FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

දුකකින්

7.17.2010

සෙට් වෙනු පිණිස ඇරඹුනේ අප අපටමය. බොන්නට කන්නට මඩට හැඩට හදාගත්තු අපේ සෙට් එකේ එකියක අද දුකිනි. අයෙකුට තත්වය එතරම් බරපතල නොවන්නටද පුලුවන. එහෙත් දින තුනක් කල ආශ්‍රයෙන් පසු මෙය මෙසේ ලියැවෙයි.


ලක්ෂ්මන් අන්කල් කියන පරිදි ඈ දෙවන දුවය.
එහෙයින් නව වියැති ඈ මලී ට නැගනියකි.
එහෙයින් ඈ හරේෂ් ගෙන් නෑනා පදවි ලත්.
ගත කල දින තුනක කාලය තුල ඈ මටත් ආගන්තුකයාටත් ලිෂාන්ටත් අසංකා අක්කටත් හොඳ යෙහෙලියක වූවාය.
හිතවත්කමද ලැදියාවද අනෙකුත් මානුෂික බැඳීම මත අපගෙන් අප පවුල් වලට මෙතරම් නොලැබී තිබෙන්නට ඇත.

ඈ ගැන නිවසේ කතාවකදී අම්මා කිව්වේ මලී අක්කගෙන් අහලා බලන්න පැටියෙක් ගන්න බැරි වෙයිද කියලා ය.

අන් ස්ත්‍රියක් කල වැරද්දකට මින්පසු "පට්ට බැල්ලී" කියා නොබැනීමට ඈ මට හොඳම හේතුව වන්නේය.

මගේ ආගමට අනුව ඇයට නිවන් සුව පතමි.

හදිස්සියේ පද ගැලපූ මෙය ඈ වෙනුවෙනි!

ඇඟ කලුවට නිය දුඹුරින් පෑහෙන්නා
පවුලට මිතුරනට දයාව වෑහෙන්නා
මතු අත් බවට ඔබ කල පිං ඇති වෙන්නා
සෙට් වෙනු පිණිස අපි ඔබ හට පෙම් වෙන්නා

සොඳුරු මිතුදම් ගොඩක් මැද්දේ වරුවක් ගත කළෙමි..!

