FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

බකාදි සන්ඩේ

3.28.2011

ඔන්න කලින් සිට කතා කරගෙන උන් පරිදි ලසියා හෙවත් ආගන්තුකයාගේ ගොඩයාමත් මරණවංශ හෙවත් "ම" ගේ කල්දැමූ උපන්දින සාදයත් සැමරීම පිණිස දිවයිනේ සතර දිග්භාගයේ විසිරී පැතිරී උන් සෙට්වීම් උදවිය ඇබ්සලූට් ඉරිදා උදැහැනැක්කෙන්ම හංවැල්ල ප්‍රදේශයේ පිහිටි අම්බලම නිවාඩු නිකේතනයට සැපත් වෙන්න පටන් අරගෙන තිබුණා.



උණවටුණාගමනයෙන් පසු දෙවෙනි වතාවට සෙට්වීමට සෙට්වූ රේවන් විශ්මි යුවල තමයි අම්බලමට මුලින්ම ගොඩවැදුනේ. අම්බලම ඉදිරිපසින් ත්‍රීරෝදරියකින් බැසි ඒ යුවලගේ ඊළග පරමාර්ථය උනේ උදේ අටේ සිට වෙහෙස මහන්සියෙන් අම්බලමේ වාඩිය කියන ඉසව්වේ ඉඩහසර රඳවාගෙන සිටින මරේ,මුචා,ලිෂා සහ චමිල හමුවීමටයි.

එහෙත්...අබග්ගයක මහත.....

ඉරිදාව උදෙසාම නම්කොට තිබූ ඇබ්සලූට් හේතු කොටගෙන ඒ තිදෙන තවමත් අම්බලමට සැපත්ව නොමැති බව ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ අතරවාරයෙයි.

ඉතින් බලාපොරොත්තු කඩවීමක ලක්වුණ එ යුවල අම්බලම් මහතුන්ගෙන්ද සේවක මඩු‍ල්ලේද මග පෙන්වීම යටතේ වාඩිය කියන ස්ථා‍නයට සේන්දු උනා.


මේ වාඩිය කියන තැන අම්බලම කියන අවන්හල් පරිශ්‍රයේ එක් මායිමකට වන්නට පිහිටි ගස් කොළන් වලින්ද පරෙයි කපුටු ආදී නානාවිධ පක්ෂීන්ගෙන්ද ගහන නිස්කලංක ඉසවුවක්. පරෙයි කපුටු ආදීන්ගේ සටහන් අතරින් ඉඩක් සොයාගෙන රේවනුත් විශ්මිත් වාඩියේ අසුන් ගත්තා.

ඔහොම පැයක් විතර ගෙවිය ගිය තැනදි හරේ මලී යුවල ඊළගට අම්බලමට ගොඩ වැදුනෙ උදෑසන හයේ සිට ගෙවාගෙන ආපු දුෂ්කර ගමන ගැන සිහි කරමින්. කෙසේ වෙතත් රේවන් විශ්මි යුවලගේ සුන්දර සිනහවත් ලෙංගතු කතාබහත් ඉදිරියේ ඔවුන්ගේ වෙහෙස මහන්සිය මොහොතකින් නිවී ගිය වගට සැක නැහැ. මේ අතරතුර වාඩියේ පාලමක ප්‍රතිසංස්කරණ කටයුත්තකට දායක වන්නටත් මලී තුමිය අමතක කලේ නැහැ.

ඇබ්සලූට් සෙනසුරාදාවක් සමරන්නට යෙදුණු මරේ,මුචා,ලිශා සහ චමිල ආවේ ඉන් අණතුරුවයි. පිරිස ආගිය තොරතුරු කතා කරමින් කැමරා මානමින් කල්ගත කරන අතර ගෙදර දොර ජනෙල් වැසීමට පමාවූ මම සඳුන්ද වාඩිය දෙසට පැමිණෙමින් සිටියා.

කැමරා කාචයට පිටුපාන පක්ෂීන්ගේ හැසිරීමෙන් පසුබට නොවූ සුදු කිරීමේ විශේෂඥ මුචා නොනවත්වා පක්ෂි පශ්චාත් ප්‍රදේශ සේයාරූ ගත කරමින් උන්නා.

ප්‍රසිද්ධ දතකට හිමිකම් කියන්නෙක් කමිස හතක් අඳිමින් ගලවමින් නව වාර්තාවක් සදහා සූදානම් වූ වගකුත් මේ අතරතුර අහන්නට ලැබුණා. අටවෙනි කමිසය ලෙස ඇන්ද කණපිට හැරුණු කමිසයකින් වශීකෘත නොවන්න ඔහු බොහෝදුරට සාර්ථක වන්නට ඉඩ තිබුණු වගත් සැලයි.

