FiT එකේ අපි,


මිතුරුකම් වලට පෙරේත, හතුරුකම් අජූත, ආදරය ගලනා, සහෝදර කම් සොයා යන්නන්ගේ පරම්පරාව නියෝජනය කරන්නෙමු. .

අපි සෙට් විය...!

5.24.2010

අපේ නමනං ඉතිං නෙට් එකේ සෙට් වෙන කට්ටියමනේ... තව එවුන් සෙට් වෙනවා ඇති ඒවා අපිට අදාල නෑ.. අපි තමා නිල වශයෙන් නෙට් එකේ සෙට් වෙන උන් ටික. කාටවත් අවුලක් තියෙනව නම් වැලමිට විකන්න ට්‍රයි එකක් දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. අපි බොන්න ගියාම පොලොවෙ ඇද වෙනකම්ම බොන කන්න ගියාම අන්තිමට කැලේ තියෙන ගස් වල කොළත් කන එවුන් ටිකක් තමයි මේකේ ඉන්නේ...හැබැයි මුන් ටික නියම සිරා පොරවල් ටිකක්... මේ මමත් ඇතුළුව ඔන්න...( කාඩ් හෙම ඕනෙ නැ. මාත් සිරා පොරක් තමයි ඔන්න..)
    මේකෙ මුල අපේ මැර රංගි හෙවත් මැරංගි තමා. ජීවිතේට දැකලා නැති අපි‍ ටික එකතු කරලා ජීවිතේට කඩන්න බැරි දම්වැලකින් බැඳලා  යතුර හංගං ඉන්නෙ ඔය මැරංගි තමා.. හොඳ හොඳ දේවල් එලිවෙන ජාමෙට හින්දා වැඩි කතා බතා ඕනි නෑ..

17 ක් මඩ ගහලා:

Jay said...

සහතික ඇත්ත.., රංගි අක්කා කවුරුත්ම නැති මට සහෝදර සහෝදරියෝ ගොඩාක් හොයලා දුන්නා. ඒකට පින්..!!

ආගන්තුකයා | Stranger said...

මේක මැරංගියා ලියපු පෝස්ට් එකක් ටිකක් එඩිට් කරලා දාපු එකක්..

said...

වැඩි කතා එපා. බියර්වල කූල් එක බහිනවා. අපි බොන්න පටන් ගමු................

Jay said...

CHEEEEEEEERRRRRRRRRRSssssssssss..!!

Gayan Tharaka said...

හයියෙන් ගහන්න එපා බොලව්. වීදුරු ටි බිදෙයි. දැන් ඔය බයිට් නැතිවද සෙට් වෙන්නේ. මේ යට තියෙන අකුරු ගහන කෑල්ල අයින් කරපල්ලා. අපි සිංහලෙන් නෙව කොටන්නේ

said...

කෝ ඉතින් උඹ චීයර්ස් කියන්වා විතරනේ බොන්න එන්නේ නැහැනේ :-D

Thameera said...

මොකක්ද බොල මේ සෙට්විල්ල? අපිටත් නොකිය? :P

ත‍රිඳු said...

පිංවතුනි..... සුරාව පානය කිරීම හොඳ නෑ. මස් මාංශ කෑමත් හොඳ නෑ... පව් සිද්ධ වෙනවා පින්වතුනී...අපායේ දුක් විඳින්න වේවී පින්වතුනී

said...

එහෙමයි අපේ (හිටපු) හාමුදුරුවනේ. අපි ඔය මොකුත් කරන්නේ නැහැ පොඩ්ඩක් සෙට් වෙලා කඩල ඇටයක් හප හපා සෝඩා පොඩ්ඩක් බොනවා විතරයි.
උඹ කැමති නම් ආයි සෙට් වෙන වෙලාවක නිකමට වගේ දන්වන්නම්. හැබැයි මචෝ උඹට දෙන්න baileys cream නම් අපි ගාව නැහැ :-D

hare :-) said...

යතුර නැති වුණොත් කියලා අපි ‍තව එකක් හදාගමුද?

hare :-) said...

@ තරිඳු - ඕක වෙන එකෙක් කිව්ව නම් පිලිගන්න හිතන්න පුළුවන්. උඹ කියපු නිසා කොහෙත්ම පිලිගන්නෙ නෑ.

ත‍රිඳු said...

@ම
බේලීස් ඕන නෑ. බයිට්, ස්ප්‍රයිට්, කෝක් තියෙනවනේ. :D මමත් කැමතී සෙට් වෙන්න.

@h
මම දානව තොට විරුද්ධව නඩු අපහාස කරනවට.

මේකේ word verification අයින් කරපල්ලා

ආගන්තුකයා | Stranger said...

අයින් කලා... අපි ගහමුද ගල් බෝතලයක්... දැන් මේකෙ ඇඩල්ට් කන්ටෙන්ට් තියෙනවා කියලා වෙන් කරන්න වෙයිද මන්දා...

MaJee said...

මගෙනුත් උණුසුම් සුබ පැතුම්!
Cheers!!!

Rachintha Jayawardhana said...

kawda yako bindu?

Lishan Puwakovitage said...

බිංදු කියන්නේ මොකා උනද කමක් නැහැ යකෝ ඒත් ඔහොම........

BLOG ගඩොල් said...

@ outsider පොලා - ඕකට අපිටත් සෙට් වෙන්න බැරිද?

Post a Comment