... බොහොම අමාරුවෙන් ඒක මේන්ටේන් කලා... දැන් ඔය සිකුරාද දවසේ අපේ පොර මූලස්ථානෙට එන බව කිව්වම බල්ලත් මෙලෝ සිහියක් නැතිව හිටියේ... දැන් ඌටත් රැවුලක් තියෙන නිසා පොලිස් චාන්ස් එක ඉහටත් උඩින් කියලයි ඌ හිතාගෙන හිටියෙ...

ඒත් අනේ උගේ කරුමෙ කියන්නේ ඒ.ඇස්.පී පොර ආවෙ රැවුල කපලා... උගෙ සම්පූර්ණ සිරසම සෝදාපාළුවට ලක්වෙ‍ලා... ඔළුව උඩ ගම්පෙරලියක් විතරක් පේන්න තිබුණා... හයියෝ බල්ලට වෙච්ච දේ...

ඒත් මේකා උත්සාහෙ අතෑරියෙ නෑ... අපේ සපත්තු හපන ගමන් ඌ ගිහින් ඒ.ඇස්.පී ගෙ සපත්තු ලෙව කෑවා.. අඩුගානෙ එහෙමවත් චාන්ස් එකක්....

බල්ල නිවුස් බලල තමයි ඔය ට්‍රිස්ක් ඉගෙනගෙන තියෙන්නේ...


මූලස්ථානෙ

ඔන්න සිකුරාද රාත්‍රියේ ලක්ෂ්මන් අංකල්, මෙන්ඩිස් අංකල් සහ සනී මාමා එක්ක පොර, මුචා සහ මම සෙට් වුණා හැනපියර් එකක් එක්ක... බෝල කඩල, පණු බයිට්ස් (:P) සහ ලුණු ගම්මිරිස් තැවරුණු ගර්කින් පෙති එක්ක බෝතලේ හිස් වුණේ රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, දේශීයත්වය වගේම මහින්දගේ ආගියකතා පොතුත් එක්ක ගැවසෙමින්...

ඊට පස්සෙ කාල බීල සේරම ඉවර කරලා අපේ ගැන්සියෙ තුන් දෙනෙක් අල්ලපු වත්තෙ ජෙමාට ගහල 52 කුට්ටම අරන් ඇවිත් ජූස් ගාගත්තු බූරුවෙක්ව හොයනගමන් මඩ නාගත්තු තව පොරක් ෂේප් එකේ කාමරේට රිංගගෙන නෙට් එකේ වැල බැලුවා කියලයි ආරංචිය.... අන්තිමේ කට්ටිය නිදාගන්න ගියත් තවත් ඩබලක් පාන්දර 2 විතර වෙනකල් රට පෙරලන්න කතා කොරාලු ඇඳ උඩ දපන ගමන්!


සුදු කළු හීනි මහ උස කොට අය හිටිය
27 වෙනිද මොරටු පුරේ බිග් සිටිය


ඔන්න පහුවදා පාන්දරම කියන්නෙ නමය කිට්ටු කරලා කට්ටිය මූලස්ථානෙන් පිටත් වුණා ආලකමන්දා ගමනට. ඒ වෙනකොටත් අවිස්සාවේල්ලෙ දන්ත නාරායනතුමාත්, පොලෝසියෙන් ගුටි නොකා කොණ්ඩෙ කප්පවගත්තු අසංවිධායක අසංග අමරවංශයාත් එතනට සම්ප්‍රාප්ත වෙලා හිටියෙ. ඒ මදිවට ළඟදි ඉන්න රිලේෂන් නැවක් හදාගෙන නිස්සද්ද වෙලා ඉන්න මරණෙත් අපි ගිහින් ටිකකිං ආවා හොල්මනක් වගේ... කට්ටිය රාවණ සහ සීතා යුවලට ගෙනියන්න එක එක ඒවා හොයන අතරෙ ලැක්ටෝජන් හලාගත්තු එකෙක් ටිකිරි මාරි පැකට් එකක් අරන් ආවා... ඔය අස්සෙ සුන්දර හැපින්නකුත් ඇවිත් තඩි කළු ගලකට මුවා වෙලා පිඹින්නෙවත් නැතිව හිටියා....

ඉතිං කට්ටිය මොන මොනවදෝ අරගෙන රාවණ් භවන් වෙත යන්න පිටත් වුණා...


රාවණ් භවන් හෙවත් ආලකමන්දාව



රාවණ් භවන් වෙත උදේ 10ට යන්න කතා වුණත් එකම එක සුද්දෙක්වත් අපේ සෙට් එකේ නොහිටිය නිසා යන්තම් උදේ 11.30 වෙද්දි විතර එතනට යාගන්න පුළුවන් වුණා. අර අමරවංශයා දුවල පැනල වැඩ නොකලානං හවස දෙක වෙද්දිත් කට්ටිය තෑගි තෝරනව ෂුවර්... මොරටුවෙ ‍කුකිං රෝඩ් එකේ මුලින් කඩාගෙන ගිය අය හොරෙන්ම භවන ඇතුලට රිංගලා ගේට්ටුව පාස් කරගෙන අපි යද්දි අපිව බයිට් කරලා ඇතුලට ගෙන්නගත්තා. උන් හිතුවෙ අපි කෙලින්ම බීච් එකටම යයි කියලා... අපිත් කට වහගෙන ආලකමන්දාවෙ ඉහල මාලෙට පිය නැගුවා...


සෙට්වීම


අපි මේ ඉතාලියෙ ඉන්න මැරයෙක්ගෙ උපදෙස් පිට පිඤැකොලාදා හදන්න අන්නාසි ගෙඩියක් ගෙනාවත් ඒක හදන්න අවශ්‍ය අනිත් කලමනා හොයාගන්න තිබුණ අපහසුව නිසා ඒ වැඩේ හරි ගියේ නෑ... ඒ නිසා රාවණගෙ නොදරු චොකලට් කන ගමන් අපට අපේ අනිත් ඔප්ෂන් එකට යන්න වුණා. ඔන්න ඉතිං රාවණයා අපට හදල දුන්නා බකාදි රම් එකයි, අලිගෙදර සෝඩයි, මිංචි කොලයි, දෙහියි දාල හදපු මොජිටෝ. ඒක කොක්ටේල් එකක්. අර ඉතාලිකාරයා ඔය උණ මෙහෙ බෝ කරල ගියාට පස්සෙ මේ තරම් රස කුකුල් වලිග මොනවද කියල බලන්න කට්ටිය පෙරුම් පුරාගෙන තමයි හිටියෙ.


ඔය බීමත් එක්ක බයිට් එකට මුලින්ම සෙට් වුණේ අපේ දේශීය කෑමක් වෙන ස්පයිස්ඩ් චීස්... මේක බිග් සිටියෙන් ගත්තෙ ලතික අක්කා. කට්ටිය කාල නැත්තං ගණන් වැඩිවෙන්න කලින් කාල බලන්න. සාමාන්‍ය චීස් එකකට වඩා වෙනස් ගතියක් තියෙනවා. ක්‍රීම් ක්‍රැකර් එක්ක සුපර්බ්!


ඊට පස්සෙ ඉතිං බකාර්දිය එක්ක ගල්භූමි සුදු රම් සහ ජෝන් සීයගෙ රන්පත් එක්ක අපේ සෙට්වීම සිද්ධ වුණා. වාසනාවන්තයො ලස්සන බෝතලේක තිබුණ ස්මර්නොෆ් වැනිලා එකේ සුවඳත් විඳගත්තා. මුචලින්දයා සහ නාරායනතුමා හතර අතේ පින්තූර ගැහුවා... එක එකාව බයිට් කරල අම්බාණක් හිනා වුණා. සෙට් එකක විධියට කරන්න හිතන දේවල් ගැන කතාවක් දෙකක් දැම්මා... ෆන් කියන ඒවයින් උපරිමව ගත්තා...



ඔබට ඇඳුම් අල්මාරියක් තිබේද?

ඔය අස්සෙ ඩෙනිම් 7ක් සහ ටී ෂර්ට් 16ක හිමිකාරියක් වුණ ඈන්ෂ් ලුක්ස් චී ජහ්: හෙවත් සබා අක්කි සම්ප්‍රාප්ත වුණා පාටියට... අඳින්න ඇඳුමක් නැතිව අල්ලපු ගෙදර මල්ලිගෙ ටී ෂර්ට් එකක් පන්නගෙන ඇඳන් ආපු නිසාද කොහෙද තවත් සස්සන වෙලා...

ඒත් එයා ගැන කතාව පටන්ගන්න කලින්ම රජරට පුත්‍රයා හෙවත් උදාර මදකණසංඛයාත් සම්ප්‍රාප්ත වුණා... මේ සිද්ධියත් ටුවිට් කරෙනවා කියල අපිව බයකරන්න ටී ෂර්ට් ගහගෙන ආවට අපිනං බය වෙයි ඕවට.. ඉතිං කරන්න දෙයක් නැති නිසා වෙනද වගේ නෙක්ටොත් නැති නිසා මදේ මලයා ෆැන්ටා සහ කෝක් වලින් සැනසෙන්න ගත්තා.

මොනව වුණත් ටී ෂර්ට් 16යි ඩෙනිම් 7යි ‍ඩබල් වොශ් වෙන්න දාපු වෙලේක අඳින්න කොටන් කලිසමකුත් තියෙන සබා නිසා අපේ කට්ටියට තියෙන ටී ෂර්ට් ගාන දැනගන්න පුළුවන් වුණා. රාවණාට හොඳ පිට කණපිට දෙපැත්තමයි ඉස්සරහයි පස්සයි වෙන වෙනම ගණන් කලාම යාන්තං ටී ෂර්ට් 8ක් හැදෙනවා... රජරටයාට යාන්තං අක්කගෙ ටී ෂර්ට් ටිකත් එක්ක 8ක් හදාගන්න පුළුවන්... අනිත් එවුන්ට එහෙමවත් වත්කමක් නෑ....


බුරියානි අනුභවකොට හෙටට හුරු වීම


කලින්ම ඕඩර් කරල තිබුණ නිසා වෙලාවට අපට වෙන්කරපු බුරියානි හට්ටි දෙක ආවා. සීතක්කගේ කාරුණික අනුග්‍රහයෙන් සහ අපේ අකරුණාවත්න අසහයෝගීත්වයෙන් වැඩමවුණ බුරියානි කාගන්න එකනං ලේසි වුණේ නෑ... ඒ නිසා සමහර තූති බබාලට ලොකු ආන්ටිලා බයි කැව්වා.. සමහරු ගෑරුප්පුවෙන් කන්න ගිහින් හොඳට නාගෙන හැන්දක් හෙව්වා. කට්ටිය කොයි තරම් කෑවද කියනවනම් අන්තිමේ රාවණ යුවලට රෑටත් කන්න පුළුවන් තරමට බුරියානි ඉතිරි වුණා.

කොහොමින් හරි අන්තිමේ අමරවංශයාත්, මරේත්, සබා අක්කණ්ඩිත්, නිවාඩු දාල සින්දු පාඩං කරන් ඇවිත් ඒව කියාගන්න නොලැබුණ රජරටයාත් පුද්ගලික ප්‍රස්ණයක් විසඳගන්නත් එක්ක කලින්ම ගෙවල් බලා ගියා... අනිත් උන් ටික කොල 105ක් අනාගෙන බූරුවෙක්ව හෙව්වා වතුර පොවන්න... කෝකටත් ඔය බූරුවා හෙවිල්ලේ සෙල්ලං පුරුදු වෙලා ඉන්න එක හෙටක් උදාවුණ දාක හොඳ වෙයි නේ...


සමුගැනීම


අන්තිමේ මොනව කලත් වෙන් වෙන්න ඕන නිසා කට්ටිය හවස 5 කිට්ටු වෙලා රාවණා යුවලට දණ්ඩ නමස්කාර කොරලා වැලඳගෙන සමු දීලා ආලකමන්දාවෙන් ආවා... දෙන්නෙක් කළුතර පැත්තටත් අනිත් අය කොළඹ පැත්තටත් වෙන්වෙලා ගියා..

කාලෙකට පස්සෙ ෆිට් එකේ සෑහෙන පිරිසක් එකට සෙට් වුණා... සෙට් නොවුණෙ සුදා, අංජා, ලිහිණි, නිරූපා ආන්ටි, අමිල, දුකා සහ මැරයා තමයි... ඒ වුණත් ඒ අය වෙනුවෙන් අපි හොඳට සතුටු වුණා කිව්වොත් හරි. රාවණ භවනේ පොඩි කාලෙකට වුණත් අපටත් රාඩකීය හැඟීමක් දැණුනා... ඉතිං මේ සටහන ලියවුණේ ඒ දවසේ මතකය තියාගන්න. ආයෙ දවසක කියවලා මතක් කරගෙන වාත වෙන්න.

ඒ වුණත් මේ සටහනේ කියවෙන්නෙ එතනදි වුණ, දැණුන දේවලින් බොහොම පොඩ්ඩක් විතරයි.. ඒ වෙලාවෙ දැණුන දේවල් දැණුන විධිය සහභාගි වුණ හැමෝටම හොඳින් දැණෙන්න ඇති... අවසානෙ කියන්න තියෙන්නෙ...

උපරිමයි! ආයෙ ළඟදිම සෙටාර් වෙමු!

ඉතිං අන්තිමේදි අපේ පිස්සු කෝචිචිය විසින් උඩුගත කරමින් සාදන ලද පින්තූර එකතුවට සවන් දෙන්න...


ක... කඨ්... කඨිනේ...

11.05.2010

අද උදේ පාන්දරින් කියවපු පලවෙනි බ්ලොග් එක උනේ මලී අක්කා ලියපු කඨිනේ විස්තරේ. ඒක හුඟාක් ධාර්මිෂ්ඨ විදිහට ලියවිලා තිබ්බ නිසාත්, මම දැනට හිතකින් සහභාගි වෙච්ච එකම කඨිනේ නිසාත්, කොච්චර ධාර්මිෂ්ඨ උනත් අපේ උන්ට මඩත් ඕන නිසාත් මටත් මේ දැන් ටිකකට කලින් හිතුනා "සෙට් වීම්" එකට ලිපියක් ලියන්න. ඉතින් සාධු කියපල්ලකෝ පිංවතුනී!

"කඨිනෙට වරෙව්" කියා විවෘත ආරාධනා ලැබුනේ හුඟ කාලෙකට කලින්. ඒත් වැටෙන හොර ගස් වලට දතෙන් මුක්කු තැබීම, හොර ලී ඉරද්දී කූඥ්ඥයක් ලෙස දත උපයෝගී කර ගැනීම වැනි කරුණු නිසා "දත් රාජා" නොහොත් "ලිෂාන් ප්ල්ක්ස්" (නම කියවා හක්ක නොපන්නවා ගන්නා මෙන් ඉල්ලමි.) හට කඨිනයට පැමිනීමට නොහැකි විය. එසේම බොහෝ කල් සිට ඒමට පොරොන්දු වූ අයෙකු එදින කොළඹ විශ්වවිද්‍යාලයේ Ifo++ සංදර්ශන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට සහ භාන්ඩ එකලස් කිරීමට තිබූ බැවින් පැමිනීමට නොහැකි විය. එසේම එහි පැමිණෙන අවුරුදු 8ට අඩු පාසල් ලමුන් වැසිකිලියට ගෙන යාමද ඔහුට පැවරී තිබූ රාජකාරි අතර වූ බව තාපස ආරංචි මාර්ග වලින් අපට සැල විය. එසේම ඔහුට දෙන විශේෂ උපදෙස නම් මෙය කියවා මල පන ඇඟේ ඇති ලැක්ටෝ ලේ කර නොගන්නා ලෙසය. තවද බණකට දහමකට මෙලෝ ලැදියාවක් නැති, බෝතලයට සහ සහෝදරියන්ට පමණක් ලැදි ගුදම් මරේ පෙර සිටම දැනුම් දී තිබූ පරිදි එහි නොපැමිනි අතර ඒ අසා ඔහු විවාපත් ඔහුගේම සහෝදරිය වූ "අන්ශ් ලුcක්ය් ස්‍රි ජය්" ද මේ අවස්ථාවට නොපැමිනීමයි. අනේ ඉතින් උන්ට එපා නම් අපිට මොකෝ පිංවතුනී, සාධු කියහල්ලකෝ!

