FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .
Showing posts with label set veem. Show all posts
Showing posts with label set veem. Show all posts

බැරකුඩාවේ කුඩාවට...

3.10.2014

සත්ගුණවත් ඇටයාද, චිලිපේස්ට් බතලිද, කපුටුකොණ්ඩ රැවුලාද අනාගාමික කොටාගේ ගෙදර පාටියට සෙට් වූයේ නැත. ඒ නිසාම සත්ගුණවත් ඇටයා කොළොම්පුර මංගච්චන දිනයකදී නැවත සෙට්විය යුතු බව බ්‍රහ්මචාරී මරුවා යෝජනා කළේය. මාසයක සහ ‍යාන්තං මේල් 50ක පමණ ඇවෑමෙන් සකල ලෝ වාසී සියළු දෙනා කාන්තාවන්ට සෙත් පැතීමට යොදාගත්තා වූ මාර්තු 08 වෙනිදාව දිනය වශයෙන් යෝජනා විය.

කොළඹ අවට තැනක් වීම සහ ෂේප් ගාණකට නිදහසේ සෙට්වීම අවශ්‍ය වූ නිසා තැන් දෙක තුනක් සැලකීමෙන් පසු දෙහිවල වාසල පාරේ බැරකුඩා (Barracuda seafood & grill) නම් ක්සේම භූමිය සෙටා වීම සඳහා ඒක ඡන්දයෙන් සම්මත විය.

කෙසේ නමුත් අවසානයේ පතල් දතාද, කළු බතලයාද, අනාගාමික කොටාද තමන්ට සහභාගී වෙන්නට බැරි බව ප්‍රකාශ කළේය.

ඉතිං නියමිත දිනයේ බ්‍රහ්මචාරී මරුවා, සෙම්බු තඩියා, පාන් ඕපන් සූසා, බොහොම රැවුලා සහ උගේ ආදරණීය යක්ෂණී හෙවත් ටිෂූ ලිමිටඩ් මැතිණිය යන අය විලියම්ස් හන්දියේ චාටර් නොවී බැරකුඩාවටම සැපත් වූවෝය. ඒ වන විට දෙහිවල පසුකරමින් සිටි සත්ගුණවත් ඇටයා සහ චිලිපේස්ට් බතලි යන දෙදෙනාද තවත් මදකින් බැරකුඩාගත විය.

බැරකුඩාව යන්න එන්න අමාරුවක් නැති තැනකි. දෙහිවල විලියම්ස් අඹරන මෝල ගාවින් මුහුද පැත්තට ඇති වාසල පාර ඔෆීශියල් පාරය. ඒ පාරේ කෙළවරදී වමට හැරුණ විට රේල් පාරෙන් එහා බැරකුඩාවේ බෝඩ් ලෑල්ල දිස් වේ. රේල් පාරේ කෝච්චි නැති වේලාවක් බලා පාර පැන බැරකුඩාවට යා යුතුය. වාසල පාර හරි නෑ වගේ නං ‍දෙහිවල පැත්තට වෙන්න තියෙන මෙල්ෆර්ඩ් ක්‍රෙසන්ට් එකේ ගිහින් වුවත් පොට් එකට සෙට් විය හැක.

බැරකුඩාවට  කට්ටිය සෙට් වූයේ උදේ 11ටය. රිසවේෂන් එකක් කලින් දමන ලදී. පොට් එක පොඩිය. ඒත් ගතිය. මුහුද පැත්ත සහ රේල් පාර පැත්ත වැටකින් ආවරණය වී ඇත. උවමනා නං වැල්ලට යන්නට පුළුවන්ය. වැටට අමතරව වැටකේ පඳුරුවලින් තැන ආවරණය වීලා ය. උඩින් වහලක් නැත. සැලසුම් සහගතව හිටවන ලද කොට්ටම්බා ගස්වල කොළ වලින් බොහොම හොඳ වියනක් සැදී ඇත. රස්ණෙ නැත. අපහසුවක් නැත. දාඩිය දැමුවේද නැත. බිම වැල්ල මත මේස සහ පුටු සෙට් වෙන අයට අවශ්‍ය පරිදි අහුරා දෙනු ලැබේ.

වැඩිය කියන්න බෑ ය. මෙයාලගේ කැරැට්ටුව මේන් මේ තැන්වල තියෙනවාය.

yamu.lk
Facebook > barracuda
barracuda.lk

ඒ වන විට කපුටු කොණ්ඩ රැවුලා සහ උගේ ආදරණීය යක්ෂණී හෙවත් ඇටමාල බොක්සිනී ටයිසන් මෙනවිය පැමිණීමට නියමිතව තිබුණු අතර උන් එන තුරු තවත් පැයක් චාටර් වීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රහ්මචාරී මරුවා ඇබ්සොලුට් වොඩ්කාවක් සහ බකාදියක් එළියට ඇද්දේය. කාන්තාවන් සහ පුරුෂයින් සියල්ලෝ කිසිදු පැකිලීමකින් තොරව තම තමාගේ මනාපය පරිදි කලවම් කිරීමට අවශ්‍ය පාන වර්ග සහ කෑම වර්ග තේරුවෝය.

බැරකුඩාවේ ලිකර් නැත. බියර් ඇත. කට්ටිය කෑමට ගත් බටර්ඩ් කටල් ෆිෂ්, වෙජිටබල් චොප්සුයි, ෆ්‍රයිඩ් චිකන් සහ ෆ්‍රයිඩ් රයිස් සුපිරි නිර්මාණය. ඒත් ඩීප් ෆ්‍රයිඩ් බීෆ් එකනං නමේ හැටියට තිබුණේ නැත. ඔය කෝකත් ඕඩරය දී මහ වේලාවක් යන්න කලින් මේසයට වැඩම කරවීමට හැකි වීම විශේෂ දෙයක්ය. ඒ අතින් බැරකුඩාවේ කෑම සහ සේවය විශිෂ්ඨ බව කිව යුතුය. කෙසේ වුවත් සී ෆුඩ් ලෙස කට්ටිය ගත්තෙ දැල්ලන් පමණක්ය. අනික්වා ඌෂ්ණය.

කට්ටිය අතර සාකච්ඡාව යන අතරේ දෙවේලකට කපුටු කොණ්ඩ රුවුලා සහ උගේ ආදරණීය යක්ෂණී ඇටමාල බොක්සිනී ටයිසන් මෙනවිය සම්ප්‍රාප්ත විය. යන්න ඔන්න මෙන්න කියා තිබියදී පාන් ඕපන් සූසාගේ ආදරණීය යක්ෂණී රැවා ඇන්ටි මෙය ද මළ ගෙදරක සිට කඩිමුඩියේ වැඩම කළාය.

කට්ටිය කතා කල දේවල් ලියා ඔබ තමුන්නාන්සෙලාගේ ආතල් කැඩීමට නොහැක. එබැවින් එම ගැඹුරු දේශපාලන සාකච්ඡා සැකෙවින් සඳහන් කර නැවතීම යෙහෙකිය. එබැවින් ඔබලාගේ මනදොල ඇස කණ නාසය දිව ශරීරය සන්තර්පනය කරනු වස් එම කාරණා ෂෝට් නෝට් වශයෙන් පහතින් සඳහන් කරන බව කරුණාවෙන් සලකන්න.



සමහරුන්ට මාපට ඇඟිල්ල අනිත් පැත්තට නැවිය හැක. තවත් සමහරුන්ට අතේ ඇඟිලිවල මුල් පුරුක් පමණක් නැවිය හැකිය. තවත් සමහරු ඇඟිල්ල ආත්ම ප්‍රකාශණ මාධ්‍යයක් විධියට භාවිතා කරනවාය.

බුලත් කන්නෝ ආණ්ඩු විරෝදියෝය. උන් මහින්ද මාමාගේ ලෝගෝව කන්නෝය.

ක්වන්ටින් ටරන්ටිනෝ සිනමාත්මක රූප භාවිතයෙන් සහ චරිත සහ සිදුවීම් ගොඩනැංවීම යන කරුණු සම්බන්ධයෙන් ලොව විශිෂ්ඨතම තිර රචකයා/අධ්‍යක්ෂකවරයා වන්නේය.

සීයක් දමා මාරු වෙන්නට පැමිණෙන්නෝ මිත්‍ර ද්‍රෝහියෝය.

සියළු මාධ්‍යවේදියෝ ගෑණුන්ට චණ්ඩි පාට් දමන්නේ නැත.

දැන් දැන් පලවෙන සිංහල පොත් සහ පරිවර්තන කියවනවාට වඩා අමාරුවෙන් හරි කඩ්ඩෙන් කියවන්න පුරුදු වෙන එක නුවණට හුරු ය.

මල්බෝරෝ සිගරට් මුලින් සැරයි වගේ දැණුනාට සෙට් වුණාම මරුය.

ගෑණු අරක්කු කටේ ගාගත්තම පිරිමින්ට අන්තය.

ෆයිනල් මැච් එක දිනනවාය.

ඇනෝනිමස් යනු එතන හිටි එකෙකුට කියන තවත් නමකි.


මෙම කාරණා සහ තවත් නොයෙක් කාරණා සාකච්ඡා කරමින් බෝතල් දෙක සහ තවත් බියර් කෑන් කීපයක්ද, කෑම කිලෝ 10ක් පමණද හිස් කිරීමෙන් පසු බර ගාණක බිලක්ද ගෙවා හවස 4ට පමණ කට්ටිය බැරකුඩාවෙන් පිටත් විය. ගාළු පාරට පිවිස තම තම උවමනාව පරිදි බස්වල එල්ලී කට්ටිය විසිර ගියෝය.

බැරකුඩාවේ කුඩාවට සෙට් වුණේ ඔහොමය.

යූකේ වලදී නේවි එකෙන් කෑවෙමු!

9.09.2013


මේ බ්ලොග් එක වේලෙන්න නොදී තියාගන්න අමාරුයි. කට්ටියම එක එක වැඩවලට සෙට් වෙලා කාර්ය බහුල වෙලා තියෙන නිසා සෙට් වෙලා පටංගත්තු ගොඩක් වැඩ තියෙන්නෙ ඔහේ යන ගාණට. ඒකට කරන්න දේකුත් නෑ. ජීවිතේ තියෙන්නෙ ඔන්ලයින්ම විතරක් නොවෙන නිසා ඔන්ලයින් හැදිල තියෙන ප්‍රොෆයිල්වලට වඩා හැබෑ ජීවිතේ ප්‍රොෆයිල් මේන්ටේන් කරන එක කට්ටියටම වැදගත් වෙලා මේ වෙද්දි. හැබැයි කවුරුත් අතාරින එකකුත් නෑ... මේ වෙනකොට ඔන්ලයින් ජීවිතේ බ්ලොග් කියන එකින් එහාට මෙහාට ගිය දෙයක් වෙලා හැමෝටම.

බ්ලොග් ලෝකෙ අළුත් වෙනවා. වෙනස් වෙනවා. කට්ටිය එනවා යනවා. අමුතු දේවල් සිද්ධ වෙනවා. ඒ අතරෙ අපිත් ඉඳල හිටල පෝස්ට් එකක් දෙකක් කොටන ගමන් තාමත් ඒ රහ හොයන්න ගන්නවා. සෙට් එකේ ගොඩක් දෙනෙක්ට මේ වෙද්දි බ්ලොගින් ගැන තියෙන්නෙ තමන් බ්ලොග් පටන්ගත්තු කාලෙදි තිබුණ අදහසම නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. මොකද සාමාන්‍යයෙන් නම් මිනිස්සු දියුණු වෙනවා. ලියන දේවල් වගේම ලියන ආකෘතිත් ගොඩ දෙනෙක්ගෙ වෙනස් වෙලා කියල මට හිතෙනවා. ඒ වුණාට මේ බ්ලොග් එකේ ලියවෙන්නෙ අපේ සෙට්වීම් විතරක් නිසා මේ සටහන්වල ලොකු වෙනසක් වෙන එකක් නැහැ.

පහුගිය කාලෙම අඩුගානෙ මාසෙකට සැරයක් හෝ දෙකක් අපේ එකා දෙන්න එක එක ඉවෙන්ට්වලදි වගේම වෙඩිං පාටි සහ ඇරේන්ජ් කරගත්තු පාටිවලදි සෙට් වුණා. නමුත් ඒ හැම එකක් ගැනම පබ්ලිෂ් කරන්න උවමනාවක් නොතිබුණ නිසාම වෙන්න ඇති මේ බ්ලොග් එක කාලයක්ම වේලුනේ.

හැබැයි මේ වතාවෙ මේකට සටහනක් ලියන්න හිතෙන්නෙ අන්තිම වතාවෙ අපි සෙට් වුණ තැන විශේෂ නිසා.

ජූලි මාසෙ මුලදි අමරවංශයා මේල් එකකින් යෝජනාවක් ගෙනාවා සෙට් වෙමු කියල. මොකද ඒ වෙද්දි මාසයක් දෙකක් විතර කට්ටිය ග්රෑන්ඩ් විධියට සෙට්වෙලා නොහිටිය නිසා. කලිනුත් කීප වතාවක්ම අමරෙ ලොක්කම කියපු උස්වැටකෙයියාවෙ තියෙන නේවි රෙස්ටුරන්ට් එකේ සෙට් වෙමු කියලයි යෝජනා වුණේ.

