FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

අපි @ BMICH

10.02.2010



කාලෙකින් කවුරුවත් ලියලා නැති හින්දයි මං තාම එකක්වත් ලියලා නැති හින්දයි මං හිතුවා නොදන්න අපේ අයගේ දැනගැනීම පිණිස අපි අන්තිමට සෙට් වෙච්චි පොත් ප්‍රදර්ශනේ දවස ගැන සුට්ටක් ලියලා තියන එක හොදා කියලා..

ඔන්න ඉතිං මේල් හරහා කතා කරලා කරලා අන්තිමේ අපි 24 සිකුරාදා උ‍දේ 10.00ත් 10.30ත් අතර වෙලාවෙදි එක්සිබිශන් හෝල් එක ඇතුලෙදි සෙට් වෙන්නනේ හිටියේ.. හැබැයි ඉතිං වෙලාව කියන්නේ 24 වෙනිදා පටන් ගත්තෙම දවස පුරා පවතින තත්වයේ වැස්සකින්.. ඒත් ඉතිං වැස්සකට පුළුවන්ද අපිව නවත්තන්න.. ‍කොහොම කොහොම හරි පැය පැය පරක්කු වෙලා මං 12 ට විතර අපේ මෑණියැන්දැ එක්ක ප්‍රදර්ශණ භූමියට සේන්දු උනා..

මඟදිම සබා මෑණියෝ වැඩියා කියලා මැසේජ් එකක් ඉර්දි බලෙන් වගේ වැඩියා.. අබාට කැම්පස් එකෙන් එළියට බහින්න බැරි තරමේ මහා වැස්සක් වහිනවා කිව්වට ඒ වෙලාවෙම තුන්‍මුල්ලේ හිටි හරේ ට නම් මල්වැස්සක් වගේ ලා වැස්සක් ඇරෙන්න මොකුත්ම නෑ කිව්වා.. අනේ මන්දා ඉතිං කවුරු ඇත්ත කිව්වද කවුරු බොරු කිව්වද කියලා නම්..

දැන් ඔන්න මායි අපේ මව් තුමියයි අපේ කස්ටිය හොයාගෙන හොයාගෙන යනකොට එකපාරටම සෙනග මැද්දෙන් පූංචි අලි පැට්ටෙක් වගේ බිංදුවක් ඇවිත් ඇගේ ගෑ‍විගෙන ගියා.. ඕක දැක්ක එකේ ඉලක්කමකට පොඩි ජේ එකක් වගේ එකක් ඇවිත් අනේ අපේ ඇගෙත් පොඩ්ඩක් හැප්පෙන්නකෝ කියපී... :-S ඔය අස්සේ අනිත් ඔක්කොම කුඩ ඉහලන් ඉද්දි රැස් වලල්ල මුවා වෙයි කියන බයට අපේ සබා මෑණියෝ තෙමෙනවා හෝ ගාලා.. පුළුවන් කමක් තිබ්බනම් මම ‍ඒ වෙලාවෙම එතුමියගේ කණ්නාඩි කුට්ටමට වයිපර් දෙකක් හයි කරලා දෙනවා ඇත්තමයි..

ඉතිං පොත් වලට පෙර කෑම කියලා කට්ටිය පැය බාගයක් විතර හිටගෙන කන්නේ මොනාද කියලා සාකච්ඡා කරලා කුසගින්නෙම ප්‍රදර්ශණ භූමියට සැපත් උනා.. මුලින්ම අපි නම් ගියේ විදර්ශන කුටියට.. එතනදි ගත්ත බොබ්මාලේ ගේ පොතට පෝස්ටර් එකක් ලැබෙනවාලු.. දැන් ඔන්න පොත ගත්ත කෙනාට තව පෝස්ටර් එකක් ඕනී උනා.. ඔය අස්සේ තව කෙනෙකුට පොත නෙවෙයි පෝස්ටර් එක විතරක් ඕනි උනා..මම එතනම ඉදගෙන පාඨක සමාජේ ෆෝම් එක පිරෙව්වා.. මට ඇහෙනවා හරී අහිංසක හඩකින් කෙනෙක් කියනවා..."මං ගිය සතියේ පොත් ගත්තා මට හම්බ උනේ නැහැ නේ පෝස්ටර් එකක්.." ඔය ලණුව කෑව පොත් කඩේ අක්කත් හානේ ඇත්තද මල්ලි එහෙනම් ඉන්න තව එකක් දෙන්න අපෙන් වැරැද්දක් වෙලානේ.. කියද්දිම අර මාර්ලි ගේ පොත ගත්ත පොර "මචං උඹත් පොත ගත්තද...?" කූජීතයි... පුදනකොටම කාපී යකා කිව්වලු.. හොද වෙලාවට අක්කට මීටර් නෑ.. ඉතිං එක පොතට පෝස්ටර් තුනක්ම අරන් කට්ටිය එතනින් එළියට ආවා..

