FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

ක... කඨ්... කඨිනේ...

11.05.2010

අද උදේ පාන්දරින් කියවපු පලවෙනි බ්ලොග් එක උනේ මලී අක්කා ලියපු කඨිනේ විස්තරේ. ඒක හුඟාක් ධාර්මිෂ්ඨ විදිහට ලියවිලා තිබ්බ නිසාත්, මම දැනට හිතකින් සහභාගි වෙච්ච එකම කඨිනේ නිසාත්, කොච්චර ධාර්මිෂ්ඨ උනත් අපේ උන්ට මඩත් ඕන නිසාත් මටත් මේ දැන් ටිකකට කලින් හිතුනා "සෙට් වීම්" එකට ලිපියක් ලියන්න. ඉතින් සාධු කියපල්ලකෝ පිංවතුනී!

"කඨිනෙට වරෙව්" කියා විවෘත ආරාධනා ලැබුනේ හුඟ කාලෙකට කලින්. ඒත් වැටෙන හොර ගස් වලට දතෙන් මුක්කු තැබීම, හොර ලී ඉරද්දී කූඥ්ඥයක් ලෙස දත උපයෝගී කර ගැනීම වැනි කරුණු නිසා "දත් රාජා" නොහොත් "ලිෂාන් ප්ල්ක්ස්" (නම කියවා හක්ක නොපන්නවා ගන්නා මෙන් ඉල්ලමි.) හට කඨිනයට පැමිනීමට නොහැකි විය. එසේම බොහෝ කල් සිට ඒමට පොරොන්දු වූ අයෙකු එදින කොළඹ විශ්වවිද්‍යාලයේ Ifo++ සංදර්ශන භූමිය සුද්ධ පවිත්‍ර කිරීමට සහ භාන්ඩ එකලස් කිරීමට තිබූ බැවින් පැමිනීමට නොහැකි විය. එසේම එහි පැමිණෙන අවුරුදු 8ට අඩු පාසල් ලමුන් වැසිකිලියට ගෙන යාමද ඔහුට පැවරී තිබූ රාජකාරි අතර වූ බව තාපස ආරංචි මාර්ග වලින් අපට සැල විය. එසේම ඔහුට දෙන විශේෂ උපදෙස නම් මෙය කියවා මල පන ඇඟේ ඇති ලැක්ටෝ ලේ කර නොගන්නා ලෙසය. තවද බණකට දහමකට මෙලෝ ලැදියාවක් නැති, බෝතලයට සහ සහෝදරියන්ට පමණක් ලැදි ගුදම් මරේ පෙර සිටම දැනුම් දී තිබූ පරිදි එහි නොපැමිනි අතර ඒ අසා ඔහු විවාපත් ඔහුගේම සහෝදරිය වූ "අන්ශ් ලුcක්ය් ස්‍රි ජය්" ද මේ අවස්ථාවට නොපැමිනීමයි. අනේ ඉතින් උන්ට එපා නම් අපිට මොකෝ පිංවතුනී, සාධු කියහල්ලකෝ!

කඨිනෙට කලින් දින අප එහි රැස් විය. අප යනු හරේ, ලසිත, සංජි අක්කා සහ මා වන අතර, එහි යනු අපගේ මූලස්ථානය වන මලී හෝම් හීදීය. පෙර දින නින්දක් නැතුව වැඩ කන්දරාවක් නොකල අප වල් පල් දොඩවමින් සිටියෙමු. අවසන පැයක කෙටි නින්දකින් ඇහැරී ගෙදරම දෙවනත් කරමින් සමහරු සුදුෂර්ට් සෙවූ අතර සමහරු දිග කලිසමක් සෙවූහ. තවත් සමහරු අත් බෝම්බයක් ගිල්ලාක් සේ නිසොල්මන්ව සිටියේය.අනේ වාසනාවන් එක් අයෙකු පමණක් තනිකර සුදු පාටින් සැරසී මල්ලි ඇඳපන්, මල්ලී ඇඳපන් යැයි කෑගසමින් සිටියාය. "එයාට අපි සංජී කියලයි අමතන්නේ. . .". සමහරු පන්සලට තිබෙන්නේ පොඩ්ඩ දුරක් බැවින් සෙරෙප්පු නොදා පෙරහරට පැමිණි අතර, පසු දින උදෑසන පෙරහැර මාර්ගයේ බොහෝ සතුන් පිරිසක් ඔහුගේ දෙපා වලින් ගලා ගිය පැණින් මත්වී සිටිනු සුපරික්ෂාකාරී දෑසකට දැක ගත හැකි විය.තවත් අයෙකු කඨිණ පෙරහැර සහ Light Circus යන දෙලොවෙහි අතරමං වී සිටි අතර ඒ අතරමං වීමම නිසා සාමාන්‍ය පෙරහැරට වඩා දුරක් ඔහු දුවගොස් සිටියේය.