ඒ තැන ගැන විස්තර මෙතන තියෙනවා. මේ ලින්ක් එකත් දාල තිබුණ නිසා තැන ගැන අදහසක් ගන්න පුළුවන් වුණා.

නමුත් මේ තැන හරියන්නෙ නෑ කියල මුලින්ම විරෝධය දැම්මෙ මම. මොකද පින්තූරවල හැටියට ‘පොෂ් විධියට ලන්ච් එකක් ගන්න‘ මිස ‘අපේ විධියට සෙට් වෙන්න‘ පුළුවන් ගතියක් එතන මට නොපෙනුන නිසා. මම මෙලෝ රහක් නැතිව හිටියට අනිත් උන් මරාගන්නවනෙ සෙට් වෙන්න ගියාම. විරෝධයට අනිත් කාරණේ වුණේ මුහුද පේන මානයේ තියෙද්දිත් මුහුදට යන්න බැරි විධියට වැටක් ගහල තියෙන එක. මුහුද මාකට් කරගන්න හොඳ හැකියාවක් තියෙද්දි මෙයාලා මුහුද ආවරණය කරල තියෙන්නෙ ඇයි කියන එකට හොඳ හේතුවක් ඇති එයාලට.

කොහොම වුණත් එතනදි වියදම් වෙන්න පුළුවන් ගාණත් සලකල පස්සෙ වෙන යෝජනාවක් ආවෙ රූමස්සල වගේ පැත්තක දිග ට්‍රිපක් යමු කියලා. ඒ යෝජනාවත් සතියක් දෙකක් විතර ඇදි ඇදී තිබුණා. ඒ අස්සෙ ‘අපි එක් වතාවක් හෝ පොෂ් විධියට සෙට් විය යුතුය‘ කියන කාරණේ සාධාරණීකරණය කරන්න මඩවේදී බින්දුවා සෑහෙන්න හේතු ටිකක් ගෙනාවා. අනිත් අයත් ඒක සාධාරණීකරණය කලේ අපි ගොඩක් විට හෙඩ් ඔපීසියෙ, ලෝටස් ලීෆ්, වයිට් හෝස් වගේ තැන්වල සෙට් වෙන නිසා වෙනසකටත් එක්ක එතන සෙට් වෙමු කියලයි.

අවසානෙදි කට්ටියම ඒකමතික තීරණයකට ආවා අපි උස්වැටකෙයියාවෙ මාලිමා ක්ලබ් එකේ මීළඟ සෙට්වීම දාගමු කියලා. මේක ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පවත්වාගෙන යන රෙස්ටුරන්ට් එකක්. සියළු විස්තර මෙතනින්.

දිනය විධියට යොදාගත්තෙ කලින්ම තීරණය වෙලා තිබුණ විධියට 2013.08.17 වෙනි සෙනසුරාදාව. කට්ටියම උදේ 9 වෙනකොට කොටුවෙ පොලිසිය ගාව තියෙන හෝල්ට් එක ගාවට එකතු වෙමු කියල කතා වුණා.

වාද්දුවෙ හෙඩ් ඔෆිස් එකේ ඉඳන් මමයි මලීයි දෙන්න යන්න පිටත් වෙද්දිත් අටහමාරට විතර ඇති. කොහොමත් අපි දැනගෙන හිටිය අපට යන්න පරක්කු වෙනව කියල. ඒ නිසාම අමරෙ කෝල් කලාම උන්ට යන්න කියල කිව්වෙ අදාල තැනට යන බස් තියෙන්නෙ විනාඩි 45කට විතර සැරයක් කියල කලින් දැනගෙන හිටපු නිසා. අපි දෙන්නා කොල්ලුපිටිය හරියට එද්දි එදා දවස තමන්ට අමතක නොවෙන දවසක් කියල හීනෙන්වත් නොහිතපු පොරක් කෝල් කරා. ඌ අපේ සෙට් එකේ අළුත බැඳපු ලැක්ටෝ සහ මාරි එක්ක හැව්ලොක් ටවුම පැත්තෙන් එනව කියල කිව්වා. මලීයි මමයි දෙන්නා අදාල තැනට ගිහින් උදේට සොසේජ් බනිස් දෙකයි කිරි පැකටුයි ගහල කට්ටිය එනකල් හිටියා.

ඔය කොටුවෙ බස් ස්ටෑන්ඩ් එක ගාවින් ගුණසිංහපුරේට හැරෙන හන්දිය පට්ට අවුල් සහගතයිනෙ. අපි දැක්ක අර තුන් දෙනා ඇවිත් එතන හිටපු ට්‍රැෆික් පොලිස් මාමිත් එක්ක චැටක් දානවා. අපි හිතුවෙ දන්න පොරක් වෙන්න ඕන කියලා. ඒත් චැට ඉවර නොවුණ නිසා පොඩ්ඩක් කිට්ටුවට ගිහින් බැලුවා. බැලින්නම උං චැට් කරල නෙවෙයි. මාර්ග නීති උල්ලංඝණය කලා කියල පොලීසියෙ මාමි අර පොරව අල්ල !%$#%^%^&*^%#$#!

බැරි වෙලාවත් කලින් වතාවක හීන දැක්ක වගේ පොරට ඕඅයිසී පෝස්ට් එකක් වයසට ගියාමවත් ලැබුණොත් මගේ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් නිසා ඒ කතාව එතනින් ඉවර කරනවා. අවස්යතාවය ඇත්තෝ විමසා බලත්වා.

කොහොම වුණත් ඒ වැඩේ තාමත් අපේ සිරා බයිට් එකක්. අර පොලිස් මාමිට පරෙස්සම් වෙන්න වෙයි. මොකද දැන් අපේ පොරගෙ පරම හතුරා තමයි ඌ... ඒ මාමි මේක බලනවනං දැන්ම ඇඳුම් පැක් කරල තියාගන්න එක හොඳා. මොකද නොහිතන මොහොතක ඈත පළාතකට මාරුවක් ලැබෙන්න පුළුවන්.

කොහොම හරි අන්තිමේදි පොලිස් මාමි ලියල දුන්න කොල කෑල්ලත් අරගෙන කට්ටිය බස් එක හෙව්වා. මේ බස් එක පිටකොටුවෙන් පිටත් වෙන අංක 275 බෝපිටිය බස් එක. මේක අපට අහන්න ලැබුණ විධියට විනාඩි 45කට විතර සැරයක් දුවන එකක්. මුළු පාරෙම බස් 8යි ලු දුවන්නේ. මේකෙන් අදාල තැන ගාවටම යන්න පුළුවන්. ඒත් මේක සෑහෙන්න කොටන බස් එකක් නිසා මේකෙන් යනවනම් පැයක්වත් යනව ගමනට. හැබැයි අපේ පොර ඊට වඩා ඉක්මන් විධියක් හොයාගෙන කිබුණා. ගුවන් තොටුපලට යන බස් එකක හැඳළ හන්දියට ගිහින් එතනින් 107 ඇලකන්ද බස් එකේ ඇලකන්ද හන්දියට යනවා. ඕනනං එතනින් වීල් එකක රුපියල් 200ක් දීල අදාල තැනට යන්න පුළුවන්. නැත්නං අර 275 බස් එක ඇලකන්ද හන්දියෙ විනාඩි 20ක් විතර නතර කරල තියෙනවා. ඒකෙම යන්න පුළුවන්. තනි බස් එකේ ගමනට බස් දෙක තුනක ගමන විහිළුවක් වගේ වුණත් ගමනෙ ඉක්මන ගැන බලද්දි ඒක වඩා ෂේප්.

ඇලකන්දෙ ඉඳන් ත්‍රී වීල් එකේ අදාල තැනට ගිය ගමන අළුත්ම අත්දැකීමක් වුණා. ඒ පාර තමයි හැඳළ - හුණුපිටිය පාර. එහෙම නැත්තං ඇළ පාර නොහොත් ගුගලෙ තිබුණ විධියට ‘කැනල් රෝඩ්‘ එක. ඒ පාර තියෙන්නෙ මීගමුව කලපුවෙ ඉඳන් ඇවිත් මට්ටක්කුලිය හරියෙන් කැළණි ගඟට එකතුවෙන ඇළ දිගේ. ඒ ඇළ ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නෙ ධීවර කටයුතුවලට කියල තේරුණා. ඒ කියන්නෙ ඒ කිට්ටුව ඉන්න ධීවරයන්ගෙ බෝට්ටු පාක් කරන වගේ වැඩ වලට. මොනව වුණත් ඒ විධියෙ තැනක් කලින් දැකල නැති නිසාම එතන අපේ හිතට වැදුණා. කොහොමින් කොහොම හරි ඇළ දිගේ පාරෙ ගිහින් අපි අදාල තැනට සම්ප්‍රාප්ත වුණා.



අපි පස් දෙනා ඇතුලට ගිහින් ඒ වෙද්දිත් ඇවිත් හිටිය අනිත් අය හිටපු තැනට ගියා. එතන වෙලා තිබුණ දේකින් අපි හැමෝම පුදුම වුණා.

පැතුම් පුංචිහේවා ඇවිත්!

සාමාන්‍යයෙන් පැතුම් කියන්නෙ අර මහා කළු සිංහල වර්ගයේ ඩයල් එකක් (ඌට ඒක මාර හීනමානයක් නිසා තමයි පොර ඉංගිරිස්වලින් පොත් ලියන්නේ) ඒක නිසා ඌ සාමාන්‍යයෙන් මොකක් හරි වැඩකට එනව කිව්වොත් වැඩේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල හරි එන එක එනවමයි. මේ සෙට්වීමෙදිත් අපි පොරට කියල තිබුණෙ උදේ 6 විතර එන්න හිතාගෙන වරෙන් කියල. එහෙම හිතාගෙනද කොහෙද පැතුම් අපි යන්නත් කලින් ඇවිත් තිබුණා.

පැතුම්ට අමතරව අමරවංශ මහතා, රේවන් විෂ්මි යුවල, පහන් යුවල, බින්දු සහ අවුෆ් කියන නෝනල මහත්තුරු ඇවිත් හිටියා. ඒ වෙද්දිත් කට්ටිය ගල්භූමි පරණ අරක්කු (මළ ජරාවක්) බෝතලයක් කඩල තිබුණා. කාල්ස්බර්ග් වීදුරු කීපයකුත් කොක්ටේල් එකකුත් කැරකෙමින් තිබුණා. අපිත් ඇවිත් ඒ ඒ කැමැත්ත අනුව සෙට් වුණා. කාන්තාවො ටික mai tai කොක්ටේල් එක්ක සෙට් වෙද්දි අනිත් අය කැමැත්තෙ විධියට එක එක ඒවත් එක්ක සෙට් වෙලා හිටියා.




මේ තැන ගැන මට තිබුණ අප්සෙට් අදහස ටිකකින් නැති වෙලා ගියේ සෙට්විල්ලෙ සහ තැන අමුතු පොෂ් බවක් නොතිබුණ නිසයි. තැන ගොඩක් පිරිසිදුයි. හොඳට පිළිවෙලට මේන්ටේන් කරන බව පේන්න තිබුණා. යන්න තිබුණ වැසිකිලි පහසුකම් වුණත් සුපිරි මට්ටමක තිබුණා. සේරටම වඩා හිතට වැදුණෙ සර්විස් එක. ඒක අපි කාටත් පුදුමයක් වුණා කිව්වොත් හරි. මොකද සාමාන්‍යයෙන් අපිට කොහෙ ගියත් ඕඩර් එකක් දීල විනාඩි 5-10ක් ඇතුලත ඒක මේසෙට ලැබෙන විධියෙ සර්විස් එකක් හම්බවෙන්නෙ නෑ ලංකාවෙනං.


අනිත් කාරණේ සර්විස් කරපු එකා. ඌ දිහා අපේ සෙට් එකේ කෙල්ලො හොරෙන් බැලුවෙ නෑ කියල කියන්න බෑ. ඌ රඟපාන්න තරම් පෞරුෂයක් තිබුණ කොල්ලෙක්. වැඩිය කතා බහක් නැතිව අවශ්‍ය දේ සපයල දුන්නා. හැබැයි එකක් කියන්න වෙනවා. සෙට් වීමෙ අවසාන භාගෙදි අපි රයිස් එකක් සහ ඒක කන්න චිකන් කරියක් ඕඩර් කලා. අපේ වේටර් මලයා රයිස් එක ගෙනත් තියලා චිකන් එක අරන් එන වෙලාවෙදි රයිස් එක ඉවර වෙලා තිබුණා. ඒකට ඌට චෝදනා කරල හරියන්නෙ නෑ.

