ඒත්..
ජිවිතේ කියන්නේ ඊට වඩා ගොඩක් වෙනස් අවිනිශ්චිත තා වලින් පිරුණු මොහොතවල් ගොඩක එකතුවක්..
ඒ නිසයි මේ ලිපිය අනිත් ලිපි වලට වඩා වෙනස් වෙන්නේ.. අපේ අවසාන හමුවීම සිද්ධ උනේ බදුල්ලෙදි.. බොහොම හදිස්සියේ.. ඒ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි.. අපේ සහෝදර "එච්" හෙවත් හරේෂ් ගේ තාත්තාගේ අභාවය.. නිසියි.
ඒ පණිවිඩය කොයි තරම් හදිසියේ ලැබුනු දෙයක් ද කියනවා නම් සිකුරාදා රෑ 8.45 ට විතර පණිවිඩය මුලින්ම අහපු හැමදෙනෙක්ම මුලින්ම ඇහුවේ.. ඇත්තක්ද නැත්තං විහිළු කරනවාද කියලයි.. කෙනෙක් ගේ මරණයක් විහිළුවක් විදියට ගන්නේ නැති වුනත් ඒ වගේ දෙයක් අහන්න අපි කවුරුවත් සූදානම් වෙලා නොහිටීමයි හේතුව උනේ..ඒ ප්‍රශ්ණෙන් පස්සේ ඊලග තත්පරේ අපි හැමෝම ගොළු උනේ එතනින් එහාට මොකද කරන්නේ කියන හිස් තැනක් එකක්යි. තත්පරේකට ඒක අපිට පෞද්ගලිකව සිද්ධවුනු දෙයක් උනා..
තාත්තා නැති වෙලා තිබුනේ හදිසියේම ඇති වුනු හෘදයාබාදයක් නිසයි..
ජිවිතේ කවදාවත් අපිට ආයේ අපේ එච් වෙනුවෙන් ඒ අඩුව පුරවන්න බැරි උනාට.. හැකි විදියට ඔහුත් එක්ක ඔහු ළගින් වෙලාවේ හැටියට අපිට කරන්න පුළුවන් උපරිම කරන්නයි අපිට උවමනා උනේ..
හැකි හැම දෙනාම තමන්ට හැකි මොහොතෙම බදුල්ල බලා පිටත් උනේ ඒ හැඟීමෙන්.. බොහෝ හේතූ නිසා එන්න බැරි උනු අය හිත් වලින් දුක්වුනු බව අපි දන්නවා..
ඉරිදා දවසේ මළගෙදර වැඩ කටයුතු සිද්ධ කලා..
මං දන්නවා මේ වගේ වෙලාවල් බ්ලොග් ලියලා බෙදාගන්න සුදුසු අවස්ථා නෙවෙයි.. නමුත් මම මේ ලිපිය ලියන්නේ හරේෂ් වෙනුවෙන් පහුගිය දවස් වල එකතු උනු අපේ අයට ස්තූති වන්ත වෙන්නයි..
මරේ,ලිශාන්,මුචා,ට ස්තූතියි සෙනසුරාදා උදේම පිටත් වෙලා අපි වෙනුවෙන් එහෙට ගියාට.. ඒ වගේම අවසන් කටයුතු සිද්ද කරන වෙලාව වෙනකනුත් එයින් පසුවත් එහි ගත කිරීම සම්බන්ධව..
හැමදේම ගැනම හොයා බලමින් අප වෙනුවෙන් වෙහෙසුනු රංගි අක්කාට ගොඩක් ස්තූතියි..
මෙයිට අමතරව ෆිට් එකේ අපේ අනිත් හැමෝටමත් ස්තූතියි අපිත් එක්ක අපේ දුක බෙදාගන්න එකතු උනාට..
විශේෂයෙන්ම කුෂාන් වන්නිආරච්චි අයියටයි ෆා ද බ්ලොගී ටයි ස්තූතියි අපේ යාළුවන් එහේ ඉන්නකම් එයාලාව බලාගත්තට..!
මීට වඩා මේ සටහන ලියන්න මට හිත් දෙන‍්නේ නැහැ.. අවසාන වශයෙන් හැමෝටම ස්තූතියි..
හරේෂ් ගේ තාත්තට තමන් විශ්වාස කරන ආගමකට අනූව මරණින් මතු සැනසීම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ... ඔහු නැති අඩුව අපිට හැමදාම දැනේවී...!