කඨිනෙට කලින් දින අප එහි රැස් විය. අප යනු හරේ, ලසිත, සංජි අක්කා සහ මා වන අතර, එහි යනු අපගේ මූලස්ථානය වන මලී හෝම් හීදීය. පෙර දින නින්දක් නැතුව වැඩ කන්දරාවක් නොකල අප වල් පල් දොඩවමින් සිටියෙමු. අවසන පැයක කෙටි නින්දකින් ඇහැරී ගෙදරම දෙවනත් කරමින් සමහරු සුදුෂර්ට් සෙවූ අතර සමහරු දිග කලිසමක් සෙවූහ. තවත් සමහරු අත් බෝම්බයක් ගිල්ලාක් සේ නිසොල්මන්ව සිටියේය.අනේ වාසනාවන් එක් අයෙකු පමණක් තනිකර සුදු පාටින් සැරසී මල්ලි ඇඳපන්, මල්ලී ඇඳපන් යැයි කෑගසමින් සිටියාය. "එයාට අපි සංජී කියලයි අමතන්නේ. . .". සමහරු පන්සලට තිබෙන්නේ පොඩ්ඩ දුරක් බැවින් සෙරෙප්පු නොදා පෙරහරට පැමිණි අතර, පසු දින උදෑසන පෙරහැර මාර්ගයේ බොහෝ සතුන් පිරිසක් ඔහුගේ දෙපා වලින් ගලා ගිය පැණින් මත්වී සිටිනු සුපරික්ෂාකාරී දෑසකට දැක ගත හැකි විය.තවත් අයෙකු කඨිණ පෙරහැර සහ Light Circus යන දෙලොවෙහි අතරමං වී සිටි අතර ඒ අතරමං වීමම නිසා සාමාන්‍ය පෙරහැරට වඩා දුරක් ඔහු දුවගොස් සිටියේය.



තවත් අයෙකු ඕං වැන්දා මේං ගියා න්‍යායෙන් ෂේප් එකේ පරණ පුරුදු අයිස් රස්සාවම කරගෙන ගිය අතර, අනෙක් ඇත්තී කුඩ ඉහලමින් චීවරයට හිස තියමින් අපිටත් එසේ කරන ලෙස කියමින් ශ්‍රද්ධාවෙන් ඇවිදිමින් සිටියාය. අනේ ඉතින් කඨින ගෙයි උපන් ඇත්තී හැම කැමරාවටම සිනා වෙමින් ලාවට කුඩයක් උස්සා ජාමේ බේරා ගත් අතර නිවසට පැමිණි විගස අලියා පොලවේ ගැහුවා සේ හාන්සි පුටුවේ හොත්තේය. ඉතින් මලහත්ඉලව්වේ ආපහු ආපහු කියන්න බෑ යකෝ, පිංවතුනී සාධු කියපල්ලකෝ!

එදින සහ පසු දිනද අප සෙට් උනු අතර එය හුදෙක් සාමාන්‍ය මඩ සෙට්වීමක් නිසා ඒ සම්බන්ධව මෙහි නොදමන අතර ඉහත කියන කඨින පෙරහැර නිසා බිඳක හෝ පිනක් මා හට අත් වී නම් ඒ සියල්ල එදින උපන් දිනය සැමරූ මගේ ගෑණිටම අත් වේවායි මා සිතින් පැතුවෙමි. ඒකට උඹලට ඕනනම් විතරක් සාධු කියපන් පිංවතුනී!


අපි @ BMICH

10.02.2010



කාලෙකින් කවුරුවත් ලියලා නැති හින්දයි මං තාම එකක්වත් ලියලා නැති හින්දයි මං හිතුවා නොදන්න අපේ අයගේ දැනගැනීම පිණිස අපි අන්තිමට සෙට් වෙච්චි පොත් ප්‍රදර්ශනේ දවස ගැන සුට්ටක් ලියලා තියන එක හොදා කියලා..

ඔන්න ඉතිං මේල් හරහා කතා කරලා කරලා අන්තිමේ අපි 24 සිකුරාදා උ‍දේ 10.00ත් 10.30ත් අතර වෙලාවෙදි එක්සිබිශන් හෝල් එක ඇතුලෙදි සෙට් වෙන්නනේ හිටියේ.. හැබැයි ඉතිං වෙලාව කියන්නේ 24 වෙනිදා පටන් ගත්තෙම දවස පුරා පවතින තත්වයේ වැස්සකින්.. ඒත් ඉතිං වැස්සකට පුළුවන්ද අපිව නවත්තන්න.. ‍කොහොම කොහොම හරි පැය පැය පරක්කු වෙලා මං 12 ට විතර අපේ මෑණියැන්දැ එක්ක ප්‍රදර්ශණ භූමියට සේන්දු උනා..

මඟදිම සබා මෑණියෝ වැඩියා කියලා මැසේජ් එකක් ඉර්දි බලෙන් වගේ වැඩියා.. අබාට කැම්පස් එකෙන් එළියට බහින්න බැරි තරමේ මහා වැස්සක් වහිනවා කිව්වට ඒ වෙලාවෙම තුන්‍මුල්ලේ හිටි හරේ ට නම් මල්වැස්සක් වගේ ලා වැස්සක් ඇරෙන්න මොකුත්ම නෑ කිව්වා.. අනේ මන්දා ඉතිං කවුරු ඇත්ත කිව්වද කවුරු බොරු කිව්වද කියලා නම්..

දැන් ඔන්න මායි අපේ මව් තුමියයි අපේ කස්ටිය හොයාගෙන හොයාගෙන යනකොට එකපාරටම සෙනග මැද්දෙන් පූංචි අලි පැට්ටෙක් වගේ බිංදුවක් ඇවිත් ඇගේ ගෑ‍විගෙන ගියා.. ඕක දැක්ක එකේ ඉලක්කමකට පොඩි ජේ එකක් වගේ එකක් ඇවිත් අනේ අපේ ඇගෙත් පොඩ්ඩක් හැප්පෙන්නකෝ කියපී... :-S ඔය අස්සේ අනිත් ඔක්කොම කුඩ ඉහලන් ඉද්දි රැස් වලල්ල මුවා වෙයි කියන බයට අපේ සබා මෑණියෝ තෙමෙනවා හෝ ගාලා.. පුළුවන් කමක් තිබ්බනම් මම ‍ඒ වෙලාවෙම එතුමියගේ කණ්නාඩි කුට්ටමට වයිපර් දෙකක් හයි කරලා දෙනවා ඇත්තමයි..

ඉතිං පොත් වලට පෙර කෑම කියලා කට්ටිය පැය බාගයක් විතර හිටගෙන කන්නේ මොනාද කියලා සාකච්ඡා කරලා කුසගින්නෙම ප්‍රදර්ශණ භූමියට සැපත් උනා.. මුලින්ම අපි නම් ගියේ විදර්ශන කුටියට.. එතනදි ගත්ත බොබ්මාලේ ගේ පොතට පෝස්ටර් එකක් ලැබෙනවාලු.. දැන් ඔන්න පොත ගත්ත කෙනාට තව පෝස්ටර් එකක් ඕනී උනා.. ඔය අස්සේ තව කෙනෙකුට පොත නෙවෙයි පෝස්ටර් එක විතරක් ඕනි උනා..මම එතනම ඉදගෙන පාඨක සමාජේ ෆෝම් එක පිරෙව්වා.. මට ඇහෙනවා හරී අහිංසක හඩකින් කෙනෙක් කියනවා..."මං ගිය සතියේ පොත් ගත්තා මට හම්බ උනේ නැහැ නේ පෝස්ටර් එකක්.." ඔය ලණුව කෑව පොත් කඩේ අක්කත් හානේ ඇත්තද මල්ලි එහෙනම් ඉන්න තව එකක් දෙන්න අපෙන් වැරැද්දක් වෙලානේ.. කියද්දිම අර මාර්ලි ගේ පොත ගත්ත පොර "මචං උඹත් පොත ගත්තද...?" කූජීතයි... පුදනකොටම කාපී යකා කිව්වලු.. හොද වෙලාවට අක්කට මීටර් නෑ.. ඉතිං එක පොතට පෝස්ටර් තුනක්ම අරන් කට්ටිය එතනින් එළියට ආවා..

ඔය වගේ පොඩි පොඩි ජොලි කතා ගොඩක් උනාට පස්සේ අන්තිමටම මායි.. අපේ එකයි.. බිංදුවයි ගියා සංහිද එකට පොතක් ගන්න.. ඔය අස්සේ අපිත් එක්ක හිටි ජෝඩුවක් ම්හු.. හොයා ගන්න නෑ.. උන්ව හොයනවට‍ වඩා ඉතිං පොත් ගන්න එක වටිනවනේ කියලා පොත් බලද්දි මෙන්න අර ස්ත්‍රී පරානේ නලාව පිඹගෙන එනවා..."මචං අරූ මාව වෙන දිහාවක එක්ක ගියානේ.. උඹලා මෙතනද.. " අපොයි.. මුළු පලාතෙම හිටි මිනිස්සු අපි දිහා බලනවා.. කොහෙන් ආව වනචාරී ටිකක්ද කියලා.. ඒකත් හරි කියමුකෝ.. සංහිද එකේ ඉදගෙන ඒකේ අයිති කා‍රයගෙම පොතක් අරගත්තට පස්සේ එතන ඉන්න මිනිස්සු ඉස්සරහම හපෝ ඕකත් ගත්තද ඕක මෙලෝ රහක් නෑ යකෝ.. මොකටද ගත්තේ කියලා කියන එක ටිකක් අප්සට් වගේ උනාට එහෙමම කියන්න තරම් පොරවල් නේ ඉතිං ඉන්නේ..

එතනින් පොත් ගැනිල්ල ඉවර උනාට කෑම බීම ඉවර උනේ නැහැනේ.. ඉතිං එම් සී එකට ගොඩ වැදිලා කට්ටිය උදේටයි දවල්ටයි හවසටයි තුන් වේලම එක වේලට කාලා අයිස්ක්‍රීම් එකකුත් දෙසා බාලා අපි අරගත්ත පොත් පත් ටිකත් උස්සගෙන ගෙවල් බලා සතුටින් විසිර ගියෙමු..

ප.ලි - නොගිය අයට මේකේ සමහර තැන පැටලිලි සහිත ඇති..සොරි තමයි.. ලිව්වේ මම නේ..හික්.

  • අනිත් අය කිරිපැකට් අතට ගන්නත් කලින් බෝතලයක්ම බීලා ඉවර කරපු අයත් ඔය අතරේ හිටියා.
  • කොල්ලුපිටියෙන් බහිනවා කියලා බස්එකේ කොටුවටම ගිය අයත් හිටියා.
  • ගෑණියි පොතුයි තෙමුනත් කමක් නෑ මාර්ලිගේ පොස්ටර් තෙම්මන්න එපා කියපු අයත් හිටියා.
  • මහ වැස්සේ තෙමි තෙමි හොට් නෙස්කැෆේ නොබී කූල්ම ඕනි කිව්ව අයත් හිටියලු... හැබැයි මං නම් එක් හරියටම දන්නේ නෑ...

Fit එකේ Set එක

8.24.2010

      කට්ටියම සෙට්වෙලා වැඩි තරමට පෝස්ට් ලියන්න වෙලාවක් නෑ වගේනේ. මෙන්න ඒක හින්දා මගෙන් එකක්.

 සිංහල බ්ලොග් අස්සේ අපි කිහිප දෙනෙක් ගල් බෝතල් ගැන, සිගරට් බොන කෙල්ලෝ ගැන, තෝසෙ ගැන,කාපු බීපු තැන්, වයින් එක්ක ජීවත් වෙන හැටි වගේ දේවල් කතා කරනවා මීට අවුරුද්දකට විතර කලින්. ඒ කතා අස්සේ කවදාවත් හීනෙන් වත් නොදැකපු අය තමයි හිටියේ. ඒත් බ්ලොග් එකක් අස්සේ කොමන්ට් එකක් දාලා හරි අපි සෙට් වෙමු කියන්න තරම් අපි පොරවල් උනා. ඒ පොර කතා කොයි තරම් ද කියනවා නම් කවදාවත් හමුවෙන්න හිතාගෙනවත් නොහිටි අපි ටෙලිෆෝන් කෝල් එකෙන් දෙකෙන් බොහොම කෙටි දැනුම් දීම් වලින් එකම දවසක සෙට් වෙනවා. කිහිප දෙනෙක් හැර අපි අනෙකාව කලින් දැකලා වත් තිබ්බේ නෑ. ඒත් ඒ හමුව තරම් අපේ ජීවිත මේ මෑත කාලයේ වෙනස් කරපු කිසිම දෙයක් තිබුනා කියලා මතකයක් නෑ. එදා දවස පුරාම අපි හිනාවෙන් කතාවෙන් ගෙවලා දැම්මට මොකද අපි හැමෝටම අපි අපිව කාලයක් තිස්සේ දන්න කියන අය වගේ දැනිලා තිබුනා කියලා තමයි හිතුනේ.
    එහෙම නොවුනා නම් මේ වෙද්දි අහිංසක පොඩි බබා වගේ හිටපු කෙනෙක් ඕනෙම පොරක්ව වචන දෙකෙන් මියුට් කරන ලොකු මැරයෙක්වත්, ඒ මැරයා කියන දේවල් තවත් තත්පර දෙකකින් ක්‍රියාවට නංවන උප මැරයෙක්වත්, මට අනුව මම පොරක් කියන කෙනෙක් පුංචිම පුංචි දේටත් අඬන පොරක් වෙන්නවත්, ගල් ගැනම කියවපු මරණය අතින් අරන් ආව එකෙක් ප්‍රේමවන්තයෙක් වෙන්නවත්, පින්තූරයක් දිහා බලලා තත්පරෙන් කවි ලියලා මම අහවලා කියපු එකා එක පාරට රාවනා වෙන්න වත්, රට පුරාම තියෙන කෑම ටික කාලා අලියෙක් වෙලා හිටපු කෙනෙක් බිංදුවෙක් වෙන්නවත්, ආන්ඩුවේ කන්තෝරුවකට වෙලා අයිස් ගහපු පොරක් මඩාරේ වෙන්නවත්. අර මැණික් හොය හොයා හැම තැනම යන චූටි මහත්තයා ණළ දත් වෙන්නවත්, රජරට පරම්පරාවේ වැව් අමුණු එක්ක ජීවත් වෙච්ච පුරාණයෙක් කණමදයෙක් වෙන්නවත්, පිටස්තරයි කියලා හැමෝම හිතන් හිටපු එක්කෙනෙක් ලැක්ටෝජන් විතරක්ම බොන කිරි හාවෙක් වෙන්නවත්, අනිවා ඩෙෆා වෙච්ච එකෙක් කරෝල වෙන්නවත්, ට්‍විටරේ ආත්මෙම කරගත්ත කෙනෙක් වාලම්පූරි කෙනෙක් සබා මෑණියෝ වෙන්නත් කොහොමටවත් විදියක් නෑ. 

      ඔය අස්සේ එකම ඉස්පිරිතාලෙක අවුරුදු පහෙන් පහට ඉපදුනු අයත් ඉන්නවා. ඒ විතරක්ද කන්න ගියාම ගල් විතරක් නොකන එවුන්ද මහ ගොඩාක් ඉන්නවා. ඇයි ඒ විතරද කැමරාවක් අතේ තිබුනාම ඉමක් කොනක් නැතිව අරහෙට මෙහේට ෆොටෝ මරපු එවුන් එහෙමත් බොහොමයක් ඉන්නවා.( ඔය අස්සේ දෙකට ගනින්න බෑ කියලා හිතන් හිටපු සුදු පුතාල උනු අය adults only බලන අය එහෙමත් වුනාලු.) උදේ අටට පටන් ගත්තාම එක දිටට පැය 40ක් විතර සිංදු කියන එවුන් හෙම. අම්මෝ ලිස්ට් එක හෙන දිග වෙනවා නේ. 