මෙතන කෑමත් සෑහෙන්න ෂේප් කියල කියන්න පුළුවන්. බයිට් එකට ගෙන්නපු චිකන්වල නම් ගම්මිරිස් ලුණු මික්ස්චර් එකේ අවුලක් දැණුණත් ඩෙවිල්ඩ් පෝක් බයිට් එක නම් කාපු හොඳම බයිට් එකක් වුණා හැමෝටම. ඒකට දාල තිබුණ හැම දේම නියම අනුපානෙට තිබුණා.



ඉතිං සුපුරුදු පරිදි අපේ මඩ ගැහිලි, බයිට් කෙරිලි සහ රේඩියෝ, පොත්, චිත්‍රපටි ගැන විධග්ග සාකච්චා එක්ක පැතුම්ගෙ පෝස්ට් කොලෝනියල් සංවාදෙ දිගටම ඇදුණා. ඒ අතරෙ දෙන්නෙක් ජින්ජර් බියර් එකේ බුබුළු හෙව්වා.

ඒ අතරෙ බින්දුට ආපු වැදගත්, රටේ උන්නතියට අතිශය දායකමය, සංස්කෘතිකමය, ස්ත්‍රීවාදීමය, ධනවාදීමය, පාවුල්වාදීමය, රෙජීමය, කුටුම්භමය, මාධ්‍යවේදීමය ප්‍රශ්ණෙ තමයි අල්ලපු මේසෙ කෑම කාපු පොෂ් පවුලෙ කාන්තාවො හැමෝම කොටට කොණ්ඩෙ කපල ඉන්නෙ ඇයි කියන එක. ඒකට උත්තරේ හොයන එක ඌටම කරගන්න දීල අනිත් අය තමන්ගෙ පාඩුවෙ සෙට් වුණා. ඔය අතරෙ අමරවංශයා බේබි පූල් එකක බැහැලා වෙනද නො නාන නෑමක් හොඳට නාගත්තා කියලත් අපි දැක්කා.

අවසානයේ වෙනද වගේම තිබුණෙ පින්තූර සෙෂන් එකක්. කට්ටිය එකිනෙකා බදාගෙන, ඉඹගෙන, තුරුළු කරගෙන, ගස් බදාගෙන, කණු බදාගෙන, සිමෙන්ති රූප බදාගෙන, ලොකයාට මුහුණ දෙන්න බැරිව පර්දාවෙන් ඔළුව වහගෙන, පොෂ් විධියට, ළාමක විධියට, ප්‍රේමණීය විධියට, රෞද්‍ර විධියට, මැරෑටි විධියට සහ එකී මෙකී නොකී නා නා ප්‍රකාර විධි වලට ඉඳල පින්තූර ගත්තා.


ඊට පස්සෙ අදාල මුදල් හදල් බේරලා කට්ටිය රෙස්ටුරන්ට් එකෙන් එළියට ආවෙ ආයෙ 275 බස් එකක් එනකල් ඉන්න. එන්න ඔප්ෂන් කීපයක් තිබුණට යන්න තියෙන්නෙ එකම එක ඔප්ෂන් එකයි. 275! මොකද පැත්ත ඒ තරමට ජනාකීර්ණ නැති නිසා අහල පහල ත්‍රී වීල් පාක් එකක්වත් නෑ. ඒ නිසා වෙලාව ගැන උනන්දු වෙනවනම් ඇලකන්ද හන්දියෙ වීල් එකක කන්ටැක්ට් තියාගන්න එක හොඳයි.

පැය බාගයක් විතර එතන චාටර් වෙද්දි අපට සෙට් වුණේ අමරවංශයාගෙ ඩිස්පෝසබල් කැමරාව. ඒක රට ඉන්න ඇන්ටි කෙනෙක් පොරට එවල රීල් එක ඉවර වෙනකල් පින්තූර ටිකක් ගහල එවන්න කියල. (ඕං ඉන්ටනෙට් එකෙන් බිස්නස් කෙරුවාව) ඒකෙ මිනිස්සුන්ගෙ පින්තූර වදිනවට පොර අකමැති නිසා ඔරං ඔටන් දැලිපිහිය අතට ගත්ත වගේ ඒක අතට ගත්ත අපේ සෙට් එකේ ළඳක් හතර අතට ගස් ගල්වල පින්තූර ගැහුවා. රීල් එක ඉවර වෙද්දිම බස් එකත් ආවා. මාර ඩ්‍රැමටික් නේද?


අන්තිමේදි බස් එකේ එනකල්ම කට්ටිය අමරවංශයාගෙ අයි ෆෝන් එකෙන් මනමාලියො වෙන්න සුදුසු අයගෙ පින්තූර බැළුවා. කොටුවෙන් බැහැලා ජොලියටත් එක්ක කට්ටිය දොඩං ඇට බීම බිව්වා. ඒ අතරෙ රේවන්ගෙ යාළුවෙක් නිසා බින්දුට ප්ලාස්ටික් බෝතලේකින් ගලා යන ජලයේ ස්නානය කරන්නත් වුණා.

අවසානෙදි කට්ටිය සැදැහැ සිතින් ගෙවල් බලා තොලොංචි වුණා.

ඔය හැමදේම ඔහොම වෙද්දි මම හැමදාම වගේ හොඳ ළමයා වගේ හිටිය බවත් කිව්වෙ නැත්තං ඒක මාර මදි පුංචිකමක්.

----------------------
ගුටි කන්න පෙර පින්තූර සඳහා සාදර අනුග්‍රහය -

ලි. පුවක්ඕවිට | ර. ජයවර්ධන | ප. සරත්චන්ද්‍ර

හලෝ මචං හෙනහුරාදා...

4.12.2012

හායි මෙයාලා.... කාලෙකට පස්සෙ නේ...

කල් යන්න යන්න හොඳ වෙන එව්වත් තියෙනවනේ... මේ කියන්න යන්නෙ එහෙම එව්ව ටිකක් ආශ්‍රය කරන්න අපේ කට්ටිය පෙරුම් පුරල පුරල යොදාගත්තු තවත් සෙට්වීමක් ගැනයි.

ඇත්තම කිව්වොත් මේක අපි කට්ටිය ග්‍රෑන්ඩ් විධියට හමුවුණ අන්තිම සෙට්වීම නෙවෙයි. ඊට කලින් එක. ඊටත් කලින් මේකෙ නොලීවට අපි තැන් තැන් වල කල්ලි ගැහුණා. ගොඩක් වෙලාවට හෙඩ් ඔෆිස් එකේ මාසෙකට සැරයක් අඩුතරමෙ කීප දෙනෙක් සෙට් වුණා. නමුත් කට්ටියම කාර්ය බහුල වීමත් එක්ක ඒ සෙට්වීම් ගැන ලියන එක ටික ටික මගඇරුණා. අවුරුදු දෙකක් ඇතුලත ජීවිත වල කොයි තරම් දේවල් වෙනස් වෙනවද? මේ අඩවියෙ අන්තිම සටහන ලියවිලා තියෙන්නෙ අවුරුද්දකට උඩදි. ඒත් 2011 මාර්තු මාසෙ වුණ බකාදි සන්ඩේ සෙට්වීම ගැන. අවුරුද්දක්ම නොලියපු එකටනං අපිව සුදු වෑන් වලින් ඉස්සුවත් මදි.

කොහොම වුණත් අවුරුද්දෙ මුල ඉඳන්ම කට්ටියට සෙට් වෙන්න උවමනාව තිබුණා. ඒත් අන්තිමේ කට්ටිය සෙට් වුණේ අහම්බෙන් වගේ බොහොම කෙටි දැනුම් දීම් කීපයකින්. නමුත් ඒ ටිකටත් මේල් කීපයක් හුවමාරු වුණා.

දිනය විධියට යොදාගත්තෙ මාර්තු 3 වෙනි ශනිදාව. තැන විධියට එක එක තැන් ගැන සලකලා අන්තිමට බෙනා අංකල්ගෙ යාළුවෙක් මාර්ගයෙන් ගල්කිස්සෙ 'හලෝ මචං' රෙස්ටුරන්ට් එක වැඩේට වෙන් කරගත්තා. කාටත් එන්න පහසු දවසක් වෙලා තිබුණත් පුවක්ඕව්ට, පුංචිහේවා වගේ මහත්වරු කීපදෙනෙක්ට එන්න හැකියාවක් නැති බව දැන්නුවා.

අදාල දවසෙ මම උදේම ගොඩගමින් කොට්ටාවටයි එතනින් ගල්කිස්සටයි බස් වල ඇද්දා. හලෝ මචං අවන්හල තියෙන්නෙ ගල්කිස්සෙ නොලිම්ට් එක කිට්ටුව. හරියට කිව්වොත් මවුන්ට් සිටි ගොඩනැගිල්ලෙ. තවත් හරියට කිව්වොත් ෆුඩ් සිටිය තියෙන බිල්ඩිමේ රූෆ් ටොප් එකේ. බැලූ බැල්මට මට හොයාගන්න පුළුවන් වුණේ නැත්තෙ ඒක තියෙන්නෙ උඩ තට්ටුවක හින්දා. ඒ වුණාට තැන මෙතන වෙන්න ඕන කිය කිය කැරකෙමින් මරේට ඇමතුමක් ගත්තම ඔන්න පොර ඉන්නවා ඇතුලෙ. එතනට යද්දි මරේට අමතරව රේවන් හා විශ්මි යුවලත් වැඩම කරල හිටිය. වෙලාව 10.30ට විතර වෙන්න ඇති. මරේ ඇවිත් තිබුණෙ පැය එකහමාරකට කලින්. වෙලාවල් ගැනයි අනිත් බයිලයි කියවමින් කට්ටිය ලිෆට් එකට රිංගුවා.

රෙසිප්ෂන් එකට අපි දැන්නුවා අපි කලින්ම අද දවසෙ එන බව කියල තිබුණ කියල. එතන හිටපු පොර එතකොට ඇහුවා ‘ආ... අර ෂොට්වෙයා ඉංජිනියර්ස් එක්කෙනාගෙ කට්ටියද?’ කියලා... අහපු මූඩ් එකෙන්ම අපට තේරුණා වැඩේ හරි කියලා. ඔය කියපු ෂොට්වෙයා පොර කලිනුත් මෙතන සෙට් වෙලා විනාස වෙලා තියෙනව වෙන්න ඕන කියල අපි හිතාගත්තා. රෙසිප්ෂන් එකේ හිටපු කෙනා පස්සෙ බොහොම හොඳට අපට මේස කීපයක් එකට තියල රෙදි දාල පුටු ළං කරල තැන හදල දුන්නා.

ඒ ස්ථානය මුහුද පැත්තට සම්පූර්ණවෙන්ම විවෘතයි. සෙට්වීමක් එක්ක දොඩමලු වෙන්න පුළුවන් අපූරු නිස්කලංක බවක් තිබුණා. රාත්‍රියකදි නම් තවත් සුන්දර වෙන්න තිබුණා. කොහොම වුණත් අනිත් අය එනකල් අවට ආශ්වාදය විඳින්න අපට පුළුවන් වුණා. මට මතක විධියට ඔය අතරෙ තමයි ජඩමාධ්‍යවේදී බිංදු සහෝදරයා පොළොව දෙදරවාගෙන සම්ප්‍රාප්ත වුණේ.

හලෝ මචං එකෙන් සැර ජාති ගන්න වෙන්නෙ නෑ. ඒව ගන්න පහල තියෙන ෆුඩ් සිටියට යන්න වෙනවා. අනිත් කට්ටිය එන අතරෙ ඒ ටික කරගන්න පුළුවන් නිසා හිටපු කට්ටිය පහලට ගියා. ඔය අතරෙ හපන් සරත්චන්ද්‍ර බිස්කට් එකකුත් හපමින් ආවා. මමයි පහනුයි කලින් සෙට් වලා නැති නිසා ඌ මගෙං ‘මම අරූ නේද’ කියල අහල දැනගත්තා.

ඊට පස්සෙ එන්න පොරොන්දු වුණ අයගෙන් හිටියෙ මලී සහ ආගන්තුකයා විතරයි. ගෙදර බලු ප්‍රශ්ණ විසඳලා උන් දෙන්නා අර මාධ්‍යවේදී බින්දුට නොදෙවෙනිව පොළොව ඉරි තලාගෙන එනකොට අපි ලාවට වැඩේ පටන් අරන් ඉවරයි. එත‍කොට වෙලාව 12ට විතර ඇති. හලෝ මචං එකේ සේවය නම් සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙන බව තේරුණා.



ඊට පස්සෙ සුපුරුදු ඩිකන් ඩෙවල්, ෆ්‍රයිඩ් රයිස් එක්ක දැන් මතක නැති එක එක ඒව හප හප සංස්ථා ඕල්ඩ් සහ ‍රන්පත් එක්ක අපි සෙට් වුණා. කාන්තාවො වෙන මොනවද එක්ක සෙට් වුණා. ඔය අතරෙ ලෝකෙටම තුනක් විතරක් හදපු, එයිනුත් ලංකාවෙම තියෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් දෙකක් එක තැනකදි සෙට් වුණා. ඒව ගැන අපි නොදන්න ටෙක්නිකල්ස් වලින් එයාල කතා කරද්දි අපි සුපුරුදු පොත්, සින්දු සහ බ්ලොග් එක්ක කච කචේ පටංගත්තා. කච කචේ කොයි තරම් දරුණු වුණාද කිව්වොත් මැනේජර් වගේ හිටපු මනුස්සයා ඇවිත් හෙමින් කිව්වා වොලියුම් අඩු කරන්න කියලා. ඔය අතරෙ නොහිතපු විධියට වීර පුරුෂයෙක් වගේ එතනට ආවෙ චමිල. එයා එන්නෙ නෑ...මයි කියල ඉඳල තමයි ඔය ආවෙ. ටිකක් රතු වෙන්න ඕන වෙලා...


