FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

ආයෙත් යලිත් නැවතත් සෙට්...

8.15.2010

මෙය හුදෙක් අපි තාම ෆිට් එකේ සෙට් වෙන බව කියන්න ඕන කමට ලියන දෙයක් මිසක් වෙන කිසිම උවමනාවක් වෙනුවෙන් ලියන එකක් නෙවෙයි.

ඉතිං ආයෙත් ටිකක් දුරක ගිහින් ලුණු වතුර නාල කරල සෙට් වෙන්න දාගත්තු ට්‍රිප යන්න පෙරුම් පුරන සතියක් හෙටින් උදා වෙනව. ලබන සෙනසුරාදා පාන්දරින් පිටත් වෙලා වරුවක් සුරාවෙන් සහ ජලයෙන් පෙඟිල තෙත බරිත වෙල ගෙවන්න ඉඩක් ලැබෙනව. මාසයක් පුරා නොදැකපු මූණු ටික පෙනි පෙනී අහක බලාගෙන එක එකාව බයිට් කිරීමේ මහා ගුවන් විදුලි සංවාදය ගුවනට මුසු වෙනව. හිතන විධියට රජරටින් නැතත් ඔය ලංකාවෙ අල ගිය මුලගිය ගායක ගායිකාවො සෙට් එකකුත් එදාට අපිත් එක්ක සෙට් වෙනව. ඇයි ඒ මදිවට අර කඩදාසි මිටි වල රැඳිල හිත පුරා විහිදිල ඇඟට කා වැදුණු ලියන්නො සෙට් එකක් අපිත් එක්ක එකතු වෙන්නයි ඉන්නේ... එයාල ගැන හොඳටම දන්න පිටස්තරයෙක් නම් පිටස්තර බව දන්වලත් ඉවරයි...

ඉතිං මං බලාගෙන ඉන්නෙ අංජාට පස්සෙ අපේ නව ඔපීසියල් කැමරා සිල්පි බිංදු මහත්තයගෙ නූතන රූපලාවන්‍ය ටෙක්නොලොජිය මාර්ගයෙන් අවුවෙ කරවුණු පොත්ත ටිකක් සුදු කරගන්න...

ගෙනියන්න ප්ලෑන් කරල තියෙන බෝතල් ටික මදි වෙල මුහුදු වතුර ගොජ ගොජ ගාල ගුදම්කරණය කරන මරණයේ සේයාව දැකගන්න...

අදත් එදත් හෙටත් කවදත් කතාබහක් නැති, නමට විතරක් ඕන ට්‍රිපකට එනව කියල පොරොන්දු වුණ නිසා අපිත් එක්ක එන්න සෙට් වුණ, ගැමුණු පරම්පරාවෙන් එකෙක් ඉන්න නිසා ධාතුසේන පරම්පරාවෙන් පැවතෙනවාය කියල පම්පෝරි ගහන අසංගායකයානන්ගෙන් ෆෝන් සින්දු අහන්න...

හැමදාම හොඳම බයිට් හදල දුන්නත් බයිට් වෙන්නෙ නෑ කියල හිතාගෙන ඉන්න මල් ඉත්තක් බයිට් එකට ගන්න...

අළුත්ම කෘෂි සහ පතල් කැණීම් උපකරණ සමාගමක හිමිකාරයෙක් වුණ අවිස්සාවේල්ලෙ ලොකු මහත්තය කිව්වම කවුරුත් දන්න පැතුමක් පතන්න...

ලොකු බඩක් තියෙන, නෙට්වර්ක් වයර් එකක් ඔතාගෙන විලි වසාගත්තු චරිතවත් පුද්ගලයෙක් සහ ඒ වයර් එකේ කොන ප්ලග් කරල තියෙන එයාගෙ හරිම බිසී නංගිව බලන්න...

බුදුන්ට පස්සෙ දුෂ්කර ක්‍රියා අත්හදා බැලීමේ රුදුරු ආසාවකින් පෙලෙන ඒ වෙනුවෙන් මාස කීපයකට වරක් දැඩි වෙහෙසක් ගන්නා අතරම හදි හූණියම් දෙහි කැපිලි තොවිල් වස් කවි වලට ටුවිටරේ ඇඩ් දාන සාත්තර අම්මණ්ඩිට කියල කේන්දරේ බලවගන්න... (බුදු අම්බෝ...)

එනවා එනවා කිව්වට තාම සුවර් නැති මයිනෙක්ගෙන් කට්ට කළු වීඩියෝග්‍රැෆි පාරක් දාගන්න....

අරක්කු වලින් නොනැවතී ඕනම දියර වර්ගයක් වහාම උරාගන්න පුළුවන් හැකියාව ගැන ප්‍රකාශ විද්‍යාවෙන් සමීක්ෂණ වල යෙදෙන බ්ලොටින් පේප‍රයක් මුහුදට දාල මුහුදු වතුර මට්ටම ඉහල යාමේ ලෝක අර්බුදයෙන් ලෝකය බේරගන්න...

ට්‍රිප ආවෙ නැතත් අවුරුදු හැට පහක ඩබල් පොරක් කියල හිතාගෙන ඉන්න මැරයෙක්ට කෝල් එකක් දීල වැඩිය දඟලන එවුන් මට්ටු කරන්න...

හැමදාම අපේ සෙට්වීම් ආදරෙන් බාරගත්තු, ඕනම වෙලාවක නෑ බෑ නොකිය විවෘත වෙලා ඉන්න අපේ වැඩිහිටි යාළුවො දෙන්නට එයාලගෙ තරුණ කාලෙ මොහොතවල් මතක් කරවන්න...

හ්ම්.....

මම දන්නව මේ සේරම මගේ ආත්මාර්ථකාමී ප්‍රාර්ථනා කියල... ඒක එහෙම වෙන එක සධාරණයි... මොකද මුන් සේරම බලාගෙන ඉන්නෙ ට්‍රිප ගිහින් ඇවිල්ලත් මම ඒකෙන් ගැලවෙන්න බැරිව මඩ නානව බලන්න...

6 ක් මඩ ගහලා:

Rachintha Jayawardhana said...

අනිවා

පිටස්තරයා said...

අනේ දවසක් කල් දාපන්කො!

Jay said...

මෙදා ගමන මටත් සොරි කියන්න තමයි වෙන්නේ මේ යන හැටියට නම්.
:(

h said...

$!@$%$%^%$&^%*&^*($$%@$!!@ර්‍$$%$%&%^*&)(*_)+)()_(^&*%^&$^$$%!$ර්‍$ර්‍@$@!$@!$!@$$$%$

Buru Babe said...

මේ කන එකයි බොන එකයි සෙට් වීමයි ඇරෙන්න ඔයාලට වෙන වැඩ නැද්ද අප්පා?
ඒ කලත් කමක් නෑ ඔහොම ඕව කියවන එක...

කැත වැඩ මේවා.

අර හැටපහේ මැරයා කට්ටිය මට්ටු කරන්න මේ පාර යොදාගාන්නේ අමුතු අවියක්ලු. ඒක ටෙස්ට් කරන්න ලබන පාර ඔහෙ ගොඩ බසිනකම්ම ඉන්න වෙනවාලු...

malee_msg said...

කූජීතයි

Post a Comment