  හිතන්න පුළුවන්ද මොනවා හරි අවුලක් උනු ගමන් මේ අය මේ වෙද්දි එකිනෙකාට මරණීය තර්ජන කරන්න තරම් මේ අය දියුණු වෙලා. එහෙමත් නැත්නම් අනෙකාගේ ලෙඩකදි දුකකදි ඒ වෙනුවෙන්ම කැප වෙලා බලා කියාගන්න තරම් සමීප වෙලා. මේ කියන අය මීට මාස කිහිපයකට කලින් නිකම් නිකම් බ්ලොග් අස්සේ කොමන්ට් එකක් දාපු අය විතරක්ම වෙලා අද වෙනකොට මේ තරම් දුරක් ඇවිත් කියලා හිතනකොටත් හිතට දැනෙන්නේ හරිම පුදුමයක්. ඒ වගේම තවමත් මිනිසුන් එක්ක ජීවත් වෙන්න ඒ අස්සේ ඒක රස විඳින්න පුළුවන් කියලා දැනෙන එකයි හරිම නිදහස්.
  මෙහෙම සෙට් එකක් සෙට් වෙන්න ෆිට් එකට හදා ගත්තු තැන තමයි මේ. ආයේ ආයෙත්, අපිට අමතක නොවී ඒ මතක ආපහු දවසක කියවන්න මේ දේවල් සටහනකට ගේන්නම ඕනේ කියලා හිතලා ලියන සටහනක් තමයි මේ.

ආයෙත් යලිත් නැවතත් සෙට්...

8.15.2010

මෙය හුදෙක් අපි තාම ෆිට් එකේ සෙට් වෙන බව කියන්න ඕන කමට ලියන දෙයක් මිසක් වෙන කිසිම උවමනාවක් වෙනුවෙන් ලියන එකක් නෙවෙයි.

ඉතිං ආයෙත් ටිකක් දුරක ගිහින් ලුණු වතුර නාල කරල සෙට් වෙන්න දාගත්තු ට්‍රිප යන්න පෙරුම් පුරන සතියක් හෙටින් උදා වෙනව. ලබන සෙනසුරාදා පාන්දරින් පිටත් වෙලා වරුවක් සුරාවෙන් සහ ජලයෙන් පෙඟිල තෙත බරිත වෙල ගෙවන්න ඉඩක් ලැබෙනව. මාසයක් පුරා නොදැකපු මූණු ටික පෙනි පෙනී අහක බලාගෙන එක එකාව බයිට් කිරීමේ මහා ගුවන් විදුලි සංවාදය ගුවනට මුසු වෙනව. හිතන විධියට රජරටින් නැතත් ඔය ලංකාවෙ අල ගිය මුලගිය ගායක ගායිකාවො සෙට් එකකුත් එදාට අපිත් එක්ක සෙට් වෙනව. ඇයි ඒ මදිවට අර කඩදාසි මිටි වල රැඳිල හිත පුරා විහිදිල ඇඟට කා වැදුණු ලියන්නො සෙට් එකක් අපිත් එක්ක එකතු වෙන්නයි ඉන්නේ... එයාල ගැන හොඳටම දන්න පිටස්තරයෙක් නම් පිටස්තර බව දන්වලත් ඉවරයි...

ඉතිං මං බලාගෙන ඉන්නෙ අංජාට පස්සෙ අපේ නව ඔපීසියල් කැමරා සිල්පි බිංදු මහත්තයගෙ නූතන රූපලාවන්‍ය ටෙක්නොලොජිය මාර්ගයෙන් අවුවෙ කරවුණු පොත්ත ටිකක් සුදු කරගන්න...

ගෙනියන්න ප්ලෑන් කරල තියෙන බෝතල් ටික මදි වෙල මුහුදු වතුර ගොජ ගොජ ගාල ගුදම්කරණය කරන මරණයේ සේයාව දැකගන්න...

අදත් එදත් හෙටත් කවදත් කතාබහක් නැති, නමට විතරක් ඕන ට්‍රිපකට එනව කියල පොරොන්දු වුණ නිසා අපිත් එක්ක එන්න සෙට් වුණ, ගැමුණු පරම්පරාවෙන් එකෙක් ඉන්න නිසා ධාතුසේන පරම්පරාවෙන් පැවතෙනවාය කියල පම්පෝරි ගහන අසංගායකයානන්ගෙන් ෆෝන් සින්දු අහන්න...

හැමදාම හොඳම බයිට් හදල දුන්නත් බයිට් වෙන්නෙ නෑ කියල හිතාගෙන ඉන්න මල් ඉත්තක් බයිට් එකට ගන්න...

අළුත්ම කෘෂි සහ පතල් කැණීම් උපකරණ සමාගමක හිමිකාරයෙක් වුණ අවිස්සාවේල්ලෙ ලොකු මහත්තය කිව්වම කවුරුත් දන්න පැතුමක් පතන්න...

ලොකු බඩක් තියෙන, නෙට්වර්ක් වයර් එකක් ඔතාගෙන විලි වසාගත්තු චරිතවත් පුද්ගලයෙක් සහ ඒ වයර් එකේ කොන ප්ලග් කරල තියෙන එයාගෙ හරිම බිසී නංගිව බලන්න...

බුදුන්ට පස්සෙ දුෂ්කර ක්‍රියා අත්හදා බැලීමේ රුදුරු ආසාවකින් පෙලෙන ඒ වෙනුවෙන් මාස කීපයකට වරක් දැඩි වෙහෙසක් ගන්නා අතරම හදි හූණියම් දෙහි කැපිලි තොවිල් වස් කවි වලට ටුවිටරේ ඇඩ් දාන සාත්තර අම්මණ්ඩිට කියල කේන්දරේ බලවගන්න... (බුදු අම්බෝ...)

එනවා එනවා කිව්වට තාම සුවර් නැති මයිනෙක්ගෙන් කට්ට කළු වීඩියෝග්‍රැෆි පාරක් දාගන්න....

අරක්කු වලින් නොනැවතී ඕනම දියර වර්ගයක් වහාම උරාගන්න පුළුවන් හැකියාව ගැන ප්‍රකාශ විද්‍යාවෙන් සමීක්ෂණ වල යෙදෙන බ්ලොටින් පේප‍රයක් මුහුදට දාල මුහුදු වතුර මට්ටම ඉහල යාමේ ලෝක අර්බුදයෙන් ලෝකය බේරගන්න...

ට්‍රිප ආවෙ නැතත් අවුරුදු හැට පහක ඩබල් පොරක් කියල හිතාගෙන ඉන්න මැරයෙක්ට කෝල් එකක් දීල වැඩිය දඟලන එවුන් මට්ටු කරන්න...

හැමදාම අපේ සෙට්වීම් ආදරෙන් බාරගත්තු, ඕනම වෙලාවක නෑ බෑ නොකිය විවෘත වෙලා ඉන්න අපේ වැඩිහිටි යාළුවො දෙන්නට එයාලගෙ තරුණ කාලෙ මොහොතවල් මතක් කරවන්න...

හ්ම්.....

මම දන්නව මේ සේරම මගේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා කියල... ඒක එහෙම වෙන එක සධාරණයි... මොකද මුන් සේරම බලාගෙන ඉන්නෙ ට්‍රිප ගිහින් ඇවිල්ලත් මම ඒකෙන් ගැලවෙන්න බැරිව මඩ නානව බලන්න...

දුකකින්

7.17.2010

සෙට් වෙනු පිණිස ඇරඹුනේ අප අපටමය. බොන්නට කන්නට මඩට හැඩට හදාගත්තු අපේ සෙට් එකේ එකියක අද දුකිනි. අයෙකුට තත්වය එතරම් බරපතල නොවන්නටද පුලුවන. එහෙත් දින තුනක් කල ආශ්‍රයෙන් පසු මෙය මෙසේ ලියැවෙයි.


ලක්ෂ්මන් අන්කල් කියන පරිදි ඈ දෙවන දුවය.
එහෙයින් නව වියැති ඈ මලී ට නැගනියකි.
එහෙයින් ඈ හරේෂ් ගෙන් නෑනා පදවි ලත්.
ගත කල දින තුනක කාලය තුල ඈ මටත් ආගන්තුකයාටත් ලිෂාන්ටත් අසංකා අක්කටත් හොඳ යෙහෙලියක වූවාය.
හිතවත්කමද ලැදියාවද අනෙකුත් මානුෂික බැඳීම මත අපගෙන් අප පවුල් වලට මෙතරම් නොලැබී තිබෙන්නට ඇත.

ඈ ගැන නිවසේ කතාවකදී අම්මා කිව්වේ මලී අක්කගෙන් අහලා බලන්න පැටියෙක් ගන්න බැරි වෙයිද කියලා ය.

අන් ස්ත්‍රියක් කල වැරද්දකට මින්පසු "පට්ට බැල්ලී" කියා නොබැනීමට ඈ මට හොඳම හේතුව වන්නේය.

මගේ ආගමට අනුව ඇයට නිවන් සුව පතමි.

හදිස්සියේ පද ගැලපූ මෙය ඈ වෙනුවෙනි!

ඇඟ කලුවට නිය දුඹුරින් පෑහෙන්නා
පවුලට මිතුරනට දයාව වෑහෙන්නා
මතු අත් බවට ඔබ කල පිං ඇති වෙන්නා
සෙට් වෙනු පිණිස අපි ඔබ හට පෙම් වෙන්නා

සොඳුරු මිතුදම් ගොඩක් මැද්දේ වරුවක් ගත කළෙමි..!

7.16.2010

රංගී අක්කා මේ සැරේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලොකු කාලෙකට.., ඒ කියන්නේ මාස තුනකට විතර.., ඇවිල්ලා මාසයක් ගෙවුනත් පුදුමෙ කියන්නේ මට විවිධ හේතුකාරණා නිසා ඇයව හමුවන්නට බැරි වුනා. සචී අක්කා හෂිත අයියාලා එක්ක සොකරි නාඩගම් බලන්න ගිය දවසට පහුවදා අපේ මුචා, ආගන්තුකයා, පිටස්තරයා, රංගී අක්කා, මලියා සහ හිතාදර නොදරුවා හා මරේ එක්කාසු වෙලා පවත්තපු සාදයටත් පොල්ල තියන්න වීම නිසා මට ඒ කට පිං සිද්ද වෙන්න නොසෑහෙන්න බැණුම් හා විවිධාකාර කරදර වලට මූණ දෙන්න සිද්ධ වුනා.., කොහොමින් කොහොම හරි අපේ සෙට්වීම් සමූහය ඇතුලේ තව ගමනකට ලැහැස්තිවෙන්න බිම් සැලසුම් අඳින්න වැඩ කටයුතුත් පටන් ගෙන තිබුනේ.., අන්තිමට ම දිනයකුත් සෙට් කොරා ගත්තා. ඒ තමා මැයි පළමු වෙනිදා හෙවත් ලෝක කම්කරු දිනය හෙවත් වැඩකරන පරම්පරාවේ දවස.., ඊමේල් සීයයේ මේල් ත්‍රෙඩ් තුනකට පසුව අවසානයේ මැයි පළමුවෙනිදා හෙවත්  අපේ පික්නික් දවස උදා වුනා.
29529_1184918962935_1827109480_368722_7062048_n
මේල් ත්‍රෙඩ් එක ඇතුලේ කතා කරගත්තු පරිදි හැකි අය ඊට කලින් දවසේ රංගී අක්කාගේ ගෙදර ට ගිහින් නැවතිලා හිටියා.., සචී අක්කා, සුදාරක මල්ලී හා මලී එන්නට ලැහැස්ති වෙලා හිටියත් අවාසනාවකට  සුදාරක මල්ලිට එන්නට නොහැකි වුනා, විවිධ කටයුතු නිසා සචී අක්කාටත් මේ ගමන එන්න බැරි උනේ අවාසනාවකට, ඒත් මලී කලින් දවසේ රාත්තිරියේ රංගී අක්කාගේ ගෙදර ඇවිල්ලා උයලා දීලා ගිහින් තිබුණ නිසා අපි හැමදෙනාටම පහසුවක් උනා.., මලී නංගී ගොඩාක් ස්තූතියි උඹ මේ වගේ කෑම හදලා අපි කට්ටියට ම දීපු උදව්වට.., හරිම රසට පිරිසිදුවට උයලා දීපු එක ගැන කොහොම නොලියා ඉන්නද.., ඊළඟට අපේ පිටස්තරයා බොහෝම මහන්සී වෙලා හදලා ගෙනාපු රසම රස මඥ්ඥොක්කා එක ගැනත් කියන්නම උවමනායි.. සුපුරුදු විදියට ගහකට උනත් මුල ඉඳන් නගින්න ඕනේ කියන කතාව නිසා.., මුලින් ම අපේ ගමන ගිය අය ගැන කියන්නම උවමනා වෙනවා.
මෙන්න කස්ටිය..
29452_118131958215690_100000566604861_199111_1442254_nරංගී අක්කා.
ආගන්තුකයා.
පිටස්තරයා.
මරණේ.
අංජන.
ලිහිණි අක්කා.
නිරූපා මැඩම්.
අසංග.
මේක ලියන මම.
අවසාන වශයෙන් මුචා හෙවත් මුචලින්ද.

එද්දී තලවතු ගොඩින් අපේ යථාර්තයට ඔබ්බෙන් ඉන්න අංජන වාහනේට දාගෙන මගින් පිටස්තරයා හා මුචාව කොට්ටවෙන් සෙට් කරගත්තා.., ආගන්තුකයා අසංග හා මරේ තුන් දෙනා වාහනේට එකතු වුනේ රංගී අක්කාගේ නවාතැනේ ඉඳලා.., ලිහිණි අක්කා හෝමගමින් ද නිරූපා මැඩම් පන්නිපිටියෙන් ද සෙට්වෙලා තමා ඔන්න එන්න පටන් ගෙන තියෙන්නේ.., අවසානයට දෙයියනේ කියලා උදේ නවය වෙන කොට අපේ ගෙදරට කස්ටිය ඔක්කොම ආවා.., අපේ ගෙදරදී චමිලයා හදාගෙන ආපු මඥ්ඥොක්කා, සම්බෝල, බිත්තර සහ පාන් එක්ක කට්ටිය කන්න සෙට් උනා..,
30492_118506844844868_100000566604861_200996_2128508_n 29529_1184918482923_1827109480_368711_5287788_n
අවසානයේ අපි කට්ටිය ඇල්ල බලා පිටත් වෙනකොට හරියටම දහයට විතර උනා. එහිදී මගින් අහගත්තු තොරතුරු වලට අනුව එක ඇල්ල ඇලි තුනක් බවට පත් වුනා.., ඒ දඹෝර ඇල්ල, කුමාරි ඇල්ල [වල], රන්මුතු ඇල්ල, මුලින් ම හමු වුනේ කුමාරි ඇල්ල ඒත් එහි මිනිස්සු වැඩිපුර සිටීම නිසා අපි අවසානයේ නැවතුනේ රන්මුතු ඇල්ල ගාව..,
ගිහින් ඇඳුම් මාරු කරගෙන එහෙම ස්ටෙලා වෙන්න ලැහැස්ති වෙන්කොට අපි හිටියේ දවල් දොලහට පැය භාගයක් පිටිපස්සෙන්.., වෙලාව නොදැනිම ගියා එකොලහමාරට වතුරට බැහැපු කට්ටිය ගොඩ දවල් කන්න ගොඩ එද්දී හවස තුනහමාරත් පහුවෙලා..,
29529_1184920642977_1827109480_368752_2458839_n
29529_1184982204516_1827109480_368809_3722444_n
එහිදී අපි හදාගෙන ආපු බත්, කට්ලට්, ඌරුමස්, කුකුල් මස්, වම්බටු මෝජු හා පරිප්පු එක්ක තරු පහේ කෑම වෙලක් ලබා ගන්නකොට අපි වටේට වෙන වෙන පැති වලින් නාන්න කරන්න ආපු අය යන්න ලැහැස්ති වෙනවා.., හවස හතරයි කාලට විතර අපේ සියලු දෙනාගෙම ආහාර අනුභවය අවසාන වීමත් සමඟම ආපහු අර ගලායන වතුර කඳ දිහා බලාගෙන ඉන්න බැරිම තැන වතුරට ආපහු බැස්සා..!
30492_118549621507257_100000566604861_201283_5416322_n
ගොඩ එනකොට පහ පසුවී විනාඩි පනහක් වෙලා.., කොහොමද ජල කෙලියේ තරම..! ඒත් එක දෙයක් කියන්න තියෙනවා.., ගෙදරට පොරොන්දුවක් වෙලා ආපු නිසා මුචා නාන්න ට එක්කාසු උනේ නැහැ.., එහෙත් බයිට් එක ඩයට් එකට ගනිමිනුත්.., මගේ අසරණ පැන්ටා කුප්පිය ට වැඩ දීමෙනුත්  තම යුතුකම් කොටස මැනෙවින් ඉටු කලා..!
අන්තිමට හයයි කාල විතර වෙනකොට අපේ ගෙදර ඇවිත් ගෙදර තේ පැන් සංග්‍රහය භුක්ති විඳලා යනකොට ගොඩක් හවස් වෙලා..!!!
30492_118548558174030_100000566604861_201259_5666175_n
එක දෙයක් නම් කියන්න උවමනාමයි.., මේ ගමන යන්න සංවිධානය කරන්න රංගී අක්කා ගොඩාක් මහන්සි උනා.., ඒ නිසා මේ ගමන නිසා යම් සංතොසයක් ලැබුවානම් ඒ ලැබීම ගෞරවයෙන් සීයට අසූවක් වත් ලැබෙන්න ඕනි ඇයට..! අනික මුචාර්ට නම් තැබීම උත්සවය නිසා අපි ලැබූ විනෝදයත් සුලුපටු නැහැ..!
වැඩිපුර විස්තර උවමනා අයට මගේ , අංජනගේ හා මුචාගේ මූණු පොත් පිටු වලින් අපි ගත්තු පිංතූර කතා බලා ගන්නට පුලුවන්.


http://rasthiyadukatha.blogspot.com/2010/05/blog-post.html

සවාරියට පසු වදනක්....

