"ඔන්න මල්ලී ලොජින් හරි"
ඔය ටික ඔය විදිහට කන වැටුනේ විහාරමහාදේවියේ දි මටයි මැරියන්ටයි රංගි අක්කත් මලී අක්කත් හදිස්සියේ මුනගැහිල්ලත් එක්කම.කතාව එතනින් හමාර නොවන්නේ රංගි අක්කා බලෙන්ම වගේ කවන්න හැදූ (ටොයින්...) බත් එකක් එක්ක.සුදු කොලේ අරිද්දිම නහය කඩාගෙන ගිය සුවඳට පරිප්පුත්, බීට් රූට්, වම්බටු, මස්, මිරිස් පපඩම් එක්ක දිව්‍ය රහක් දීපු බත් එක ගැන අහන්න ඔලුව උස්සද්දිම;
"අපි ලොජින් දෙන කට්ටියගෙම රෙස්ටොරන්ට් එකෙන්ම තමයි මල්ලී.තියෙන්නේ රාගම."
අක්කා දීපු කාඩ් එක හිස් පර්ස් එකට ඔබාගත්තේ පස්සේ දවසක කමු බොමු එකට මේක ගැන කොටනවමයි කියලා හිතාගෙන.එතකොට සෙ.වෙ.පි. බ්ලොග අරඹලා නොතිබුන නිසා.
*****************************************************************
දවසම අපේ සෙට් එක ගත යුතු උපරිම ෆන් එක අරගෙන යා යුතු තැනට සෙට් උනේ දවල් තිස්සේ සින්දු කියලා, නාලා කාලා බීලා පොඩ්ඩක් ගිමන් ඇරගන්න හිතාගෙන.තිස්සමහාරාමය පහු කරද්දි මට ඉබේටම වගේ හිතුනේ කොහු මෙට්ට, ෆ්ලශ් වෙන්නැති කොමඩ්, හත් පාරක් කරකපුවමත් වතුර එන්නැති ෂවර්,නමයෙන් පස්සේ සින්දු කියන්න බැරි, බොන්න බැරි, ප්ලග් පොයින්ට් එකක් නැති, වැහෙන්නැති ටොයිලට් දොරවල්,ගඳ ගහන ටොයිලට් තිබ්බොත් විනාසයි කියලා.මොකද ඔය විදිය ඒවනේ ලංකාවේ නවාතැන් වල බහුලවම තියෙන පහසුකම්.අනික කතරගම කියන්නේ විදේශීය ට වඩා දේශීය සංචාරකයෝ ගොඩක් වැඩි පැත්තක් නේ.ඒත් කතරගමින් සිතුල්පව්ව පාරේ ටික දුරක් යනකොට මද අඳුර මැද්දේලස්සන කලාත්මක විදියට දුඹුරු පාට ලයිට් එකක් දාලා වාත්තු කරපු අඹ ලීයක "Casa Village" කියලා කඩ්ඩෙන් කොටලා තිබ්බම අර දුර්මත ඔක්කොම ප්‍රාධූර්බූත උනේ පිට ඔපයෙන්ම අපිට ඇතුල ගැනත් දනවපු නිසා.
වී බිස්සවල් එක්ක ගමේ ගොඩේ තියෙන ඔක්කොම ගැජට් පහු කරගෙන ගියාම පට්ටම ලොකු පොට් එහෙක නැචුරල් ඒසී දෙන එළිමහන් කාමර, ඇටෑච් බාත් රූම්, බොන්නනං බොන්න, බාබකියු, කුස්සියකුත් එක්ක වෙනමම කෑම කාමරයක්, හේනේ පැලේ විදිහට නිදාගන්න ඕනනං ඒ ටයිප් එකට, ගෙදර වගේ නිදියන්න ඕනනං ඒ ටයිප් එකට ඕන එකක් දැක්කම නිකන්ම හිතුනේ මුලු ලොජ් එකටම රුපියල් විසි දාහක් තිස් දාහක් වත් යන්න ඇති කියලා.ඒත් අපිට ඕන කරන කෑම උයලත් දීලා සම්පූර්ණ වියදම උනේ රුපියල් නමදාහක් නිසා මේක ලංකාවමද කියලත් හිතුන්නැතුව නෙමෙයි.උයලා පිහලා දෙන්න වගේම අනිත් ඕනම උදව්වක් කරන්න එතන හිටපු අන්කලුයි ආන්ටියි ලෑස්ති පිට හිටපු එකත් රුපියල් නමදාහේ අගය තවත් වැඩි කලා. රෑට නූඩ්ල්සුයි චිකන් කරියකුයි නියමම රසට හදලා දුන්නා වගේම අපි ආපහු එන දවසේ අපිට කිරිබතකුයි නියමම සැරට සහ රසට ලුණු මිරිසකුයි හදලා දුන්නේ "ආපහු දවසකත් පලයන්" කියලා හිත අපිට බලකරන
තැනට පත්කරමින්.
තැනට පත්කරමින්.
මේ ලිපියේ මූලිකම අරමුණ උනේ අපේ සෙටාර් එකේ ආතල් ගැන ලිවීම නොවන නිසා වගේම ඒක ගැන කලින් දවසක් හරේෂ් මස්සිනා දිගු විස්තරයක් දීලා තියෙන නිසා ලිපිය මෙතනින් නවත්තන්නං.ඒත් මූලිකම මතක් කිරීම වෙන්නේ සාම්ප්‍රදායික කිරි වෙහෙර වන්දනාව, කතරගම දෙවිඳුන් යැදීම, සෙල්ල කතරගම වත් පිළිවෙත් වලට අමතරව දැන් කතරගම යන්නට තවත් එක් තරුවක් ඔබේ ලිස්ට් එකෙන් වෙන්විය යුතු බවයි.මන්ද විනෝදය සතුට සහ නිදහස සියල්ල "කාසා විලේජ්" හී එක්තැන්ව ඇති නිසා.
යනවානම් මෙන්න විස්තරේ
කාසා විලේජ්,
සිතුල්පව්ව පාර,
කතරගම.
කතරගම.
දුරකථනය - 0475682863
කතා කරලා ඔස්කා විජේතුංගව අහන්න
නැත්නම් රංජිත් අයියා..
6 ක් මඩ ගහලා:
පොටෝ ටිකකුත් දාමුද..
අනේ මගේ බ්ලොගර් ෆොටෝ අප්ලෝඩින් වල අවුලක්.මම පාස්වර්ඩ් එක දෙන්නං! උඹට පුලුවන්නං දාපන්කෝ!
නියමයි.. ෆොටෝ ටිකකුත් දාමු..
කෝ මේ බ්‍රාහ්මණයා? එයා ගාව විස්තර තියෙනවා. පින්තූර නම් මට දාන්න පුළුවන්... :D
මාත් මේක දැක්කා ලගඳි සිතුල්පවුවේ යද්දි... නියමෙට තිබ්බා...අපිත් කතා උනේ පට්ට ගනන් ඇති කියලා... උඹ ගාන කිවුවම පුදුමත් හිතුනා... එල එල... සෙට් වෙනු පිණිස සෙට් එකට ජය !
නියමෙට ලියලානේ අපේ බිංදු මහත්තයා. මූට අපි පොල් අතු ටිකක් වත් හොයලා දෙමු ස්තුති කරනවා වෙනුවට.
Post a Comment