ඉන් පසු වූ සිද්ධි දාමයන්හි තාපගතිකත්වය වත්මනෙහි දී අංශුමාත්‍රයකින් පමණ අවප්‍රමාණ වී තිබුණද එහි වූ කිහිප අයවලුන්හට මාස ගණනාවක් ඇරියස්කරණය වී තිබූ කර්ණ රසායන වූ වෘත්තාන්ත අටෝරාසියක් එතැන් පටන් ෂෙයාකරණය විය. සරල, සුගම, විධග්ග, විස්මෘත, මනෝ විකාර, ඇනොනිමස් සහ දේශ ද්‍රෝහී වූ කථා රාසියක් එහිදී අවකාශගත විය. ඒ අතර වැදුණා වූ මඩ ප්‍රහාර ඇතැමෙකුගේ මුහුණ වර්ණ ගන්වන ලදී. ඇතැමුන් හඬ තලමින් කොක්සන් දෙමින් දෑස් මානයේ තර වන්නට විය. ඇතැමෙකුගේ තොරතෝංචියක් රහිත වූ භාෂණය හමුවේ වුව මා එදින ගත කළේද බොහෝ සෙයින් නිහඬව බව මට මතකය. ඇත්තෙන්ම මා හට හැම විටම විකල්පයක් තිබිණි. මවිසින් දෙසන්නට සුදුසු වූ වදන් අනෙකකු දොඩවද්දී මා තවත් කැලරි ගිණිබත් කරනුයේ මන්ද? :පී ය

කතාවෙන් කතාවෙන් තුන්වෙනි ඕල්ඩ් බෝතලේ අඩිය පෙනෙද්දි කට්ටියටම ඇති හිතුණා.
ඒත් ගත කරන්න වෙලාව ඕන තරම් තිබුණා. ඉතිං මුහුදු වෙරළකට යමු කියල කට්ටියම කතා වුණා. යන තැන ගැන තර්ක කීපයකට පස්සෙ බින්දුට මතක් වුණා ගෝල් ෆේස් එකේ නානගෙ කඩෙන් ආයෙත් කන්න පුළුවන් නේද කියලා. ඉතිං බෝතලේ බෑග් එකේ දාගෙන කට්ටියම මෝටුවෙ ඉඳන් ආපු ටෝටුව බස් එකක නැගල ගාලුමුවදොරට ගියා.

එතනට ගිය ගමන් කට්ටියක් අනිත් අයගෙ බර කරට ගත්තා. සමහරු කැමරා මෑනුවා. ගොඩක් දෙනා ආයෙත් තමන්ගෙ ළමා වියට ගියා. හපෝ මේ මහ උන් ළමයි වගේ හැසිරෙන්න ගත්තම ඒක මහ මල වදයක්. පොඩි උන්ගෙන් නම් ‘නෑ.. බෑ’ කියල බේරෙන්න පුළුවන් වුණාට මහ උන්ගෙන් එහෙම ගැලවෙන්න බෑ. ඒ නිසා ආගන්තුකයගෙ පොකට් එකෙන් සරුංගලේකට තට්ටු වුණා. මගේ පොකට් එකෙන් තට්ටු වුණේ සබන් බෝල විදින ගැජට් එකකට.




අන්තිමේ ඒව උරුම වුණේ ගාළුමුවදොරට එදා දවසෙ ඇවිත් හිටපු ඇත්තම පොඩිත්තො දෙන්නෙක්ට. ගත්තු කට්ටිය ඉතිං ඕව ගෙවල්වල අරන් ගිහින් සෙල්ලං කරන්නයැ...

ඊට පස්සෙ කට්ටියක් ඕපන් සෝස් පාවිච්චි කරල සරුංගල් යැව්වා. තව කට්ටියක් ලස්සන අක්කලව බලන ගමන් එයාලව ඡායාරූපගත කරන්න තැත් කලා. තව සමහරු සාර විට කාල කාණු පල්ලෙ නොවැටී ඉඳගෙන හිටියා. තව අය පේන පේන හැම එකකටම කැමරාව මෑනුවා. තවත් අය පෝනියංගෙ පස්සවල් අතගෑවා. අන්තිමට කට්ටියම නානගෙ කඩෙන් නාන් කන්න සෙට් වුණා.


ඔය අතරෙ කළුවර වුණා. නාන් වලින් පස්සෙ එතන තියෙන සිමෙන්ති පඩිපෙලේ ඉඳගෙන නිමක් නැතිව ප්ලේන්ටි බොන අතරෙ අහම්බෙන් එතනට කඩාපාත් වුණේ හීනෙන්වත් බලාපොරොත්තු නොවුණ කණමදයා. තව නංගි කෙනෙකුත් එක්ක. වැඩේ අත උඩම මාට්ටු. ඌ ගිය ආත්මෙක දැකපු හීනෙකදිවත් පෙණුන දෙයක් නෙවෙයි ඌට වුණේ. ඒත් ඉතිං මක් කරන්නද? සුපුරුදු මඩ ගුලි හපන්න දීල නංගිටයි ඌටයි දෙන්නටම ප්ලේන්ටි අරන් දුන්නා.


දැන් වෙලාව 7යි. ගෙවල් වලට යන්න වෙලාව. එදා රාත්‍රියෙත් සෙට් වීමේ හැකියාවක් තියෙන නිසා මරේගෙන් නතර වෙන්න කියල ඉල්ලුවත් හැමදාම පාන්දර ටොයිලට් ප්‍රශ්ණෙ තියෙන නිසා මරේ යන්තං යන්නාම් කියාගෙන අඳුරට එකතු වුණා. පහන්, චමිල, රේවන් සහ විෂ්මි හතර දෙනාත් 138ක් ගන්න කොටුව පැත්තට ගියා. මලී, ආගන්තුකයා, බින්දු සහ මම ගාළු පාරෙ විනාඩි කීපයක් ඉඳල කළුතර බස් එකක නැග්ගා.

කාලෙකට පස්සෙ සතුටින් ‍ගතවුණ සෙට්වීමක් ඉවර වුණේ එහෙම. ඇත්තම කිව්වොත් ඒ හමුව අවසන් වුණේ මාර්තු මාසෙ අග යෙදෙන්න තිබුණ තවත් අවස්ථාවකට කට්ටියම සෙට් වෙමු කියන ‍බලාපොරොත්තුව මත. ඒ එක්කම ස්ථිර වුණේ අපේ සෙට්වීම් වාර්තා ආයෙමත් මේ බ්ලොග් එකේ ලිවිය යුතුයි කියන එක. ‍

හලෝ මචං සෙට්වීම ගැන ලියන්නම් කියල මම පොරොන්දු වුණා. මාර්තු අග වුණ සෙට්විල්ල වෙන එකෙක් ලියනව කිව්වා. බලාගෙන ඉමු...

එහෙනං කට්ටියට ජය වේවා... අදින් උදාවෙන අළුත් අවුරුද්ද 2500න් ගැටගහගන්න ලැබේවා...

බකාදි සන්ඩේ

3.28.2011

ඔන්න කලින් සිට කතා කරගෙන උන් පරිදි ලසියා හෙවත් ආගන්තුකයාගේ ගොඩයාමත් මරණවංශ හෙවත් "ම" ගේ කල්දැමූ උපන්දින සාදයත් සැමරීම පිණිස දිවයිනේ සතර දිග්භාගයේ විසිරී පැතිරී උන් සෙට්වීම් උදවිය ඇබ්සලූට් ඉරිදා උදැහැනැක්කෙන්ම හංවැල්ල ප්‍රදේශයේ පිහිටි අම්බලම නිවාඩු නිකේතනයට සැපත් වෙන්න පටන් අරගෙන තිබුණා.



උණවටුණාගමනයෙන් පසු දෙවෙනි වතාවට සෙට්වීමට සෙට්වූ රේවන් විශ්මි යුවල තමයි අම්බලමට මුලින්ම ගොඩවැදුනේ. අම්බලම ඉදිරිපසින් ත්‍රීරෝදරියකින් බැසි ඒ යුවලගේ ඊළග පරමාර්ථය උනේ උදේ අටේ සිට වෙහෙස මහන්සියෙන් අම්බලමේ වාඩිය කියන ඉසව්වේ ඉඩහසර රඳවාගෙන සිටින මරේ,මුචා,ලිෂා සහ චමිල හමුවීමටයි.

එහෙත්...අබග්ගයක මහත.....

ඉරිදාව උදෙසාම නම්කොට තිබූ ඇබ්සලූට් හේතු කොටගෙන ඒ තිදෙන තවමත් අම්බලමට සැපත්ව නොමැති බව ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ අතරවාරයෙයි.

ඉතින් බලාපොරොත්තු කඩවීමක ලක්වුණ එ යුවල අම්බලම් මහතුන්ගෙන්ද සේවක මඩු‍ල්ලේද මග පෙන්වීම යටතේ වාඩිය කියන ස්ථා‍නයට සේන්දු උනා.


මේ වාඩිය කියන තැන අම්බලම කියන අවන්හල් පරිශ්‍රයේ එක් මායිමකට වන්නට පිහිටි ගස් කොළන් වලින්ද පරෙයි කපුටු ආදී නානාවිධ පක්ෂීන්ගෙන්ද ගහන නිස්කලංක ඉසවුවක්. පරෙයි කපුටු ආදීන්ගේ සටහන් අතරින් ඉඩක් සොයාගෙන රේවනුත් විශ්මිත් වාඩියේ අසුන් ගත්තා.

ඔහොම පැයක් විතර ගෙවිය ගිය තැනදි හරේ මලී යුවල ඊළගට අම්බලමට ගොඩ වැදුනෙ උදෑසන හයේ සිට ගෙවාගෙන ආපු දුෂ්කර ගමන ගැන සිහි කරමින්. කෙසේ වෙතත් රේවන් විශ්මි යුවලගේ සුන්දර සිනහවත් ලෙංගතු කතාබහත් ඉදිරියේ ඔවුන්ගේ වෙහෙස මහන්සිය මොහොතකින් නිවී ගිය වගට සැක නැහැ. මේ අතරතුර වාඩියේ පාලමක ප්‍රතිසංස්කරණ කටයුත්තකට දායක වන්නටත් මලී තුමිය අමතක කලේ නැහැ.

ඇබ්සලූට් සෙනසුරාදාවක් සමරන්නට යෙදුණු මරේ,මුචා,ලිශා සහ චමිල ආවේ ඉන් අණතුරුවයි. පිරිස ආගිය තොරතුරු කතා කරමින් කැමරා මානමින් කල්ගත කරන අතර ගෙදර දොර ජනෙල් වැසීමට පමාවූ මම සඳුන්ද වාඩිය දෙසට පැමිණෙමින් සිටියා.

කැමරා කාචයට පිටුපාන පක්ෂීන්ගේ හැසිරීමෙන් පසුබට නොවූ සුදු කිරීමේ විශේෂඥ මුචා නොනවත්වා පක්ෂි පශ්චාත් ප්‍රදේශ සේයාරූ ගත කරමින් උන්නා.

ප්‍රසිද්ධ දතකට හිමිකම් කියන්නෙක් කමිස හතක් අඳිමින් ගලවමින් නව වාර්තාවක් සදහා සූදානම් වූ වගකුත් මේ අතරතුර අහන්නට ලැබුණා. අටවෙනි කමිසය ලෙස ඇන්ද කණපිට හැරුණු කමිසයකින් වශීකෘත නොවන්න ඔහු බොහෝදුරට සාර්ථක වන්නට ඉඩ තිබුණු වගත් සැලයි.

සෙට්වීමේ දෙවැනි නිමිත්ත ලෙස ගොඩගිය පුද්ගලයා අදාල පුද්ගලිය සමග සම්ප්‍රාප්ත වුනේ මේ අතරේදියි. ගොඩගිය පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ මුලුමනින්ම ප්‍රකට කරමින් බොත්තම් පියවූ මහත්මා ඇඳුම් කට්ටලයකින් සැරසීගත් මේ පුද්ගලයා දුර සිටම පිරිසට ආචාර කරමින් පැමිණියා. ඔහුගේම පෙර දැනුම්දීමකට අනුව රහසිගතව සැලසුම් කරගෙන හුන් ගුණ කථනයෙන්(අදාල පුද්ගලියට ඇසෙන්නට කෙරුණු) අණතුරුව ඇයට පිරිස හඳුන්වා දීම ඇරඹුනා.

