FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

මගේ පළවෙනිම සටහන සෙට් වෙනු පිණිස

7.02.2010

ලියන්න නම් හිතාගෙන හිටි දවස් ගොඩාක් තිබුනා.
 ඒත් අර කලින් මගේ බ්ලොග් සටහනේ කිව්වා වගේ කම්මැලිකමත් එක්ක බොහෝම හේතු තියෙනවානේ නොලියා ඉන්නත්.


 සෙට් වීම පිණිස බිහි වෙන්නේ අහම්බෙන්. ඒක හරිම සුන්දර මතකයන් ගොඩක එකතුවක්... මේ වෙද්දි මගේ කාමරේ මගේම මේසෙ උඩ තියෙන අපේ සෙට් වීමෙ පින්තූරෙත් අර රංගිගේ ක්ලබ් එකේ බෝතලයෙනුත් එහාට යන්න මට තවම හිතිලාම නෑ වගේ. හරියට ඒ පොටෝ එක සැබෑලෝකයේ ජීවත් වෙනවා වගේ. 
    
     මෙහෙම නිකම් කිව්වම ඔයාල හිතනවද දන්නේ නෑ අපෝ එයා අපි නැතුව හැඟීම්බර වෙලා කියල. (හිකිස්.) එහෙම නෑ ඔන්න. මම තාමත් අර මැර පාට් එකෙන් ඉන්න හදන්නේ. කොහෙද මේ අපි අතර තියෙන දුර මට ඒකට හරියටම ඉඩ දෙන්නේ නෑ වගේ.( ඊටත් වඩා දුක මේ මම නැති උනාම මේ ඔක්කොමලා මුහුදේ නාන එක. ඔක්කොම ඉවසුවා කියමු. මම ඉන්නකම් වැහැපු වැස්ස පායලා මේ මුහුද මට දීපු වදය ඉවර කරහම මම අහන්නේ ඒක සාධාරණ වෙනවද? ) 
         කාලයක් තිස්සේ මට ලංකාවේ අය ගැන බොහොම දුර්වල කියවීමක් තිබ්බේ. ඒකට හේතුව වෙන්නේ මම අවුරුදු ගණනාවක් තිස්සේ පිටරටක ජීවත් වීමම නෙමෙයි. මවා ගත්තු මිනිස්කම්, කරදරයකදු දුකකදි නැති මිනිස්කම් වගේ දේවලදි මට ඒ අයව එපා වෙලා තිබුනේ. ලංකාවට ආවා උනත් මට ඒ දේවල් වල වෙනසක් දකින්න පුළුවන් කමක් තිබ්බේ නෑ හැමදාම උනේ සිත අවුල් කරන දේවල්ම මිසක්. ඒත් 2003 දි වගේ මට හොඳයි කියන්න පුළුවන් සිංහල අය කිහිපදෙනෙක්ව හමුවෙනවා. ඒ අයගෙන් මේ වෙද්දි මාත් එක්ක ඉන්නේ කීප දෙනෙක් වෙන්න පුළුවන්. ඒත් ඒ අයගෙන් මම අනුගමණය කරපු එකම එක කෙනෙක් ඉන්නවා. එයා අද වෙද්දි අපි යන පාරකවත් නෑ කියලා දැනුනත් මම අදටත් එයාගේ ගරු කරන දේවල් ගොඩාක් තියෙනවා. ඒ තමයි මගේ ජීවිතේට බලෙන්ම ඇවිත් මාව මේ අද ඉන්න තැනට ගෙනත් අතෑරපු එක. එයා නොහිටියා නම් කවමදාවත් මම ලංකාවේ සමාජයට අනුගත වෙන්නේ නෑ. 
      සිංහල බ්ලොග් ලිවීම හරහා මම අඳුණගනිපු අය හැමෝම කලින් ම මම කියවලා තිබුනා. අර ගල් වලින් තොර ජීවිතයක් ගැන නොලියන අපේ මරේ වගේම, උපරිම තරමින් රැඩිකල් කියලා අපිට පෙන්වන්න හදන මගේ අහිංසක මස්සිනාත්, අර ඌට අනුව ඌ පොරක් කියලා හිතාගෙන ඉන්න එකෙකුත්, අර සමාජයේ කාටවත් නොපෙනෙන දේවල් විතරක් පෙනෙන පිටස්තරයෙක්ම වෙන එකෙකුත්, කන්න දීලා පිරිමහන්න බැරි (ඒ විතරක් නම් හිත හදා ගනන් පුළුවන් කියමුකෝ) පුංචි අලි පැටවෙකුත්, අර පාර මාරු වෙච්ච දත් වැඩිපුර තියෙන චූටි මහත්තයෙකුත්, අර අපිට නිකම් නොදරු පාට් දාන නොදරුවෙක් කියලා කියන්නවත් බැරි පොරකුත් හරහා අපේ පොඩි මැරංගී එක්ක තමයි මම හිතන්නේ සෙට් වීම එලියට එන්නේ...(ඕක නිකම් එහෙම ලේසියෙන් කියලා දාන්න පුළුවන්කමක් නෑ.)  
    මේ අය මුලින්ම හමුවෙන්නේ නම් අපේ ගෙදරදි වෙන්න ඕනේ. ඒක අති විශේෂ දවසක් විදියට අපි ඉතිහාසගත කරන්න ඕනේ. ඇයි කාටද ලේසියෙන් කියන්න පුළුවන් යකෝ අපිට මරණේ හමු උනා කියලා. මම එක දවසක් කෝල් එකක ඉන්නකොට එක පාරටම  කිය උනා මේ මරණේ අපි ආයේ කවදාද හමු වෙන්නේ කියලා. එතන හිටපු කොල්ලො කෙල්ලො ටික මම දිහා නිකම් අමුතු සතෙක් දිහා වගේ බලාගෙන හිටියා මම දැක්කා. (මම ඉතින් සුද්දි වගේ ඒක නොපෙන්වා හිටියාට මට උන් හිතපු එක ගැන හිතලා මේ දැනුත් හිනා.) පවු නේද ඒ ළමයි ටික. උන් හිතන්න ඇති මේ නම් අමු පිස්සියක් කියලා. ( මරේ මේ නම මාරු කර ගනින් අපිට ප්‍රසිද්ධියේ උඹේ නම කියන්නවත් බෑ.)
මම හිතන්නේ මේ පොඩි කොල්ලො කෙල්ලො ටික මට හිතාගන්න බැරි තරම් ආදරයක් මට දීලා ඒ අස්සේ හැමදාටම මතක හිටින සිහිවටන කිහිපයක්මත් මට දුන්නා. උන් නිකම් හිතන් ඉන්නේ මම මැරයෙක් වගේ කියලානේ. ඒ උනාට උන් තාම දන්නේ නෑ ලෝකෙ ඉන්න අන්තිම චූටිම චූටි සතාටත් මම තාම බයයි කියල.  
   