(මේක මගේ සටහනක් නෙවේ. ඒත් මේක මගේ බ්ලොග් එකේ දාගන්න මට හිතුනා. මේ සටහන මම ගන්නේ හොරෙන් වගේ...හොරෙන්මහ් නෙමෙයි ඉතින්... ඉතිං සොඬුරු දවසක මතක හින්දා ඔන්න මම මේක මගේ දුප්පත් බ්ලොග් එකේ දාගන්නවා...)


      බ්ලොග් එකට දාන්න ඕනේ එකක් උනත් බොහෝ දෙනාගේ හිත සුව පිනිසත්, අපිට කරදයක් නැතුව ටැක්ටර් පිටින් මඩ බාන්න අවස්ථාවක් ලැබෙන නිසාත් මේකටම දානවා. :-D

මුලින්ම ඉතින් අපිව මේ වගේ ගමනක් එක්කන් ගියාට රංගිට පින් සිද්ධ වෙන අතර මේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් ලබන ආත්මයේ වැඩි වැඩියෙන් නාන්න ලැබේවා කියලා පතනවා

ඉස්සෙල්ලම මන් මේ ට්‍රිප් එක ගිය අයගේ ලැයිස්තුව සංශෝධනය කරනවා.

  • චමිල ‍කොටා     ආවා
  • බේබදු ආගන්තුකයා    ආවා
  • මැරංගි ආවා
  • මුචලින්ද හඩ්ඩා   ආවා
  • අහිංසක මරේ   ආවා
  • පොලු සුදාරක   නෑ (උඹත් ආවානම් ආයි ජීවිතේට ට්‍රිප් යන්න දෙන එකක් නැහැ අපි එනකොට ඩිංගක් රෑ උනා. මාත් ගෙදර යනකොට රෑ 10 පහු වෙලා)
  • ලිහිණි කූල් ආවා
  • බත්ඕවිට ආවා
  • අනිවා සමග ඩෙෆා නැතුව අන්ජා ආවා
  • නිව් නිරූප ආවා
  • හිත හොඳ මලී  නෑ (හිත හොඳ නැත්තනම් ට්‍රිප් එක එන්නේත් නැතුව ඇවිත් අපිට බයිට් සහ කෑම හදලා දෙයියෑ.මලී ආපු නැති එකත් හොඳා. මොකෝ මුන් 6ට කොට්ටාවට එන්න තියා තව ඩිංගෙන් 6ට වතුරෙන් එළියට ගන්නවත් බැරි වෙනවා. )

අපි ඉතින් යන්න පිටත් උනේ පළවෙනිදා උනාට ඊට කලින් දවසේ ඉඳලම ස්ටෙලා උනා ලාවට හීනියට. මලීගේ රස කෑම එක නම් නියමයි. හරේ උඹට නම් දෙයියනේ කියල රසට බයිට් එක නම් හදෝ ගන්න පුළුවන් (හැබැයි උඹට පහුවදා උදේට පොඩ්ඩක් Bidet Shower එක වැඩි පුර වෙලා අල්ලන් ඉන්න වෙයි සමහර විට).

හැමදාම කොහේ යතත් අනිවා සහ ඩෙෆා ආවත් මෙදාපාර උන් දෙන්න නැතුව අන්ජා ඇවිත් තිබ්බා.

උදේට අපේ පිටස්තරයා ලඟ තිබ්බ වත්තකින් රෑ තිස්සේ හොරෙන් උගුල්ලපු මඤ්ඤොක්කා, ලිස් අමාරුවෙන් දාපු බිත්තර දාලා හදපු බිත්තර හොදි , පොල් සම්බෝල සමග පාන්, ලිස් ලෑ ගෙදරදි.

දවල් කෑමට කුකුලා සමග පරිප්පු, බයිට් එකට ඌරා, අපිත් එක්ක යන්න ආවේ නැතත් මලී ගානේ. හඩු රචියාගේ දෙමාපියන්ට පින්සිද්ද වෙන්න වම්බටු මෝජුවකුත් ඒකට එකතු උනා.

ලිස් බිව්වේ නැතත් බයිට් එකට කට්ලට් නම් අරන් ඇවිත් තිබ්බා. ඒකා අමුවෙන් (වෙල් නැති) ෆැන්ටා මෙගා බෝතලයක්ම ගැහුවා මන් උන්නා ඒකට ඩෝප් වෙයි කියලා ඌට

අපරාදේ කියන්න බැහැ අපේ ලිස් ලමයා අලි බත් හට්ටියක් නෙමෙයි පෙට්ටියක්ම හදාගෙන ආවා. පෙට්ටිය එසේ මෙසේ එකක් නොවන වග දැක්කේ බත් කනකොට කලින් දැක්කා නම් බත් ටික හට්ටියකට දාලා ඒකට අයිස් කැට පැකට් දෙකතුනක් දාගෙන යන්න තිබ්බ බීම සීතල කරගන්න.

අනේ තකහනියක් ගිහින් නොදරුවාගෙන් තට්ටු කරන එක ඉල්ලන් ආවත් එකෙන් වැඩක් ගත්තා නම් මදි වගේ. ගායිකාවක් අපි එක්ක ගිහිනුත් කෝ ඉතින් සිංදු කිවායෑ. හැබැයි අන්තිම ටිකේ මරියසේල් කියපු මිල්ටන් ගේ සිංදු , වේග රිද්ම අමරදේව, බේබදු චන්දන ලියනාරච්චි එහෙම නම් නැගලා ගියා ඒත් එතකොට කොට්ටාව පේන හරියටම ඇවිත්.

අපි නාපු තැන වතුර හරිම බලවත් කවුදෝ කිව්වා කෝටියක් පව් මැකෙනවා කියලා එවායින් නාපුවම මොකො සැරින් සැරේට හාමුදුරුවරු ඇවිත් ඒවා සාංඝික කරලා යනවා. "උපන් දා සිට කරපු පව් නැත වරක් නෑවොත් රන් මුදු ඇල්ලේ" කියලා අර පරණ කතාවත් වෙනස් කරන්න ඕනේ.

බේබ්ද්දෝ කියන්නේ කොච්චර වැඩ කරන ජාතියක්ද කියනවා නම් එතන හිටපු බීපු උන් වෙරි හිඳෙන්න බැඳපු වතුර ලීක් වේල්ලට පින් සිද්ධ වෙන්න අපි පීල්ලකිනුත් නා ගත්තා.

සමහර අයනම් අපිත් එක්ක එන්නේ නැතුව මැයි පළවෙනිදට වෙනදා ගානෙන් බාගෙට ෆිල්ම් බලන්න ගිහින් වහලා නිසා ආපහු හැරිලා ඇවිත් කිව්වනම් අන්තිම සීට් එක හදලා දෙනවනේ බැල්කනියක් වගේ.

සමහරු කතාවට කියන්නේ දැන් වැන්ඳඹු කියලා ඒ උනාට මොකද රෑ එකටත් ටකේ වදිනවා. වීදුරුව අතේ තියාගෙන කියනවා නෑ බොන්නේ නෑ කියලා.

අර 30 උපන්දිනේ තිබ්බ එකා තෑගි ගේන්න කියල තිබ්බ ඌ එහෙම තැනකවත් නාන්නේ නැති හඩ්ඩෙක් කියලා දන්නවනම් බාර් සබන් එකක් ගෙනත් දෙනවා ඕකට

ඔය අව් අස්සේ මේ අහිංසක මට ඉන්න දෙන්නෙත් නැහැ මුන්. මට අත වනන්න කියලා ෆොටෝ අරන් කියනවා "මරණය අත වනයි" ලු. හිනා වෙනකොට "මරණය සිනාසෙයි" කියනවා. මොකක් හරි කිව්වොත් "මරණය ඔච්චම් කරනවලු" අනේ හැබෑට. මුන් නම්.

කොහොම කොහොම හරි අන්තිමට මට කියන්න තියෙන්නේ
කවුද යකෝ බිංදු කියන්නේ????

සුපිරි දවසක සුපිරි මතක විඳගනිමින්..... මේ ඉතින් වින්දනයේ උපරිම යාමයයි...

මම දන්නවා මගේ අතින් මුලින්ම ලියවෙන්න ඕනෙ පෝස්ට් එක මේක නෙමෙයි කියලා....
 ඒත්.... එත්... මම මේක මුලින්ම ලියනවා...

   පසුගිය සෙනසුරාදා අපි කිහිපදෙනෙක් ගෙ සොඳුරු හමුවක් තිබුනා..... හරියම කියනවා නම් සෙට් වීමේ සෙට් එකේ කශ්ටියගේ...  අපේ නමත් ඉතිං නෙට් එකේ සෙට් වෙන කට්ටියමනේ... බොන්න ගියාම පොලොවෙ ඇද වෙනකම්ම බොන කන්න ගියාම අන්තිමට කැලේ තියෙන ගස් වල කොළත් කන එවුන් ටිකක් තමයි මේකේ ඉන්නේ...හැබැයි මුන් ටික නියම සිරා පොරවල් ටිකක්... මේ මමත් ඇතුළුව ඔන්න...( කාඩ් හෙම ඕනෙ නැ. මාත් සිරා පොරක් තමයි ඔන්න..)
   මුලින්ම අදහස ගෙනාවේ නම් මම. කොහෙද මුන්ව බලෙන් හරි කොහේ හරි ඇදන් යන්න ඉන්නේ මම වගේ මැරයෙක් විතරනේ...ඉතින් ඔන්න හා පුරා කියලා ලිශාන් පියරු බෝයි බැනුම් අහගෙනම වැඩේට බැස්සා. සුදාරක බෝයි එන්නම ඕනෙ කියලා හිටියත් එයා නම් ආවේ නැ.. ඒ වෙනුවෙන් බලවත් විරෝධය.ඒ වගේම අපේ මලී ළමයා ඉතිං බිසි නොවැ මේ දවස්වල. අනික ඉතිං එයා ආවා නම් මගේ කණ පලා ගන්න බැනුම් අහන්න වෙන නිසා නොආව එකත් හොඳයි.. ( නරියා අන්තිමට කීවේ මිදි තිත්තයි කියලාලුනේ..) ඒත් කලින් දවසේ හවස ඉඳන්ම මම එක්ක දවල් කැමේ ඉඳන් පසුවදා එලිවෙන ජාමේ දෙක හමාර වෙනකම්ම අපේ සෙට් වීමෙ කට්ටියට ෆුල් පික්නික් ෆන් එකක් ටදෙන්න ට්‍රයි කලා මේ කෙල්ල. මෙන්න මගේ ස්තුතිය අපේ ඇබ්නෝමල් මලියාට....
   ඔන්න මුලින්ම අපි එනකම්ම විශ්වාසනොකරපු අනිවා ඩෙෆා අන්ජා ආවානේ තලවතුගොඩට... (මචන් උඹ නම් මාරයි බන්... ) අපිත් මම ලසියා, මරේ,අසන්ග හා මලිත් ඔන්න වැන් එකට නැග්ගා.මුලින්ම නිරූපා තමයි පන්නිපිටියෙන් සෙට් උනේ... ඒත් එක්කම අපේ චමිලයා රචියා දෙන්නත් කොට්ටවෙන් සෙට් උනා... අන්තිමට සංජි හෝමාගමින් සෙට් උනා. දැන් ඔන්න අපි යනවා හැටට හැටේ... කියන්න අමතක උනානේ අපිට සැන්ඩි ( වචනේ තේරුම නම් දන්නේ නැ) ගන්න එහෙමෙහේ නතර කලා. එක පාරක් සිගා පැකට් එකක් ගන්න අපි ගියේ එළවළු කඩේකට.හිතා ගන්න පුළුවන් නේ කට්ටිය බොන්නම ඕනෙද කියලා...

     කොහොමහරි අපි අර බඩ මහත කළු සුදු දත් තියෙන ගස් ගෙම්බා ලිශාන් ගේ ගෙදරට බොහෝම අමාරුවෙන් ගැටුවා. බඩ ගින්නේ කලාන්තේ හැදෙන්න ඔන්න මෙන්න කියලා වගේ තමයි එහෙට ගියේ... මම ඉතිං මඥ්ඥොක්කා කන්න ලැස්ති උනේ කලින් දවසේ මයි...අපි කට්ටියම මදි නොකියන්න එහෙදි කාලා දැම්මා. හොඳ වෙලාවට අපි ලිශාන් කොල්ලගේ ගෙදර අයව නම් කැවේ නැ. ඒත් ඌව නම් භාගෙට කැවා.
   අපි ඉතින් ඇල්ලක් හොයාගෙන පීර පීර ගියා... මම නම් බැන බැන උන්නේ හිතින් අන්තිමට මුන් සෙට් කරගන්න තැන මම වගේ වතුරේ ජීවත් විය යුතු සතෙකුට සෙට් වෙන එකක් නැ කියලා... අනේ මුං ටික මම ගැනම ගොඩාක් හිතලා නාන්න පොට් එකක් හොයා ගත්තා.... ආයේ මොන කතාද ඉබ්බා දියෙ දැම්මාම...

  මෙන්න උඹලාට මගේ හදේ ඉහලම තැනින් ලැබෙන ස්තුතිය.
     
      මම නම් ඉතිං ඇතිවෙන්නම නා ගත්තා... වෙන එකක් තියා වෙනදා බීච් පදින්චි වෙලා ගහිටපු මට දැන් බීච් එක දිහා බලන්නවත් හිතුනේ නැ දවසක දෙකක ඉඳලා...

    සෙට් වීමෙ ඉතුරු ටික පින්තූර කතා හරහා ඔයාලට මූණු පොතෙන් බලා ගන්න පුළුවන් ලිශාන් , අන්ජා හා රචියාගේ ප්‍රොෆයිල් වලින්...


  

      

තිත්ත නොදී පැණි රසම දුන් "කාසා"ය

7.04.2010

"ඔන්න මල්ලී ලොජින් හරි"

ඔය ටික ඔය විදිහට කන වැටුනේ විහාරමහාදේවියේ දි මටයි මැරියන්ටයි රංගි අක්කත් මලී අක්කත් හදිස්සියේ මුනගැහිල්ලත් එක්කම.කතාව එතනින් හමාර නොවන්නේ රංගි අක්කා බලෙන්ම වගේ කවන්න හැදූ (ටොයින්...) බත් එකක් එක්ක.සුදු කොලේ අරිද්දිම නහය කඩාගෙන ගිය සුවඳට පරිප්පුත්, බීට් රූට්, වම්බටු, මස්, මිරිස් පපඩම් එක්ක දිව්‍ය රහක් දීපු බත් එක ගැන අහන්න ඔලුව උස්සද්දිම;

"අපි ලොජින් දෙන කට්ටියගෙම රෙස්ටොරන්ට් එකෙන්ම තමයි මල්ලී.තියෙන්නේ රාගම."