ඇබ්සලූට් ඉරිදාව බකාඩි සන්ඩේ ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමද සිදුවුනා.

වළං පිඟන් සේදීමට ඇති බිය නිසාදෝ අම්බලමට පැමිණීමට පෙර බැංකුවට ගොස් පැමිණි නිරූපා ආන්ටි‍ද පැමිණියා. කලකට පෙර ඇගේ ශිෂ්‍යාවක්ව සිටි තැනැත්තියක්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමද විශේෂ සිදුවීමක් උනා.

සාදය නිල වශයෙන් ඇරඹුනා.

බකාඩි කෝක් සහ ෆැන්ටා සමග විනාඩි පහලොවක ගමනකින් අණතුරුව චිකන් චොප්සි බවට පත්වූ ක්‍රිස්පි චිකන්ද පොටේටෝ චිප්ස් සහ ඔම්ලට්ද අනිත්‍යය බවට පත්වෙමින් තිබුනා.




ඊවා ලූනා, මාකේස්ද, බිග් බෑන්ග් තියරිද, සීයේ කතා අමුතු කතා ආදී නානාප්‍රකාර කතාද දස අත පාවෙද්දි හරේෂ් සොයුරා සුපුරුදු නිහඬතාවයෙන් සභාව රසවත් කලා.

මේ අතර...

රිවිර පත්‍රයේ සාඩම්බර රසිකාවියක් වන සබා සෙට්වීමට එකතු උනා. සෙට්වීම් උදවියගේ කැමරා ආම්පන්න වලට හසු නොවන ඇගේ ප්‍රතිරූපය සේයාරූගත කරගැනීම උදෙසා මේ දිනවල වැඩිමනක්ම කොසොල් පුර වාසය කරන බැවින්දෝ ඇය පැමිණියේ තරමක් පමාවීයි.

නැවත වතාවක් අමුතු කතා එක්ක මඩකතා අසමින් සැන්ඩ්විච් බුදිමින් බකාඩි සහ ඉතිරිවූ ඇබ්සලූට් රස විඳිමින් කාලය ගතවෙද්දි ගීතයක් දෙකකුත් හීනියට මිමිණෙන්න පටන් අරගෙන තිබුණා. ඇස් වැඩියෙන් ඇරුණු හැටියේ රබානටද විරිදුවටද ගීතයටද සමුදුන් පුද්ගලයෙක් දෙස කවුරුත් බැලුවේ කෘතඥපූර්වක බැල්මෙන්.
 
කැමරා දෙකක් සහ සාෂා ග්‍රේ කෙනෙක් ගැන සිදු කෙරුණු මරේ සබා සාකච්ඡාවට ඉඩහසර සලස්වමින් කවුරුත් දියකෙළි පිණිස පිටත් උනේ ක්‍රමයෙන් සැන්දෑ වරුවද ගෙවෙමින් පවතින නිසාය.

සෙටිවීමේ අවසන් අදියරය චමිල විසින් රඟදක්වනු ලැබූ දියක්‍රීඩා සන්දර්ශනයෙන් තවත් රසවත් උනා..

                                                                  මනරම්....රැඟුමන්....

තවත් සුන්දර හමුවීමක අවසානය සටහන් කරමින් පිරිස අම්බලමෙන් සමුගත්තේ හැම වතාවකම මෙන් යළි එවන් හමුවක බලාපොරොත්තුද හිත ඇතුවය.

උණවටුන සාගතාගමනය

3.19.2011

නන්දා මාලිනියගේ "හද විල කළඹන" ගීතයෙහි අන්තරා කොටසේ තාලයට ගායනා කරන්න.

කඳුලක් ඉනුවා කම්මුල් තෙමමින්
කෑමත් නෑ. . . බීමත් නෑ. . . හඬමින්
ආපහු මේ ලෙස නොයමියි සිතමින්
බොක්කේ අමාරුව සුවවේ පතමින්

ටානන ටානන ටානන ටානා. . .
ටන නන නානන ටානන නානා. . .
ටන නා නන... ටානන නා නා. . .
ටනා නනා නන ටන්ටන ටානා. . .

අනුරාධපුරයට ගංවතුර ගැලුවේය. සිරීපාදේ නැග්ගොත් සතියක් කකුල් සොලවන්න හොඳ නැත. බංකුවක් ඉස්සූ පමණින් සද්ධන්තයින්ගේ කොන්ද ඇවිලේ. අහෝ පලමු ප්‍රකාශය හැරෙන්නට අනිත්වා සත්‍ය බවට අප සිතට තරයේ අවධාරනය කර ගනිමු.

පලමු වරට අලුත් බැඳපු ජෝඩුව සහ අලුත අපට සෙට් වූ ජෝඩුව ට්‍රිපට සෙට් විය. බ්ලොග් තුල හේ රේවන් හා විශ්මි වන්නාහුය. හාපෝ උනුත් මඩකරි ය. කිසිම දෙයක් කුසට දාගත නොහැකි තරමේ බොක්කේ රිදිල්ලක් නිසා මාද දුකෙන් ට්‍රිපට එක්විය. සෙට්වීම බේබදු ළමා සමාජයේ සභාපති ගුදම් ආචාරී මරේ තුමාද, ලේකම් ඒ. ඇස්. පී. ලසිත බ්ලොටින් කොස්තා ද මා රියට ගොඩ වන විට ඇතුලේ සිට එලිය බලන් දත් විලිස්සාගෙන සිටියහ. උන්ට එදා හෙන සතුටු දවසකි. බීම කෙසේ වෙතත් කෑම ඉතිරිය. උන් ඒවා දෙස ගිජු බැල්මකින් බලා සිටියහ. රියේ පසුපස අසුනේ කැමරාවක් මූනේ ඇලවුනු බුවෙක් බලා සිටියේය. උගේ වම් ඇස පිටතට නිරාවරණව ඇතිමුත් එය චව්චව් ය. නොහොත් වසාගෙනය. ඌ ඇරුනු ඇස ඔස්සේ මිලිමීටර් දහ අටේ දර්ශන නරඹමින් සිටියි.

මීලඟට වාහනය නැවැත්වූයේ රාව්වන භවන් ඉදිරිපිටය. වාහනය ගේට්ටුව ලඟට එද්දී ස්නානය පටං ගත් රාවණ සීතා යුවල, ඒඇස්පී සහ ගුදමා එකතුව ජිම් පප්පා සීසර්ගේ අභියෝගෙට හෝටලේකට දුන් බැස්ටියට සමවෙන්ට එතන තිබ්බ පාන් බනිස් තුන්සක රියකට බැස්ටිය දී අවසන් වන තෙක්ම රියට ගොඩ වුනේ නැත. යන්තං සන්තං උන්ගේ ආගමනයටද පසු සියලු දෙන වාද්දුවේ මැර වැම්පයරී සොයා ගමන් ආරම්භ කලහ. තුන් තිස් පැයේම හිකිස් ගාගෙන සිටින ඇයද නිවසින් ගොඩවී වාහනයේ මැද අසුන බංකුවක් කිරීමට දායක විය.

රිය පුරාවටම පැතිර ගියේ එකම කසුකුසුවකි. දිවියේ දුක්ඛිතම චාරිකාව එයම වන්නට කසුකුසුවට අදාල හේතුවම විය. මාගේ අහාර සම්බන්ධයෙන් වූ නිහඬතාව ගැන තොරණේ කතාව නොදරුවාගෙනි. ඒ කුජීත හඬින් වූ කවි බන තැලීම ඒඇස්පී බ්ලොටාගෙනි. අතර මැදින් වූ ඌණපූර්න සහ මඩ හිනා අනික් උන්ගෙනි. සබාගේ සැමියා වූ ගුදම් මරේගේ කුප්ප කුජීත සිනහව, උගේ උගුරට ගල් බෝතල් පතුලක් බස්සවන්නට තරම් කේන්තියක් ජනිත කරයි. හාපෝ ඒ ගැන කතා ඵලක් නැත. "මා අසරණ වෙලා වගේ සිතට දැනෙනවා. . ."

දෙයියෝම බලාගන්ට" කෲර සිතක් ඇති බ්ලොටා මා අසලටම වී රසකරමින් කිරිබත් ගිල්ලේය.බොක්කේ හිස් තැන් කෙහෙල් ගෙඩි වලින් පිරෙව්වේය. අසරණ මං තැඹිලි ගෙඩියකින් උදා ආහාරයට සැනහුනේය. අප උණවටුනට සේන්දු වීමු.
බේබද්දෝ "කූර කටේ.. ෂොට් එක අතේ.." ක්‍රමයට තුන් තිස් පැයම ගෙවීය.

පොඩිත්තෝ සෙල්ලම් කලහ.



සමහර ජෝඩු නාද්දී තවත් සමහර ජෝඩු මුහුදට නෙත් යොමා සිටියහ.

සමහරුන්ව වසන්නට වෙරළේ සියලුම වැලි ගොඩ කරන්නට විය.
අහෙම්. . . අහිතක් නොසිතන්න.


බෝතල් ද දිලිසෙමින් තිබිනි.


අනිත් එකා මේ ඔක්කොම පොටෝ ගැසීය.


දිවා ආහාරයෙන්ද පසු අවසානයේ සුව දුක් විමසන්නට "පහන් ද හැකර්" තුමාද පැමිණි අතර අවසන සියල්ලෝ සතුටින් විසිර ගියහ.

නියම දවසේ අවසන ලෙඩ දුක් අමතකව තිබිනි.

කැමරා දෙකට සොඳුරු දසුන් එක්ව තිබිනි.

සිකුරාදා, සෙනසුරාදා, පිඤැකොලාදා නැතිව ආලකමන්දා කෑවද මන්දා

11.28.2010

පහුගිය සෙනසුරාදාව අපේ ෆිට් එකේ සෙට් එකට වැදගත් දවසක් වුණා. මාස දෙකකට විතර කලින් ඉඳන් දින දාගෙන නිවාඩු වෙන් කරගෙන සෙට් වෙලා සමරන්න සැලසුම් කරපු රාවණාභිනන්දන පාටිය එදා දවසෙ පැවැත්වුණා... කාලෙකින් සෑහෙන්න සාමාජික පිරිසක් එක්ක එක තැනක සෙට් වෙන්නත් පුළුවන්කම ලැබුණා...

හැබැයි මේ සෙට්වීම පටන්ගන්නෙ සිකුරාදයින්.. ඒ නිසා එතනින් පටන්ගන්නම්...

වල් බල්ලෝ පොශ් බල්ලෝ ගල්කිස්සේ උණු බල්ලෝ...



අපේ මුචා ලියපු සටහන දැකපු දවසෙ ඉඳන් කාලයක් පෙරුම් පුරල පුරල යන්න ප්ලෑන් කරපු ගල්කිස්සේ ස්ටාර් ඩෝග්ස් හොට් ඩෝග් අවන්හලට යන්න මටයි ලතීටයි පුළුවන් වුණා.. ඒකෙ තියෙන නරක පැත්තට බර හොට් ඩෝග් දෙකක් කාල තවත් පෙප්සියක් බීගෙන ඉද්දි වැල්ලවත්තෙ ඉඳන් පැය බාගයක් තිස්සෙ ගල්කිස්සට ආපු බෙනා මාමා හෙවත් ගම්පෙරළියෙ පියල් එතනට ගොඩවැදුණා. ඔන්න ඉතිං මනුස්සයත් වාඩිකරවගෙන හොඳ පැත්තට බර හොට් ඩෝග් එකකට ආයෙ වග කිව්වා... ඊට පස්සෙ ගාළු පාරෙ බස් වලට බැණ බැණ ඉඳලා අන්තිමට ඒකකම නැගලා වාද්දුවෙ මූලස්ථානෙට වාර්තා කලා.


චාටර් කූඹියා 2 - පොලිස් බල්ලා...


කට්ටිය දන්නවනේ අපේ හිටපු පොරකට පොලෝසියේ ASP ධුරයක් ලැබෙන්න යනව කියල... ඕක දැනගත්ත වෙලේ ඉදන් මූලස්ථානෙ ඉන්න කළු බල්ලට ඉවසිල්ලක් නෑ... ඌ පුංචි කාලෙ ඉඳන් ප්‍රාර්ථනා කරල තියෙන්නෙ පොලිස් බල්ලෙක් වෙන්න. ඒකට ඕන කරන බාහිර හැඩහුරුකම ඌට තියෙනවා... ඉහලින් පොඩි තල්ලුවක් තිබ්බනං බල්ල ඇතුලේ... ඉතිං මේකාට අපේ ඒ.ඇස්.පී. වෙන්ඩ යන පොර ගැන ආරංචි වුණා විතරයි පිස්සු හැදුණා. බල්ලත් අදාල පොර වගේම ලොකු රැවුලක් වැව්වා... බොහොම අමාරුවෙන් ඒක මේන්ටේන් කලා... දැන් ඔය සිකුරාද දවසේ අපේ පොර මූලස්ථානෙට එන බව කිව්වම බල්ලත් මෙලෝ සිහියක් නැතිව හිටියේ... දැන් ඌටත් රැවුලක් තියෙන නිසා පොලිස් චාන්ස් එක ඉහටත් උඩින් කියලයි ඌ හිතාගෙන හිටියෙ...