ඔය වගේ පොඩි පොඩි ජොලි කතා ගොඩක් උනාට පස්සේ අන්තිමටම මායි.. අපේ එකයි.. බිංදුවයි ගියා සංහිද එකට පොතක් ගන්න.. ඔය අස්සේ අපිත් එක්ක හිටි ජෝඩුවක් ම්හු.. හොයා ගන්න නෑ.. උන්ව හොයනවට‍ වඩා ඉතිං පොත් ගන්න එක වටිනවනේ කියලා පොත් බලද්දි මෙන්න අර ස්ත්‍රී පරානේ නලාව පිඹගෙන එනවා..."මචං අරූ මාව වෙන දිහාවක එක්ක ගියානේ.. උඹලා මෙතනද.. " අපොයි.. මුළු පලාතෙම හිටි මිනිස්සු අපි දිහා බලනවා.. කොහෙන් ආව වනචාරී ටිකක්ද කියලා.. ඒකත් හරි කියමුකෝ.. සංහිද එකේ ඉදගෙන ඒකේ අයිති කා‍රයගෙම පොතක් අරගත්තට පස්සේ එතන ඉන්න මිනිස්සු ඉස්සරහම හපෝ ඕකත් ගත්තද ඕක මෙලෝ රහක් නෑ යකෝ.. මොකටද ගත්තේ කියලා කියන එක ටිකක් අප්සට් වගේ උනාට එහෙමම කියන්න තරම් පොරවල් නේ ඉතිං ඉන්නේ..

එතනින් පොත් ගැනිල්ල ඉවර උනාට කෑම බීම ඉවර උනේ නැහැනේ.. ඉතිං එම් සී එකට ගොඩ වැදිලා කට්ටිය උදේටයි දවල්ටයි හවසටයි තුන් වේලම එක වේලට කාලා අයිස්ක්‍රීම් එකකුත් දෙසා බාලා අපි අරගත්ත පොත් පත් ටිකත් උස්සගෙන ගෙවල් බලා සතුටින් විසිර ගියෙමු..

ප.ලි - නොගිය අයට මේකේ සමහර තැන පැටලිලි සහිත ඇති..සොරි තමයි.. ලිව්වේ මම නේ..හික්.

  • අනිත් අය කිරිපැකට් අතට ගන්නත් කලින් බෝතලයක්ම බීලා ඉවර කරපු අයත් ඔය අතරේ හිටියා.
  • කොල්ලුපිටියෙන් බහිනවා කියලා බස්එකේ කොටුවටම ගිය අයත් හිටියා.
  • ගෑණියි පොතුයි තෙමුනත් කමක් නෑ මාර්ලිගේ පොස්ටර් තෙම්මන්න එපා කියපු අයත් හිටියා.
  • මහ වැස්සේ තෙමි තෙමි හොට් නෙස්කැෆේ නොබී කූල්ම ඕනි කිව්ව අයත් හිටියලු... හැබැයි මං නම් එක් හරියටම දන්නේ නෑ...

10 ක් මඩ ගහලා:

Jay said...

සිරා පෝස්ට් එක මලීයෝ..
සුපිරි..!!!
:)

said...

ජොලි දවසක් ගැන ජොලි පෝස්ට් එකක් :-D

බොබ් මාලිගේ පොත් හොඳයිද ඈ? :-D

hare :-) said...

මේ ගැන මෙහෙමවත් ලිව්වෙ නැත්තං කවුරුවත් ලියන්නෙ නෑ... මෙව්ව අද නෙවේ තව අවුරුදු ගාණකින් කියවද්දි තමයි ගතියට දැණෙන්නේ...

@ ම - පොත නම් එක දිගට කියවගෙන යන්න පුළුවන්. තාම බාගයක් වගේ තමයි ඉවර කලේ... හැබැයි අම්බානක විස්තර තියෙනවා නොදන්න ගොඩක් ඒව ගැන...

Lishan Puwakovitage said...

වටිනවා මේ වගේ එව්වා ලියලා තිබ්බම ඉස්සරහට ආයි ආයි බලනකොට තමා අර හරේ කීවා වගේ දැනෙන්නේ..!

ආගන්තුකයා | Stranger said...

:(

Jay said...

දතා උඹ ඉතින් පොළව හාර ගත්තද එදා???
:D
අපරාදේ අනේ, we missed u and that පිස්සු ඇඹා..
දෙන්නම මඟ හැරියා නේ..
:(

Rachintha Jayawardhana said...

ඔය කිරි බෝතලේ බීපු බඩජාරියා සහ හොරෙන් පෝස්ටර් ගත්තු එකා ගැන මම මොකුත්දන්නෙ නෑ!

malee_msg said...

තැන්ක්ස් ඕල්... ‍කමෙන්ට් කලාට.. අපි ආයේ සෙට් වෙමු..!

පිටස්තරයා said...

හපොයියා!

ඉන්දික said...

හබ්බේ..කාලෙකින් මේ පැත්තෙ ආවෙ..ඉතිං කෝමෙයි වාස දේස?

Post a Comment