අක්කා දීපු කාඩ් එක හිස් පර්ස් එකට ඔබාගත්තේ පස්සේ දවසක කමු බොමු එකට මේක ගැන කොටනවමයි කියලා හිතාගෙන.එතකොට සෙ.වෙ.පි. බ්ලොග අරඹලා නොතිබුන නිසා.


*****************************************************************


දවසම අපේ සෙට් එක ගත යුතු උපරිම ෆන් එක අරගෙන යා යුතු තැනට සෙට් උනේ දවල් තිස්සේ සින්දු කියලා, නාලා කාලා බීලා පොඩ්ඩක් ගිමන් ඇරගන්න හිතාගෙන.තිස්සමහාරාමය පහු කරද්දි මට ඉබේටම වගේ හිතුනේ කොහු මෙට්ට, ෆ්ලශ් වෙන්නැති කොමඩ්, හත් පාරක් කරකපුවමත් වතුර එන්නැති ෂවර්,නමයෙන් පස්සේ සින්දු කියන්න බැරි, බොන්න බැරි, ප්ලග් පොයින්ට් එකක් නැති, වැහෙන්නැති ටොයිලට් දොරවල්,ගඳ ගහන ටොයිලට් තිබ්බොත් විනාසයි කියලා.මොකද ඔය විදිය ඒවනේ ලංකාවේ නවාතැන් වල බහුලවම තියෙන පහසුකම්.අනික කතරගම කියන්නේ විදේශීය ට වඩා දේශීය සංචාරකයෝ ගොඩක් වැඩි පැත්තක් නේ.ඒත් කතරගමින් සිතුල්පව්ව පාරේ ටික දුරක් යනකොට මද අඳුර මැද්දේලස්සන කලාත්මක විදියට දුඹුරු පාට ලයිට් එකක් දාලා වාත්තු කරපු අඹ ලීයක "Casa Village" කියලා කඩ්ඩෙන් කොටලා තිබ්බම අර දුර්මත ඔක්කොම ප්‍රාධූර්බූත උනේ පිට ඔපයෙන්ම අපිට ඇතුල ගැනත් දනවපු නිසා.




වී බිස්සවල් එක්ක ගමේ ගොඩේ තියෙන ඔක්කොම ගැජට් පහු කරගෙන ගියාම පට්ටම ලොකු පොට් එහෙක නැචුරල් ඒසී දෙන එළිමහන් කාමර, ඇටෑච් බාත් රූම්, බොන්නනං බොන්න, බාබකියු, කුස්සියකුත් එක්ක වෙනමම කෑම කාමරයක්, හේනේ පැලේ විදිහට නිදාගන්න ඕනනං ඒ ටයිප් එකට, ගෙදර වගේ නිදියන්න ඕනනං ඒ ටයිප් එකට ඕන එකක් දැක්කම නිකන්ම හිතුනේ මුලු ලොජ් එකටම රුපියල් විසි දාහක් තිස් දාහක් වත් යන්න ඇති කියලා.ඒත් අපිට ඕන කරන කෑම උයලත් දීලා සම්පූර්ණ වියදම උනේ රුපියල් නමදාහක් නිසා මේක ලංකාවමද කියලත් හිතුන්නැතුව නෙමෙයි.උයලා පිහලා දෙන්න වගේම අනිත් ඕනම උදව්වක් කරන්න එතන හිටපු අන්කලුයි ආන්ටියි ලෑස්ති පිට හිටපු එකත් රුපියල් නමදාහේ අගය තවත් වැඩි කලා. රෑට නූඩ්ල්සුයි චිකන් කරියකුයි නියමම රසට හදලා දුන්නා වගේම අපි ආපහු එන දවසේ අපිට කිරිබතකුයි නියමම සැරට සහ රසට ලුණු මිරිසකුයි හදලා දුන්නේ "ආපහු දවසකත් පලයන්" කියලා හිත අපිට බලකරන
තැනට පත්කරමින්.





මේ ලිපියේ මූලිකම අරමුණ උනේ අපේ සෙටාර් එකේ ආතල් ගැන ලිවීම නොවන නිසා වගේම ඒක ගැන කලින් දවසක් හරේෂ් මස්සිනා දිගු විස්තරයක් දීලා තියෙන නිසා ලිපිය මෙතනින් නවත්තන්නං.ඒත් මූලිකම මතක් කිරීම වෙන්නේ සාම්ප්‍රදායික කිරි වෙහෙර වන්දනාව, කතරගම දෙවිඳුන් යැදීම, සෙල්ල කතරගම වත් පිළිවෙත් වලට අමතරව දැන් කතරගම යන්නට තවත් එක් තරුවක් ඔබේ ලිස්ට් එකෙන් වෙන්විය යුතු බවයි.මන්ද විනෝදය සතුට සහ නිදහස සියල්ල "කාසා විලේජ්" හී එක්තැන්ව ඇති නිසා.



යනවානම් මෙන්න විස්තරේ
කාසා විලේජ්,
සිතුල්පව්ව පාර,
කතරගම.
දුරකථනය - 0475682863
කතා කරලා ඔස්කා විජේතුංගව අහන්න
නැත්නම් රංජිත් අයියා..

මගේ පළවෙනිම සටහන සෙට් වෙනු පිණිස

7.02.2010

ලියන්න නම් හිතාගෙන හිටි දවස් ගොඩාක් තිබුනා.
 ඒත් අර කලින් මගේ බ්ලොග් සටහනේ කිව්වා වගේ කම්මැලිකමත් එක්ක බොහෝම හේතු තියෙනවානේ නොලියා ඉන්නත්.


 සෙට් වීම පිණිස බිහි වෙන්නේ අහම්බෙන්. ඒක හරිම සුන්දර මතකයන් ගොඩක එකතුවක්... මේ වෙද්දි මගේ කාමරේ මගේම මේසෙ උඩ තියෙන අපේ සෙට් වීමෙ පින්තූරෙත් අර රංගිගේ ක්ලබ් එකේ බෝතලයෙනුත් එහාට යන්න මට තවම හිතිලාම නෑ වගේ. හරියට ඒ පොටෝ එක සැබෑලෝකයේ ජීවත් වෙනවා වගේ. 
    
     මෙහෙම නිකම් කිව්වම ඔයාල හිතනවද දන්නේ නෑ අපෝ එයා අපි නැතුව හැඟීම්බර වෙලා කියල. (හිකිස්.) එහෙම නෑ ඔන්න. මම තාමත් අර මැර පාට් එකෙන් ඉන්න හදන්නේ. කොහෙද මේ අපි අතර තියෙන දුර මට ඒකට හරියටම ඉඩ දෙන්නේ නෑ වගේ.( ඊටත් වඩා දුක මේ මම නැති උනාම මේ ඔක්කොමලා මුහුදේ නාන එක. ඔක්කොම ඉවසුවා කියමු. මම ඉන්නකම් වැහැපු වැස්ස පායලා මේ මුහුද මට දීපු වදය ඉවර කරහම මම අහන්නේ ඒක සාධාරණ වෙනවද? ) 
         කාලයක් තිස්සේ මට ලංකාවේ අය ගැන බොහොම දුර්වල කියවීමක් තිබ්බේ. ඒකට හේතුව වෙන්නේ මම අවුරුදු ගණනාවක් තිස්සේ පිටරටක ජීවත් වීමම නෙමෙයි. මවා ගත්තු මිනිස්කම්, කරදරයකදු දුකකදි නැති මිනිස්කම් වගේ දේවලදි මට ඒ අයව එපා වෙලා තිබුනේ. ලංකාවට ආවා උනත් මට ඒ දේවල් වල වෙනසක් දකින්න පුළුවන් කමක් තිබ්බේ නෑ හැමදාම උනේ සිත අවුල් කරන දේවල්ම මිසක්. ඒත් 2003 දි වගේ මට හොඳයි කියන්න පුළුවන් සිංහල අය කිහිපදෙනෙක්ව හමුවෙනවා. ඒ අයගෙන් මේ වෙද්දි මාත් එක්ක ඉන්නේ කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ අයගෙන් මම අනුගමණය කරපු එකම එක කෙනෙක් ඉන්නවා. එයා අද වෙද්දි අපි යන පාරකවත් නෑ කියලා දැනුනත් මම අදටත් එයාගේ ගරු කරන දේවල් ගොඩාක් තියෙනවා. ඒ තමයි මගේ ජීවිතේට බලෙන්ම ඇවිත් මාව මේ අද ඉන්න තැනට ගෙනත් අතෑරපු එක. එයා නොහිටියා නම් කවමදාවත් මම ලංකාවේ සමාජයට අනුගත වෙන්නේ නෑ. 
      සිංහල බ්ලොග් ලිවීම හරහා මම අඳුණගනිපු අය හැමෝම කලින් ම මම කියවලා තිබුනා. අර ගල් වලින් තොර ජීවිතයක් ගැන නොලියන අපේ මරේ වගේම, උපරිම තරමින් රැඩිකල් කියලා අපිට පෙන්වන්න හදන මගේ අහිංසක මස්සිනාත්, අර ඌට අනුව ඌ පොරක් කියලා හිතාගෙන ඉන්න එකෙකුත්, අර සමාජයේ කාටවත් නොපෙනෙන දේවල් විතරක් පෙනෙන පිටස්තරයෙක්ම වෙන එකෙකුත්, කන්න දීලා පිරිමහන්න බැරි (ඒ විතරක් නම් හිත හදා ගනන් පුළුවන් කියමුකෝ) පුංචි අලි පැටවෙකුත්, අර පාර මාරු වෙච්ච දත් වැඩිපුර තියෙන චූටි මහත්තයෙකුත්, අර අපිට නිකම් නොදරු පාට් දාන නොදරුවෙක් කියලා කියන්නවත් බැරි පොරකුත් හරහා අපේ පොඩි මැරංගී එක්ක තමයි මම හිතන්නේ සෙට් වීම එලියට එන්නේ...(ඕක නිකම් එහෙම ලේසියෙන් කියලා දාන්න පුළුවන්කමක් නෑ.)  
    මේ අය මුලින්ම හමුවෙන්නේ නම් අපේ ගෙදරදි වෙන්න ඕනේ. ඒක අති විශේෂ දවසක් විදියට අපි ඉතිහාසගත කරන්න ඕනේ. ඇයි කාටද ලේසියෙන් කියන්න පුළුවන් යකෝ අපිට මරණේ හමු උනා කියලා. මම එක දවසක් කෝල් එකක ඉන්නකොට එක පාරටම  කිය උනා මේ මරණේ අපි ආයේ කවදාද හමු වෙන්නේ කියලා. එතන හිටපු කොල්ලො කෙල්ලො ටික මම දිහා නිකම් අමුතු සතෙක් දිහා වගේ බලාගෙන හිටියා මම දැක්කා. (මම ඉතින් සුද්දි වගේ ඒක නොපෙන්වා හිටියාට මට උන් හිතපු එක ගැන හිතලා මේ දැනුත් හිනා.) පවු නේද ඒ ළමයි ටික. උන් හිතන්න ඇති මේ නම් අමු පිස්සියක් කියලා. ( මරේ මේ නම මාරු කර ගනින් අපිට ප්‍රසිද්ධියේ උඹේ නම කියන්නවත් බෑ.)
මම හිතන්නේ මේ පොඩි කොල්ලො කෙල්ලො ටික මට හිතාගන්න බැරි තරම් ආදරයක් මට දීලා ඒ අස්සේ හැමදාටම මතක හිටින සිහිවටන කිහිපයක්මත් මට දුන්නා. උන් නිකම් හිතන් ඉන්නේ මම මැරයෙක් වගේ කියලානේ. ඒ උනාට උන් තාම දන්නේ නෑ ලෝකෙ ඉන්න අන්තිම චූටිම චූටි සතාටත් මම තාම බයයි කියල.  
   
     මේ සෙට් වීමට විවිධ අය එකතු වෙනවා. සමහර අය නිකම් හොරෙන් බිලී බාගත්තා වගේ කතාත් අහන්න ලැබුනා. ඒත් අපිට එහෙම කාගෙවත් අකැමැත්ත මත මෙහෙට කිසිම කෙනෙක් අවශ්‍ය නෑ. අපි මේක හදාගත්තේ සෙට් වීමට මිසක් කොහෙවත් කාටවත් පහර ගහන්නවත් පොඩි එවුන් හරහා ලෝකෙ පෙරලන්නවත් නෙමෙයි. ලෝකෙ පෙරලන්න නොවුනත් රට පෙරලන්න හෙට දවසේ පුළුවන් කියල මම හිතන පොඩි එකෙක්ව නම් මම මේකට දාගත්තා. ඒත් ඌත් මෙතන ඉන්නේ බොහොම කැමැත්තෙන් කියලා මම දන්නවා. ඒක හින්දා අර ලොකු මිනිසුන්ගේ සංගම් වගේ ලොකු දේවල් අපේ හීන වල නෑ. මේ ඉන්නෙ සාමාන්‍ය මනුස්සකම අගයකරන මිනිස්සු ටිකක් ඒ අය එකම පවුලක් වෙලා විතරයි. අපි ලෝකෙට අපි ගැන පොර ටෝක්ස් දෙන්නේ නෑ. අපි කනවා බොනවා විනෝද වෙනවා අනෙකාගේ දුකේදි පිහිටට ඉන්නවා. අඩුම ගානෙ පිහිටක් නැතත් උගේ ළඟට වෙලා ඉන්නවා මෙන්න මේ අය තමයි සෙට් වීමෙ ඉන්නේ.ඒක කේන්ද්‍රගත වෙන්නේ පිරිසිදු අරමුණකින්. ඒ අරමුණ තියෙන තාක් අපි එකට ඉඳියි. එච්චරයි.රට හදන්න අදරේ බෝ කරන්න වගේ ලොකු ටාගට් අපිට නෑ. කොටින්ම අපිට මොන ඉටිගෙඩියක් අනිත් උන් කරගත්තත් කමක් නෑ. ඒක අපේ වැඩක් නෙමෙයි.
  මම හිතන්නේ මගේ පලවෙනි සටහනින්ම මම මැරයෙක් වෙලා ඉවරයි. ඒත් මේ ලියන්නේ එහෙම දේවල් හෙට දවසට ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා. සෙට් වීමෙ තැන්, සෙට් වෙන තැන්, සෙට් උනු හැටි සෙට් වෙන අයට ලියන්න ඉඩ තියලා මම මේ සටහන ඉවර කරනවා.   
 ( කෝ මේ අපේ රචකයෝ... මට නම් තවම මේකට කිසිම සටහනක් පෙනුනේ නැති අය ඉන්නවා.)

සදා ජය !!!

5.31.2010

සෙට් වෙනු පිණිස සිත් කරදර නැතිවෙන්න
මිතුරු සොයුරු සිත් සෙට් වෙණු දැකගන්න
ගල් පොල් මල් නැතද අප හට සෙට්වෙන්න
සිත් පමණක් ඇතිය හොඳ හැටි මත්වෙන්න

සබා අත දුන්නේය වාලම්පුරියාට
මරේ හිතදෙන්නේය ස්කාගාරයට
වනස්පති හොඳයි ලොරි ඩ්‍රයිවර් කමට
නළ දත් නැති කලට බුරුසුව ඇත අපට

ලැක්ටෝජන් බිව්වම හම සුදු වේයා
රංගී දුරක විට මලියා රජ වේයා
හරේ ගේ ඇඟෙන් හිම කැටි බේරේයා
බිංදු යනු කවුද? මම දන්නැත්තේයා

කනමදයෙක් මෙන් අරක්කු බොන්න එපා
මයිනෙක් උනත් වෙල් ෆැන්ටා ගසනු එපා
කරවලයා මෙන් අන්ජන කන්න එපා
බැන්දට පස්සේ දඬු මොණරෙන් යන්න එපා

රට වටේම දෙබිඩ්ඩෝ

5.27.2010


රට වටේම 
දෙබිඩ්ඩෝ

සෙට් වෙනු පිණිස නිශ්පාදනයක්! 

නළදත්ඔවිට අධ්‍යක්ෂණයක්!

රස්නෙ යන්න කලින්! උණුවෙන් බටර්...

