FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

දුකකින්

7.17.2010

සෙට් වෙනු පිණිස ඇරඹුනේ අප අපටමය. බොන්නට කන්නට මඩට හැඩට හදාගත්තු අපේ සෙට් එකේ එකියක අද දුකිනි. අයෙකුට තත්වය එතරම් බරපතල නොවන්නටද පුලුවන. එහෙත් දින තුනක් කල ආශ්‍රයෙන් පසු මෙය මෙසේ ලියැවෙයි.


ලක්ෂ්මන් අන්කල් කියන පරිදි ඈ දෙවන දුවය.
එහෙයින් නව වියැති ඈ මලී ට නැගනියකි.
එහෙයින් ඈ හරේෂ් ගෙන් නෑනා පදවි ලත්.
ගත කල දින තුනක කාලය තුල ඈ මටත් ආගන්තුකයාටත් ලිෂාන්ටත් අසංකා අක්කටත් හොඳ යෙහෙලියක වූවාය.
හිතවත්කමද ලැදියාවද අනෙකුත් මානුෂික බැඳීම මත අපගෙන් අප පවුල් වලට මෙතරම් නොලැබී තිබෙන්නට ඇත.

ඈ ගැන නිවසේ කතාවකදී අම්මා කිව්වේ මලී අක්කගෙන් අහලා බලන්න පැටියෙක් ගන්න බැරි වෙයිද කියලා ය.

අන් ස්ත්‍රියක් කල වැරද්දකට මින්පසු "පට්ට බැල්ලී" කියා නොබැනීමට ඈ මට හොඳම හේතුව වන්නේය.

මගේ ආගමට අනුව ඇයට නිවන් සුව පතමි.

හදිස්සියේ පද ගැලපූ මෙය ඈ වෙනුවෙනි!

ඇඟ කලුවට නිය දුඹුරින් පෑහෙන්නා
පවුලට මිතුරනට දයාව වෑහෙන්නා
මතු අත් බවට ඔබ කල පිං ඇති වෙන්නා
සෙට් වෙනු පිණිස අපි ඔබ හට පෙම් වෙන්නා

9 ක් මඩ ගහලා:

Ansh Lucky Sri Jay said...

අයියෝ....................
පැටී????
:O

h said...

මේක මෙහෙම දැම්මට අම්බානක් ස්තූතියි රචියෝ. මලීට ‍ලියනවනම් පැටී ගැන දිග ලියවිල්ලක් ලියන්න පුළුවන්. ඒත් ඒකට විධියක් නෑනේ. ඒ නිසා මේ ගැන මෙහෙම කියවෙන එක පැටීව දන්න අපට ගොඩක් වටිනවා.

පැටී කියන්නෙ මම දැකල තියෙන බලු සුරතලන් අතර කීකරුම හොඳම බල්ලෙක්. ඒ වගේ කීප දෙනෙක් අපේ ගෙදරත් හිටියා. දැනට මම දන්න එක්කෙනෙක් ඉන්නවා තවම හොඳින්. එයාල අපි එක්ක කිට්ටු වෙන්නෙ සත්තු විධියට නෙවෙයි. යාළුවො විධියටයි. අනික එයාලට දක්වන ආදරය අනුවයි අනිත් පැත්තට එයාලත් ආදරය කරන්නේ. ඒ ආදරේ වැඩි නිසා තමයි තාත්ත අපේ ගෙදර බල්ලො හදන එක නතර කලේ. ඒ ගැන මගේ කැමැත්තක් නැතත් මට කරන්න දෙයක් නෑ.