ඒත් අනේ උගේ කරුමෙ කියන්නේ ඒ.ඇස්.පී පොර ආවෙ රැවුල කපලා... උගෙ සම්පූර්ණ සිරසම සෝදාපාළුවට ලක්වෙ‍ලා... ඔළුව උඩ ගම්පෙරලියක් විතරක් පේන්න තිබුණා... හයියෝ බල්ලට වෙච්ච දේ...

ඒත් මේකා උත්සාහෙ අතෑරියෙ නෑ... අපේ සපත්තු හපන ගමන් ඌ ගිහින් ඒ.ඇස්.පී ගෙ සපත්තු ලෙව කෑවා.. අඩුගානෙ එහෙමවත් චාන්ස් එකක්....

බල්ල නිවුස් බලල තමයි ඔය ට්‍රිස්ක් ඉගෙනගෙන තියෙන්නේ...


මූලස්ථානෙ

ඔන්න සිකුරාද රාත්‍රියේ ලක්ෂ්මන් අංකල්, මෙන්ඩිස් අංකල් සහ සනී මාමා එක්ක පොර, මුචා සහ මම සෙට් වුණා හැනපියර් එකක් එක්ක... බෝල කඩල, පණු බයිට්ස් (:P) සහ ලුණු ගම්මිරිස් තැවරුණු ගර්කින් පෙති එක්ක බෝතලේ හිස් වුණේ රටේ ස්වෛරීභාවය, ඒකීයභාවය, දේශීයත්වය වගේම මහින්දගේ ආගියකතා පොතුත් එක්ක ගැවසෙමින්...

ඊට පස්සෙ කාල බීල සේරම ඉවර කරලා අපේ ගැන්සියෙ තුන් දෙනෙක් අල්ලපු වත්තෙ ජෙමාට ගහල 52 කුට්ටම අරන් ඇවිත් ජූස් ගාගත්තු බූරුවෙක්ව හොයනගමන් මඩ නාගත්තු තව පොරක් ෂේප් එකේ කාමරේට රිංගගෙන නෙට් එකේ වැල බැලුවා කියලයි ආරංචිය.... අන්තිමේ කට්ටිය නිදාගන්න ගියත් තවත් ඩබලක් පාන්දර 2 විතර වෙනකල් රට පෙරලන්න කතා කොරාලු ඇඳ උඩ දපන ගමන්!


සුදු කළු හීනි මහ උස කොට අය හිටිය
27 වෙනිද මොරටු පුරේ බිග් සිටිය


ඔන්න පහුවදා පාන්දරම කියන්නෙ නමය කිට්ටු කරලා කට්ටිය මූලස්ථානෙන් පිටත් වුණා ආලකමන්දා ගමනට. ඒ වෙනකොටත් අවිස්සාවේල්ලෙ දන්ත නාරායනතුමාත්, පොලෝසියෙන් ගුටි නොකා කොණ්ඩෙ කප්පවගත්තු අසංවිධායක අසංග අමරවංශයාත් එතනට සම්ප්‍රාප්ත වෙලා හිටියෙ. ඒ මදිවට ළඟදි ඉන්න රිලේෂන් නැවක් හදාගෙන නිස්සද්ද වෙලා ඉන්න මරණෙත් අපි ගිහින් ටිකකිං ආවා හොල්මනක් වගේ... කට්ටිය රාවණ සහ සීතා යුවලට ගෙනියන්න එක එක ඒවා හොයන අතරෙ ලැක්ටෝජන් හලාගත්තු එකෙක් ටිකිරි මාරි පැකට් එකක් අරන් ආවා... ඔය අස්සෙ සුන්දර හැපින්නකුත් ඇවිත් තඩි කළු ගලකට මුවා වෙලා පිඹින්නෙවත් නැතිව හිටියා....

ඉතිං කට්ටිය මොන මොනවදෝ අරගෙන රාවණ් භවන් වෙත යන්න පිටත් වුණා...


රාවණ් භවන් හෙවත් ආලකමන්දාව



රාවණ් භවන් වෙත උදේ 10ට යන්න කතා වුණත් එකම එක සුද්දෙක්වත් අපේ සෙට් එකේ නොහිටිය නිසා යන්තම් උදේ 11.30 වෙද්දි විතර එතනට යාගන්න පුළුවන් වුණා. අර අමරවංශයා දුවල පැනල වැඩ නොකලානං හවස දෙක වෙද්දිත් කට්ටිය තෑගි තෝරනව ෂුවර්... මොරටුවෙ ‍කුකිං රෝඩ් එකේ මුලින් කඩාගෙන ගිය අය හොරෙන්ම භවන ඇතුලට රිංගලා ගේට්ටුව පාස් කරගෙන අපි යද්දි අපිව බයිට් කරලා ඇතුලට ගෙන්නගත්තා. උන් හිතුවෙ අපි කෙලින්ම බීච් එකටම යයි කියලා... අපිත් කට වහගෙන ආලකමන්දාවෙ ඉහල මාලෙට පිය නැගුවා...


සෙට්වීම


අපි මේ ඉතාලියෙ ඉන්න මැරයෙක්ගෙ උපදෙස් පිට පිඤැකොලාදා හදන්න අන්නාසි ගෙඩියක් ගෙනාවත් ඒක හදන්න අවශ්‍ය අනිත් කලමනා හොයාගන්න තිබුණ අපහසුව නිසා ඒ වැඩේ හරි ගියේ නෑ... ඒ නිසා රාවණගෙ නොදරු චොකලට් කන ගමන් අපට අපේ අනිත් ඔප්ෂන් එකට යන්න වුණා. ඔන්න ඉතිං රාවණයා අපට හදල දුන්නා බකාදි රම් එකයි, අලිගෙදර සෝඩයි, මිංචි කොලයි, දෙහියි දාල හදපු මොජිටෝ. ඒක කොක්ටේල් එකක්. අර ඉතාලිකාරයා ඔය උණ මෙහෙ බෝ කරල ගියාට පස්සෙ මේ තරම් රස කුකුල් වලිග මොනවද කියල බලන්න කට්ටිය පෙරුම් පුරාගෙන තමයි හිටියෙ.


ඔය බීමත් එක්ක බයිට් එකට මුලින්ම සෙට් වුණේ අපේ දේශීය කෑමක් වෙන ස්පයිස්ඩ් චීස්... මේක බිග් සිටියෙන් ගත්තෙ ලතික අක්කා. කට්ටිය කාල නැත්තං ගණන් වැඩිවෙන්න කලින් කාල බලන්න. සාමාන්‍ය චීස් එකකට වඩා වෙනස් ගතියක් තියෙනවා. ක්‍රීම් ක්‍රැකර් එක්ක සුපර්බ්!


ඊට පස්සෙ ඉතිං බකාර්දිය එක්ක ගල්භූමි සුදු රම් සහ ජෝන් සීයගෙ රන්පත් එක්ක අපේ සෙට්වීම සිද්ධ වුණා. වාසනාවන්තයො ලස්සන බෝතලේක තිබුණ ස්මර්නොෆ් වැනිලා එකේ සුවඳත් විඳගත්තා. මුචලින්දයා සහ නාරායනතුමා හතර අතේ පින්තූර ගැහුවා... එක එකාව බයිට් කරල අම්බාණක් හිනා වුණා. සෙට් එකක විධියට කරන්න හිතන දේවල් ගැන කතාවක් දෙකක් දැම්මා... ෆන් කියන ඒවයින් උපරිමව ගත්තා...



ඔබට ඇඳුම් අල්මාරියක් තිබේද?

ඔය අස්සෙ ඩෙනිම් 7ක් සහ ටී ෂර්ට් 16ක හිමිකාරියක් වුණ ඈන්ෂ් ලුක්ස් චී ජහ්: හෙවත් සබා අක්කි සම්ප්‍රාප්ත වුණා පාටියට... අඳින්න ඇඳුමක් නැතිව අල්ලපු ගෙදර මල්ලිගෙ ටී ෂර්ට් එකක් පන්නගෙන ඇඳන් ආපු නිසාද කොහෙද තවත් සස්සන වෙලා...

ඒත් එයා ගැන කතාව පටන්ගන්න කලින්ම රජරට පුත්‍රයා හෙවත් උදාර මදකණසංඛයාත් සම්ප්‍රාප්ත වුණා... මේ සිද්ධියත් ටුවිට් කරෙනවා කියල අපිව බයකරන්න ටී ෂර්ට් ගහගෙන ආවට අපිනං බය වෙයි ඕවට.. ඉතිං කරන්න දෙයක් නැති නිසා වෙනද වගේ නෙක්ටොත් නැති නිසා මදේ මලයා ෆැන්ටා සහ කෝක් වලින් සැනසෙන්න ගත්තා.

මොනව වුණත් ටී ෂර්ට් 16යි ඩෙනිම් 7යි ‍ඩබල් වොශ් වෙන්න දාපු වෙලේක අඳින්න කොටන් කලිසමකුත් තියෙන සබා නිසා අපේ කට්ටියට තියෙන ටී ෂර්ට් ගාන දැනගන්න පුළුවන් වුණා. රාවණාට හොඳ පිට කණපිට දෙපැත්තමයි ඉස්සරහයි පස්සයි වෙන වෙනම ගණන් කලාම යාන්තං ටී ෂර්ට් 8ක් හැදෙනවා... රජරටයාට යාන්තං අක්කගෙ ටී ෂර්ට් ටිකත් එක්ක 8ක් හදාගන්න පුළුවන්... අනිත් එවුන්ට එහෙමවත් වත්කමක් නෑ....


බුරියානි අනුභවකොට හෙටට හුරු වීම


කලින්ම ඕඩර් කරල තිබුණ නිසා වෙලාවට අපට වෙන්කරපු බුරියානි හට්ටි දෙක ආවා. සීතක්කගේ කාරුණික අනුග්‍රහයෙන් සහ අපේ අකරුණාවත්න අසහයෝගීත්වයෙන් වැඩමවුණ බුරියානි කාගන්න එකනං ලේසි වුණේ නෑ... ඒ නිසා සමහර තූති බබාලට ලොකු ආන්ටිලා බයි කැව්වා.. සමහරු ගෑරුප්පුවෙන් කන්න ගිහින් හොඳට නාගෙන හැන්දක් හෙව්වා. කට්ටිය කොයි තරම් කෑවද කියනවනම් අන්තිමේ රාවණ යුවලට රෑටත් කන්න පුළුවන් තරමට බුරියානි ඉතිරි වුණා.

කොහොමින් හරි අන්තිමේ අමරවංශයාත්, මරේත්, සබා අක්කණ්ඩිත්, නිවාඩු දාල සින්දු පාඩං කරන් ඇවිත් ඒව කියාගන්න නොලැබුණ රජරටයාත් පුද්ගලික ප්‍රස්ණයක් විසඳගන්නත් එක්ක කලින්ම ගෙවල් බලා ගියා... අනිත් උන් ටික කොල 105ක් අනාගෙන බූරුවෙක්ව හෙව්වා වතුර පොවන්න... කෝකටත් ඔය බූරුවා හෙවිල්ලේ සෙල්ලං පුරුදු වෙලා ඉන්න එක හෙටක් උදාවුණ දාක හොඳ වෙයි නේ...


සමුගැනීම


අන්තිමේ මොනව කලත් වෙන් වෙන්න ඕන නිසා කට්ටිය හවස 5 කිට්ටු වෙලා රාවණා යුවලට දණ්ඩ නමස්කාර කොරලා වැලඳගෙන සමු දීලා ආලකමන්දාවෙන් ආවා... දෙන්නෙක් කළුතර පැත්තටත් අනිත් අය කොළඹ පැත්තටත් වෙන්වෙලා ගියා..

කාලෙකට පස්සෙ ෆිට් එකේ සෑහෙන පිරිසක් එකට සෙට් වුණා... සෙට් නොවුණෙ සුදා, අංජා, ලිහිණි, නිරූපා ආන්ටි, අමිල, දුකා සහ මැරයා තමයි... ඒ වුණත් ඒ අය වෙනුවෙන් අපි හොඳට සතුටු වුණා කිව්වොත් හරි. රාවණ භවනේ පොඩි කාලෙකට වුණත් අපටත් රාඩකීය හැඟීමක් දැණුනා... ඉතිං මේ සටහන ලියවුණේ ඒ දවසේ මතකය තියාගන්න. ආයෙ දවසක කියවලා මතක් කරගෙන වාත වෙන්න.

ඒ වුණත් මේ සටහනේ කියවෙන්නෙ එතනදි වුණ, දැණුන දේවලින් බොහොම පොඩ්ඩක් විතරයි.. ඒ වෙලාවෙ දැණුන දේවල් දැණුන විධිය සහභාගි වුණ හැමෝටම හොඳින් දැණෙන්න ඇති... අවසානෙ කියන්න තියෙන්නෙ...

උපරිමයි! ආයෙ ළඟදිම සෙටාර් වෙමු!