සෙට්වීමේ දෙවැනි නිමිත්ත ලෙස ගොඩගිය පුද්ගලයා අදාල පුද්ගලිය සමග සම්ප්‍රාප්ත වුනේ මේ අතරේදියි. ගොඩගිය පුද්ගලයෙකුගේ ගති ලක්ෂණ මුලුමනින්ම ප්‍රකට කරමින් බොත්තම් පියවූ මහත්මා ඇඳුම් කට්ටලයකින් සැරසීගත් මේ පුද්ගලයා දුර සිටම පිරිසට ආචාර කරමින් පැමිණියා. ඔහුගේම පෙර දැනුම්දීමකට අනුව රහසිගතව සැලසුම් කරගෙන හුන් ගුණ කථනයෙන්(අදාල පුද්ගලියට ඇසෙන්නට කෙරුණු) අණතුරුව ඇයට පිරිස හඳුන්වා දීම ඇරඹුනා.

ඇබ්සලූට් ඉරිදාව බකාඩි සන්ඩේ ලෙස නිල වශයෙන් ප්‍රකාශ කිරීමද සිදුවුනා.

වළං පිඟන් සේදීමට ඇති බිය නිසාදෝ අම්බලමට පැමිණීමට පෙර බැංකුවට ගොස් පැමිණි නිරූපා ආන්ටි‍ද පැමිණියා. කලකට පෙර ඇගේ ශිෂ්‍යාවක්ව සිටි තැනැත්තියක්ව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමද විශේෂ සිදුවීමක් උනා.

සාදය නිල වශයෙන් ඇරඹුනා.

බකාඩි කෝක් සහ ෆැන්ටා සමග විනාඩි පහලොවක ගමනකින් අණතුරුව චිකන් චොප්සි බවට පත්වූ ක්‍රිස්පි චිකන්ද පොටේටෝ චිප්ස් සහ ඔම්ලට්ද අනිත්‍යය බවට පත්වෙමින් තිබුනා.




ඊවා ලූනා, මාකේස්ද, බිග් බෑන්ග් තියරිද, සීයේ කතා අමුතු කතා ආදී නානාප්‍රකාර කතාද දස අත පාවෙද්දි හරේෂ් සොයුරා සුපුරුදු නිහඬතාවයෙන් සභාව රසවත් කලා.

මේ අතර...

රිවිර පත්‍රයේ සාඩම්බර රසිකාවියක් වන සබා සෙට්වීමට එකතු උනා. සෙට්වීම් උදවියගේ කැමරා ආම්පන්න වලට හසු නොවන ඇගේ ප්‍රතිරූපය සේයාරූගත කරගැනීම උදෙසා මේ දිනවල වැඩිමනක්ම කොසොල් පුර වාසය කරන බැවින්දෝ ඇය පැමිණියේ තරමක් පමාවීයි.

නැවත වතාවක් අමුතු කතා එක්ක මඩකතා අසමින් සැන්ඩ්විච් බුදිමින් බකාඩි සහ ඉතිරිවූ ඇබ්සලූට් රස විඳිමින් කාලය ගතවෙද්දි ගීතයක් දෙකකුත් හීනියට මිමිණෙන්න පටන් අරගෙන තිබුණා. ඇස් වැඩියෙන් ඇරුණු හැටියේ රබානටද විරිදුවටද ගීතයටද සමුදුන් පුද්ගලයෙක් දෙස කවුරුත් බැලුවේ කෘතඥපූර්වක බැල්මෙන්.
 
කැමරා දෙකක් සහ සාෂා ග්‍රේ කෙනෙක් ගැන සිදු කෙරුණු මරේ සබා සාකච්ඡාවට ඉඩහසර සලස්වමින් කවුරුත් දියකෙළි පිණිස පිටත් උනේ ක්‍රමයෙන් සැන්දෑ වරුවද ගෙවෙමින් පවතින නිසාය.

සෙටිවීමේ අවසන් අදියරය චමිල විසින් රඟදක්වනු ලැබූ දියක්‍රීඩා සන්දර්ශනයෙන් තවත් රසවත් උනා..

                                                                  මනරම්....රැඟුමන්....

තවත් සුන්දර හමුවීමක අවසානය සටහන් කරමින් පිරිස අම්බලමෙන් සමුගත්තේ හැම වතාවකම මෙන් යළි එවන් හමුවක බලාපොරොත්තුද හිත ඇතුවය.

16 ක් මඩ ගහලා:

LishWish said...

සිරා ම දවසකි.., මතකයන් කප්පරකි. මඩ ලොරි ගණ්නාවකි. ඒ ඔක්කොට ම වඩා කලකට පසු හිත සැහැල්ලු කරගත් දවසකි..!!! අපිට ජය වේවා..!

said...

කාලෙකට පස්සේ ආතල් දවසක්
අම්බලමේ උන්ගේ චාටර් සර්විස් එක නැත්නම් ඔයටත් වඩා හොඳ වෙන්න තිබ්බා

Rachintha Jayawardhana said...

යකෝ මේක ලියපු එකා ඌට හොඳ කියාගෙන තියෙන තරම.