මලීගෙ පැටී සම්බන්ධයෙන් මම දැකපු විශේෂත්වය එයා ජීවත් වුණේ බල්ලෙක්ට වඩා මිනිස් බවට සමීපව කියන එක. මලීටත් ආන්ටිටත් වඩා ලක්ෂ්මන් අංකල්ට එයා දක්වපු ආදරය. අර මලී කියනව වගේ අංකල් ගෙදර ඉද්දි එයා මලීවයි ආන්ටිවයි ගණන් ගන්නෙවත් නෑ. ඒ වගේමයි අංකල් නැති වුණාම ආන්ටියි මලී එක්කයි දාන කෝලං ටික. හැමෝටම දක්වපු කීකරු බව. කොටින්ම කවදාවත් දැකල නැති මම මුලින්ම එහෙ ගිය දවසෙ දුවගෙන ඇවිත් ඇ‍ඟේ පැටළුනේ කලින් දන්නව වගේ. (ඒක බල්ලන් සම්බන්ධව මට සාමාන්‍යයි. මගේ ගඳ නිසා වෙන්න ඇති)

මොන වුණත් පැටීගෙ අවසන් පැය කීපය ගැන මලී කියද්දි මට තේරුණෙ සතෙක් වුණත් ‍පැටී ගෙදර කට්ටියට කොයි තරම් ආදරෙන් ඉඳල තියෙනවද කියලයි. ඒ වුණත් මට දුකක් නෑ. මොකද වෙන මොනම බල්ලෙක්ටත් වඩා හොඳින් පැටී ජීවත් වුණ. එයාට ඕන කරපු ආදරය වගේම සැලකිල්ලත් අනිත් සියළුම සැපත් අඩුවක් නැතිව ලැබුණ. කොටින්ම රචියගෙ ආග‍ම අනුව පැටී ගොඩක් පිං කරපු බල්ලෙක්.

පිටස්තරයා said...

මම මුලින්ම ගෙදර ගිය දවසෙ මාව ළඟට ඇවිත් චෙක් කරලා ගිහින් ඊට පස්සෙත් හොරෙන් ඇහැ කරකවල මගේ දිහා බලාගෙන හිටිය හැටි මට ඊට පස්සෙත් දවස් ගානක් මතක් වුනා. රෑ එහෙම හිටපු මෙයා උදේ ළඟට ඇවිත් ඔලුව අත ගාගන්නත් යාලු වුනා. එදා උදේ ආයේ එන්නම් කියල ගිය පැටීට පොරොන්දුව ඉටු කරන්න බැරි වුන එක ගැන සමා වෙයන්...

LishWish said...

පැටී නැතිවෙලා කියලා රචියා මට පාන්දරම කිව්ව ම පොඩි ගැස්මක් නැති වුනාම නෙවී. ඒ මලී ගේ පවුලේ අවුරුදු නවයක නැගෙණිය වූ ඇය ට ලක්ෂ්මන් අංකල් ඇන්ටී හා මලී සැලකුවේ බලු පැටවෙකුට වඩා මිනිස් දුවකට වන් සෙනෙහසකින්..! මුලුගේ පුරාම පැතිරිලා තියෙන ඒ ආදරය ඒ කරුණාව දයාව මැද ජීවිතය ගෙවපු පැටී මොනතරම් වාසනාවන්ත උනත් ඇයටත් තම ජීවිතයෙන් ම අවසාන තීරණය ලැබීම සිදුවුනා..! ඉදින් ඇය අද වෙන විට අප අතර නැහැ, අපිට කරන්න තියෙන්නේ හොඳ ආත්ම හවයක උප්පත්තිය ලබලා පිං රැස්කරගෙන නිවන් සැප අත්පත් කරගන්න කියලා විතරයි..!

ආගන්තුකයා | Stranger said...