7.16.2010

රංගී අක්කා මේ සැරේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ ලොකු කාලෙකට.., ඒ කියන්නේ මාස තුනකට විතර.., ඇවිල්ලා මාසයක් ගෙවුනත් පුදුමෙ කියන්නේ මට විවිධ හේතුකාරණා නිසා ඇයව හමුවන්නට බැරි වුනා. සචී අක්කා හෂිත අයියාලා එක්ක සොකරි නාඩගම් බලන්න ගිය දවසට පහුවදා අපේ මුචා, ආගන්තුකයා, පිටස්තරයා, රංගී අක්කා, මලියා සහ හිතාදර නොදරුවා හා මරේ එක්කාසු වෙලා පවත්තපු සාදයටත් පොල්ල තියන්න වීම නිසා මට ඒ කට පිං සිද්ද වෙන්න නොසෑහෙන්න බැණුම් හා විවිධාකාර කරදර වලට මූණ දෙන්න සිද්ධ වුනා.., කොහොමින් කොහොම හරි අපේ සෙට්වීම් සමූහය ඇතුලේ තව ගමනකට ලැහැස්තිවෙන්න බිම් සැලසුම් අඳින්න වැඩ කටයුතුත් පටන් ගෙන තිබුනේ.., අන්තිමට ම දිනයකුත් සෙට් කොරා ගත්තා. ඒ තමා මැයි පළමු වෙනිදා හෙවත් ලෝක කම්කරු දිනය හෙවත් වැඩකරන පරම්පරාවේ දවස.., ඊමේල් සීයයේ මේල් ත්‍රෙඩ් තුනකට පසුව අවසානයේ මැයි පළමුවෙනිදා හෙවත්  අපේ පික්නික් දවස උදා වුනා.
29529_1184918962935_1827109480_368722_7062048_n
මේල් ත්‍රෙඩ් එක ඇතුලේ කතා කරගත්තු පරිදි හැකි අය ඊට කලින් දවසේ රංගී අක්කාගේ ගෙදර ට ගිහින් නැවතිලා හිටියා.., සචී අක්කා, සුදාරක මල්ලී හා මලී එන්නට ලැහැස්ති වෙලා හිටියත් අවාසනාවකට  සුදාරක මල්ලිට එන්නට නොහැකි වුනා, විවිධ කටයුතු නිසා සචී අක්කාටත් මේ ගමන එන්න බැරි උනේ අවාසනාවකට, ඒත් මලී කලින් දවසේ රාත්තිරියේ රංගී අක්කාගේ ගෙදර ඇවිල්ලා උයලා දීලා ගිහින් තිබුණ නිසා අපි හැමදෙනාටම පහසුවක් උනා.., මලී නංගී ගොඩාක් ස්තූතියි උඹ මේ වගේ කෑම හදලා අපි කට්ටියට ම දීපු උදව්වට.., හරිම රසට පිරිසිදුවට උයලා දීපු එක ගැන කොහොම නොලියා ඉන්නද.., ඊළඟට අපේ පිටස්තරයා බොහෝම මහන්සී වෙලා හදලා ගෙනාපු රසම රස මඥ්ඥොක්කා එක ගැනත් කියන්නම උවමනායි.. සුපුරුදු විදියට ගහකට උනත් මුල ඉඳන් නගින්න ඕනේ කියන කතාව නිසා.., මුලින් ම අපේ ගමන ගිය අය ගැන කියන්නම උවමනා වෙනවා.
මෙන්න කස්ටිය..
29452_118131958215690_100000566604861_199111_1442254_nරංගී අක්කා.
ආගන්තුකයා.
පිටස්තරයා.
මරණේ.
අංජන.
ලිහිණි අක්කා.
නිරූපා මැඩම්.
අසංග.
මේක ලියන මම.
අවසාන වශයෙන් මුචා හෙවත් මුචලින්ද.