     මේ සෙට් වීමට විවිධ අය එකතු වෙනවා. සමහර අය නිකම් හොරෙන් බිලී බාගත්තා වගේ කතාත් අහන්න ලැබුනා. ඒත් අපිට එහෙම කාගෙවත් අකැමැත්ත මත මෙහෙට කිසිම කෙනෙක් අවශ්‍ය නෑ. අපි මේක හදාගත්තේ සෙට් වීමට මිසක් කොහෙවත් කාටවත් පහර ගහන්නවත් පොඩි එවුන් හරහා ලෝකෙ පෙරලන්නවත් නෙමෙයි. ලෝකෙ පෙරලන්න නොවුනත් රට පෙරලන්න හෙට දවසේ පුළුවන් කියල මම හිතන පොඩි එකෙක්ව නම් මම මේකට දාගත්තා. ඒත් ඌත් මෙතන ඉන්නේ බොහොම කැමැත්තෙන් කියලා මම දන්නවා. ඒක හින්දා අර ලොකු මිනිසුන්ගේ සංගම් වගේ ලොකු දේවල් අපේ හීන වල නෑ. මේ ඉන්නෙ සාමාන්‍ය මනුස්සකම අගයකරන මිනිස්සු ටිකක් ඒ අය එකම පවුලක් වෙලා විතරයි. අපි ලෝකෙට අපි ගැන පොර ටෝක්ස් දෙන්නේ නෑ. අපි කනවා බොනවා විනෝද වෙනවා අනෙකාගේ දුකේදි පිහිටට ඉන්නවා. අඩුම ගානෙ පිහිටක් නැතත් උගේ ළඟට වෙලා ඉන්නවා මෙන්න මේ අය තමයි සෙට් වීමෙ ඉන්නේ.ඒක කේන්ද්‍රගත වෙන්නේ පිරිසිදු අරමුණකින්. ඒ අරමුණ තියෙන තාක් අපි එකට ඉඳියි. එච්චරයි.රට හදන්න අදරේ බෝ කරන්න වගේ ලොකු ටාගට් අපිට නෑ. කොටින්ම අපිට මොන ඉටිගෙඩියක් අනිත් උන් කරගත්තත් කමක් නෑ. ඒක අපේ වැඩක් නෙමෙයි.
  මම හිතන්නේ මගේ පලවෙනි සටහනින්ම මම මැරයෙක් වෙලා ඉවරයි. ඒත් මේ ලියන්නේ එහෙම දේවල් හෙට දවසට ලියන්න බලාපොරොත්තුවක් නැති නිසා. සෙට් වීමෙ තැන්, සෙට් වෙන තැන්, සෙට් උනු හැටි සෙට් වෙන අයට ලියන්න ඉඩ තියලා මම මේ සටහන ඉවර කරනවා.   
 ( කෝ මේ අපේ රචකයෝ... මට නම් තවම මේකට කිසිම සටහනක් පෙනුනේ නැති අය ඉන්නවා.)