එදා දවසේ ඒ මොහොතේ එතන ඉන්නට තරම් පව්කාරයෙකු වූ මමත් වචනයක් ලියා තබමි. උදේ පාන්දර කඳුලු පුරෝගත්තු මලී “ලසියො අපේ පැටී නැතිවුනානේ බං..“ කියන කොට මම ඈතට වෙලා පැටී දිහා බලන් හිටියේ බොරුවක්වත් කරනවාද කියලා.. නිශාචරයෙක් වගේ රෑ දොලහට ඇගේ ගෙදරට ගොඩවුන මගේ ඇඟට පැනපු විදිහට මම හීනෙකින්වත් ඒ වචන පහ උදේ පාන්දර ඇහෙයි කියලා හිතුවේ නෑ. මිනිස් සම්බන්ධතා ගැන පට්ට උදාර විදිහට කතා කරන මට පැටී අළුත් අත්දැකීමක් වුනේ ඒක හින්දා වෙන්න ඇති. නැගිටපු ගමන් ලක්ෂ්මන් අංකල් එක්ක පැටීගේ වල කපනකොට මම ලක්ෂ්මන් අංකල්ගෙ හිතේ තියෙන දුක මනින්න බාල උත්සාහයක් දරලා අන්තිමට ඒක අතෑරියේ ඒක ගොන් වැඩක් කියලා හිතුන හින්දා. සුනී ඇන්ටිගේ දහවල් වරුවේ තනිය මකපු පැටී හෙට ඉඳන් සුනීතා ඇන්ටිව තනි කරලා දාලා කඳුලක් ඉතුරු කරලා යන්න ගිහින්. පැටීගේ දුක බෙදාගන්න සනී මාමා, තුෂාර අයියා, ගංගා, මම එකම දේ රෑ එකොලහ වෙනකම් කියව කියව හිටියේ පැටී නැතිවුන දුක හැමෝටම දැනුන හින්දා වෙන්න ඇති වෙලාවකට ඒක ලක්ෂ්මන් අංකල්ට එල්ලවුන බැණුමක්. වෙලාවකට හිටපු ගමන් එන සුසුමක්. අතරින් පතර වතුර එකක් කුස්සියට හොම්බ දාපු මට කඳුලු පුරෝගත්තු සුනී ඇන්ටිව දැකලා සනී මාමා කිව්වා වගේ “දැන් අඬලා මක්කොරන්නද“ කියලාවත් නොකියා බිම බලාගෙන මාරු වුනේ ඒ බැඳීම තක්සේරු කරන්නට තරම් මිම්මක් මම ලඟ නොතිබුන නිසා වෙන්න ඇති. පැටී යන්න ගිහින් අන්තිම වෙනකම් අපිත් එක්ක හිනාවෙලා හිටපු පැටී හිටිවනම ඇස් දෙක පියාගෙන. පැටීගෙ වලේ ගහපු හඳුන්කූරු නිවිලා ගිහින් අළු දැන් පොලවට පස්වෙලත් ඇති ඒත් ඊලඟ වතාවෙත් මම ඒ ගෙදරට පස් පාගනකොට මගේ ඇඟට පැනපු පැටී නැත්තෙ මොකද කියලා මතක නැතිවෙලා හිතෙයි. ටික කලකින් ඒකත් පුරුදුවෙයි.. ඒත් පැටී ඒ හතරමායිමේ හැමදාම ජීවත් වෙයි..

Ansh Lucky Sri Jay said...

මම නම් කවදත් පැටී ට ටිකක් බයයි. යාලු වෙන්න මගේ පස්සෙන් ආවත් මගේ බය නිසා එයාම මගෙන් ටිකක් ඈතට වෙලා උන්නා. දවල්ට ඇන්ටියි, මායි එක්ක කැරකි කැරකි පාලු කපපු හැටි නම් කවදාවත් අමතක වෙන්නෙ නැහැ.
ඇත්තටම පැටි එක්ක මලී සහ ඒ පවුලේ අයගේ තිබ්බ බැඳිම ගොඩක් ශක්තිමත්. පවුලේ කෙනෙක් වගේ තමයි සැළකුම් ලැබුවේ. පැටී නැති අඩුව ඊගාව පාර මලීගේ ගෙදර ගියාම දැනේවි, ඒක වලක්වන්න බැහැ. මොකද ගෙදර හැමෝටමත් කලින් අපිව පිලිගන්න වෙනදට ඉස්සරහට ආවේ පැටී නිසා.

h said...