එද්දී තලවතු ගොඩින් අපේ යථාර්තයට ඔබ්බෙන් ඉන්න අංජන වාහනේට දාගෙන මගින් පිටස්තරයා හා මුචාව කොට්ටවෙන් සෙට් කරගත්තා.., ආගන්තුකයා අසංග හා මරේ තුන් දෙනා වාහනේට එකතු වුනේ රංගී අක්කාගේ නවාතැනේ ඉඳලා.., ලිහිණි අක්කා හෝමගමින් ද නිරූපා මැඩම් පන්නිපිටියෙන් ද සෙට්වෙලා තමා ඔන්න එන්න පටන් ගෙන තියෙන්නේ.., අවසානයට දෙයියනේ කියලා උදේ නවය වෙන කොට අපේ ගෙදරට කස්ටිය ඔක්කොම ආවා.., අපේ ගෙදරදී චමිලයා හදාගෙන ආපු මඥ්ඥොක්කා, සම්බෝල, බිත්තර සහ පාන් එක්ක කට්ටිය කන්න සෙට් උනා..,
30492_118506844844868_100000566604861_200996_2128508_n 29529_1184918482923_1827109480_368711_5287788_n
අවසානයේ අපි කට්ටිය ඇල්ල බලා පිටත් වෙනකොට හරියටම දහයට විතර උනා. එහිදී මගින් අහගත්තු තොරතුරු වලට අනුව එක ඇල්ල ඇලි තුනක් බවට පත් වුනා.., ඒ දඹෝර ඇල්ල, කුමාරි ඇල්ල [වල], රන්මුතු ඇල්ල, මුලින් ම හමු වුනේ කුමාරි ඇල්ල ඒත් එහි මිනිස්සු වැඩිපුර සිටීම නිසා අපි අවසානයේ නැවතුනේ රන්මුතු ඇල්ල ගාව..,
ගිහින් ඇඳුම් මාරු කරගෙන එහෙම ස්ටෙලා වෙන්න ලැහැස්ති වෙන්කොට අපි හිටියේ දවල් දොලහට පැය භාගයක් පිටිපස්සෙන්.., වෙලාව නොදැනිම ගියා එකොලහමාරට වතුරට බැහැපු කට්ටිය ගොඩ දවල් කන්න ගොඩ එද්දී හවස තුනහමාරත් පහුවෙලා..,
29529_1184920642977_1827109480_368752_2458839_n
29529_1184982204516_1827109480_368809_3722444_n
එහිදී අපි හදාගෙන ආපු බත්, කට්ලට්, ඌරුමස්, කුකුල් මස්, වම්බටු මෝජු හා පරිප්පු එක්ක තරු පහේ කෑම වෙලක් ලබා ගන්නකොට අපි වටේට වෙන වෙන පැති වලින් නාන්න කරන්න ආපු අය යන්න ලැහැස්ති වෙනවා.., හවස හතරයි කාලට විතර අපේ සියලු දෙනාගෙම ආහාර අනුභවය අවසාන වීමත් සමඟම ආපහු අර ගලායන වතුර කඳ දිහා බලාගෙන ඉන්න බැරිම තැන වතුරට ආපහු බැස්සා..!
30492_118549621507257_100000566604861_201283_5416322_n
ගොඩ එනකොට පහ පසුවී විනාඩි පනහක් වෙලා.., කොහොමද ජල කෙලියේ තරම..! ඒත් එක දෙයක් කියන්න තියෙනවා.., ගෙදරට පොරොන්දුවක් වෙලා ආපු නිසා මුචා නාන්න ට එක්කාසු උනේ නැහැ.., එහෙත් බයිට් එක ඩයට් එකට ගනිමිනුත්.., මගේ අසරණ පැන්ටා කුප්පිය ට වැඩ දීමෙනුත්  තම යුතුකම් කොටස මැනෙවින් ඉටු කලා..!
අන්තිමට හයයි කාල විතර වෙනකොට අපේ ගෙදර ඇවිත් ගෙදර තේ පැන් සංග්‍රහය භුක්ති විඳලා යනකොට ගොඩක් හවස් වෙලා..!!!
30492_118548558174030_100000566604861_201259_5666175_n
එක දෙයක් නම් කියන්න උවමනාමයි.., මේ ගමන යන්න සංවිධානය කරන්න රංගී අක්කා ගොඩාක් මහන්සි උනා.., ඒ නිසා මේ ගමන නිසා යම් සංතොසයක් ලැබුවානම් ඒ ලැබීම ගෞරවයෙන් සීයට අසූවක් වත් ලැබෙන්න ඕනි ඇයට..! අනික මුචාර්ට නම් තැබීම උත්සවය නිසා අපි ලැබූ විනෝදයත් සුලුපටු නැහැ..!
වැඩිපුර විස්තර උවමනා අයට මගේ , අංජනගේ හා මුචාගේ මූණු පොත් පිටු වලින් අපි ගත්තු පිංතූර කතා බලා ගන්නට පුලුවන්.


http://rasthiyadukatha.blogspot.com/2010/05/blog-post.html

සවාරියට පසු වදනක්....

(මේක මගේ සටහනක් නෙවේ. ඒත් මේක මගේ බ්ලොග් එකේ දාගන්න මට හිතුනා. මේ සටහන මම ගන්නේ හොරෙන් වගේ...හොරෙන්මහ් නෙමෙයි ඉතින්... ඉතිං සොඬුරු දවසක මතක හින්දා ඔන්න මම මේක මගේ දුප්පත් බ්ලොග් එකේ දාගන්නවා...)