තවත් අයෙකු ඕං වැන්දා මේං ගියා න්‍යායෙන් ෂේප් එකේ පරණ පුරුදු අයිස් රස්සාවම කරගෙන ගිය අතර, අනෙක් ඇත්තී කුඩ ඉහලමින් චීවරයට හිස තියමින් අපිටත් එසේ කරන ලෙස කියමින් ශ්‍රද්ධාවෙන් ඇවිදිමින් සිටියාය. අනේ ඉතින් කඨින ගෙයි උපන් ඇත්තී හැම කැමරාවටම සිනා වෙමින් ලාවට කුඩයක් උස්සා ජාමේ බේරා ගත් අතර නිවසට පැමිණි විගස අලියා පොලවේ ගැහුවා සේ හාන්සි පුටුවේ හොත්තේය. ඉතින් මලහත්ඉලව්වේ ආපහු ආපහු කියන්න බෑ යකෝ, පිංවතුනී සාධු කියපල්ලකෝ!

එදින සහ පසු දිනද අප සෙට් උනු අතර එය හුදෙක් සාමාන්‍ය මඩ සෙට්වීමක් නිසා ඒ සම්බන්ධව මෙහි නොදමන අතර ඉහත කියන කඨින පෙරහැර නිසා බිඳක හෝ පිනක් මා හට අත් වී නම් ඒ සියල්ල එදින උපන් දිනය සැමරූ මගේ ගෑණිටම අත් වේවායි මා සිතින් පැතුවෙමි. ඒකට උඹලට ඕනනම් විතරක් සාධු කියපන් පිංවතුනී!


12 ක් මඩ ගහලා:

hare :-) said...

ඔන්න එහෙනං හද පිරි භක්තියෙන් හතරපාරක්ම සාධු කිව්වා... එල කිරි බණ පොජ්ජ හාංදුරු වණේ!

Jay said...

හෆෝයි, පසුදින සෙට් වීම ගැන නැති එකමයි හොඳ..

මේක නම් නියම බණක්. [මේවා නෙමෙයි අර කඨිනෙට පහුවදා සෙට් වීමෙදි කිව්ව බණ තමයි ඉස්තරම්, අපි නන්නත්තාර වුණා ඒ බණ අහලා] :D

Chinthaka said...

ඊයෙ අපේ කටිනෙට සෙට් වෙන්න ගිය අපේ දරුවො හතර පස් දෙනෙතුට ඇප දීල අද තමයි පොලිස් කූඩුවෙන් ගත්තෙ. උන්ලග ගෙදරක bracker off කරලා වාහනේක හුලං ඇරලා විකාර වැඩ කරද්දි ගෙදර එවුන්් 119 ගහලා. athe caught.

වන්නි said...

සාධු සාධු සා.....!!!!

said...

108 වතාවක් සාධු කාර දෙමින් සහ නැවත් නැවත් ඒ අවස්ථාව මෙනෙහි කරමින්
අතිමහත් ප්‍රීතියෙන් කියවා නැවතත් මඩ ඵල ලැබුවෙමි

Rachintha Jayawardhana said...

@ඇනෝ:එසේම හිතට එන දේ එළි පිට කීමට තරම්වත් මස් කෑල්ලක් නුඹගේ ඉනට යටින් වැඩී නැත්නම් මා ඒ සම්බන්ධව පෞද්ගලිකව දුක් වෙමි. නුඹට දාව ලමුන් සෑදීමට අවශ්‍ය වූ කලෙක rachiyo@gmail.com හරහා මා අමතන්න!

hare :-) said...

අඩෝ රචියා... මේ අපිත් සෙට් එකේ ඉන්නව යකෝ... තොට මේ වගේ වෙලාවට අපි අමතකයි නේ....

වැඩිය සද්ද දාන්න ආවොත් චිලි පේස්ට් පිහිට තමා.... :D

පිටස්තරයා said...

පට්ට.. මෙන්න සාාාාාාධුකාරයක්!!!!!!!

ප.ලි. යකෝ මම ආවේ නැත්තේ IFO නිසා නෙවෙයි

@ඇනෝ: ඔව් යකෝ විහිලුවක් තමයි තෝ මොනව කරන්නද?

malee_msg said...

එක්කෙනෙක් මේක දැකලා කියවලා.. ආඩම්බර හිතිලා කමෙන්ට් කරන්නේ නැතුව ඉන්නවලු.. මොකෝ එයාගේ දතෙන් එයා එච්චර වැඩ ගන්නවා කියලා එයාටම විශ්වාස කරන්න බැරි හින්දා..!

මොනා උනත් පව් බොලව්.. ඒ උනාට සාධු...!!!!

මොකක් ද මේ ඇනෝ කතාව අනේ මං දැක්කේ නැහැ නේ අපරාදේ..!!

Rachintha Jayawardhana said...

ඇනෝ මගේ අම්මට බැනලා. බුදු දහම විකෘති කරන්නෙපාලු! මම ඉතින් ජූන්ඩක් වෙන්න ජාතිය ඇමතුවා!

Tharindu Chathuranga said...

සාදු කාර 3ක්ම කිවිවා, අන්තිම එකට පර්මිසන් ඕන සාදු කියන්න.

Rachintha Jayawardhana said...

කියපන් බන්!

Post a Comment