5.26.2010

මේක සෙට්වීමේ කීප දෙනෙක්ගෙ පොදු අවකාශයක් නිසා ට්‍රිප ගැන කතාව කෙසේ වෙතත් මට තදින් දැණුන දේවල් කීපයක් ඔස්සේ මේ සටහන ලිව්වොත් හොඳයි කියලයි මට හිතෙන්නේ. මොකද ට්‍රිප ඔෆීෂියල් විධියට කවුරු හරි ලියයි කියල මම බලාපොරොත්තු වෙන නිසා. ඒ නිසා සාරාංශයක් විධියට මුලින්ම ට්‍රිප හඳුන්වලා ඉන්නම්. අඩු තරමෙ ඒ ටිකවත් බලන එවුන්ට තේරෙයි අනිත් ඒව කෙසේ වෙතත්...


මට සාමාන්‍යයෙන් යන එන පාරවල් ගැන දැනුම ගොඩක් අඩු නිසා අපි ගියපු තැන තියෙන්නෙ කතරගම කියල විතරක් කියන්නම්. නිවැරදිම විස්තර දැනගන්න පුළුවන් වෙයි ඉක්මනින්ම.


රංගි හෙවත් මැරංගි මූලිකත්වයෙන් තමයි අපි ට්‍රිප යන්න සෙට් වුණේ. එයා නැතිනම් සමහරවිට අපි මළාට එකට සෙට් වෙන්න හිටපු එවුන් නෙවෙයි. තැන් තැන් වල බ්ලොග්වල, කමෙන්ට් වල කතා කරල තිබුණට එතනින් එහා සැබෑ ජීවිතේ මිතුරන් වෙන්න හිටපු එවුන් නෙවෙයි. සමහරක් එවුන් ජීවි‍තේට බ්ලොග් එකෙන් සහ මූණුපොතෙන් එලි බහින්න හිටපු එවුන් නෙවෙයි. සෙට් වුණ අයගෙන් බාගයක්ම මම දැනගත්තෙමත් ට්‍රිපෙන් තමයි. ඇත්තම කිව්වොත් දැනං හිටපු එවුන්ගෙනුත් මලී හැර අනිත් සියළු දෙනාවම මම දැනගත්තෙ රංගි නිසයි. ඒ රංගිගෙ ගෙදරදි මාස දෙකකට කලින් සෙට් වුණ වෙලාවෙදියි. ඒත් එතනදි මට කට්ටිය හරියට දැනගන්න ලැබුණෙ නෑ. ඒ නිසා ට්‍රිප කෙසේ වෙතත් මට ලැබුණු අළුත් මිනිස්සු ගැන සම්පූර්ණ ගෞරවය දෙනව මුලින්ම මැරාට.


මගේ මේ සටහන මේ එකිනෙකා ගැන මට දැණෙන දේවල් ගැන නිසා මුලින්ම ඒ සෙට් එක දැනගමු.


අයිස් හරේ හෙවත් මම - මම ගැන ඉතිං කවර කතාද? දැනට බ්ලොග් වලින් අක්‍රීය මම තූති පූත් පැතියෙක්!
බේබදු මරණය හෙවත් ගුදමා - මූ ගැන කියන්න දෙයක් නෑනේ
ආගන්තුකයා හෙවත් පොර හෙවත් බ්ලොටින් පේපර් - මූට තරම් කාඩ් වැදුණෙ නෑ වෙන කාටවත් :පී
අසංග හෙවත් ධාතුසේන - මූව සෙට් වුණේ එදාමයි ඔන්න. මොකෙක්ද මන්දා.
හිත හොඳ මලී හෙවත් පොඩි රංගි - මාත් එක්ක හැමදාම සෙට්
මැරංගි - අපිට හෙණ රැඩිකල් කියල හිතුණට පිස්සු කෙල්ලෙක්ගෙ පිස්සු අදහස් එක්ක
තඩි රචියා හෙවත් බින්දු - මූ නම්...
පිස්සු අසංකා - පිස්සුම තමයි. සෙට් වුණේ එදාම තමයි.
රජරජ දිගා හෙවත් උදාර මධුසංක හෙවත් කණ... - එදාමයි සෙට් වුණේ
මලීගෙ අම්මයි තාත්තයි - මේ දෙන්නත් ඉතිං මාත් එක්කයි සේරමත් එක්කයි සෙට්
බත් ඕව්ට හෙවත් යෝධ ලිෂාන් හෙවත් අපේ ආදරණීය දතා - මූත් එදාමයි දැක්කේ
කූල් ලිහිණි හෙවත් සංජීවිකා - කූල් කියන්නෙ කුලේ කූල්
අනිවා ඩෙෆා නැතිව අන්ජා හෙවත් තෙප්පිලි - අවුරුද්දකට වඩා කල් මූව දැණං හිටියට දැක්කෙ එදා තමයි ඕං
පිටස්තර චමිල හෙවත් ලැක්ටෝජන් - මූ ලැක්ටො බොනව නෙවෙයි මූණෙ ගාන එකෙක්
පිටස්තර චමිලගෙ චිප්මන්ක් බාරි හෙවත් පියුමි - අනේ... වීරයෙක්ගෙ පෙම්වතියක්
එදාම දුටු අමිල හෙවත් මයිනාර් - රඟපාන්න පුළුවන් නම් නියම නළු බට්ටෙක්
එදාම දුටු අමිල‍ගේ එදාම දුටු යාළුවා හෙවත් සාස්තරයා - මූට හෙන ඇම්මක් තිබුණා සාස්තර කියන්න




ජීවිතේ ලබපු බොහොම සුන්දර මතකයන් කීපයක්ම මම ලැබුවෙ මේ ට්‍රිපෙන්. සැටලයිටි වැවේ ස්නානය එකක්. මැරාගෙ බාබකිව් එක තව එකක්. අපි හැමෝම මැරා ගැන කතා කරපු මැරා අපි ගැන කතා කරපු ඒ පැයක විතර කාලය මම හිතන්නෙ මට තදින්ම දැණුන ජීවිතේ එක ඇත්ත මොහොතක්!




ආයෙත් ඒක එහෙමම ඇත්තක් වෙන එක ෂුවර් නැති වුණත් මට මේ එකිනෙකා ගැන කියන්න දේවල් තියෙනවා. මම අන්තිමේදි ට්‍රිපෙන් අරගෙන තියෙන එකම දේ මේ යාළුකම් ගැන මේ අදහස් ටික වෙන්න පුළුවන්.




අනික අපේ මේ බ්ලොගේ ආරම්භක කර්තෘ හෙවත් පොර කියපු විධියට අපි ගැන මේකෙ ලියන්න පුළුවන්නේ... මේ බ්ලොග ඇතිවෙන්න මූලික වුණ සෙට්වීමේ සෙට් එකේ කීප දෙනා ගැන මුලින්ම සටහනක් තියෙන එක හොඳයි. මේක මගේ හිතේ තියෙන දේ මිසක් ඇත්තම ඇත්ත නොවෙන්න පුළුවන් වුණත් මට අනුව තියා සාපේක්ෂව සුනඛ පැටියෙක්ට අනුව වුණත් මම පොරක් නොවෙන නිසා වැරදි තිබේ නම් කමත්වා.


මුලින්ම මම ගැන... අයිස් හරේ හෙවත් මට මුන් මේ නම දාල තියෙන්නෙ මම රජයේ සේවකයෙක් නිසා. හුහ්...
මුං දන්නෙ නෑ මම කරන වැඩ ටික කරන්න වෙන එකෙක්ට දෙගුණයක වෙලාවක් යන බව. තාක්ෂණය භාවිතයෙන් මගේ වැඩ කොටස දෙගුණයක් වේගයකින් කලාම අනිත් රාජ්‍ය සේවකයන්ට වඩා දෙගුණයක් මට අයිස් ගහන්න ලැබෙන බව. යකෝ මං අයිස් ගහන්නෙ තව දෙන්නෙක්ගෙ විතර වැඩත් කරල බොලව්. ‍බො‍රු නම් අහපියව් ලොක්කගෙන්.


බේබදු මරේ හෙවත් ගුදම් ගැන මටත් කතා කරන්න දෙයක් නෑ. මූ රංගිට අක්ක කියන්නෙ නැති නිසා මූටත් අවුරුදු 35කට විතර කිට්ටු ඇති කියල හිතනවා. නැත්තං රංගි කියපු විධියට මූට පොරක් වෙන්න බෑනේ. මොනව වුණත් බීම ගැන අම්බානක කතා කරද්දි හොඳ බේබද්දෙක් වෙන්න ඇති කියල හිතුණට මූ බීම රස විඳින එකෙක් මිස ලංකාවෙ වෙනත් සමහර අය වගේ කණ පැලෙන්න බීල ඩබල් බෙඩ් පුරා හතර ගාතෙන් බුදියන්න තරම් නම් බොන්නෙ නෑ කියල තේරුණා. පාන්දර තුනහමාරට විතර තවත් බෝතලයක් හොයපු වෙලේ මූ කෙලින්ම මට ඇති කියල කිව්වා. එතකොට මුගෙ අතේ තිබුණෙ කෝක් වීදුරුවක්. වැදගත්ම දේ තමයි මරේ කෝක් බොන්නෙත් සෝඩ වලින් සැන්ඩි කරලා වීම. කවුද දන්නෙ ඒකෙනුත් කික් වෙනවද කියල. මොනව වුණත් ට්‍රිප ගැන හොයල බලල, මේල් 839ක් වෙනකල් ට්‍රිප ගැන කතා කරල, ඒක යාගන්න හෙනම ඇම්මෙන් ඉඳල, මුල ඉඳන් අන්තිම වෙනකන් කොන්දොස්තර වැඩෙත් කරල ට්‍රිපේ දරදිය ඇදීම් සෑහෙන්න ප්‍රමාණයකුත් කරල සෑහෙන්න මඩත් ගහල මරේ ට්‍රිපේ අති විශාලම දායකත්වයක් දැරුවා. ඒ මදිවට ගුදමක් තරම් බීලත් කෙලින් හිටපු එකම මදිද. කොහොමින් කොහොමින් හරි 23 උදේ 6 ඉඳන් අරහෙට මෙහෙට වෙවී හිටපු අපි දෙන්නට ශුද්ධ වූ වෘක්ෂය වන්දනා කරගන්න ලැබුණා. මට හෙන නම් ආඩම්බරයි යකෝ..ව්ව්ව්.




ආගන්තුකයා හෙවත් ඌට අනුවම පොරක් හෙවත් බ්ලොටින් පේපරේ නම් ඇත්තටම රංගි අනුවත් දැන් සිරා පොරක්. දැන් ඉතිං මූව පොරක් විධියට රංගීය නිකායෙ බෞතීස්ම කරලයි තියෙන්නේ. රංගි නිකං ට්‍රිපේ විධායක ජනාධිපති වගේ නම් ආගා තමයි නිකං ඇමති මණ්ඩලේ වගේම හිටියේ. දේවල් අපි අතරට ආවෙ සහ ක්‍රියාත්මක වුණේ මුගේ ප්ලෑන අනුවයි. ට්‍රිපේ මුල ඉඳන්ම හැමදේම තිතට කල්පනා කරල ට්‍රිප යන්න පුළුවන් එකක් බවට පත් කරන්න මූ සෑහෙන්න මහන්සි වුණා. ඒ මදිවට බඩු අදින්න මස් කපන්න (ඒකට නම් ලිෂාන් කරපු උදව් ගැන කියල වැඩක් නෑ) ගිණි පිඹින්න මස් කරකවන්න වගේ සෑහෙන්න දේවල් ටිකකට ආගා මහන්සි වුණා. ඇයි ඒ මදිවට පොඩි නෝට් පොතක් ළඟ තියාගෙන එක එකාගෙ අවුල් ටිකත් මූ ලියනවා දැක්කා පස්සෙ මඩ ගහන්න. අනිත් එවුන් ආතල් එකේ සින්දු කියමින් ට්‍රිප යද්දි මූ කලේ ඒ වගේ ශාස්ත්‍රීය වැඩ තමයි. හරිම චාටර් බං ඒව නම්. ඒ වුණාට අන්තිමේ පොත නැති කරගත්තා.


මතකද අන්තිම මොහොතෙ කාසා එක ඇතුලෙ කුස්සියෙ අපි බඩු අස් කරන ගමන් රංගි ‍ට්‍රිප සාර්ථක වීම ගැන උඹටයි මලීටයි ක්‍රෙඩිට් දුන්නා. උඹ ඒ වෙලාවෙ කිවිවෙ "මේ වැඩේ වෙන කව්රු කලත් හරියට කරයි" කියලයි. උඹ එහෙම කිව්වෙ උඹේ නිහතමානීකමට වෙන්න ඇති. ඒ වුණාට ඒක එහෙම නෙවෙයි. අපි මේ ට්‍රිප මේ විධියට ඉවර කලේ උඹ මේක ඕර්ගනයිස් කරපු නිසයි. වෙන එකෙක් කලා නම් ට්‍රිප වෙනස් වෙනව මචං.


ආගා ඇත්තටම නියම කොල්ලෙක් මචෝ උඹ. මගේ කෙල්ලත් මාව අමතක කරල තනියම කාල, යන්න ලෑස්ති වුණාම විතරක් මාව හොයද්දි උඹ උඹේ පිඟානෙන්ම මටත් කන්න දීල ඒ මදිවට ආයෙත් බෙදාගෙනත් ඇවිල්ල කන්න සෙට් වුණා. ඒ මදිවට මාත් එක්ක දෙවෙනි වටේට වතුරටත් බැහැල අන්තිම මොහොත වෙනකල් වතුරෙම හිටියා. රට්ටු නම් ඕවට කතා හදනව මචෝ. උන්ට වෙන වැඩක් නෑනේ. කටවල් දීල තියෙන්නෙ හොඳ මිනිස්සුන්ට කතා හදන්න කියලයි උන් හිතන්නේ. ඒ වුණත් ඕව අපි නම් ගණන් ගනියි. ඒ වුණත් උඹ සංවේදී වැඩියි වගේ කියල මට හිතෙනවා. උඹ අසංවේදීයි කියල සිරා කවි ලියල උඹේ සංවේදී කම වහගන්න ට්‍රයි කලාට ඒක හරි යන මගුලක් නෙවෙයි මචෝ. ඒ වුණත් මම හැමෝටම කියනව වගේ මම කියන්නෙ මම සහ උඹ උඹමයි. ඒ නිසා මම කියන දේවල්වත් වෙන් එවුං කියන ඒව වත් උඹ සතේකට මායිම් නොකලට කමක් නෑ.


අසංග හෙවත් ධාතුසේන නම් මොකෙක්ද මන්දා. මූව කොහෙන් හොයාගත්තද මන්දා මුන්. මොකද මූ හුදෙක් බ්ලොගක් නැති ඒත් ජංජාලෙ සැරිසරන පොරක් නිසා. ඒ වුණත් වැඩි කතාවක් නැති නිසා මොන වගේ එකෙක්ද කියල මට නම් හිතාගන්න බැරිවයි හිටියෙ. ඒ වුණත් හොඳට බීල හොඳට දුමත් දාලා හොඳට නටලා අපට දුන්න ආතල් ටික නම් නිමක් නෑ. කෙටින්ම අපේ මරේගෙන් සහ කණම‍දේගෙන් පස්සෙ හොඳටම බොන්න ඕන වුණේ මූටයි. උදේ 8.00ට අවිස්සාවේල්ලෙ ෆුඩ් සිටිය අරින්නත් කලින් මේ යකා එතන ගිහින් හිටගෙන ‍‍බෝතල් ගන්න. අපි ඒව ගන්නෙ ඇඹිලිපිටියෙන් කිව්වම මුගෙ මූණ ඇඹුල් වුණා බස් එකේදි මුකුත් කරන්න වෙන්නෙ නැති වෙනව කියලා. අන්තිමේ මූට අර එනර්ජි ඩ්රින්ක් අරන් දෙන්න වුණා අපේ සබාට. සැටලයිට් වැවේ නාද්දිත් මූ බෝතලේ ගාවින් හෙල්ලුණේ නෑ හරියට මූට නොදී අපි බොයි කියලා. මතකද උඹලට මූ වැවේ බැහැලා බලන් හිටියෙත් බෝතලේ දිහාමද කොහෙද...