      බ්ලොග් එකට දාන්න ඕනේ එකක් උනත් බොහෝ දෙනාගේ හිත සුව පිනිසත්, අපිට කරදයක් නැතුව ටැක්ටර් පිටින් මඩ බාන්න අවස්ථාවක් ලැබෙන නිසාත් මේකටම දානවා. :-D

මුලින්ම ඉතින් අපිව මේ වගේ ගමනක් එක්කන් ගියාට රංගිට පින් සිද්ධ වෙන අතර මේ කරගත්තාවූ කුසල කර්මයේ බලයෙන් ලබන ආත්මයේ වැඩි වැඩියෙන් නාන්න ලැබේවා කියලා පතනවා

ඉස්සෙල්ලම මන් මේ ට්‍රිප් එක ගිය අයගේ ලැයිස්තුව සංශෝධනය කරනවා.

  • චමිල ‍කොටා     ආවා
  • බේබදු ආගන්තුකයා    ආවා
  • මැරංගි ආවා
  • මුචලින්ද හඩ්ඩා   ආවා
  • අහිංසක මරේ   ආවා
  • පොලු සුදාරක   නෑ (උඹත් ආවානම් ආයි ජීවිතේට ට්‍රිප් යන්න දෙන එකක් නැහැ අපි එනකොට ඩිංගක් රෑ උනා. මාත් ගෙදර යනකොට රෑ 10 පහු වෙලා)
  • ලිහිණි කූල් ආවා
  • බත්ඕවිට ආවා
  • අනිවා සමග ඩෙෆා නැතුව අන්ජා ආවා
  • නිව් නිරූප ආවා
  • හිත හොඳ මලී  නෑ (හිත හොඳ නැත්තනම් ට්‍රිප් එක එන්නේත් නැතුව ඇවිත් අපිට බයිට් සහ කෑම හදලා දෙයියෑ.මලී ආපු නැති එකත් හොඳා. මොකෝ මුන් 6ට කොට්ටාවට එන්න තියා තව ඩිංගෙන් 6ට වතුරෙන් එළියට ගන්නවත් බැරි වෙනවා. )

අපි ඉතින් යන්න පිටත් උනේ පළවෙනිදා උනාට ඊට කලින් දවසේ ඉඳලම ස්ටෙලා උනා ලාවට හීනියට. මලීගේ රස කෑම එක නම් නියමයි. හරේ උඹට නම් දෙයියනේ කියල රසට බයිට් එක නම් හදෝ ගන්න පුළුවන් (හැබැයි උඹට පහුවදා උදේට පොඩ්ඩක් Bidet Shower එක වැඩි පුර වෙලා අල්ලන් ඉන්න වෙයි සමහර විට).

හැමදාම කොහේ යතත් අනිවා සහ ඩෙෆා ආවත් මෙදාපාර උන් දෙන්න නැතුව අන්ජා ඇවිත් තිබ්බා.

උදේට අපේ පිටස්තරයා ලඟ තිබ්බ වත්තකින් රෑ තිස්සේ හොරෙන් උගුල්ලපු මඤ්ඤොක්කා, ලිස් අමාරුවෙන් දාපු බිත්තර දාලා හදපු බිත්තර හොදි , පොල් සම්බෝල සමග පාන්, ලිස් ලෑ ගෙදරදි.

දවල් කෑමට කුකුලා සමග පරිප්පු, බයිට් එකට ඌරා, අපිත් එක්ක යන්න ආවේ නැතත් මලී ගානේ. හඩු රචියාගේ දෙමාපියන්ට පින්සිද්ද වෙන්න වම්බටු මෝජුවකුත් ඒකට එකතු උනා.