@ ආගා - කෙටියෙන් කියන්න ඕන සේරම කියල තියෙනවා. නියමයි!

Il mondo di una povera pazza said...

මම මුලින්ම දැනගත්තම පැටී ගේ මරණය හිතාගන්න බැරිව ගියා. එවේලෙ මලී එක්ක කතා කරද්දි මම එහෙම දුක් වෙන්න එපා කියලා මම මටම කියාගත්තා නිකම් බොරු කියන්න එපා කියලා. මම මම විසින්ම සතෙකු අහිමිවෙලා මාස ගානක් හිටපු හැටි මතක් වෙලා.
පැටි මම මලීගේ ගෙදරට ගොඩවුනු ගමන්ම යාළු උනා. කොහොමත් මමත් එයාලගේ කෙනෙක් නිසා මම යන හැම වෙලාවකම එයා මගේ ගාවට ආවා. මම හිතන්නේ මගේ බ්ලොග් එකේ මම ඒක ලියලාත් තියෙනවා. මම මලීගේ ගෙදරට ඒ අයට මුලින්ම ගොඩාක් කැමති උනු හේතුවත් එහෙ ඒ සත්තුන්ට තිබුන ආදරේ. එයාලා ගෙදර අය හා සමානම ආදරේ බෙදාගත්තා. ඒක මම දැකපු ලංකාවේ කිසිම ගෙදරක තිබ්බේ නෑ.
රචීට පෝස්ට් එක ලියන්න කියලා මම කිව්වෙත් මලී හා සමානවවම අපේ දුක සැප බෙදාගත්තු අපේම සෙට් එකේ කෙනෙක් කියලා මට පැටීව දැනුන නිසා. රචීට බොහොම ස්තුතියි අසයින්මන්ට් අස්සේ මේ වගේ පෝස්ට් එකක් ලිව්වට.

මලී ගේ පැටී ට එයාගේ ලෝකෙක සතුටින් ඉන්න ලැබේවි.

May she rest in peace

malee_msg said...

රචී මල්ලිටයි කමෙන්ට් කරපු හැමෝටමයි ගොඩක් ස්තූතියි.. මේකට ගොඩක් කලින් රිප්ලයි එකක් දාන්න පුළුවන් කම තිබ්බත් හිත හදා ගන්න බැරි උනු නිසයි පරක්කු වෙලා උත්තර බදින්නේ...

ඇත්තටම අදටත් පැටී නැති අඩුව කොයි තරම් දැනෙනවාද කියලා වචනෙන් විස්තර කරන්න හරි අමාරුයි.. අවුරුදු 9+ක් එකට හිටියා කියන්නේ සුළුපටු කාලයක් නෙවෙයි නේ. පැටී කියන්නේ කවදා වත් අපිට වදයක් උනු සතෙක් නෙවෙයි.. වදයක් උනත් ආදරේ නිසාම කවදාවත් ඒවා වදයක් වගේ අපිට දැනුනේ නෑ.. පැටීට බැරි උනේ වචන වලින් අපිත් එක්ක අදහස් හුවමාරු කරගන්න විතරයි.. ඒ ඇරෙන්න එයා මුළු ජිවිතේම අපිත් එක්ක හැ‍මදේම බෙදා ගත්තා..

අනේ තව එක දවසක් පැටී අපිත් එක්ක හිටියා නම් කියලා හිතෙන වාර අනන්තයි.. තාමත් අපේ ගිරා බබා පැටී.. පැටි කූට්ටෝ කියද්දි.. හිතේ ගැඹුරුම තැනක ඇති වෙන වේදනාව කවදාවත් අඩු වෙලා යන එකක් නෑ..

Post a Comment