9 ක් මඩ ගහලා:

පිටස්තරයා said...

දැන් නම් මැරයට බය වෙනව බොරු. කලින් නම් බෙල්ලෙන් අල්ලලා හොල්ලන්නවත් පුලුවන් වුනානෙ. දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑ නෙ. පී

හිටිය ටික කාලෙට මගෙ ජීවිතේට වුන හොඳම දේවල් වලින් එකක් තමයි සෙට් වෙනු පිණිස. ඒක අනිත් අයටත් එහෙමම වෙන්න ඇති.

h said...

ඔන්න දැන් කට්ටියට ලියන්න වෙනවා.... නැත්තං ඉඳල හමාරයි...

Ansh Lucky Sri Jay said...

අනිවා..
ලැක්ටෝ එක්ක මමත් එකඟයි..!!
අපි හැමෝගෙම බැදීම් වල (මේ සෙට් එකේ)අත්තිවාරම වුනේ මැරංගි කියන තූති පූස් පැතියා.. ඒ ක්‍රෙඩිට් එක අනිවා අක්කට.
:)

"මරේ මේ නම මාරු කර ගනින් අපිට ප්‍රසිද්ධියේ උඹේ නම කියන්නවත් බෑ." සහතික ඇත්ත මටත් ඔය අකරතැබ්බය උනා.
:@

h said...

මේ මේ මේ මම තමයි තූති පූත් පැතිය හරිද... වෙන අයට ඒ ටයිටල් දීල මම නරක මිනිහ කියන්න එපා...

Ansh Lucky Sri Jay said...

ලොල්, තෝම තියා ගනින් ඒක..
මැරංගි කියන එක වඩා ගැලපෙනවා..
:)

ආගන්තුකයා | Stranger said...

අනිවා දැන් ටයිටල් කොපි කරන්න දෙන්න නම් බෑ.. ඒක තමා බං දැන් නම් වෙලා තිබුනත් නැතත් ලියන්නම වෙනවා.. නැත්නම් අවසානේ... හික් හික් ... ඇත්තටම ඔන්න අපි සෙට් වෙනවා හරිද.. පේනවානේ.. කිව්ව විදිහට වැඩ වෙලා ඇති...

මුචලින්ද said...

හීහ්හී.. . . ගති!
කලින් කියපු විදියටම ඔන්න අපි සෙට් වෙනවා.
කියන්න තියෙන දේවල් ඔක්කොම කියලා තියෙන එක හුඟාක් හොඳයි!

malee_msg said...

ඇත්ත ඇත්ත අපි ලියන්න ඕනි තමයි... මාත් ඉතිං ලබන සතියේ විතර සෙට් වෙන්නම්කෝ.... තරහගන්න අපා.. අපේ සුදු රංගි පූසූ පැටික්කි... (අනේ මගේ කට විතරක්!)

Il mondo di una povera pazza said...

මෙහෙම මදි. කෝ කට්ටියගේ බ්ලොග්ස්?

Post a Comment