ඉතිං අන්තිමේදි අපේ පිස්සු කෝචිචිය විසින් උඩුගත කරමින් සාදන ලද පින්තූර එකතුවට සවන් දෙන්න...


ක... කඨ්... කඨිනේ...

11.05.2010

අද උදේ පාන්දරින් කියවපු පලවෙනි බ්ලොග් එක උනේ මලී අක්කා ලියපු කඨිනේ විස්තරේ. ඒක හුඟාක් ධාර්මිෂ්ඨ විදිහට ලියවිලා තිබ්බ නිසාත්, මම දැනට හිතකින් සහභාගි වෙච්ච එකම කඨිනේ නිසාත්, කොච්චර ධාර්මිෂ්ඨ උනත් අපේ උන්ට මඩත් ඕන නිසාත් මටත් මේ දැන් ටිකකට කලින් හිතුනා "සෙට් වීම්" එකට ලිපියක් ලියන්න. ඉතින් සාධු කියපල්ලකෝ පිංවතුනී!

"කඨිනෙට වරෙව්" කියා විවෘත ආරාධනා ලැබුනේ හුඟ කාලෙකට කලින්. ඒත් වැටෙන හොර ගස් වලට දතෙන් මුක්කු තැබීම, හොර ලී ඉරද්දී කූඥ්ඥයක් ලෙස දත උපයෝගී කර ගැනීම වැනි කරුණු නිසා "දත් රාජා" නොහොත් "ලිෂාන් ප්ල්ක්ස්" (නම කියවා හක්ක නොපන්නවා ගන්නා මෙන් ඉල්ලමි.) හට කඨිනයට පැමිනීමට නොහැකි විය. එසේම බොහෝ කල් සිට ඒමට පොරොන්දු වූ අයෙකු එදින කොළඹ විශ්වවිද්‍යාලයේ Ifo++ සංදර්ශන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට සහ භාන්ඩ එකලස් කිරීමට තිබූ බැවින් පැමිනීමට නොහැකි විය. එසේම එහි පැමිණෙන අවුරුදු 8ට අඩු පාසල් ලමුන් වැසිකිලියට ගෙන යාමද ඔහුට පැවරී තිබූ රාජකාරි අතර වූ බව තාපස ආරංචි මාර්ග වලින් අපට සැල විය. එසේම ඔහුට දෙන විශේෂ උපදෙස නම් මෙය කියවා මල පන ඇඟේ ඇති ලැක්ටෝ ලේ කර නොගන්නා ලෙසය. තවද බණකට දහමකට මෙලෝ ලැදියාවක් නැති, බෝතලයට සහ සහෝදරියන්ට පමණක් ලැදි ගුදම් මරේ පෙර සිටම දැනුම් දී තිබූ පරිදි එහි නොපැමිනි අතර ඒ අසා ඔහු විවාපත් ඔහුගේම සහෝදරිය වූ "අන්ශ් ලුcක්ය් ස්‍රි ජය්" ද මේ අවස්ථාවට නොපැමිනීමයි. අනේ ඉතින් උන්ට එපා නම් අපිට මොකෝ පිංවතුනී, සාධු කියහල්ලකෝ!

කඨිනෙට කලින් දින අප එහි රැස් විය. අප යනු හරේ, ලසිත, සංජි අක්කා සහ මා වන අතර, එහි යනු අපගේ මූලස්ථානය වන මලී හෝම් හීදීය. පෙර දින නින්දක් නැතුව වැඩ කන්දරාවක් නොකල අප වල් පල් දොඩවමින් සිටියෙමු. අවසන පැයක කෙටි නින්දකින් ඇහැරී ගෙදරම දෙවනත් කරමින් සමහරු සුදුෂර්ට් සෙවූ අතර සමහරු දිග කලිසමක් සෙවූහ. තවත් සමහරු අත් බෝම්බයක් ගිල්ලාක් සේ නිසොල්මන්ව සිටියේය.අනේ වාසනාවන් එක් අයෙකු පමණක් තනිකර සුදු පාටින් සැරසී මල්ලි ඇඳපන්, මල්ලී ඇඳපන් යැයි කෑගසමින් සිටියාය. "එයාට අපි සංජී කියලයි අමතන්නේ. . .". සමහරු පන්සලට තිබෙන්නේ පොඩ්ඩ දුරක් බැවින් සෙරෙප්පු නොදා පෙරහරට පැමිණි අතර, පසු දින උදෑසන පෙරහැර මාර්ගයේ බොහෝ සතුන් පිරිසක් ඔහුගේ දෙපා වලින් ගලා ගිය පැණින් මත්වී සිටිනු සුපරික්ෂාකාරී දෑසකට දැක ගත හැකි විය.තවත් අයෙකු කඨිණ පෙරහැර සහ Light Circus යන දෙලොවෙහි අතරමං වී සිටි අතර ඒ අතරමං වීමම නිසා සාමාන්‍ය පෙරහැරට වඩා දුරක් ඔහු දුවගොස් සිටියේය.



තවත් අයෙකු ඕං වැන්දා මේං ගියා න්‍යායෙන් ෂේප් එකේ පරණ පුරුදු අයිස් රස්සාවම කරගෙන ගිය අතර, අනෙක් ඇත්තී කුඩ ඉහලමින් චීවරයට හිස තියමින් අපිටත් එසේ කරන ලෙස කියමින් ශ්‍රද්ධාවෙන් ඇවිදිමින් සිටියාය. අනේ ඉතින් කඨින ගෙයි උපන් ඇත්තී හැම කැමරාවටම සිනා වෙමින් ලාවට කුඩයක් උස්සා ජාමේ බේරා ගත් අතර නිවසට පැමිණි විගස අලියා පොලවේ ගැහුවා සේ හාන්සි පුටුවේ හොත්තේය. ඉතින් මලහත්ඉලව්වේ ආපහු ආපහු කියන්න බෑ යකෝ, පිංවතුනී සාධු කියපල්ලකෝ!

එදින සහ පසු දිනද අප සෙට් උනු අතර එය හුදෙක් සාමාන්‍ය මඩ සෙට්වීමක් නිසා ඒ සම්බන්ධව මෙහි නොදමන අතර ඉහත කියන කඨින පෙරහැර නිසා බිඳක හෝ පිනක් මා හට අත් වී නම් ඒ සියල්ල එදින උපන් දිනය සැමරූ මගේ ගෑණිටම අත් වේවායි මා සිතින් පැතුවෙමි. ඒකට උඹලට ඕනනම් විතරක් සාධු කියපන් පිංවතුනී!


ආයෙත් යලිත් නැවතත් සෙට්...

8.15.2010

මෙය හුදෙක් අපි තාම ෆිට් එකේ සෙට් වෙන බව කියන්න ඕන කමට ලියන දෙයක් මිසක් වෙන කිසිම උවමනාවක් වෙනුවෙන් ලියන එකක් නෙවෙයි.

ඉතිං ආයෙත් ටිකක් දුරක ගිහින් ලුණු වතුර නාල කරල සෙට් වෙන්න දාගත්තු ට්‍රිප යන්න පෙරුම් පුරන සතියක් හෙටින් උදා වෙනව. ලබන සෙනසුරාදා පාන්දරින් පිටත් වෙලා වරුවක් සුරාවෙන් සහ ජලයෙන් පෙඟිල තෙත බරිත වෙල ගෙවන්න ඉඩක් ලැබෙනව. මාසයක් පුරා නොදැකපු මූණු ටික පෙනි පෙනී අහක බලාගෙන එක එකාව බයිට් කිරීමේ මහා ගුවන් විදුලි සංවාදය ගුවනට මුසු වෙනව. හිතන විධියට රජරටින් නැතත් ඔය ලංකාවෙ අල ගිය මුලගිය ගායක ගායිකාවො සෙට් එකකුත් එදාට අපිත් එක්ක සෙට් වෙනව. ඇයි ඒ මදිවට අර කඩදාසි මිටි වල රැඳිල හිත පුරා විහිදිල ඇඟට කා වැදුණු ලියන්නො සෙට් එකක් අපිත් එක්ක එකතු වෙන්නයි ඉන්නේ... එයාල ගැන හොඳටම දන්න පිටස්තරයෙක් නම් පිටස්තර බව දන්වලත් ඉවරයි...

ඉතිං මං බලාගෙන ඉන්නෙ අංජාට පස්සෙ අපේ නව ඔපීසියල් කැමරා සිල්පි බිංදු මහත්තයගෙ නූතන රූපලාවන්‍ය ටෙක්නොලොජිය මාර්ගයෙන් අවුවෙ කරවුණු පොත්ත ටිකක් සුදු කරගන්න...

ගෙනියන්න ප්ලෑන් කරල තියෙන බෝතල් ටික මදි වෙල මුහුදු වතුර ගොජ ගොජ ගාල ගුදම්කරණය කරන මරණයේ සේයාව දැකගන්න...

අදත් එදත් හෙටත් කවදත් කතාබහක් නැති, නමට විතරක් ඕන ට්‍රිපකට එනව කියල පොරොන්දු වුණ නිසා අපිත් එක්ක එන්න සෙට් වුණ, ගැමුණු පරම්පරාවෙන් එකෙක් ඉන්න නිසා ධාතුසේන පරම්පරාවෙන් පැවතෙනවාය කියල පම්පෝරි ගහන අසංගායකයානන්ගෙන් ෆෝන් සින්දු අහන්න...

හැමදාම හොඳම බයිට් හදල දුන්නත් බයිට් වෙන්නෙ නෑ කියල හිතාගෙන ඉන්න මල් ඉත්තක් බයිට් එකට ගන්න...

අළුත්ම කෘෂි සහ පතල් කැණීම් උපකරණ සමාගමක හිමිකාරයෙක් වුණ අවිස්සාවේල්ලෙ ලොකු මහත්තය කිව්වම කවුරුත් දන්න පැතුමක් පතන්න...

ලොකු බඩක් තියෙන, නෙට්වර්ක් වයර් එකක් ඔතාගෙන විලි වසාගත්තු චරිතවත් පුද්ගලයෙක් සහ ඒ වයර් එකේ කොන ප්ලග් කරල තියෙන එයාගෙ හරිම බිසී නංගිව බලන්න...

බුදුන්ට පස්සෙ දුෂ්කර ක්‍රියා අත්හදා බැලීමේ රුදුරු ආසාවකින් පෙලෙන ඒ වෙනුවෙන් මාස කීපයකට වරක් දැඩි වෙහෙසක් ගන්නා අතරම හදි හූණියම් දෙහි කැපිලි තොවිල් වස් කවි වලට ටුවිටරේ ඇඩ් දාන සාත්තර අම්මණ්ඩිට කියල කේන්දරේ බලවගන්න... (බුදු අම්බෝ...)

එනවා එනවා කිව්වට තාම සුවර් නැති මයිනෙක්ගෙන් කට්ට කළු වීඩියෝග්‍රැෆි පාරක් දාගන්න....

අරක්කු වලින් නොනැවතී ඕනම දියර වර්ගයක් වහාම උරාගන්න පුළුවන් හැකියාව ගැන ප්‍රකාශ විද්‍යාවෙන් සමීක්ෂණ වල යෙදෙන බ්ලොටින් පේප‍රයක් මුහුදට දාල මුහුදු වතුර මට්ටම ඉහල යාමේ ලෝක අර්බුදයෙන් ලෝකය බේරගන්න...

ට්‍රිප ආවෙ නැතත් අවුරුදු හැට පහක ඩබල් පොරක් කියල හිතාගෙන ඉන්න මැරයෙක්ට කෝල් එකක් දීල වැඩිය දඟලන එවුන් මට්ටු කරන්න...

හැමදාම අපේ සෙට්වීම් ආදරෙන් බාරගත්තු, ඕනම වෙලාවක නෑ බෑ නොකිය විවෘත වෙලා ඉන්න අපේ වැඩිහිටි යාළුවො දෙන්නට එයාලගෙ තරුණ කාලෙ මොහොතවල් මතක් කරවන්න...

හ්ම්.....

මම දන්නව මේ සේරම මගේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා කියල... ඒක එහෙම වෙන එක සධාරණයි... මොකද මුන් සේරම බලාගෙන ඉන්නෙ ට්‍රිප ගිහින් ඇවිල්ලත් මම ඒකෙන් ගැලවෙන්න බැරිව මඩ නානව බලන්න...

සවාරියට පසු වදනක්....

7.16.2010

(මේක මගේ සටහනක් නෙවේ. ඒත් මේක මගේ බ්ලොග් එකේ දාගන්න මට හිතුනා. මේ සටහන මම ගන්නේ හොරෙන් වගේ...හොරෙන්මහ් නෙමෙයි ඉතින්... ඉතිං සොඬුරු දවසක මතක හින්දා ඔන්න මම මේක මගේ දුප්පත් බ්ලොග් එකේ දාගන්නවා...)