ලිස් බිව්වේ නැතත් බයිට් එකට කට්ලට් නම් අරන් ඇවිත් තිබ්බා. ඒකා අමුවෙන් (වෙල් නැති) ෆැන්ටා මෙගා බෝතලයක්ම ගැහුවා මන් උන්නා ඒකට ඩෝප් වෙයි කියලා ඌට

අපරාදේ කියන්න බැහැ අපේ ලිස් ලමයා අලි බත් හට්ටියක් නෙමෙයි පෙට්ටියක්ම හදාගෙන ආවා. පෙට්ටිය එසේ මෙසේ එකක් නොවන වග දැක්කේ බත් කනකොට කලින් දැක්කා නම් බත් ටික හට්ටියකට දාලා ඒකට අයිස් කැට පැකට් දෙකතුනක් දාගෙන යන්න තිබ්බ බීම සීතල කරගන්න.

අනේ තකහනියක් ගිහින් නොදරුවාගෙන් තට්ටු කරන එක ඉල්ලන් ආවත් එකෙන් වැඩක් ගත්තා නම් මදි වගේ. ගායිකාවක් අපි එක්ක ගිහිනුත් කෝ ඉතින් සිංදු කිවායෑ. හැබැයි අන්තිම ටිකේ මරියසේල් කියපු මිල්ටන් ගේ සිංදු , වේග රිද්ම අමරදේව, බේබදු චන්දන ලියනාරච්චි එහෙම නම් නැගලා ගියා ඒත් එතකොට කොට්ටාව පේන හරියටම ඇවිත්.

අපි නාපු තැන වතුර හරිම බලවත් කවුදෝ කිව්වා කෝටියක් පව් මැකෙනවා කියලා එවායින් නාපුවම මොකො සැරින් සැරේට හාමුදුරුවරු ඇවිත් ඒවා සාංඝික කරලා යනවා. "උපන් දා සිට කරපු පව් නැත වරක් නෑවොත් රන් මුදු ඇල්ලේ" කියලා අර පරණ කතාවත් වෙනස් කරන්න ඕනේ.

බේබ්ද්දෝ කියන්නේ කොච්චර වැඩ කරන ජාතියක්ද කියනවා නම් එතන හිටපු බීපු උන් වෙරි හිඳෙන්න බැඳපු වතුර ලීක් වේල්ලට පින් සිද්ධ වෙන්න අපි පීල්ලකිනුත් නා ගත්තා.

සමහර අයනම් අපිත් එක්ක එන්නේ නැතුව මැයි පළවෙනිදට වෙනදා ගානෙන් බාගෙට ෆිල්ම් බලන්න ගිහින් වහලා නිසා ආපහු හැරිලා ඇවිත් කිව්වනම් අන්තිම සීට් එක හදලා දෙනවනේ බැල්කනියක් වගේ.

සමහරු කතාවට කියන්නේ දැන් වැන්ඳඹු කියලා ඒ උනාට මොකද රෑ එකටත් ටකේ වදිනවා. වීදුරුව අතේ තියාගෙන කියනවා නෑ බොන්නේ නෑ කියලා.

අර 30 උපන්දිනේ තිබ්බ එකා තෑගි ගේන්න කියල තිබ්බ ඌ එහෙම තැනකවත් නාන්නේ නැති හඩ්ඩෙක් කියලා දන්නවනම් බාර් සබන් එකක් ගෙනත් දෙනවා ඕකට

ඔය අව් අස්සේ මේ අහිංසක මට ඉන්න දෙන්නෙත් නැහැ මුන්. මට අත වනන්න කියලා ෆොටෝ අරන් කියනවා "මරණය අත වනයි" ලු. හිනා වෙනකොට "මරණය සිනාසෙයි" කියනවා. මොකක් හරි කිව්වොත් "මරණය ඔච්චම් කරනවලු" අනේ හැබෑට. මුන් නම්.

කොහොම කොහොම හරි අන්තිමට මට කියන්න තියෙන්නේ
කවුද යකෝ බිංදු කියන්නේ????