මලී හෙවත් හිතහොඳ පොඩි රංගි කියල මෙයාට නම දැම්මෙ ඇයිද මන්දා. දාපු එවුන් හිතන්න ඇති ට්‍රිපක් යන්න කලින් ඇවිල්ලා උයල දුන්නම හිත හොඳ ඇති කියල. අපිනෙ දන්නෙ එව්වා... අර පොඩි රංගි කෑල්ල නම් ටිකක් විතර යනවා. ඒත් රංගි කටින් කියන දේ මෙයා එකපාරම කම්මුලට ගහල කියන වර්ගයේ ඩයල් එකක් හො‍ඳේ. මොනව වුණත් රංගිගේ කමෙන්ට් එක අනුව නම් ලංකාවෙ මලීගෙ වගේ ජීවන විලාසයක් තියෙන්නෙ ඒකිට විතරලු. මට එහෙම කිව්වම බයත් හිතුණා. බැරි වෙලාවත් ඕක මම නිසා විනාස වුණොත් කියලා. මොනව වුණත් ට්රියපේ නියෝජ්‍ය ඇමති වගේම ෆුඩ් ඇන්ඩ් බෙවරේජර්ස් මැනේජර් විධියට අපිට කන්න දෙන්න මලී සෑහෙන්න මහන්සි වුණා. ඒ මදිවට අපේ පිස්සු කෙලීම් නිදිමතේම බලාගෙන මහ පාන්දර වෙනකල් නිදාගෙන හරි අපිත් එක්ක ඉන්න ට්‍රයි කලා. මට නිකං හීනියට වගේ පුංචි ආඩම්බරකාර කික් එකක් දැණෙනව මචංලා... ඒ නිසා කවුරුවත් අහන්න එපා "ඉතිං කාටද යකෝ ආඩම්බර?" කියලා... :පී ඩී ඩබ්ලිව්ටීඑෆ්




මැරංගි හෙවත් බුරු හැරිස් ගැන ලියන්න දේවල් නම් අම්බානක්! ඔයා නිසයි අක්කේ මේ හැමදේම. මුලින්ම ඔයාට පුදපු ගෞරවය ආයෙත් පුදන්න කැමතියි. ආගයි, පිටායි, අන්ජයි, මරේයි ගැන විතරක් ගත්තත් (මං උන්ගෙ බ්ලොග් වලින් උංව දැනං හිටිය නිසා) අවුරුද්දකට විතර කලින් උන්ගෙ බ්ලොග් වල කමෙන්ට් දමද්දි උන් මගේ එකේ හෑලි කියවද්දි මතවාදීව කතා කරද්දි උන්ගෙන් ඉගෙනගන්නව ඇරෙන්න මම ඒ ගැන ඊට වඩා හිතන්න ගියෙ නෑ. ඒ වුණත් උං සේරම ඇතුළුව මේ ට්‍රිපට සෙට් වුණ සේරම දැන් මගෙ යාළුවෝ. ඒක ගැන ඔයාට අපි හැමෝම ණයගැතියි. ඔයා ගැන මගේ කියවීම මම මලී එක්ක කතා කරල තියෙනවා. ඒක හරියටම හරිද වැරදිද මම දන්නෙ නෑ. ඒ වුණත් මම හිතන්නෙ ඔයා රැඩිකල් කෙල්ලක් (අවුරුදු බරගාණක් වයස, බැලු බැල්මට කියන්න බෑ, තාමත් අක්ක වගේ ඉන්නේ, හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ) කියල අපි සේරම ඇන්දිල ඉන්න බවයි. ඔයා රැඩිකල් වෙන්නෙ ඔයා හැදුණ විධිය අපිට ආගන්තුක හින්දා මිස ඔයා නිසා නෙවෙයි. අපිත් ඉතාලියෙ වුණා නම් ඔයාව ගණන් ගන්න එකකුත් නෑනේ අපි. එහෙම කියල ඔයාගෙ වටිනාකම අඩුවෙන්නෙ නෑ. මොකද ඔයා අපට සාපේක්ෂව කොහොමත් රැඩිකල් නිසා. ඔයා අනිත් අය ගැන ගොඩක් කෙයා කරන නිසා. ඒව අපට තියෙන්නෙ බොහොම අඩුවෙන්. ලංකාවට ඔයා රැඩිකල්. මම දන්නවා ඔයා එදා කිව්ව වගේ ඔයාට ඕන වෙලේක පොඩි එකෙක් වෙන්න පුළුවන් කියලා. ඒක බොහොම වැදගත් ලක්ෂණයක් සහ ඒක නිසයි ඔයාට අපි වගේ වෙනස්ම ගති ලක්ෂණ තියෙන හැමෝමත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් වෙලා තියෙන්නෙත්. 


නෙට් එකේ සම්බන්ධතා ගැන මගේ ඒ තරම් විශ්වාසයක් නැති වෙලයි තිබුණෙ. නෙට් එකෙන් ඇරඹිලා ජීවිතේ සැබෑම තැන් දක්වා එන්න සමත් වුණ සම්බන්ධ කීපයයි මට තියෙන්නේ. නමුත් ඔය පෙරලි ගැන, විප්ලව ගැන සහ රැඩිකල් බව ගැන ලියන එක සහ ඒක ලංකාව ඇතුලෙ ප්‍රැක්ටිකලි කරන එක දෙකක් විධියට තමයි මම තාම හිතන්නේ. නෙට් එකේ අසීමාන්තික බව තුල අපිට ඕන දෙයක් කතා කරන්න පුළුවන් වුණාට ජීවිතය හාත්පසින් වෙනස්. අපිට අපි වටේ පුංචි ‍වසමක් ඇතුලෙ අපි හිතන ලෝකය හදාගන්න පුළුවන් වුණාට ඒක පුළුල් කරන එක කරන්න ටිකක් අමාරු වැඩක්. මොකද අපි වෙනස් වෙලා තියෙන විධිය හොඳයි කියල අපට සහතික කරන්න බැරි නිසා. අනිත් කෙනත් අපි වගේ වෙන්න ඕන සහ අපි වගේ ජීවිතය දකින්න ඕන, එන්ජෝයි කරන්න ඕන කියල අපට කියන්න අයිතියක් නැති නිසා. ඒ වුණත් ඔයා දන්නවද ඔයා අපි හැමෝගෙම ඒ නිදහස් වසම පුළුල් කලා කියල? දැන් අපි හැමෝම මේ මඩ ගහගන්නෙ කියවගන්නෙ එකිනෙකා වෙනුවෙන් කතා කරන්නෙ ඒ නිසයි. ඔයා ඒ තත්ත්වෙට අපිව එකතු කිරීම මට මාර රැඩිකල් වැඩක්. මොකද අපිට ඒක කරන්න බැරි නිසා. ඔයා සමහර විට ආයෙ අපි එක්ක සෙට් වෙයිද මන්දා. ඒක වුණත් නැතත් ඔයා අපි හැමෝගෙම වීරයෙක් කිව්වොත් මම වැරදි නෑ.


තඩි රචිය හෙවත් බිංදු නම් මාර පොරක් තමයි. අනිත් උන් ඌට ඔය බිංදු හරි තඩිය හරි මොනව කිව්වත් මට නම් ඌ නියම කොල්ලෙක්. ඇත්තම කිව්වොත් මගෙ මචංනෙ ඕකා. මම රචියා ගැන දන්නෙ සතී කීපයක් විතරයි. මුගේ බ්ලොග් එකවත් මම කියවල නෑ හරියට අතරින් පතර පෝස්ට් එකක් දෙකක් ඇරෙන්න. ඒකත් මේ කන්න යන්න හොඳ තැන් බලාගන්න ඕන නිසා. ඒ වුණත් මුගේ ලිවීමේ හැකියාව ගැන මට කතා දෙකක් නෑ. ඒ වගේම මේකා මඩට උපන් යකෙක්. අර කණමදයට ඒ නම වැටුනෙම මුගේ කියවිල්ල නිසානේ. අනේ මන්ද ඒක ඒ විධියට මූ කියද්දි අහන හැමවෙල්ම හිනා යන්නෙ රචියා ඕන කරන තැන් බර දීලා කියන නිසා වෙන්න ඇති. මොනව වුණත් මූ හරිම සංවේදී කොල්ලෙක්. ඇස් වල කඳුළු පුරවගෙන මැරයෙක් ගැන කතා කරන්නෙ කවුද සංවේදී පොරක් නෙවෙයිනම්. ට්‍රිපේ ආතල් වලින් කාලක් විතර නැති වෙනව මූ හිටියෙ නැත්තං. ඒ වගේම අපි කට්ටියට හොඳට බර දැණුනා මූ නිසා. අනික අපි 18 දෙනාට කන්න ගත්තු බනිස් ගෙඩි පහ අපට ඉවර කරගන්න බැරි වෙනව මූ එයින් එකක් තනියම කෑවෙ නැත්තං. මම බලාගෙන අර කන්න බැරිව ඉතිරි වුණ බාබකිව් කෑලි දිහා මූ හොර ඇහින් බලාගෙන දුක් වෙනවා. ඒ වුණාට තෝ ඔහොම මල පෙරේතය වගේ කන්න එපා යකෝ.... අවුරුදු තිහ වෙද්දි මැරෙන්නද යන්නේ? තෝ ඔහොම කෑවත් කමක් නෑ කියමු. අරූ අර කණමදය වගේ බොන එක? ෂික්... හිරිකිතයි ඕයි...




පිස්සු අසංකා හෙවත් සබා ගැන මම මෙලෝ දෙයක් දැනගෙන හිටියෙ නෑ. කොටින්ම මෙයාගෙ බ්ලොගවත් මම කියවල නෑ. ඒ වුණත් ට්‍රිප යන්න දෙතුන් දවසකට කලින් ඉඳන් මේල් 839 ගහද්දි ඔන්න මම මේ පිස්සු අසංකාගෙ බ්ලොගට ගොඩවැදුණා. නිදහස් කෙල්ලක් කියල මට හිතුණ දේ මේකි ට්‍රිපට ඇවිත් ඔප්පු කලා. සාමාන්‍යයෙන් ලංකාවෙ කෙල්ලො ට්‍රිප් වලට ගෙන්නගන්න මාර අමාරුවක් තියෙන නිසා සබාගෙ පැමිණීම මට නම් රැඩිකල් වැඩක්. සමහර විට ඒ උඹ උඹ වටේ ඉන්න උන් ගැන හොඳට දන්න නිසා වෙන්න ඇති. ඒත් උඹ ගැන මම වැඩිය නොකිය ඉන්නම් දෙමළ කියවන්න ගිහින් නැහෙන්න ඕන නැති නිසා. දැන් දන්නවනේ උඹ සෙට් වෙනව කියල. මොනව වුණත් උඹ මටත් මගේ කෙල්ලට අනුවත් හොඳ කෙල්ලක්.




රජරට දිගා හෙවත් උදාර මධුෂංක හෙවත් කණමදයා නම් එල බුලට් එකක් තමයි. කලින්දා රෑ 11 ඉඳන් කොළඹ ඇවිත් අවිස්සාවේල්ලෙදි විනාඩි 15ක් අපිව ෆුඩ් සිටිය ඉස්සරහ වන්දනා කරවල තමයි මූ වැඩට බැස්සේ. බැස්ස වෙලේ ඉඳන් නිවනක් නැතිව හිටගෙනම කියවන්න ගත්ත අහුමුළුවල තිබුණ සින්දු සේරම. ඇත්තම කිව්වොත් ට්‍රිපේ සින්දු මැනේජර් තමයි කණමදේ. මූ නැත්තං අපට අර බිංදුගෙ කුන්චනාද අහමින් තමයි යන්න වෙන්නේ. කොහෙද සංගීතය ගැනයි සංගීත අඤ්ඤයො ගැනයි බ්ලොග් ලිව්වට සින්දුවක් දෙකක් මතක තියෙන එවුන් නෙවෙයිනෙ අපි. (ඒ කිව්වෙ මම ගැන හිතලා) කවුරුවත් දැනගන්න ඕන නෑ මේ කතාව. ඒ වුණාට පළවෙනි දවසෙ ටිකක් ගහලා ගල් උඩ නැගගෙන කලිසම අඳින්න ගිහින් මම අන්බැලන්ස් වුණ වෙලේ මූ තමයි මාව අල්ලල බැලන්ස් කලේ. ඒකට මම මගේ දණිස්සෙන් උඹට ණය ගැතියි මචෝ. මොකක් වුණත් මුළු රෑ පුරාමත් මූ ට්‍රිප අපට දනවන්න මාර ගේමක් දුන්නා. උඩ ඇඳුම් නැතිව බාබකිව් එක අවුළුවන්න ට්‍රයි කලා. දුම් පිම්බා. මස් කෑලි රෝල් කලා. ඒ මදිවට පාන්දර අන්තිමට නිදාගන්නකල් දන්න සින්දු ටික සේරම කිව්වා. රජරටින් බිහිවුණ ගායකයන්ගෙ නම තිබ්බා. ඒ මදිවට කණමදය වගේ බිව්වා. පහුවදා ඇඟ වේලිලා කණ පැලෙන්න වතුර බිව්වා. මලීගෙ තාත්තත් කිව්ව "රජරට මල්ලි වතුර විනාඩි 10න් 10ට වතුර බොනවා. රෑ ගල්මයි ගහල තියෙන්නෙ" කියල. අපි අතරෙ හිටපු අත්දැකීම් බහුලම පුද්ගලයත් එහෙම කිව්වම අපි කොහොමද උඹ බිව්වෙ නෑයි කියන්නෙ. ඔහොම බොන්න එපා යකෝ බිව්වත් කමක් නෑ.. ඔහොම කණමදය වගේ බිව්වම ලඟින්වත් ඉන්න පුළුවන්ද බලපන්. ෂික්!.. හිරිකිතයි බං...


මලීගෙ මවයි පියයි ගැන මෙතන බටර් ගාල වැඩක් නෑ. ඒක මම ගෙදර ගිය වෙලේක ෂේප් එකේ කරන්නයි බලාපොරොත්තුව. මොනව වුණත් මලී අපට හම්බ වෙලා තියෙන්නෙ ඒ දෙන්න නිසා සහ මලී ට්‍රිපට සෙට් වුණෙත් ඒ දෙන්න නිසයි. ඒ වගේම ට්‍රිප පුරාම අපට අපේ ආතල් ගන්න ඉඩ දීල පැත්තකට වෙලා ඒ දෙන්නගෙ පාඩුවේ හිටපු එකම අපට කරපු අනුග්‍රහයක්. සමහර විට අපේ අත්දැකීම් අඩු කමින් අපි ස්නානනය කරද්දි එයාල අපට හිනා වෙන්නත් ඇති. නමුත් අපට ඉඩ දීලා ඒ දෙන්නා පැත්තකට වෙලා හිටියා... තැංකූ අංකල් මචං සහ ඇන්ටි මචී...


ලිෂාන් හෙවත් බත් ඕවිට හෙවත් ණළ ධථා ගැන මම හාංකවිසියක් දැනං හිටියෙ නැතත් උගේ නල දත නිසාම ඌ සෑහෙන්න ජනප්‍රිය වුණා. ඕක හරිනම් වන්දනාමාන කොරන්න වටින දතක්. ඒකට මේ මඩ සංගමේට කෘතඤ්ඥ වෙයං මචෝ. මොනව වුණත් උඹ ගැන මලී මෙතනදි කියපු දවසෙ ඉඳන් උඹ හොඳ කොල්ලෙක් විත්තිය මම දැනගෙන හිටියා. උඹ තමයි ට්‍රිපේ යෝධයා. සීතාවක රාජධානියෙ හිටපු වීර පුරුෂයො උඹ වගේ වෙන්න ඇති කියල මට හිතුණ උඹලයෙ ගෙදර තිබුණ පරණ පින්තූරත් දැක්කම. උඹේ හාල් පොල් වලින් හදපු කිරිබත දෙතුන් දෙනෙක්ට මදි වුණේ අනිත් උන්ට ඒකෙ රහ වැටිලා මල පෙරේතයො වගේ කාපු නිසයි. ඒක කාසා එකේ ඇන්ටිගෙ ඉවිල්ලේ දස්සකමත් තමයි. නමුත් අපි දන්නව අමුද්‍රව්‍ය වෙනස් වෙද්දි රස වෙනස් වෙන්නෙ කොහොමද කියලා. මොකක් වුණත් උඹට අම්බානක් ස්තූතිය ඒ හැමදේටම. ඊටත් අමතරව අර මස් කෑලි කීතු කීතු වෙන්න කපන්න උඹ අපේ පොරට දුන්න සහය උපරිමයි. ඌ උඹ දිහා බලල ඔරවල උඹේ මූණ හිතේ මවාගෙන තමයි මස් කැපුවේ. මේ තමයි ලිෂාන්ගෙ කණ... පටාස්... මේක උගේ අත... තටාස්... මේක ලිෂාගෙ ඇඟිල්ලක්... කටාස්... හොඳ වෙලාවට උඹේ ඇඟේ හොඳට මස් තිබුණා ආගාට කීතු කරන්න. නැත්තං ඌ මුලින් කපපු බිංදු වගේ සයිස් කෑලි කාල අපි තාම කාසා එකේ ටොයිලට් වල පෝලිමේ... 