"කෙසේ වෙතත් රේවන් විශ්මි යුවලගේ සුන්දර සිනහවත් ලෙංගතු කතාබහත් ඉදිරියේ ඔවුන්ගේ වෙහෙස මහන්සිය මොහොතකින් නිවී ගිය වගට සැක නැහැ"

පුඃ කමක් නෑ ගොයියෝ. මොනා උනත් පට්ට ආතල් දිනකි. කිව්වත් වගේ මඩ කන්ටේනර් තොගයකි.

Jay said...

ඇත්තටම ඒ හමුව නියමයි. සටහනත් සුපිරි..!
"කැමරා දෙකක් සහ සාෂා ග්‍රේ කෙනෙක් ගැන සිදු කෙරුණු මරේ සබා සාකච්ඡාවට ඉඩහසර සලස්වමින්...." [මෙන්න මේ කොටසට මගේ විරෝධය, සාෂා ග්‍රේ ගැන කතා කලේ මංයැ ඊටත්??? :D :D]

ආගන්තුකයා | Stranger said...

ඊටත් අපි එතන කලේ සාකච්ඡාවක්යැ නේද? සබා.. සිරා දවසක්..ඇත්තටම අම්බලමේ එවුන්ගේ චාටර් සර්විස් හොඳ වුනානම් මරු දවසක්..

පිටස්තරයා said...

"ඉරිදාව උදෙසාම නම්කොට තිබූ ඇබ්සලූට් හේතු කොටගෙන ඒ තිදෙන තවමත් අම්බලමට සැපත්ව නොමැති බව ඔවුන්ට දැනගන්නට ලැබුණේ ඒ අතරවාරයෙයි."

ඇබ්සලූට් නෙමෙයි මචං fruit juice!

ඉරිදා නියම දවසක්. කිව්වත් වගේ හිත නිදහස් කර ගන්න ලැබුනු චාන්ස් එකක්.

Unknown said...

මං ගාවත් කැමරා දෙකක් තියෙනවා.....

hare :-) said...

මරේ මරුය! (ඒ කියන්නේ මරේ පමණක් මරු කියා නොවේ...) කාලෙකට පස්සෙ මමද හොඳින් ආතල් ගත් දවසකි.

අපේ උන්දැගේ මහ උන්දැලාගේ ඇනවසරටද සෙට්වීමේ පෙරේතකමින් දින ගෙවමි!

malee_msg said...

ආයේ නම් මේකට සෙට්වීම් ගැන ලියන්න දෙන්න නරකයි! බැළුවම රේවන් විතරයි හොද! හා හා කමක් නෑ ඉතිං..! පච්ච සිරා වගේ ඉන්න නිසා අපි බය වෙන්නත් එපැයි ඉතිං...!! මොනා කරන්නද නේද?

ඒ වුනාට ඉතිං මං තාම කල්පනා කරන්නේ මරේ සබා යුවලට බාර දීලා ගිය චිකන් ඩෙවල් දෙක‍ට මොකද උනේ කියලා.. එකක් නම් ළුණු විතරක් හරි තිබුනා කියමුකෝ.. එතකොට අනිත් එකට මොකද උනේ? ඒකේ හිස් ප්ලේට් එකවත් තිබුනේ නෑ.. කතාවෙන් කතාව උන් දෙන්නා පිගානත් කෑවද මන්දා..!!!!

කොහොම උනත් ඉතිං අන්තිමේ බොහොම රසතැන් පිරුණු දිනක් ගතකරන්න ලැබුණු එක ගැන මමත් හරිම සතුටු වෙනවා..,!!!

අපි ආයේ සෙට් වෙමු!

විශ්මි said...

නියම දවසක්... අපි හිතේ හැටියට සතුටු වුනු දවසක්... :D මඩ ලෝඩ් ගනන් ගහන්න වගෙම මඩ නාන්නත් වුනා... :(


@ මලී.... ඩෙවල් දෙක විතරක් නෙවෙයි මේසෙ උඩ තිබ්බ පේපර් සර්වියට් මිටියට වෙච්ච දේකුත් නෑ නේද අපි එද්දි :p

Jay said...

විශ්මිඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ.......!!! :D :D

වන්නි said...

නෙක්ස්ටි ටයිම් අනිවා මේ ඉරිසියාව මා සිත්හි හට නොගන්වා ගැනීමට ලොවෙත් පාර්ටිසිපේට් වනු ඇත.

රංග - මගේ ලෝකය said...

ලසියා පිලිවෙලකට ඉන්නවා දැක්කමයි. මු දැන් දිගටම මෙහෙමද? නැත්නම් මේ එදා දාපු රඟපෑමක් විතරද?

පන්සල් හංදිය said...

හොඳ ෆන් එකක් අරං තියනවා වගේ ......

Anonymous said...

කෂ්ටිය ෆුල් සොමියක් දාල තියෙනවා වගේ.....

පවනි said...

අයියෝ... මටත් ආසයි ඔය වගේ කස්ටියකුත් එක්ක සෙට් වෙන්ට ඕන්......

Post a Comment