      බ්ලොග් එකට දාන්න ඕනේ එකක් උනත් බොහෝ දෙනාගේ හිත සුව පිනිසත්, අපිට කරදයක් නැතුව ටැක්ටර් පිටින් මඩ බාන්න අවස්ථාවක් ලැබෙන නිසාත් මේකටම දානවා. :-D

මුලින්ම ඉතින් අපිව මේ වගේ ගමනක් එක්කන් ගියාට රංගිට පින් සිද්ධ වෙන අතර මේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් ලබන ආත්මයේ වැඩි වැඩියෙන් නාන්න ලැබේවා කියලා පතනවා

ඉස්සෙල්ලම මන් මේ ට්‍රිප් එක ගිය අයගේ ලැයිස්තුව සංශෝධනය කරනවා.

  • චමිල ‍කොටා     ආවා
  • බේබදු ආගන්තුකයා    ආවා
  • මැරංගි ආවා
  • මුචලින්ද හඩ්ඩා   ආවා
  • අහිංසක මරේ   ආවා
  • පොලු සුදාරක   නෑ (උඹත් ආවානම් ආයි ජීවිතේට ට්‍රිප් යන්න දෙන එකක් නැහැ අපි එනකොට ඩිංගක් රෑ උනා. මාත් ගෙදර යනකොට රෑ 10 පහු වෙලා)
  • ලිහිණි කූල් ආවා
  • බත්ඕවිට ආවා
  • අනිවා සමග ඩෙෆා නැතුව අන්ජා ආවා
  • නිව් නිරූප ආවා
  • හිත හොඳ මලී  නෑ (හිත හොඳ නැත්තනම් ට්‍රිප් එක එන්නේත් නැතුව ඇවිත් අපිට බයිට් සහ කෑම හදලා දෙයියෑ.මලී ආපු නැති එකත් හොඳා. මොකෝ මුන් 6ට කොට්ටාවට එන්න තියා තව ඩිංගෙන් 6ට වතුරෙන් එළියට ගන්නවත් බැරි වෙනවා. )

අපි ඉතින් යන්න පිටත් උනේ පළවෙනිදා උනාට ඊට කලින් දවසේ ඉඳලම ස්ටෙලා උනා ලාවට හීනියට. මලීගේ රස කෑම එක නම් නියමයි. හරේ උඹට නම් දෙයියනේ කියල රසට බයිට් එක නම් හදෝ ගන්න පුළුවන් (හැබැයි උඹට පහුවදා උදේට පොඩ්ඩක් Bidet Shower එක වැඩි පුර වෙලා අල්ලන් ඉන්න වෙයි සමහර විට).

හැමදාම කොහේ යතත් අනිවා සහ ඩෙෆා ආවත් මෙදාපාර උන් දෙන්න නැතුව අන්ජා ඇවිත් තිබ්බා.

උදේට අපේ පිටස්තරයා ලඟ තිබ්බ වත්තකින් රෑ තිස්සේ හොරෙන් උගුල්ලපු මඤ්ඤොක්කා, ලිස් අමාරුවෙන් දාපු බිත්තර දාලා හදපු බිත්තර හොදි , පොල් සම්බෝල සමග පාන්, ලිස් ලෑ ගෙදරදි.

දවල් කෑමට කුකුලා සමග පරිප්පු, බයිට් එකට ඌරා, අපිත් එක්ක යන්න ආවේ නැතත් මලී ගානේ. හඩු රචියාගේ දෙමාපියන්ට පින්සිද්ද වෙන්න වම්බටු මෝජුවකුත් ඒකට එකතු උනා.

ලිස් බිව්වේ නැතත් බයිට් එකට කට්ලට් නම් අරන් ඇවිත් තිබ්බා. ඒකා අමුවෙන් (වෙල් නැති) ෆැන්ටා මෙගා බෝතලයක්ම ගැහුවා මන් උන්නා ඒකට ඩෝප් වෙයි කියලා ඌට

අපරාදේ කියන්න බැහැ අපේ ලිස් ලමයා අලි බත් හට්ටියක් නෙමෙයි පෙට්ටියක්ම හදාගෙන ආවා. පෙට්ටිය එසේ මෙසේ එකක් නොවන වග දැක්කේ බත් කනකොට කලින් දැක්කා නම් බත් ටික හට්ටියකට දාලා ඒකට අයිස් කැට පැකට් දෙකතුනක් දාගෙන යන්න තිබ්බ බීම සීතල කරගන්න.

අනේ තකහනියක් ගිහින් නොදරුවාගෙන් තට්ටු කරන එක ඉල්ලන් ආවත් එකෙන් වැඩක් ගත්තා නම් මදි වගේ. ගායිකාවක් අපි එක්ක ගිහිනුත් කෝ ඉතින් සිංදු කිවායෑ. හැබැයි අන්තිම ටිකේ මරියසේල් කියපු මිල්ටන් ගේ සිංදු , වේග රිද්ම අමරදේව, බේබදු චන්දන ලියනාරච්චි එහෙම නම් නැගලා ගියා ඒත් එතකොට කොට්ටාව පේන හරියටම ඇවිත්.

අපි නාපු තැන වතුර හරිම බලවත් කවුදෝ කිව්වා කෝටියක් පව් මැකෙනවා කියලා එවායින් නාපුවම මොකො සැරින් සැරේට හාමුදුරුවරු ඇවිත් ඒවා සාංඝික කරලා යනවා. "උපන් දා සිට කරපු පව් නැත වරක් නෑවොත් රන් මුදු ඇල්ලේ" කියලා අර පරණ කතාවත් වෙනස් කරන්න ඕනේ.

බේබ්ද්දෝ කියන්නේ කොච්චර වැඩ කරන ජාතියක්ද කියනවා නම් එතන හිටපු බීපු උන් වෙරි හිඳෙන්න බැඳපු වතුර ලීක් වේල්ලට පින් සිද්ධ වෙන්න අපි පීල්ලකිනුත් නා ගත්තා.

සමහර අයනම් අපිත් එක්ක එන්නේ නැතුව මැයි පළවෙනිදට වෙනදා ගානෙන් බාගෙට ෆිල්ම් බලන්න ගිහින් වහලා නිසා ආපහු හැරිලා ඇවිත් කිව්වනම් අන්තිම සීට් එක හදලා දෙනවනේ බැල්කනියක් වගේ.

සමහරු කතාවට කියන්නේ දැන් වැන්ඳඹු කියලා ඒ උනාට මොකද රෑ එකටත් ටකේ වදිනවා. වීදුරුව අතේ තියාගෙන කියනවා නෑ බොන්නේ නෑ කියලා.

අර 30 උපන්දිනේ තිබ්බ එකා තෑගි ගේන්න කියල තිබ්බ ඌ එහෙම තැනකවත් නාන්නේ නැති හඩ්ඩෙක් කියලා දන්නවනම් බාර් සබන් එකක් ගෙනත් දෙනවා ඕකට

ඔය අව් අස්සේ මේ අහිංසක මට ඉන්න දෙන්නෙත් නැහැ මුන්. මට අත වනන්න කියලා ෆොටෝ අරන් කියනවා "මරණය අත වනයි" ලු. හිනා වෙනකොට "මරණය සිනාසෙයි" කියනවා. මොකක් හරි කිව්වොත් "මරණය ඔච්චම් කරනවලු" අනේ හැබෑට. මුන් නම්.

කොහොම කොහොම හරි අන්තිමට මට කියන්න තියෙන්නේ
කවුද යකෝ බිංදු කියන්නේ????

සුපිරි දවසක සුපිරි මතක විඳගනිමින්..... මේ ඉතින් වින්දනයේ උපරිම යාමයයි...

මම දන්නවා මගේ අතින් මුලින්ම ලියවෙන්න ඕනෙ පෝස්ට් එක මේක නෙමෙයි කියලා....
 ඒත්.... එත්... මම මේක මුලින්ම ලියනවා...

   පසුගිය සෙනසුරාදා අපි කිහිපදෙනෙක් ගෙ සොඳුරු හමුවක් තිබුනා..... හරියම කියනවා නම් සෙට් වීමේ සෙට් එකේ කශ්ටියගේ...  අපේ නමත් ඉතිං නෙට් එකේ සෙට් වෙන කට්ටියමනේ... බොන්න ගියාම පොලොවෙ ඇද වෙනකම්ම බොන කන්න ගියාම අන්තිමට කැලේ තියෙන ගස් වල කොළත් කන එවුන් ටිකක් තමයි මේකේ ඉන්නේ...හැබැයි මුන් ටික නියම සිරා පොරවල් ටිකක්... මේ මමත් ඇතුළුව ඔන්න...( කාඩ් හෙම ඕනෙ නැ. මාත් සිරා පොරක් තමයි ඔන්න..)
   මුලින්ම අදහස ගෙනාවේ නම් මම. කොහෙද මුන්ව බලෙන් හරි කොහේ හරි ඇදන් යන්න ඉන්නේ මම වගේ මැරයෙක් විතරනේ...ඉතින් ඔන්න හා පුරා කියලා ලිශාන් පියරු බෝයි බැනුම් අහගෙනම වැඩේට බැස්සා. සුදාරක බෝයි එන්නම ඕනෙ කියලා හිටියත් එයා නම් ආවේ නැ.. ඒ වෙනුවෙන් බලවත් විරෝධය.ඒ වගේම අපේ මලී ළමයා ඉතිං බිසි නොවැ මේ දවස්වල. අනික ඉතිං එයා ආවා නම් මගේ කණ පලා ගන්න බැනුම් අහන්න වෙන නිසා නොආව එකත් හොඳයි.. ( නරියා අන්තිමට කීවේ මිදි තිත්තයි කියලාලුනේ..) ඒත් කලින් දවසේ හවස ඉඳන්ම මම එක්ක දවල් කැමේ ඉඳන් පසුවදා එලිවෙන ජාමේ දෙක හමාර වෙනකම්ම අපේ සෙට් වීමෙ කට්ටියට ෆුල් පික්නික් ෆන් එකක් ටදෙන්න ට්‍රයි කලා මේ කෙල්ල. මෙන්න මගේ ස්තුතිය අපේ ඇබ්නෝමල් මලියාට....
   ඔන්න මුලින්ම අපි එනකම්ම විශ්වාසනොකරපු අනිවා ඩෙෆා අන්ජා ආවානේ තලවතුගොඩට... (මචන් උඹ නම් මාරයි බන්... ) අපිත් මම ලසියා, මරේ,අසන්ග හා මලිත් ඔන්න වැන් එකට නැග්ගා.මුලින්ම නිරූපා තමයි පන්නිපිටියෙන් සෙට් උනේ... ඒත් එක්කම අපේ චමිලයා රචියා දෙන්නත් කොට්ටවෙන් සෙට් උනා... අන්තිමට සංජි හෝමාගමින් සෙට් උනා. දැන් ඔන්න අපි යනවා හැටට හැටේ... කියන්න අමතක උනානේ අපිට සැන්ඩි ( වචනේ තේරුම නම් දන්නේ නැ) ගන්න එහෙමෙහේ නතර කලා. එක පාරක් සිගා පැකට් එකක් ගන්න අපි ගියේ එළවළු කඩේකට.හිතා ගන්න පුළුවන් නේ කට්ටිය බොන්නම ඕනෙද කියලා...

     කොහොමහරි අපි අර බඩ මහත කළු සුදු දත් තියෙන ගස් ගෙම්බා ලිශාන් ගේ ගෙදරට බොහෝම අමාරුවෙන් ගැටුවා. බඩ ගින්නේ කලාන්තේ හැදෙන්න ඔන්න මෙන්න කියලා වගේ තමයි එහෙට ගියේ... මම ඉතිං මඥ්ඥොක්කා කන්න ලැස්ති උනේ කලින් දවසේ මයි...අපි කට්ටියම මදි නොකියන්න එහෙදි කාලා දැම්මා. හොඳ වෙලාවට අපි ලිශාන් කොල්ලගේ ගෙදර අයව නම් කැවේ නැ. ඒත් ඌව නම් භාගෙට කැවා.
   අපි ඉතින් ඇල්ලක් හොයාගෙන පීර පීර ගියා... මම නම් බැන බැන උන්නේ හිතින් අන්තිමට මුන් සෙට් කරගන්න තැන මම වගේ වතුරේ ජීවත් විය යුතු සතෙකුට සෙට් වෙන එකක් නැ කියලා... අනේ මුං ටික මම ගැනම ගොඩාක් හිතලා නාන්න පොට් එකක් හොයා ගත්තා.... ආයේ මොන කතාද ඉබ්බා දියෙ දැම්මාම...

  මෙන්න උඹලාට මගේ හදේ ඉහලම තැනින් ලැබෙන ස්තුතිය.
     
      මම නම් ඉතිං ඇතිවෙන්නම නා ගත්තා... වෙන එකක් තියා වෙනදා බීච් පදින්චි වෙලා ගහිටපු මට දැන් බීච් එක දිහා බලන්නවත් හිතුනේ නැ දවසක දෙකක ඉඳලා...

    සෙට් වීමෙ ඉතුරු ටික පින්තූර කතා හරහා ඔයාලට මූණු පොතෙන් බලා ගන්න පුළුවන් ලිශාන් , අන්ජා හා රචියාගේ ප්‍රොෆයිල් වලින්...