උඹ දන්නවනේ ලිෂෝ උඹේ නල දත ගැන විහිළු කරනව ඇරෙන්න උඹ ගැන මෙහෙම ක්‍රෙඩිට් දෙන්නෙ නෑ කියල කවුරුවත් ලේසියෙන්... ඒ නිසා මං ගැන හිතල මට දන්තාබුජ තූත් පේත් එකකුයි පොළුඕවිට බුරුසුවකුයි සපයහං ඊළඟ සෙට් වීමෙන් පස්සෙ දත් මදින්න...!


කූල් ලිහිණි හෙවත් සංජීවිකා අක්ක කොහොමත් කූල්... අපි හැමෝටම වඩා කූල්. ඒ වුණත් ට්‍රිපේදි කරපු වැඩ ගැන මම කියන්න යන එක හොඳ මදි. මට ට්‍රිපට යන්න මුලින්ම ගොඩගමදි සෙට් වුණේ ලිහිණි අක්කා. ආගිය තොරතුරු කතාවට එද්දිම අනිත් එවුන් ටික බස් එක දක්කගෙන ආවනේ. නැත්තං අපි දෙන්න හොඳ කතාවක් දානව. කොහොමත් ලිහිණි ගැනත් මම දන්න මගුලක් නෑ. ගොඩක් කාලෙකට ඉස්සර නම් එයාගෙ බ්ලොග කියෙව්ව මතකයි. ලිහිණි අක්ක කට පියාගෙන අපේ මත් කෙලි බලාගෙන මහ පාන්දර රතු කට්ට පණිනකම් ඇහැරල හිටියා. වතාවක් අපිට කිව්වා හෙටත් තියෙන නිසා නිදාගමු කියලා. අපි අහයි ඕවා. අන්තිමට එයා නිදාගන්න ගියා. ඒ මදිවට හපුතලේ කන්ද ගැන මම මලීට කියන්න ගිය අලි බොරුව නිවැරදි කරල මාව ඒ පාපකර්මයෙන් මුදවගත්තෙ ලිහිණි අක්කා. ඔයා ඔයාමත් නොදැන අපේ මැරාට ලොකු සහයක් දෙනවා මම දැක්කා අක්කේ. සමහර විට ඒක ඔය දෙන්න අතර බැල්මකින් හුවමාරු වුණ අදහසක් වෙන්න ඇති. ඒ මොනව වුණත් ඔයා ජීවිතේ සෑහෙන්න අත්දැකීම් සහිත, ඒ නිසාම අසීමාන්තිකව ඉවසීම ප්‍රගුණ කරපු නිදහස් ගැහැණියක් විධියට දකින්න මම කැමතියි.


අනිවා ඩෙෆා සමග අන්ජා හෙවත් තෙප්පිලියා ගැන නම් මම සැලකිය යුතු තරමක් දන්නවා. ඒ දවස්වල එලකිරියට ඇවිත් ආතක් පාතක් නැතිව කවි ලියද්දි මාව විවේචනය කරපු මගේ කවි අගය කරපු එවුන්ගෙන් අන්ජාත් එකෙක්. ඒ දවස්වලදිම මුගේ රැඩිකල් කවියි පින්තූරයි මම කියෙව්වා. හොඳට වින්දා. ඒත් අපි දෙන්න හම්බවුණේ ජීවිතේ පලවෙනි වතාවට. උඹත් සිරා කොල්ලෙක් මචෝ. මම දන්නව උඹට මං ගැන පොඩි ආරෝවක් තියෙන බව. සබාටත් තේරුණ විධියට උඹ හැමදේටම පරක්කු වෙන එකට අපි පලි නෑනේ බං. ;-) උඹේ පින්තූර ගැනිල්ල ගැන නම් මට කියන්න තියෙන්නෙ කියල වැඩක් නෑ කියලයි. ට්‍රිප ගිය ඇම්ම සහිත එවුන්ට ෆොටෝග්‍රැෆි කියල දෙමින් උඹේ කැමරාව උන්ගෙ අධ්‍යාපන වැඩ වලට දෙමින් උඹ සෑහෙන්න වැඩක් කලා. උඹ කොහොමත් ට්‍රිපේ ඔෆීෂියල් ෆොටෝග්‍රැෆර්නේ. ඉතිං සීට් අස්සෙන් ගස් අස්සෙන් අත් යටින් කකුල් යටින් උඹේ කැමරාව මෑනෙද්දි අපිට ඉවසන් ඉන්න වුණා. ඒ මදිවට හොරෙන් තෙප්පිලි පාර්සලේට වැඩක් දෙන්න ගිහින් හොඳට අහගත්තා. මොනවද බං රංගි අක්කට කිව්වනම් ග්රෑම් 200ක් විතර වෙනම ගැටගහල දෙනවනේ උඹට. දැන් ආරංචි විධියට නම් තෙප්පිලි පාර්සලේ නැති වෙලා. අපි නම් දන්නෙ නෑ ඕවා. මොනව වුණත් උඹ නැති වුණා නම් මේ පෝස්ට් ට්‍රිප් කතිකාව කිසිම ගතියක් නැති එකක් වෙනව ඇත්තටම. උඹේ පින්තූර නිසා අපිට ආයෙත් ට්‍රිප යන්න පුළුවන්. අනිත් එවුන්ගෙ පින්තූර අප්සෙට් කියනව නෙවෙයි. නමුත් අදාල වැඩේ කරන්නම ආපු එකා විධියට උඹට ඒ  ක්‍රෙඩිට් එක දෙන්න වෙනවා. හැබැයි උඹ පැය භාගයක් පරක්කු වෙලා ආපු එකනම් කැත වැ‍ඩේ හොඳේ. ඒ වගේම තරු පේන්න නෙක්ටො බොන්නෙ ඇයි බං ඔහොම? අනික උඹ ඇඳේ සින්නක්කර අයිතිය පවරගෙන මට එලියෙ මදුරුවොත් එක්ක නිදාගන්න සැලැස්සුවට මම තරහ නෑ. උඹ ඔහොම නෙවෙයි කොහොම බිව්වත් බුදියගත්තත් මට කමක් නෑ. අරූ අරහෙම කණමදය වගේ බොන එක හරිද මං අහන්නේ?


කොට චමිල හෙවත් ලැක්ටෝජන් ගැනත් උගේ පට්ටන්දරේ තියෙනවට වඩා දෙයක් මටත් කියන්න අමාරුයි. කට්ටිය කියනවලු චමිල හෙන වීරය කියල.. හරියට හින්දි/දෙමල ෆිල්ම් එකක වගේ. එහෙම තමයි පොඩි කාලෙ ලැක්ටෝජන් ලීටර් 25 බෝතල් වලට වැටුණම ලොකු වෙද්දි ඔය අසාධාරණේ අයුක්තිය පේන්න බෑ පියුම් විකසිත වෙනවා. කොහොම වුණත් චමිල නියම කොල්ලෙක්. මට වඩා නම් සිරා පෙම්වතෙක්... කොණ්ඩෙ බූ ගාල ගත්තනම් කාන්තාවන් පස්කාගෙන වැඳවැටෙන පෞරුෂයක් හිමි පුද්ගලයෙක්. රට්ටු කියල තිබ්බ උඹ රැවුල කපද්දි ලැක්ටෝජන් තට්ටු තට්ටු රේසරේට එකතු වෙනව කියල. අපිනම් ඕව ගැන හිතන්නෙවත් නෑ.
මුගෙ බෙඩ් ෂීට් එක (අර ගඳ ගහන එක නෙවෙයි නිල්පාට අනිත් එක) නොවෙන්න මම එලියෙ කවිච්චියෙ නිදාගෙන හිටපු පැයට මගේ බර කිලෝ ගාණකින් අඩු වෙනව මදුරුවො ලේ බීලම. තැංකූ මචෝ මම ගැනත් සැලකුවට. මගේ කෙල්ලවත් මං ගැන නොබලපු එකේ උඹල නිසයි මම ට්‍රිප යහතින් ආවේ. හැබැයි උඹ මොකද රංගි අක්ක පිටට තට්ටු දැම්ම ගමන් බස් එකේදි අත්පුඩි ගැහුවේ. එක පාරක් නොවයි කීප වතාවක්ම ඒක අපි බලාගෙන. බාරි එක්ක මාරි කන ගමන් සින්දුවට අත්පුඩි ගහන්න අමතක වෙලා කොහෙන් හරි තට්ටුවක් ආපු ගමන් හිටු කියලා අත්පුඩි ගහන්න ගන්නවා. උඹ පිටස්තරයෙක් බව උඹ කිව්වට (පොරක් නෙවෙන එක නම් ලොකු දෙයක්) මම නම් හිතන්නෙ උඹත් ඉන්නෙ ඔය සීමා ඉරේ කියලයි. අපි බොහොම දෙනෙක්ට වෙලා තියෙනව වගේ අපි හිතන දේ ජීවිතේ තුල ගොඩනගාගන්න කරන අරගලයක උඹ ඉන්නව කියලයි මට හිතෙන්නේ. කොහොම වුණත් උඹ සෙට් වුණ එක මට මාර වටිනවා. වීරයෙක් වෙන හැටි මට කියා දුන්නට තැංකූ...


චමිලගෙ බාරි හෙවත් මාරි හෙවත් චිප්මන්ක් ගැන වැඩිය කියන්න ගිහින් චමිලගෙ වීරකම් මටත් බලාගන්න වෙයිද කියන බය නිසා මම එයා ගැන ලියන්නෙ නෑ වැඩිය. අනික අර නොදන්න දෙමළ සීන් එකත් තියෙනවනේ... කොහොම වුණත් 21 වෙනිද හවස මමයි මලීයි එක්ක මුන් දෙන්න බර්ගර්ස් කිං එකේ සෙට් වුණ වෙලේ ඉඳන්ම මාරි අපිත් එක්ක ෆිට් වුණා. මලී නම් මුන් දෙන්නට කිව්වෙ පොඩි කපල් එක කියල. හරියට අපි මාර ලොකුයි වගේ. මොනව වුණත් මාරිට හොඳ ට්රි්ප් අත්දැකීමක් ලැබෙන්න ඇති කියල හිතනවා. ඒ වගේම මාරිට චමිල ගැන තියෙන විශ්වාසයත් ආදරයත් ගැන කියන්න දෙයක් නෑ. හැබැයි ඉතිං චමිලව අර සීමා ඉරෙන් වෙන් කරල උගේ පිටස්තරකම ගලවල අභ්‍යන්තරයා කරන්නෙ මාරි තමයි ඕං කවද හරි...


එදාම දුටු අමිල හෙවත් මයිනර් නම් එල කොල්ලෙක්. බස් එකේදි හම්බ වෙනකල්ම මම දැනගෙන හිටියෙ නෑ. ට්‍රිප පුරාම නිහඬව උගේ ඔෆීෂියල් වීඩියෝ වැඩේ කරගෙන හිටියා. ඒ මදිවට අතරින් පතර රංගිගෙන් ඉතාලි බැණුම් අහපු එකම එකා තමයි මේකා. අපිට ආරංචියි කළු කරපු වීදුරු තියෙන වාහනයක යන්න මාර ආසාවෙන් ඉන්න කෙල්ලෙක් උඹට ඉන්නව කියලා. ඒකට නම් උඹට සෑහෙන්න වැඩ කරන්න වෙයි පුතෝ. ඔය බොරු කියන්න, රඟපාන්න (ඒකට නම් උඹේ පෙනුමත් නියමයි), අදාල නැති ඒව අදාල කරගන්න වගේ ඒව උගන්නන කෝස් එකක් වත් ෆලෝ කරහන් අයි.ටී.එන්. ඇකඩමියෙන්. උඹ අර මැගී නූඩ්ල්ස් ගත්තු වෙලේ ඒක කන්න වෙන්නෙ නැති වෙයි කියල මට හිතුණට ඇත්තටම අනිත් එවුං මල පෙරේතයො වගේ කිරිබත් ගිල්ලට පස්සෙ උඹට කන්න වුණේ නූඩ්ල්ස් තමයි නේද? කියපු විධියට උඹ මාස කීපයක් ලංකාවෙ ඉන්නවනේ... අප‍ට ආයෙ සෙට් වෙන්න චාන්ස් එකක් එයි...


එදාම දුටු අමිලගෙ එදාම දුටු යාළුව හෙවත් සුමින්ද හෙවත් සාස්තරයා හොඳ කාඩ් කීපයක්මත් දාගෙන දුෂ්ථයගෙ චරිතයට පණ දුන්න කියල තමයි ආරංචිය. උඹ ගැන නම් මම කිසිම දෙයක් දන්නෙ නෑ. උඹ මිනිස් චර්යාවන් ගැන යම් යම් දේවල් ටිකක් ඉගෙනගෙන ඉන්න බවක් පේනවා. උඹ දන්න අපි නොදන්න දේවල් තියෙන බව පිලිගන්න එක මට අවුලක් නෙවෙයි. ඒ වගේම අපි දන්න උඹ නොදන්න ඒවත් තියෙනව මචෝ. ඒ නිසා දන්න දේ ප්ර්කාශ කරද්දි සැලකිලිමත් වෙන එක හොඳයි. නැත්තං උඹ අන්තිමට මළ ඇණයක් වෙනවා. අපි ඌරො තමයි. හැබැයි මරන්න ඇති කරන එවුන් තරම් අසරණ නෑ. ඒවයින් වැඩක් නෑ. ඒ කොටස් අතඇරල උඹ ගැන කිව්වොත් උඹත් සින්දු කිවිල්ලෙදි ෆුල් සප් එකක් දුන්නා. උඹේ වොයිස් නියමයි. උඹම කිව්ව විධියට පොඩි කාලෙ ඉඳන් සංගීතමය පරිසරයක හැදිල කම්මලේ බල්ලට වගේ මියුසික් දැනෙන්නෙ නෑ කිව්වත් ඒක එහෙම්ම ම නෙවෙයි කියල තේරුණා. ජීවිතෙන් ඉගෙනගෙන ඉදිරියට යන්න සුභ පතනවා උඹට...


හම්මෝ මදැයි දවස් කීපයක්ම ලිව්වා... ඇත්තටම උඹල සේරම දෙනාව බොහොම සුහදතාවයකින් වැළඳගත්තු මගේ ප්‍රකාශනයයි මේක. මට උඹලගෙන් කියල සමුගන්න බැරි වීමේ හිස්තැන පුරවගන්නෙ මම මෙහෙමයි. මේක ඒ තරම් දෙයක් නෙවෙයි වුණත් ඒ තරම් දෙයක් නැති මම වගේ එකෙක්ගෙන් මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑනේ. අන්තිමේදි දැණෙන්නේ හරිම සතුටක්. නිකංම නිකං යාළුවො ටිකක් එක්ක ගිය ට්‍රිපකට වඩා මානුෂිකව දැණුන අළුත් මිනිස් සම්බන්ධ ගොඩනැගුණු එකතුවක් මේක. ඒ ගැන රංගි අක්කට ස්තූති කරන්න නම් මට වචන නෑ. මොනව වුණත් මේක හුදෙක් බටර් ගෑමක්ම නෙවෙයි. මිනිස්සුන්ගෙ අවුල් ගොඩක් තිබුණත් ඒව අමතක කරල හොඳ මතු කරන්න දරපු උත්සාහයක්. ඒ කියන්නෙ උඹල අවුල් කියන එක නෙවෙයි. නමුත් උඹලගෙ අවුල් නෑ කියල උඹලට කියන්න බෑනේ. ඔන්න පොරවල්ලට නම් පුළුවන්. කොහොම වුණත් මේ ට්‍රිප ගැන එක පාර්ශවයක් දකින විධිය විතරක් නිසා අනිත් එවුන් ලියන දේවලුත් කියවල මිසක් කා ගැනවත් නිගමන වලට එන්න එපා...